ගාල්ල බන්ධනාගාර නිලධරයකුගේ පහර දීමට ලක්ව කතාකිරීමට නොහැකි වූ මංජුල රණසිංහ නම් තුන්දරු පියෙක් තමාට වූ දෙය කඩදාසියක ලියා පෙන්වීය.
සමථ මණ්ඩල නඩුවට යාමට නොහැකි වූ ඔහු දෙසැම්බර් 21 වැනිදා බලපිටියේ අධිකරණයේ පෙනී සිටි බවත් රුපියල් පනස් දාහක ශරීර ඇපයක් නියමවූ බව ඇපය අත්සන් කිරීම පමාවූ නිසා ගාල්ල රිමාන්ඞ් බන්ධනාගාරයට ගෙනගොස් පහරදුන් බවත් එදා සිට කතා කිරීමට නොහැකි වූ බවත් රණසිංහ කියයි.
ගාල්ල බන්ධනාගාර නිලධරයකු කීවේ මේ පහරදීම ගැන පරීක්ෂණයක් අරඹා ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇපය අත්සන් කිරීමට පමාවීම බන්ධනාගාර ගත විය යුතු වරදක්ද? බන්ධනාගාර ගතවෙලා ඉන්න බොහෝ අය වැරදි කළ අය නොවෙ කියන කතාව ඇත්තද? ඔහුට ඉක්මන් සුවය පතමු..... (ස)
සිරකරුවන්ට ගහන්න නිළධාරින්ට අයිතියක් නැත.. ඔහු ගැන විනය පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.!(නු)
එසේ වද හිංසා පමුණුවන එක වැරදයි (දී)
සමහරවිට එයාට මිනීමැරුම් නඩුවක් ඇති. (නි)
අමිල, දැන් ඔයාට සතුටුද? (නි)
බන්ධනාගාර නිලධාරියෙක් නිසාද හැම කෙනාම මේ ගැන කතාවෙන්නේ? (නි)
අනේ කාලේ වනේ වාසේ..... (ස)
ඒ වැඩේ වැරදියි
මේ වෙනකොට කී දෙනෙක් නිරපරාදේ හා සුළු වැරදි වලට බන්ධනාගාරවල සිටිනවාද ?? කොතනද වැරදුනු තැන ?? (ස)
සමත මණ්ඩලයට යවන්නේ දරුණු අපරාධ කාරයෝ නොවෙයි. (ස)
ඔය බන්ධනාගාර නිලධාරියාව ගෙනිහින් දාන්න තියෙන්නේ දෙහිවල සත්තුවත්තට. ඒ සත්තු මීටවඩා විනීතයි. (නි)
කුමුදුගේ කතාවට මමත් එකඟයි. ඔහු කල වරද කුමක්දැයි මා මුලින් විමසූවේද එනිසාය.සමථ මණ්ඩලයට යොමු කර ඇත්තේ සරලව විසඳාගත හැකි ප්‍රශ්නයක් නිසා විය හැක. (ස)
ඔහු සිදුකර ඇති වරද කුමක්ද කියලා නෑනේ ? (ස)
සුනිල් ඒ වගේඅර ජුලම්පිටියෙ අමරෙටත් ගහන්න කියන්නකෝ..!(නු)
මිනිස්සු අතින් තමයි වැරදි වෙන්නේ . ඔක්කොම මෙතන කතාකරන්නේ වැරදි නොකරන අය වගේ. සමත මණ්ඩලයට යොමු කරලා තියෙන්නේ ඒ තරම් ලොකු වරදක් කරලා නැති නිසානේ. (ස)
වැරදි කරුවන්ට දඩුවම් සොබාදහමින්ම ලැබෙනවා (ස)
මෙයා කරපු වරද ඇපය අත්සන් කිරීම පමාවීමයි. අද නීතිය තියෙන්නේ අමුතුම තැනක. හැම විටම වැඩි බලය තියෙන කෙනා තමන්ට පහල ඉන්න කෙනාට ඒක පෙන්නන්න යන එක තමයි අද තියෙන නීතිය. (ස)
බන්ධනාගාර නිලදාරීන්, බන්ධනාගාර නිලදාරීන් ගැන පරීක්ෂණ කරනවා? නියමයි (ස)
සුනිල්, ඔහු ජීවිත කාලයම ගොලු පුද්ගලයෙකු ලෙස වන්දි ගෙවීමට තරම් වරදක් ඔහු කර ඇත්දැයි දැන ගැනීමට මිස නීති සම්පාධනය කරන්නට ඒ ගැන නොවිමසුවෙමි (ස)
කතාකරන්න බැරි වෙන්න කොතැනටද ගහලා තියෙන්නෙ..?(නු)
මෙහේ අය ගහ මරාගන්න ගොඩක් දක්ෂයි (ස)
අද ජනතාව ඔවුන් ගැන දන්නවා., ඔවුන්ට කතා කිරීමේ අවස්තාව ලැබුණු විට ඔවුන් ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි (ස)
එහෙම අහන්න ඔයා නීතිපතිද ?(ස)