කොළඹ ඇම් ඩී ගුණසේන සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කළැයි කියන කුරුණෑගල සංජීව කපිල බණ්ඩාර යළි රිමාන්ඩ් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා නියෝග කළේය.
ආනන්ද ගුණසේන මහතාට හා ඔහුගේ බිරිය දේවිකාට නුගේගොඩ ඔවුන්ගේ තට්ටු නිවාසයේ සිව්වැනි මහලේදී පිහියෙන් ඇනීම නිසා දෙදෙනාම බරපතල තත්ත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබති.
අධිකරණ වෛද්‍ය වාර්තාව අනුව පැවසෙනුයේ ගුණසේන මහත්මියගේ වම් ධමනිය කැපී ඇති හෙයින් ඇගේ වම් පැත්ත අප්‍රාණික වීමට බෙහෙවින් ඉඩ ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා කවුද කියලා අපරාධකාරයා හරියට දැනගෙන ඉන්න නැතුව ඇති. දැන් කන්නෙ නැතෑ පරිප්පු. (නි)
මේක නම් සිංහලයා වනසන්න කරපු වැඩක්. (නි)
ඇයි මිනිසුන් මෙතරම් දරුණු? (නි)
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. (නි)
කන්න දීපු අත හපාකාලා වගේයි පේන්නේ (ස)
රටට ආදර්ශයක් විය යුතු අය පාරවල්වල වෙඩි තියන් මැරිලා යද්දි මේවා අහන්න දකින්න ලැබෙන එක සුළු දෙයක් (ස)
ඇයි මිනිස්සු මේ වගේ කරන්නේ... අපේ නීති දැඩි කළ යුතුයි..!(නු)
අර කියන ශර්යා නීතිය ඕන මෙන්න මේවට නිකම් අහක යන දේවලට නෙමෙයි... (නු)
ගුණසේන මහත්තයාලා සේවකයන්ගෙන් වැඩගත්ත විදිය නම් එතරම් හොද නැහැ.!(නු)
අපරාද නැතිවුනොත් ඉතිං පොලිසි උසාවි වහලා එම ස්ථානවල වැඩ කරන අයට ජීවත් වෙන්න විකල්ප රැකියාව්ක නිර්මාණය කරන් වෙයි,!(නු)
ඇයි ශර්යා නීතිය ගාවගන්නේ..!(නු)
පොඩි පඩියට වැඩ කරන මිනිස්සුන්ගේ පඩි කපනවා සෑහෙන්ඩ..ඒක වෙන්න ඇති (ස)