IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


‘ගල්තලා භාවනාව කඩාකප්පල් කළා‘

ගම්පහ කිරිඳිවැල පාරේ පිළිකුත්තුව රජ මහා විහාරයේ සෙනසුරාදා (2) මැදියම් රැයේ  කළබලයක් ඇතිවූ බවත්, පොලීසිය මැදිහත්ව ප්‍රදේශවාසීන් දැනුම්වත් කිරීමෙන් අනතුරුව එය සමථයකට පත් වූ බවත් පොලීසිය කියයි.

සෙනසුරාදා (2) මධ්‍යම රාත්‍රී 12ට පමණ පිළිකුත්තුව රජ මහා විහාරායේ ගල් තලාවක ගිනිගොඩක් දුටු නිසා ගැමියකු එතැනට ගොස් ඇති බවත්, ඒ අවස්ථාවේ කිහිප දෙනකු එහි සිටිනවා දැක නැවත පැමිණි ඔහු වහා ඝාණ්ඨාරය නාද කර ඇති බවත්, ඒ සමග ගම්වාසීන් විහාරස්ථානට ඒකරාශි වී ඇති බවත් ගම්වාසීහු පැවසූහ.

භික්ෂූන් වහන්සේ පහලොස් නමක් ගම්පහ පිළිකුත්තුව රජමහා විහාරයේ පස් දින භාවනා වැඩ සටහනකට සහභාගී වෙමින් සිටියදී පෙරේදා (2) රාත්‍රී එහි කඩා වැදුණු පිරිසක් විහාරස්ථානයේ ගන්ඨාරය නාදකර පිරිස් එහි කැඳවා භාවනා භාවනා වැඩසටහන පවත්වාගෙන යෑමට බාධා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

විහාරස්ථානයේ ගල් තලාවක් මත භාවනා වැඩසටහන පවත්වාගෙන ගිය බවත්, බීමත් පිරිසක් එහි පැමිණ බැනවැදී ඝන්ඨාරය නාද කිරීම නිසා ජනතාව රොක්වීමෙන් කලබලයක් වූ බවත් ඒ හිමියෝ කීහ.

ගල්තලාවට පහළ ලෙනක භික්ෂූන් වහන්සේ පිරිස නවාතැන් ගැනීමට කටයුතු කර තිබූ බව ද ආලෝකය ලබා ගැනීම සඳහා ගිනි මැලයක් දල්වා තිබූ බවද රතනන හිමියෝ සඳහන් කළහ.

කලබලකාරී පසුබිමක් නිර්මාණය වීමෙන් පසු මල්වතුහිරිපිටිය පොලීසිය පැමිණ ජනතාවට කරුණු පැහැදිලි කර දීමෙන් පසු සිද්ධිය එතැනින් අවසන් වූ බව රතන හිමියෝ කීහ.

ගැමියන් කියනුයේ  මෑත කාලයේ අවස්ථා කිහිපයකදීම පිළිකුත්තුව විහාරස්ථානයට නිධන් හොරුන්ගේ තර්ජන තිබූ බවයි. ගම්පහ මූලස්ථාන පොලීසියෙන් කාලයක් එහි ආරක්ෂාවට යෙදවූ බවත්, නිධන් හොරුන්ගෙන්  විහාරස්ථානය ආරක්ෂා කිරීම සහා තමන් නිරන්තර සෝදිසියෙන් සිටින බවත් ගැමියෝ පවසති.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා පැවසුයේ එම විහාරස්ථානයේ දින කිහිපයක සිට රාත්‍රීයේ භාවනා වැඩසටහන් පවත්වා ඇති බවය. විහාරාධිපති හිමියන්ගේ ද දැනුවත් භාවයෙන් එම වැඩසටහන් පැවැති බවත්, ඒ ගැන ජනතාව දැනුවත් කර නොතිබූ නිසා අනවශ්‍ය කලබලයක් ඇතිවූ බවත්, ජනතාව දැනුවත් කිරීමෙන් පසු සිද්ධිය සමථයකට පත් වූ බවත් ජයකොඩි මහතා කීවේය.

 



අදහස් (0)

‘ගල්තලා භාවනාව කඩාකප්පල් කළා‘

කීර්ති Sunday, 03 February 2013 07:21 PM

රෑ දොලහට භාවනා කරනවා කියලා මම නම් ඇහැව්වමයි. මෙතන සිද්ද වෙලා තියෙන දේ බොහොම පැහැදිලියි. අන්තිමට පන්සලට ආදරේ කරන ගම්වැසියන් බීමත් කලහකාරීන් කියලා ඇග බේරගන්නවා.(නදී)

:       0       0

ටිකිරි Sunday, 03 February 2013 07:21 PM

නිධන් නමි ඉතින් අහන්න දෙයක් නැහැ. ආයුබෝවේවා!(නදී)

:       0       0

හිල්මි Sunday, 03 February 2013 07:35 PM

අනේ අපි නොදන්නවායැ? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 04 February 2013 09:41 AM

බොදු බැතිමතුන්ට ආගමික කරයුතු සම්බන්ධයෙන් කලහකාරීව හැසිරීම පුරුදු කරන්නෙත් දේශපාලන හාමුදුරුවරුම තමා. බුදු වදන් නැවතත් සැබෑ වී ඇත. "යාදිසං වපතේ බීජං තාදිසං හරතෙ ඵලං " (වපුරන දේම අස්වනු ලෙස ලැබෙයි) (නි)

:       0       0

බණ්ඩා Monday, 04 February 2013 09:49 AM

ඉතින් මිනිස්සු එහෙම කලේ හොදටනේ (දී)

:       0       0

බන්දුල Monday, 04 February 2013 10:06 PM

සමහර අදහස් දැක්වීම් තුළ බෞද්ධකමට සියුම් ලෙස ගැරහීමක් නිරීක්ෂණය වෙනවා. (නි)

:       0       0

චන්ද්‍රා Sunday, 03 February 2013 08:38 PM

ගමේ දායකයෝ ඇත්ත හොදින් දන්නවා ඇති. (නි)

:       0       0

නිපුන් Sunday, 03 February 2013 09:02 PM

පහන්, තිස් තුන් කෝටියක දෙවියන් කියන්නේ හින්දු සංකල්පයක් මිස බෞද්ධ සංකල්පයක් නොවේ. (නි)

:       0       0

පෙරුමාල් Sunday, 03 February 2013 09:34 PM

පාර්ලිමේන්තුවේත් භාවනා කළා නම් හොද නැද්ද? (නි)

:       0       0

ෂෙරීෆ් Sunday, 03 February 2013 09:50 PM

ඔච්චරටම ළගට ගිය ගැමියන්ට තව ටිකක් ළං වෙලා බලන්නනේ තිබුණේ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 03 February 2013 10:10 PM

ජනතාව කලින් දැනුවත් නොකිරීමෙන් ලද අසුභ ප්‍රතිඵලයක්. (නි)

:       0       0

මුදිත Sunday, 03 February 2013 03:14 PM

ආගම දහම සමග සෙල්ලම් කිරීම නම් එතරම් සුභවාදී ‍දෙයක් නොවේ. (නි)

:       0       0

ගාමිණී Sunday, 03 February 2013 03:42 PM

මැදියම් රැයේ කඩාකප්පල්කාරීන් හිතන්න ඇති භාවනාවෙන් පසු මාර්ග ඵලවලට ඒ ඇත්තෝ යයි කියලා.(නදී)

:       0       0

පැතුම් Monday, 04 February 2013 01:02 AM

පහන්, අපේ රටේ ජනගහනයට වඩා දෙවියෝ ඉන්නවානේ. 1:2 අනුපාතයට. (නි)

:       0       0

නඩරාජා Sunday, 03 February 2013 03:51 PM

මුදිත, සිංහලයන්ට දෙවියෙක් ඉන්නවාද?

:       0       0

පහන් Sunday, 03 February 2013 04:06 PM

තිස්තුන් කෝටියක් දෙවියෝ ඉන්නවා .අපි අකාසට්ටාච කියල දෙවියන්ට පින් දෙනවා .(නදී)

:       0       0

මුතුකුඩ Monday, 04 February 2013 02:52 AM

හාපෝ! පාර්ලිමේන්තුවේ ඇත්තොද වැඩියේ? එහෙනම් අහන්න දෙයක් නැහැ. ඡන්දයක් ළග නැහැ නේද? ඒත් රෑ 12ට? (නි)

:       0       0

නාමල් Sunday, 03 February 2013 04:37 PM

භාවනා කිරීමයි නිදන් හෑරීමයි ඕනම කෙනෙකුට අදුරන්න පුලුවන්නේ, මෙතනනම් භවනා කිරීම හිතාමතාම කඩාකප්පල් කරල වගේ මට පෙනෙන්නේ.(නදී)

:       0       0

ලලිතා Monday, 04 February 2013 04:46 AM

නඩරාජා ඇයි මේ? සිංහලයින්ට දෙවියන් කෙසේ වෙතත් හතුරු යක්ෂයින් තුන්දෙනෙක් නමි ඉන්නවා.(නදී)

:       0       0

පාරු Monday, 04 February 2013 05:07 AM

මොකක් හරි හොරයක්වද්ද? (නි)

:       0       0

උපුල් Monday, 04 February 2013 07:21 AM

නඩරාජා, තිස්තුන් කෝටියක් දෙවියෝ ඉන්නවා. අපි ඒ අයට පින් දෙනවා. ඒ පින් වලින් තමා එයාලා තව සැප සම්පත් ලබන්නේ. ඒ පින් නැත්නම් එයාලා නැවත වෙනත් ආත්මයක් ලබනවා. (නි)

:       0       0

අශාන් Sunday, 03 February 2013 05:34 PM

නාමල් ඔකේ අනිත් පැත්ත වුනාද කවුද දන්නේ. රෑ 12ට කවුද භාවනා කරනවා කියලා හිතන්නේ? (ත)

:       0       0

සුරංග ලක්මාල් Sunday, 03 February 2013 06:03 PM

මම කියන්නේ ගමේ මිනිස්සුත් හරිත. මොකද නිදන් හොරකම්වලට හාමුදුරුවරුනුත් හවුලප් වෙලති තිබුණනේ. ජනතාව අවධානයෙන් සිටීම ගැන මම සතුටු වෙනවා. (ත)

:       0       0

ආනන්ද ආර් Sunday, 03 February 2013 06:13 PM

රටේ පවතින තත්ත්වය හැටියට කල්තියා ජනතාව දැනුවත් කරලා තියන්න තිබුණා. (ත)

:       0       0

ඉසුරු Sunday, 03 February 2013 06:33 PM

මම නම් හිතන්නේ මේක ඇත වැරදීමක් (දී)

:       0       0

බුද්ධි Monday, 04 February 2013 08:44 AM

නඩරාජා මහත්තයෝ,සිංහල බෞද්ධයින් අදහන වදින පුදන යහපත් දෙවි දේවතාවෝ ඉන්නවා. එම කරුණාවන්ත දෙවියන් අන් සත්වයින් ඝාතනය කරන්න, බෙලි කපන්න වැනි මිලේච්ඡ දේවලට අනුබල දෙන්නේ නැත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1339 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 817 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2069 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 412 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 705 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1754 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site