IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ගහෙන් වැටී ගොනෙක් අනී

තම සුළුපියා අතින් කෙළෙසීමට  ලක්වූ පහළොස් හැවිරිදි තරුණියකට කස පහර සියයක දඬුවමක් මාලදිවයිනේ උසාවියක් විසින් නියමකර ඇති බවට බ්‍රිතාන්‍යය ගුවන් විදුලිය වාර්තා කරයි.
ඇයට මේ දඬුවම  දී ඇත්තේ විවාහයට පෙර කාම සේවනයෙහි  යෙදුණු බවට චෝදනා කරමිනි.
පසුගිය වසරේ සිදුවූ මෙම අපරාධයට සම්බන්ධයෙන්  තරුණියට ලැබුණු දරුවා ඇගේ සුළුපියා විසින් මරාදමන ලද බවටද චෝදනා කර ඇත.
මෙම අපරාධ සඳහා ඔහුට නඩු පැවරීම ප්‍රමාදවී ඇති බවද එම වාර්තාවේ දැක්වෙයිග
මෙම නඩු තීන්දුව ඉතාමත් අසාධාරණ කුරිරු ආත්මගෞරවය කෙළෙසනල අමානුෂික තීරණයක් බව මේ පිළිබඳව සිය අප්‍රසාදය පළකරන ජාත්‍යන්තර ක්ෂමා ආයතනය බීබීසී සේවයට පවසා ඇත.
මාලදිවයින් රජය එම නඩු තීන්දුව අනුමත නොකරන බවත් එය වෙනස්කිරීමට සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට යුහුසුළුව කටයුතු කරන බවත් පවසා ඇත.
ඇය වයස 18 වන තුරු නිවාස අඩස්සියේ තැබීමටද නියෝගකැර ඇත.
 ඇය මාලදිවයිනේ ළමා නිවාසයක සිටියි.

මාලදිවයිනේ ක්‍රියාත්මක වන්නේ ඉස්ලාම් ෂරියා නීතියයි.

 



අදහස් (0)

ගහෙන් වැටී ගොනෙක් අනී

සුමිත් Thursday, 28 February 2013 07:08 PM

මෙවන් රටවලින් මීටවැඩිය බුද්ධිමත් නීති බලාපොරොත්තු විය නොහැකියි. (නි)

:       0       0

හසිත Thursday, 28 February 2013 01:52 PM

මොහොමඩ්, ඔයා සෞදි අරාබියේම ඉන්න. ලංකාවට එන්න එපා. මොකද ඔයා ලංකාවට ආවත් හිතින් ඉන්නේ සෞදි අරාබියාවේම නිසා. ඔයාටත් ගෑනු ළමයි ඉන්නවා නේද? ඔයාගෙ ළමයෙක්ට මේක වෙලා ඒ ළමයට කස පහර සියයක් දුන්නොත් ඔයා මොකද කියන්නේ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 28 February 2013 01:58 PM

සුළු පියා බෞද්ධයෙක් එහෙම නෙමෙයි නේද? (නි)

:       0       0

ෆාරු Thursday, 28 February 2013 02:07 PM

සමහරු අදහස් පළකරන්නේ මෝඩයින් වගෙයි. (නි)

:       0       0

ස්ටීව් Thursday, 28 February 2013 07:23 PM

දැන් ඔය කියන්නේ අපේ රටේ නීතිය හොදයි කියලද? (නි)

:       0       0

සිල්වා Thursday, 28 February 2013 02:12 PM

මට ‍කියන්න තියෙන එකම දේ නම් දරුවන්ට අපි ආදරය කළ යුතු සේම ඔවුන්ට හොදින් අධ්‍යාපනයද ලබා දියයුතුය. (නි)

:       0       0

සිල්වා Thursday, 28 February 2013 02:12 PM

මට ලෝකයට දෙන්න තියෙන එකම උපදේශය නම් දරුවන්ට ආදරය කරන්න. ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න. ඒත් ඔබගේ ආදරය වෙන අතකට යොමු කරන්න එපා. (ස)

:       0       0

අසන්ක Thursday, 28 February 2013 02:26 PM

මොන රටක, මොන ආගමක කෙනෙක් කළත් වැරදි දේ වැරදිම තමයි. (නි)

:       0       0

පාතිමා Thursday, 28 February 2013 02:43 PM

මම මේ නීති ගේනවාට කැමති නැහැ. මගේ ඉස්ලාම් යහලුවෝ එක්කෙනෙක්වත් කැමති නැහැ. (නි)

:       0       0

නුවන් Thursday, 28 February 2013 02:49 PM

ආ එතකොට ගොනා වෙන්නෙ ශරියා නේද... අපි කියන්නෙත් ඕකම තමයි. (ස)

:       0       0

සදුන් Thursday, 28 February 2013 02:49 PM

ඒ වුණාට අපේ එක මන්ත්‍රීතුමියක් කියන්නේ ෂරියා කියන්නේ දේව නීතියක් කියලයි. (නි)

:       0       0

සෑම් Thursday, 28 February 2013 03:14 PM

කුරිරු කුරාණය සහ කෘර ෂරියා නීතිය.... ඇමරිකාවවත් මැදිහත්වී ඔය දෙකම විනාශ කර දැමීමට කාලය පැමිණ ඇත. (නි)

:       0       0

නීලා Thursday, 28 February 2013 10:38 AM

එහෙත් ෂරියාද... මත් පැන් එහෙම නැතිව ඇති එහෙනම්... හැබැයි කුඩු නම් එමටයි..(ස)

:       0       0

සූකිරි Thursday, 28 February 2013 10:38 AM

නඩු කාරයාට මොළේ හොඳ නැත්ද (ස)

:       0       0

කුමාර Thursday, 28 February 2013 09:47 PM

මුස්ලිම් කාන්තාවන්ගේ විමුක්තිය සඳහා ෂරියා නීතියට විනාශය පතමු. (නි)

:       0       0

අශාන් Thursday, 28 February 2013 03:44 PM

ඉස්ලාම් ෂරියා නීතිය කියන්නේ ඔන්න ඕකට තමා... ඒ කට්ටිය තාම ඉන්නේ ගල් යුගයේ නොවැ...(ස)

:       0       0

ඉන්දික Thursday, 28 February 2013 10:54 AM

ෂරියා නම් ආයේ අහන්න දෙයක් නෑ. හරියටම වැඩේ කරලා තියෙන්නේෙ...(ස)

:       0       0

නිමල් Thursday, 28 February 2013 10:50 AM

කෙළෙසූ කෙනාට දඩුවම් නොකර කෙ‍ළෙසුනු කෙනාට දඩුවම් කළහම හරිද? (නි)

:       0       0

මලිත් Saturday, 02 March 2013 02:53 PM

පව් අසරණ කම (දී)

:       0       0

ෆාරු Thursday, 28 February 2013 11:08 AM

අනේ මහ ලොකු නීතිය! (නි)

:       0       0

රත්න Thursday, 28 February 2013 11:08 AM

පුදුම ශරියා නීතියක් තමා, පිරිමින්ට ඕනෑම දුරාචාරයක් කරන්න පුලුවන්. ඒකත් "හලාල්" ද? එතකොට ගැහැනුන් "හරාම්"? (ස)

:       0       0

ලලිත් Thursday, 28 February 2013 11:13 AM

හරි හරි කාටත් තේරෙනවනේ තනි අතින් අත්පුඩි ගහලා නැති බව. (ස)

:       0       0

සෑම් Thursday, 28 February 2013 03:59 PM

අපි ගැන විතරයි හැමෝම කිය කියා කෑගහන්නේ. මේ ව‍ගේ දේවල් වලට කවුරුත් කතා නැහැ. (නි)

:       0       0

බෑන් Thursday, 28 February 2013 11:11 AM

පුදුම නීති තමයි මේවා. (නි)

:       0       0

මංගල Thursday, 28 February 2013 11:19 AM

නියමයි ශරියා !!! (ස)

:       0       0

දිලිප් Thursday, 28 February 2013 11:23 AM

ඔන්න ෂරියා... දැනගනු! (නි)

:       0       0

නුවන් Thursday, 28 February 2013 11:28 AM

බලන් යද්දී ෂරියා කියන්නේ අප්‍රසන්න විහිළු චිත්‍රපටයක් වගේනේ. ඔය මිනිසුන්ගේ මොළේ හොඳ නැද්ද ඇත්තටම ? (ස)

:       0       0

සමන් Thursday, 28 February 2013 04:19 PM

ළමා අපචාර කරපු ආගමික නායකයගෙ අඩිපාරෙ යන අයගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද? (ස)

:       0       0

වසන්ත Thursday, 28 February 2013 11:31 AM

අපි නොදන්නවද ඔය රටේ හැටි. කුඩු මැරකම් එමටයි. බොරු වැඩක් කෝ සුළු පියාට දඬුවම් නැද්ද ?(ස)

:       0       0

සහීද් Thursday, 28 February 2013 11:46 AM

ශරියා නියමයි ... (ස)

:       0       0

සම්පත් Thursday, 28 February 2013 11:43 AM

අල්ලා දෙවියන්ගේ කැමැත්ත. (ස)

:       0       0

ලහිරු Thursday, 28 February 2013 11:44 AM

අපේ රටේ මේ වගේ නීති නැති එක ගැන සතුටු වෙන්න ඕන. (ස)

:       0       0

සම්පත් Thursday, 28 February 2013 11:45 AM

නැගෙනහිර තාම පුවත් එලියට එන්නේ නෑ. (ස)

:       0       0

කෙවින් Thursday, 28 February 2013 11:51 AM

මාලදිවයිනේ ෂරියා? එහෙනම් එක සැමියට බිරියන් දෙතුන් දෙනා ඉන්නේ? (නි)

:       0       0

ෆර්සාන් Thursday, 28 February 2013 11:52 AM

මේ වගේ මෝඩ නීති දාන්න තරම් ශරියා නීතිය මෝඩද? (ස)

:       0       0

දියසෙන් Thursday, 28 February 2013 11:53 AM

දඩුවමකින් විය යුත්තේ අපරාධය ලඝු කිරිමයි. ප‍්‍රමුඛතාව දිය යුත්තේ ධර්මයටයි. ඉන් ආනාගත සුරක්ෂිතතාව තහවුරු වන අතර සහාසික මානසිකත්වය පිටු දැකිය හැක.(ස)

:       0       0

බණ්ඩාර Thursday, 28 February 2013 11:50 AM

ෂරියා නීතියට මුස්ලිම් අය බය නැහැ. අරාබි රටවලත් වැඩිපුරම වැරදි කරන්නේ මුස්ලිම් අයයි. (නි)

:       0       0

ෆර්සානා Thursday, 28 February 2013 11:51 AM

අපිට නම් ඔය නීති එපා.. (ස)

:       0       0

ගාමිණී Thursday, 28 February 2013 04:37 PM

මාලේ බාප්පලාටත් හරිම හරි විසයක්නේ තියෙන්නේ. (නි)

:       0       0

රුවන් Thursday, 28 February 2013 12:08 PM

මේ අයට කොහෙද මානුෂික හැඟීම් තියෙන්නේ. කන්නේ හරක් නිසා තියෙන්නෙත් ඒ මොළේම තමයි...(ස)

:       0       0

රුවනි Friday, 01 March 2013 02:37 AM

නීති වලින් මිනිස්සුන්ට දඩුවම් කරනකොට හරි කෙනාට නෙමෙයි දඩුවම ලැබෙන්නේ. හැමදේම දැනුම්වත්කරලා හොද මගට ගන්න බැලිය යුතුයි. කස පාර සීයක් දුන්නා කියලා වැඩක් වෙන්නේ නැහැ හොද අධ්‍යාපනයක් දිය යුතුයි. (නදී)

:       0       0

මොහොමඩ් Thursday, 28 February 2013 12:22 PM

රුවන් මහත්තයෝ, එතකොට ඌරු මස් කන කෙනාට ඌරු මොළේද තියෙන්නේ? (නි)

:       0       0

සම්පත් Thursday, 28 February 2013 12:29 PM

රුවන් වානරයා මිනිසා බවට පත් වෙන්න මාංශ හේතුවක් උනා...(ස)

:       0       0

පියල් Thursday, 28 February 2013 04:50 PM

මමත් එහේ අවුරුදු 6ක්ම හිටියා. රට නම් ලස්සනයි. නමුත් මිනිස්සු අධ්‍යාපන තත්ත්වයෙන් පහත්. (නි)

:       0       0

ගාමිණී Thursday, 28 February 2013 12:39 PM

සුළු පියා ඒ රටේ දේශපාලන බලවතෙක්වද්ද? (නි)

:       0       0

රිෆ්ලා Thursday, 28 February 2013 12:50 PM

අපේ අයත් ශරියා ඕනෑ කියන්නේ ලංකාවේ මුස්ලිම් කන්තාවන්ගේ නිදහස ලේසියෙන්ම අහුරන්නයි. අපිත් මේකට විරුද්ධයි. ලංකාවට හැමෝටම එක නීතියක් තිබුණහම ඇති. අපිට මෙහෙම හරි අදහසක් කියන්න පුලුවන් වැඩ කරන තැනක ඉදන් විතරයි. ගෙදර ගියත් නිදහසක් නැතිවෙලා. (නි)

:       0       0

ලංකාසිරි Thursday, 28 February 2013 05:07 PM

ලලිත් හොදින් තේරුම් ගන්න. මේක බරපතළ වූ ළමා අපචාරයක්. (නි)

:       0       0

සුදේශ් Thursday, 28 February 2013 12:47 PM

මම ෆර්සානට එකඟයි... (ස)

:       0       0

ප්‍රසන්න Thursday, 28 February 2013 12:55 PM

ආගමක් සංස්කෘතියක් නැති වැඩ මේවා. (නි)

:       0       0

ෆාතිමා Thursday, 28 February 2013 05:21 PM

ෂාරියා නීතියට මමත් එකග නැහැ. (නි)

:       0       0

ආනන්ද Thursday, 28 February 2013 05:28 PM

අසරණ කමක මහත (දී)

:       0       0

විරාජ් Thursday, 28 February 2013 01:10 PM

මමත් ඉන්නේ මාලේ. විවාහයට පෙර මෙහේ හුගක් කෙල්ලෝ ඔහොම තමයි. (නි)

:       0       0

විජය Thursday, 28 February 2013 01:11 PM

මොහොමඩ්, ඌරා ජරාව කෑවට ඔයාලා කන හරකා කන්නේ තණකොළ නිසයි ඔයාලට මොළය නැත්තේ (නි)

:       0       0

ඩයස් Thursday, 28 February 2013 01:12 PM

ලගම රට මාලදිවයිනේ ෂරියාව ගෑන බලනකොට එන අය නීති ඉල්ලන්නේ ෂරි ෂරි කියලා තමා. ඊට පස්සේ තමා කෙරුවාව. රිෆ්ලා කියනවා වගේ මුස්ලිම් කාන්තාවගේ ප්‍රජාතන්ත්‍ර නිදහසටත් ඉදිරියේදී නඩුවක් ෆයිල් කරයි වගේ. (නි)

:       0       0

උෂාන් Thursday, 28 February 2013 06:19 PM

ආපෝ! මාලදිවයිනෙත් තියෙන්නේ මේ නීතියද? (නි)

:       0       0

මධු Thursday, 28 February 2013 06:34 PM

ෂරියා නීතිය ඉවත් වේවා! (නි)

:       0       0

හිල්මි Thursday, 28 February 2013 06:41 PM

ලංකාවේ දිනපතා වෙන මිනීමැරුම් වල හැටියට ලංකාවට ගැළපෙන්නේ ෂරියා නීතිය. (නි)

:       0       0

කමල් Thursday, 28 February 2013 01:46 PM

දුෂණය කරපු කෙනාට දඩුවම් නැද්ද එතකොට? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 14 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 30 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 930 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1371 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 2052 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 507 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site