ගම්පොළ පුපුරැස්සේ කඩ හතරක් ගිනිගෙන රුපියල් ලක්ෂ 50කට පමණ හානි සිදු වී ඇතැයි ගම්පොළ පොලිසිය පැමිණිලි කැර ඇත.
යකඩ බඩු කඩයක් හා සිල්ලර කඩ ගිනි ගනිද්දී එම ගොඩනැගිල්ලේ සිටි පවුල් 12ක සාමාජිකයෝ ජීවිතය බේරා ගත්හ. ඇඳි වත පමණක් ඉතිරිව ඇති ඔවුන් දැන් විහාරස්ථානයක ලැගුම්ගෙන සිටිතියි වාර්තාවෙයි.
එක කඩයක සිටි බැලලිය ද ඇගේ පැටවුන් ද සමග ගින්නට අසුව පිළිස්සී මියගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි බල මන්ඩලය මේවට සෘජුවම වගකිව යුතුයි, ඔවුන්ගේ සේවාව සදහා මුදල් ගන්නවා , නමුත් පාරිභෝගියාට විය යුතු සේවාව ලැබෙනවාද කියා සොයා බලන්න කිසිම උනන්දුවක් නැහැ.(නදී)
ඒ අහිංසක සත්තු ටික බේරගන්න කෙනෙක් හිටියෙ නෑද්ද?(නදී)
කොච්චර පිච්චි පිච්චි ආවත් කිරිකැටි පැටව් ටික දාලා යන්න තරම් හිතක් පහල නොවු උතුම් අම්මා කෙනෙක්.....(ස)
අනේ පවු. කිසිකෙනෙකුගෙ උදවු නැතුව ඒ අහිංසක සත්තු ටික මැරෙන්න ඇති. අද පිට රටක ඔහොම දෙයක් වුණා නම්, මුලින්ම බේරන්නෙ ඔය සත්තු ටික. දැන් අපේ රට ගුණ දහම් වලින් පිරිහිලා ගිහින්. (නි)
අනේ පව්! අර බැළලිය පැටවු නිසා මැරෙන්න ඇත්තෙ. ඔවුන්ව බේරාගන්න කෙනෙක් නැතිවීම දුකක්. ඒත් ජීවිත නේ. (නි)
විපතට පත්වූවන් ගැන කණගාටුයි (ස)
හිතක් පපුවක් නැති අද සමාජයේ තිරිසන් මිනිස්සුන්ට මේ තිරිසන් සතුන්ගෙන් ගතයුතු පාඩමි බොහොමයි(නදී)
තම තමන්ගේ ජීවිත බේරගන්න බැළුවට අර සත්තු ටික බේරගන්න කවිරුත් ඉදිරිපත් වෙලා නැහැනේ.(නදී)
කොහොමත් තිසර සතුන් තුල තියෙන උසස් ගුණ අපේ සමාජයේ මිනිසුන් අතර නෑ (ස)
තමන්ගේ ළමයින් මරණ මිනිසුන්ට දරු සෙනෙහස ගැන ඉගෙනගන්න මේ තිරිසන් සතා දුන් ආදර්ශය උතුම්.!(නු)