බලු පැටවුන් හතර දෙනකු රෝහල් මිනී කාමරයේ ශීතකරණයක ලාච්චුවක දමා මරා දමන්නට එහි සේවිකාවක ගත් උත්සාහයක් අසාර්ථක වු බව ගම්පහ රෝහලේ ප්‍රකාශකයෙක් කියයි.
රෝහල් සේවිකාව මේ බලු පැටවුන් සිව් දෙනා මෝචරියට රැගෙන ගොස් එහි මළ සිරුරක් දැමූ ලාච්චුවක දමා ගොස් ඇත්තේ සතුන් සිව් දෙනා මරා දැමීමට යැයි ද, එහෙත් ඒ බව සැළවූ තවත් සේවකයකු විනාඩි කිහිපයකට පසු ලාච්චුව විවර කර බලු පැටවුන් බේරා ගෙන ඇතැයි ද කීය.
ගම්පහ රෝහලේ වෛද්‍ය අධිකාරී සුදත් කේ ධර්මරත්න මහතා පැවසුවේ එවැනි සිදුවීමක් ගැන වාර්තා වූ බවයි. ඒ ගැන විමර්ශනයක් අරඹා ඇති බව ද, සිද්ධියට සම්බන්ධ නැති පුද්ගලයන් ඈඳා කට කතා පතුරුවන බව ද ඒ මහතා කීය.
උසස් සෞඛ්‍ය නිලධරයකු පැවසුවේ එලෙස සිදුවී ඇත්නම් එය බලවත් වරදක් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාවත් ඒකට දාලා බලු පැටවුන්ට දැනුනු වේදනාව දැනෙන් අරින්නයි තිබුණේ. (නි)
මෙම කාන්තාව රෝගීන්ට අකාරුණිකව සලකන තෙනෙක් විය යුතුයි. දවසක තමන්ගේම දරුවනුත් මරා දමන්න ඉඩ තියෙනවා. මනුස්සතම තියෙන තෙනෙතුට කවදාවත් සුරගල් සතෙකුට හිංසා කරන්න බැහැ.(නදී)
දඩුවමක් විදියට ඇයවත් මේකට දැම්මා නම් වේදනාවේ තරම තේරෙයි. (නි)
මොකද්ද ඒ කරන්න හදලා තියෙන කැත වැඩේ (දී)
මිනිස්සු වැඩ කරනවා , සිහි බුද්දියෙන් නොවෙයි (දී)
පුංචි ළමයින්වත් අමු අමුවේ මරද්දී බලු පැටවු මොකක්ද? (නි)
මුකුත් කියන්න එපා. එයාලා හෙට වැඩ වරයි. (නි)
ඔබලා සිටින්නේ ජීවිත සුවපත් කිරීමට මිස ජීවිත නැති කරන්නට නොවේ. මේ බව තරයේ සිතට අරන් වැඩ කරන්න. මහජනයා ඔබෙන් බලාපොරොත්තු වන්නේ එයයි.(නදී)
මෙයා ලෙඩ්ඩුන්ට මොනවද කරන්නේ කියලා බලන්න වෙනවා. මානසික ලෙඩක් ඇති අනිවාර්යයෙන්ම.(නදී)
අහිංසක රෝගීන්ට කරන සැළකිල්ල ගැන අපිට හිතාගන්න පුලුවන්. (නි)
දඩුවම් දියයුතුයි. පවු අහිංසක බලු පැටවු! (නි)
අනේ මන්දා! පුදුම මිනිස්සු තමයි ඉන්නේ. (නි)
බල්ලෝ බය නැති නිසා හොදයි (දී)
වගකීමකින් තොරව වැඩ කිරීම (දී)
කකුල් දෙකේ අයගේ නොහැදිච්චකම තමයි ඔය (දී)
මෙහෙමත් ගැහැණු? (නි)
කවුරු කළත් මේවා නම් බලු වැඩ තමයි. (නි)
පණ ඇති රෝගීනුත් මේ විදියට මෝචරියට දාලද දන්නෙ නැහැ. (නි)
මේ කාන්තාවගේ ළමයිනුත් ගෙදර ෆ්‍රිජ් එකේ දාලද කියලා හොයලා බැලුවා නම් හොඳයි. (නි)
ඇයි නම් ගම් ඇතුව වැරදිකරුවන්ව හදුන්වා දෙන්නේ නැත්තේ? (නි)
එයාවත් ඒ ලාච්චුවටම දැම්මා නම් හරි. (නි)
කටක් ඇරලා කියන්න ප්පුළුවන් වැඩක් ද ඒ කරලා තියෙන්නේ (දී)
බලු පැටවූ ටික මරන්න හැදුවේ මොකටද (දී)
සත්ව හිංසනය ලබන ආත්මයේ අපා ගතවෙන්න හේතුවක් (දී)
මොකද්ද ඒ වැඩේ තේරුම (දී)
බලු පැටවූ මරන්න කොහොමද හිතක් ආවේ (දී)
මොන තරම් දරුණු සිතක් තියෙන්න ඕනෙද මේ වගේ වැඩක් කරන්න (දී)