(විනීතා එම් ගමගේ)
අධ්‍යාපන සමුපකාර සමිතිය අතුරු පාලක මණ්ඩලයක් මඟින් පාලනය කළ 2011 සිට 2015 දක්වා වු කාලය තුළ සිදුවී ඇතැයි පෙනීයන රුපියල් කෝටි 5000 කට අධික මූල්‍ය හානි පිළිබඳව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප‍්‍රකාශ කළේය.
වාර්ෂිකව රුපියල් කෝටි 2228 කට ආසන්න ආදායමක් ලැබිය යුතු නමුත් එම අතුරු පාලක මණ්ඩලය මඟින් පාලනය කළ කාලය තුළ ලැබී ඇත්තේ රුපියල් කෝටි 1317 ක මුදලක් පමණකැයි ද ජයසිංහ මහතා පැවසීය.
මෙම මුල්‍ය හානි සමස්ත සාමාජිකත්වය වන ලක්ෂ දෙකකට ආසන්න ගුරුවරුන් වෙත කරන ලද හානියක් සේ සළකා කටයුතු කරන බව ද හෙතෙම කියා සිටියේය.
අතුරු පාලක මණ්ඩලය විසින් එහි පාලනය බාර ගැනීමට පෙර පාලනය කළ ලංකා ගුරු සේවා සංගමයේ පාලක මණ්ඩලය විසින් රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂයකට කුරුණෑගල ඉඩමක් මිලදී ගත් බවත් එය අධිවේගී මාර්ගයට අසු වූ බැවින් එම සංගමයට රුපියල් හාර කෝටි 25 ලක්ෂයක වන්දි ලැබුණු බවත් පැවසූ ජයසිංහ මහතා එවැනි ලාභ ලැබූ ආයතනයක් අතුරු පාලක මණ්ඩලය විසින් විනාශ මුඛයට ගෙන ගොස් ඇතැයි ද සඳහන් කළේය.
මේ අතර මහජන බැංකුවෙන් 13.2% ක පොලියට රුපියල් කෝටි 100 ක ණය මුදලක් ලබා ගෙන සාමාජිකත්වයට 14.7% ක පොලියට ණය ලබා දුන් බවත් එයින් ද සමුපකාර ලාභයක් ලැබු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම ණය මුදල ලබා ගත්තේ කිසිදු ඇපයක් තබා නොවන නමුත් ඉඩම උකසට තබා එම ණය ලබාගෙන ඇතැයි අතුරු පාලක මණ්ඩලයේ සිටි සමහරු චෝදනා කරන බව ද ජයසිංහ මහතා කීය.
ජයසිංහ මහතා මේ අදහස් පළ කළේ කොළඹ මහජන පුස්තකාලයේ අද (30) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.
බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්
නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා වූ තීන්දු තීරණ වලට වැඩිපුරම සතුටු වන්නේ මෙරට විපක්ෂය බව ජනාධිපති අනුර කුමාර දිසාන
මෙරට පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වල (ෆාමසි) ඖෂධවේදීන්ගේ හිඟය ඇතුළු පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වලට වර්තමානයේ මුහුණ දීමට සිදු වී ඇති ගැටළු රාශියකට විසඳුම් සෙවී
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගුරු සමූපකාරයේ කෝටි 5000 ක මූල්‍ය හානියක්
sandy123 Sunday, 30 December 2018 12:50 PM
හුටා. හැමතැනම හොරකම්...
sandy123Sunday, 30 December 2018 03:45 PM
මෙතන ඩිස්ලයික් දාන අය හොරකමට අනුබල දෙනවද එහෙමත් නැතිනම් හොරකම හරියි කියනවද? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?
එරික්Monday, 31 December 2018 04:11 AM
මේ වගේ මිනිස්සු හැම පක්ශයෙම ඉන්නවා. හැම දෙයක්ම තීරනය කරන්නේ හොද නරක මත නෙමේ. මහින්දද රනිල්ද ජේවීපීද කියන එක මත. රටේ පළවෙනි පුරවැසියාත් එහෙමනම් හින්දා මේ වගේ පුරවැසියො ඉන්න එක අරුමයක් නොවේ.
BamunuarachchiMonday, 31 December 2018 01:37 PM
කම්මලේ බල්ලාට හෙනහඬ හඬක් නොවේ. බැංකු හොරකම් කරපු එජාපයින්ට අනික් හොරකම් හොරකම් නොවෙයි. එකයි ඩිස්ලයික් දාන්නේ. ඕවා සතේකට මායිම් කරන්න එපා. නිර්භයව අදහස් ලියන්න පහර ගැසිය යුතු තැන පහර ගහන්න.
senarath Sunday, 30 December 2018 02:36 PM
දැන් නම් ඡන්දයක් ලංවෙනවා කියලා හිතෙනවා. එ්කනේ මේ අලුත් කතාවක් කියන්න හදන්නේ. 2011 සිට 2015 අතරේ වූ සිදුවීමක් නම් දැන් 2019 ලබනකොට මතක් වෙන්නේ කොහොමද? ඔය මොන කතා කිව්වත් මිනිස්සු නැවත රැවටෙන්නේ නැහැ. කෝ රත්තරනින් හදපු පාරවල්, කෝ ලැම්බෝගිනි, කෝ දුෂණ නවත්තලා ඉතුරු කරපුවා. අඩුතරමේ එක පාරක් හැදුවද?
priyaMonday, 31 December 2018 06:21 AM
ගුරු සේවක සමූපකාර සමිතියේ පාලන බලය ලඟදි වෙනස් උනේ. 2015 ට කලින් පාලන බලයේ සිටි මහින්ද ජයසිංහ පාර්ශවය නැවතත් පාලන බලයට පත්වීමත් එක්ක තමයි, මේ හෙලිදරව්ව එන්නෙ. නැතුව රටේ ආණ්ඩු වෙනස් වන විදියටම නෙවෙයි
සමන්Monday, 31 December 2018 07:14 AM
මුන්නැහේ කලබල වෙන්න ඇත්තේ මේ ගොල්ලන්ගේ කාලෙදීත් මිතුරන් අතර බෙදාහදා ගත්තා කියලා මාධ්‍යවල පලවූ නිසා විය හැකියි.
HarMonday, 31 December 2018 01:30 PM
ඔඩිට් එකක් කරලා කම්ප්ලීට් වෙන්න කල්යනවා... විශේෂයෙන් forensic audit එකක්...
prabash Monday, 31 December 2018 07:57 AM
එයාලත් හොරු, මෙයාලත් හොරු... කවුරුත් හොරුන් ගැන කතා කරලා අමතක කරනවා. අපි හොරුන්ට බැනල නරක් කරගෙන හදවත් රෝග හදාගන්නවා. හොරුන් ගෙන් පිරුණු රට හොරුන්ට ජය වේවා...!!!
Bamunuarachchi Monday, 31 December 2018 02:02 PM
එරික් මහතා අපි මෙතන කතා කොරන්නේ දේශපාලකයින් හා ඔවුන් කොතනකින් හෝ සම්බන්ධවී කෙරෙන රටේ හොඳ හෝ රටට අහිතකරයි කියා පලවෙන ප්‍රවෘත්ති ගැනයි. බොහොම සුළුවෙන් මිනීමැරුමක් ගැන ප්‍රවෘත්තියක් දැක්කත් අදහස් පලවෙන්නේ නැතිතරම්ය. විශ්වවිද්‍යාල උද්ඝෝෂණයක කෙළවර දේශපාලනය තිබේ. අලුත් ව්‍යවස්ථාව සිංහල රටට අහිතකර බව පෙනේ එම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට වුවමනා කාටද? සංශෝධනයෙන් කෙලින්ම වාසි ලබන්නෝ කවුරුන්ද කියා දන්නාවිට නායකයින්ගේ නම් නොකියා අදහස් දක්වන්න පුළුවන්ද? බැංකු කොල්ලයේ නායකයා ඇතුළු පාතාලයින් අල්ලයි කියා ප්‍රවෘත්තිය පළවුණාට, කීවාට වැඩක් තිබෙනවාද අඩු වශයෙන් ඒ අන්ගේ නමවත් අපි දන්නේ නැතිනම්. ඒ නිසයි ජෙප්පෝ ගැන කියන්නේ.
Bamunuarachchi Monday, 31 December 2018 02:07 PM
එරික් දෙවෙනි ලෝක යුද්ධයේ හොඳ නරක කතා කරන්න පුලුවන්ද හිට්ලර් ගැන කතා නොකර? දෙවෙනි ලෝක යුද්ධයෙන් සිදුවූ එක හොඳක් තමයි ඇමරිකාව සීග්‍රයෙන් දියුණුවීම. නැතිනම් ඇමරිකාව තවමත් හරක් බලනවා.
Rnajan Perera Tuesday, 01 January 2019 06:12 AM
ගොඩක් ලාංකිකයන්ට අංක පිළිබඳව ගැටළු තිබෙනවා.
BamunuarachchiThursday, 03 January 2019 01:06 AM
ඒ නිසානේ ඇමතියෙක් යෝජනා කලේ ඕ ලෙවල් විභාගයට අංක ගණිතයය අනිවාර්ය නොකලාට කමක් නැහැකියාලා.