තම සුළුපියා අතින් කෙළෙසීමට ලක්වූ පහළොස් හැවිරිදි තරුණියකට කස පහර සියයක දඬුවමක් මාලදිවයිනේ උසාවියක් විසින් නියමකර ඇති බවට බ්‍රිතාන්‍යය ගුවන් විදුලිය වාර්තා කරයි.
ඇයට මේ දඬුවම දී ඇත්තේ විවාහයට පෙර කාම සේවනයෙහි යෙදුණු බවට චෝදනා කරමිනි.
පසුගිය වසරේ සිදුවූ මෙම අපරාධයට සම්බන්ධයෙන් තරුණියට ලැබුණු දරුවා ඇගේ සුළුපියා විසින් මරාදමන ලද බවටද චෝදනා කර ඇත.
මෙම අපරාධ සඳහා ඔහුට නඩු පැවරීම ප්‍රමාදවී ඇති බවද එම වාර්තාවේ දැක්වෙයිග
මෙම නඩු තීන්දුව ඉතාමත් අසාධාරණ කුරිරු ආත්මගෞරවය කෙළෙසනල අමානුෂික තීරණයක් බව මේ පිළිබඳව සිය අප්‍රසාදය පළකරන ජාත්‍යන්තර ක්ෂමා ආයතනය බීබීසී සේවයට පවසා ඇත.
මාලදිවයින් රජය එම නඩු තීන්දුව අනුමත නොකරන බවත් එය වෙනස්කිරීමට සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට යුහුසුළුව කටයුතු කරන බවත් පවසා ඇත.
ඇය වයස 18 වන තුරු නිවාස අඩස්සියේ තැබීමටද නියෝගකැර ඇත.
ඇය මාලදිවයිනේ ළමා නිවාසයක සිටියි.
මාලදිවයිනේ ක්‍රියාත්මක වන්නේ ඉස්ලාම් ෂරියා නීතියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමා අපචාර කරපු ආගමික නායකයගෙ අඩිපාරෙ යන අයගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද? (ස)
ලගම රට මාලදිවයිනේ ෂරියාව ගෑන බලනකොට එන අය නීති ඉල්ලන්නේ ෂරි ෂරි කියලා තමා. ඊට පස්සේ තමා කෙරුවාව. රිෆ්ලා කියනවා වගේ මුස්ලිම් කාන්තාවගේ ප්‍රජාතන්ත්‍ර නිදහසටත් ඉදිරියේදී නඩුවක් ෆයිල් කරයි වගේ. (නි)
දුෂණය කරපු කෙනාට දඩුවම් නැද්ද එතකොට? (නි)
මොහොමඩ්, ඔයා සෞදි අරාබියේම ඉන්න. ලංකාවට එන්න එපා. මොකද ඔයා ලංකාවට ආවත් හිතින් ඉන්නේ සෞදි අරාබියාවේම නිසා. ඔයාටත් ගෑනු ළමයි ඉන්නවා නේද? ඔයාගෙ ළමයෙක්ට මේක වෙලා ඒ ළමයට කස පහර සියයක් දුන්නොත් ඔයා මොකද කියන්නේ. (නි)
සුළු පියා බෞද්ධයෙක් එහෙම නෙමෙයි නේද? (නි)
සමහරු අදහස් පළකරන්නේ මෝඩයින් වගෙයි. (නි)
මට කියන්න තියෙන එකම දේ නම් දරුවන්ට අපි ආදරය කළ යුතු සේම ඔවුන්ට හොදින් අධ්‍යාපනයද ලබා දියයුතුය. (නි)
මට ලෝකයට දෙන්න තියෙන එකම උපදේශය නම් දරුවන්ට ආදරය කරන්න. ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න. ඒත් ඔබගේ ආදරය වෙන අතකට යොමු කරන්න එපා. (ස)
මොන රටක, මොන ආගමක කෙනෙක් කළත් වැරදි දේ වැරදිම තමයි. (නි)
මම මේ නීති ගේනවාට කැමති නැහැ. මගේ ඉස්ලාම් යහලුවෝ එක්කෙනෙක්වත් කැමති නැහැ. (නි)
ආ එතකොට ගොනා වෙන්නෙ ශරියා නේද... අපි කියන්නෙත් ඕකම තමයි. (ස)
ඒ වුණාට අපේ එක මන්ත්‍රීතුමියක් කියන්නේ ෂරියා කියන්නේ දේව නීතියක් කියලයි. (නි)
කුරිරු කුරාණය සහ කෘර ෂරියා නීතිය.... ඇමරිකාවවත් මැදිහත්වී ඔය දෙකම විනාශ කර දැමීමට කාලය පැමිණ ඇත. (නි)
ඉස්ලාම් ෂරියා නීතිය කියන්නේ ඔන්න ඕකට තමා... ඒ කට්ටිය තාම ඉන්නේ ගල් යුගයේ නොවැ...(ස)
අපි ගැන විතරයි හැමෝම කිය කියා කෑගහන්නේ. මේ වගේ දේවල් වලට කවුරුත් කතා නැහැ. (නි)
මොහොමඩ්, ඌරා ජරාව කෑවට ඔයාලා කන හරකා කන්නේ තණකොළ නිසයි ඔයාලට මොළය නැත්තේ (නි)
මාලේ බාප්පලාටත් හරිම හරි විසයක්නේ තියෙන්නේ. (නි)
මමත් එහේ අවුරුදු 6ක්ම හිටියා. රට නම් ලස්සනයි. නමුත් මිනිස්සු අධ්‍යාපන තත්ත්වයෙන් පහත්. (නි)
ලලිත් හොදින් තේරුම් ගන්න. මේක බරපතළ වූ ළමා අපචාරයක්. (නි)
ෂාරියා නීතියට මමත් එකග නැහැ. (නි)
අසරණ කමක මහත (දී)
ආපෝ! මාලදිවයිනෙත් තියෙන්නේ මේ නීතියද? (නි)
ෂරියා නීතිය ඉවත් වේවා! (නි)
ලංකාවේ දිනපතා වෙන මිනීමැරුම් වල හැටියට ලංකාවට ගැළපෙන්නේ ෂරියා නීතිය. (නි)
මෙවන් රටවලින් මීටවැඩිය බුද්ධිමත් නීති බලාපොරොත්තු විය නොහැකියි. (නි)
දැන් ඔය කියන්නේ අපේ රටේ නීතිය හොදයි කියලද? (නි)
මුස්ලිම් කාන්තාවන්ගේ විමුක්තිය සඳහා ෂරියා නීතියට විනාශය පතමු. (නි)
නීති වලින් මිනිස්සුන්ට දඩුවම් කරනකොට හරි කෙනාට නෙමෙයි දඩුවම ලැබෙන්නේ. හැමදේම දැනුම්වත්කරලා හොද මගට ගන්න බැලිය යුතුයි. කස පාර සීයක් දුන්නා කියලා වැඩක් වෙන්නේ නැහැ හොද අධ්‍යාපනයක් දිය යුතුයි. (නදී)
පව් අසරණ කම (දී)
නැගෙනහිර තාම පුවත් එලියට එන්නේ නෑ. (ස)
නඩු කාරයාට මොළේ හොඳ නැත්ද (ස)
ෂරියා නම් ආයේ අහන්න දෙයක් නෑ. හරියටම වැඩේ කරලා තියෙන්නේෙ...(ස)
කෙළෙසූ කෙනාට දඩුවම් නොකර කෙළෙසුනු කෙනාට දඩුවම් කළහම හරිද? (නි)
අනේ මහ ලොකු නීතිය! (නි)
පුදුම ශරියා නීතියක් තමා, පිරිමින්ට ඕනෑම දුරාචාරයක් කරන්න පුලුවන්. ඒකත් "හලාල්" ද? එතකොට ගැහැනුන් "හරාම්"? (ස)
හරි හරි කාටත් තේරෙනවනේ තනි අතින් අත්පුඩි ගහලා නැති බව. (ස)
පුදුම නීති තමයි මේවා. (නි)
නියමයි ශරියා !!! (ස)
ඔන්න ෂරියා... දැනගනු! (නි)
බලන් යද්දී ෂරියා කියන්නේ අප්‍රසන්න විහිළු චිත්‍රපටයක් වගේනේ. ඔය මිනිසුන්ගේ මොළේ හොඳ නැද්ද ඇත්තටම ? (ස)
අපි නොදන්නවද ඔය රටේ හැටි. කුඩු මැරකම් එමටයි. බොරු වැඩක් කෝ සුළු පියාට දඬුවම් නැද්ද ?(ස)
ශරියා නියමයි ... (ස)
අල්ලා දෙවියන්ගේ කැමැත්ත. (ස)
අපේ රටේ මේ වගේ නීති නැති එක ගැන සතුටු වෙන්න ඕන. (ස)
එහෙත් ෂරියාද... මත් පැන් එහෙම නැතිව ඇති එහෙනම්... හැබැයි කුඩු නම් එමටයි..(ස)
මාලදිවයිනේ ෂරියා? එහෙනම් එක සැමියට බිරියන් දෙතුන් දෙනා ඉන්නේ? (නි)
මේ වගේ මෝඩ නීති දාන්න තරම් ශරියා නීතිය මෝඩද? (ස)
දඩුවමකින් විය යුත්තේ අපරාධය ලඝු කිරිමයි. ප‍්‍රමුඛතාව දිය යුත්තේ ධර්මයටයි. ඉන් ආනාගත සුරක්ෂිතතාව තහවුරු වන අතර සහාසික මානසිකත්වය පිටු දැකිය හැක.(ස)
ෂරියා නීතියට මුස්ලිම් අය බය නැහැ. අරාබි රටවලත් වැඩිපුරම වැරදි කරන්නේ මුස්ලිම් අයයි. (නි)
අපිට නම් ඔය නීති එපා.. (ස)
මේ අයට කොහෙද මානුෂික හැඟීම් තියෙන්නේ. කන්නේ හරක් නිසා තියෙන්නෙත් ඒ මොළේම තමයි...(ස)
රුවන් මහත්තයෝ, එතකොට ඌරු මස් කන කෙනාට ඌරු මොළේද තියෙන්නේ? (නි)
රුවන් වානරයා මිනිසා බවට පත් වෙන්න මාංශ හේතුවක් උනා...(ස)
සුළු පියා ඒ රටේ දේශපාලන බලවතෙක්වද්ද? (නි)
අපේ අයත් ශරියා ඕනෑ කියන්නේ ලංකාවේ මුස්ලිම් කන්තාවන්ගේ නිදහස ලේසියෙන්ම අහුරන්නයි. අපිත් මේකට විරුද්ධයි. ලංකාවට හැමෝටම එක නීතියක් තිබුණහම ඇති. අපිට මෙහෙම හරි අදහසක් කියන්න පුලුවන් වැඩ කරන තැනක ඉදන් විතරයි. ගෙදර ගියත් නිදහසක් නැතිවෙලා. (නි)
මම ෆර්සානට එකඟයි... (ස)
ආගමක් සංස්කෘතියක් නැති වැඩ මේවා. (නි)
මමත් ඉන්නේ මාලේ. විවාහයට පෙර මෙහේ හුගක් කෙල්ලෝ ඔහොම තමයි. (නි)