අක්කර දෙකක ඉඩමක් පවරා දීමට බඩල්කුඹුරේ රෙදි කඩ කාරියකගෙන් ලිංගික අල්ලසක් ගැනීමට ගිය බව කියන බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් ජයන්ත චන්ද්‍රදේව රත්නායක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් රුපියල් දස දහසක මුදල් ඇප හා රුපියල් දස ලක්ෂය බැගින් ඇපකරුවන් දෙදෙනකුගේ ඇප මත මුදා හරිනු ලැබීය.
ඇය බදුල්ලේ හෝටලයකට කැඳවාගෙන ගොස් කාමරයේ සිටියදී අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වීය.
මහේස්ත්‍රාත් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කර විභාගය ජූලි 22 වැනිදාට කල් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයතන සංග්‍රහයට අනුව මේක සුළු ඉඩම් නඩුවක්. උසාවි දාන්න ඕනේ නැහැ. ලගම තියෙන ලයිට් කනුවේ කකුල් දෙකෙන් එල්ලලා දාන්න.(නදී)
අපරාදේ මේ ජනතාවාදී නිලධාරියාව ඇල්ලුවේ. මුළු බඩල් කුඹුරම ජනතාකරණය කරන තෙක් ඉන්නනේ තිබුණේ. (නි)
ගෑණු සොඬාට වෙන හොද දඩුවමක් දෙන්නනේ තිබුණේ. (නි)
අක්කර දෙක මනින්නද දන්නේ නෑ හෝටල් කාමරයකට එක්ක යන්න ඇත්තේ...(ස)
ප්‍රාදේශීය ලේකම් කියන්නේ අපේ රටේ ලොකු තනතුරක්. එහෙම අයත් මේ වගේ නීච වැඩ කරනවා නම් කවර කතාද? (නදී)
හේරත්, අක්කර දෙකක් හරියටම තියෙනවද කියලා මැනලා බලන්නේ නැතුව තක්සේරු කරන්නේ කොහොමද? (නි)
අක්කර දෙක කොහොමද එහෙම තක්සේරු කරන්නේ? (නි)
බිරියට සහ දරුවන්ට මොනතරම් නම් අසාධාරණයක්ද මෙයා කළේ? (නි)
ඒ කාන්තාවට ගරහන්න එපා. මේක පොලිසියට අපරාධකරු කොටුකරගන්න කළ උපක්‍රමයක් පමණයි. (නි)
අපරාදේ තව පොඩ්ඩක් පොලීසිය පරක්කු වුණා නම් නඩුත් නැහැනේ (ස)
අරුණත් කතා කරන්නේ හරියට ගෑණු සොඩෙක් වගේනේ. (නි)
මේක හොද ආදර්ශවත් ලිපියක් ලංකාදීපය පළකරපු. (නි)
මෙයාගේ බ්රිදයි දරුවොයි පුදුම අපහසුතාවයකින් ඉන්නේ. පව්.(නදී)
එයා කසාද බැදලද? දන්නේ නැති නිසයි අහන්නෙ. එයාට කාර්යාලය හෝටලයෙම දාන්න නීතියෙන් තහනමක් තියෙනවාද? සමහර විට එයා වැඩිම සේවයක් කරාවි කාන්තා පක්ශයට. (නි)
ඔච්චර ලොකු නිලයක ඉදලත් ඇයි කීයක්හරි වියදම් කරලා ඔය අසනීපය සුව කර නොගත්තේ? (නි)
උසාවියෙන් ඇප ලැබුණත් ගෙදර එක්කෙනාගෙන් නම් ඇප ලැබෙන එකක් නැහැ. (නි)
කාන්තාව හෝටලයට කැමැත්තෙන් ආවාවද්ද? (නි)
කාන්තාවනුත් වැරදියි. අත පය බැදලා නෙමෙයිනේ හෝටලයට රැගෙන ගියේ. (නි)
සිංහල පිරිමි මෙවැනි වරදවල් කරනවා අඩුයි. මෙයා ගෑනු සොඩෙක් ලෙස හැදින්වීම වැරදියි.(නදී)
මේ කාන්තාව වැරදියි. ඇයට හෝටලයට නොයා ඉන්න තිබුනනේ.(නදී)
අරාබි දඩුවම් දිය යුතුයි.(නදී)
තව ටික දවසකින් නැවතත් රාජකාරියට ඒවිද දන්නෙ නැහැ. (නි)
මෙහෙම ඇපයක් නමි ගානක් නැහැ.(නදී)
මේ වගේ යට දැඩි දඩුවම් දෙන්න ඕනේ. (දී)
මේ වගේ අය හින්දයි කාන්තාවන්ට පාරේ බැහැල යන්න බැරි (දී)
අප නොදී හිරේ දානයි තිබුනේ (දී)
දැන් කාලේ හැටියට පොඩි සැකයකුත් මතුවෙනවා. (නි)