තරිඳු ජයවර්ධන
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ඩී එම් සමන් දිසානායක මහතා කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගත් බව එහි ආරංචි මාර්ග කියයි.
සමන් දිසානායක මහතා අද (05) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටි අතර එහි මිනීමැරුම් විමර්ශන අංශයේ නිලධාරීන් පැය තුනකට ආසන්න කාලයක් ඒ මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.
ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිලධාරියකුට එරෙහිව කළැයි කියන ප්‍රකාශයක් ද දූෂණ විරෝධී බලකාය නම් සංවිධානයේ නාමල් කුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් හඬපටවල තිබී ඇති බවත්, රහස් පොලිසිය ඒ ගැන පොලිස් කොමිසමේ ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළ බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා සඳහන් කර ඇත්තේ තමා නාලක සිල්වා මහතා සමඟ කිසිම පුද්ගලික අමනාපයක් නැති බවයි. නාලක සිල්වා මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණිල්ලක් කළ බවත්, ඒ සම්බන්ධයෙන් පොලිස් කොමිෂන් සභාවෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් සමන් දිසානායක මහතා ප්‍රකාශ කළ බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන්ට හෝ කොමිසමට එරෙහිව කටයුතු කරන ලෙස උපදෙස් දී ඇත්තේ ඇයිදැයි තමා නොදන්නා බව ද ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.
මෙම විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු ඇතුළු විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඝාතන කුමන්ත්‍රණය ගැන පොලිස් කොමිසමේ ලේකම්ගෙනුත් ප්‍රශ්න කරයි
OMG Friday, 05 October 2018 05:12 PM
මෙගා නාට්‍ය කොටස් වශයෙන් පලවෙනවා.
Chanak Los angelesFriday, 05 October 2018 09:05 PM
මම නම් කියන්නේ ජනතාව මේවා ගැන හිත හිත දුක්වෙන්නේ නැහැ. මොවුන් මේවා ජනතාවට බලෙන් ඇඟට පටවලා රටේ ප්‍රශ්න අමතක කරවන්න වෙහෙස දරනවා
Chanak Los angeles Friday, 05 October 2018 08:59 PM
අපිට නම් මේ දේවල් වලට වඩා වටින්නේ මුදල් ඒකකය කඩා වැටෙමින් ජනයාට විඳින්න වෙන පීඩාව පිළිබඳව සිතීමයි
Hafeel Saturday, 06 October 2018 11:30 AM
මේකත් අර විජය කළාගේ පරීක්ෂණ වගේ නොවේවා.