රුපියල් හැත්තෑ දෙලක්ෂයක් වටිනා ඇමරිකානු ඩොලර් හැට දහසක් රැගෙන බැංකොක් බලා යාමට කටුනායකට පැමිණි චීන ජාතික සංචාරකයෙකුට තරයේ අවවාද කළ රේගුව එම මුදල් සියල්ල රාජසන්තක කළේය. මොහු මීට දින දෙකකට පෙර දිවයිනට පැමිණ ඇති බවත් නැවත අද අළුයම ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 886 දරණ ගුවන්යානයෙන් බැංකොක් බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් අල්ලා රේගුවට බාර දුන් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය. ඔහුගේ සාක්කුවල සහ ගමන් මල්ලේ මෙම මුදල් තිබූ බව රේගුව කියයි. රේගු නිලධාරීන්ගේ ප‍්‍රශ්ණ කිරීම් හමුවේ මොහු පවසා ඇත්තේ මෙම මුදල් මෙරට සිටින ඔහුගේ මිතුරන් විසින් චීනයට රැගෙන යාම සදහා ලබා දුන් බවය. මේ පිළිබද විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නොනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජය රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික‍්‍රමසිංහ මහතාගේ මෙයෙවීමෙන් රේගු අධිකාරී ඞී. රත්නකුමාර , සහකාර රේගු අධිකාරීවරුන්වන හසන්ත කෞෂල්‍ය, දිනූෂ හෙට්ටි ආරච්චි, රුවන් අල්විස් යන නිලධාරීහු සිදු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන්නවා උනත් චීන්නු හොදා ඔය ඉන්දියන් මලබාරියන්ට වඩා. ඉන්දියන් එන්න ගත්හොත් මේක හුරගෙන කාලා තමයි යන්නේ. අපි නොදන්නා ඉන්දියන්... (නි)
ඔහොමවත් චීනා සල්ලි ගෙනියනවා නම් කමක් නැහැ. එයාලට අපි කෝටි 3500 කටත් වඩා ණයයිනේ. (නි)
චීන්නු මෝඩයි කියන කතාව ඇත්ත. සල්ලි වෙස්ටර්න් යුනියන් එකෙන් යැව්වා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. (නි)
හොඳ වැඩේ චීනට!(නදී)
සමහර විට චීන හරි වෙන්නත් පුළුවන්. මමත් නිවාඩුවක් අරන් ලංකාවට යන ගේ යාළුවො කිහිප දෙනෙක් ඩොලර් ගෙනෙත් දුන්න එකතුව 13000 ක්. මේකත් අරන් ගුවන්තොටුපලට ගියාම පරීක්ෂා කරන තැනදී මගෙන් ගොඩක් ප්‍රශ්න කළා. නමුත් ඔවුන් පිළිගත්තා මම කියපු දේ. කරදරයක් නොවී ලංකාවට ගියා (අ)
තවත් ඉස්සරහට යමුකෝ. ඔය ඔක්කොම කැසිනෝ සල්ලි. ගේනවා ,දින්නා, අරගෙන ගියා. වෙන මොන බම්බුවක්ද? ලොක්කට ඕනේ කැසිනෝ නම් වෙන මොනවද?(නදී)
අමිල, මේ විදේශ මුදල් මහ බැංකුවට බාරදීලා ලංකා මුදල් ලබාගෙන කොටසක් රජයේ ආදායමට බැර කරනවා. ඉතිරිය මේ වැටලීමට සහභාගී වූ සියලුම නිලධාරීන්ට කළ වැඩ කොටසට අනුපාතිකව තෑගි වශයෙන් බෙදා දෙනවා. (නි)
හේමා ,ඔබේ අදහස උපහාසයක්ද? නැතිනම් වහල්ගැති බවද? අපේ ගැහැණු එදා ගමට ආපු මුස්ලිම් තොරොම්බල්කාරයට ගැති වෙච්ච එකේ ප්‍රතිපල අද පෙනෙනවනේ. (නි)
අපේ රටේ තියෙන දුර්ලභ පැළෑටි, මුහුදු ශාක සහ සත්වයින්, දුර්ලභ පාෂාණ වර්ග ආදිය ගෙනිහින් චීන්නු කී දෙනෙක් නම් අහුවුණාද? දැන් විදේශ මුදල් ටිකත් අරන් යනවා. ඒ මිනිස්සු ඇත්තටම හිතනවද දන්නේ නැහැ ලංකාව ඒ ගොල්ලන්ගේ ප්‍රාන්තයක් කියලා. (නි)
කමක්නැහැ, වැඩිකල් යන්න ඉස්සර චීනෙයි, ලංකාවයි කියන්නේ දෙකක් නෙවෙයි එකක් වෙනවා. (නි)
චීන්නු ඉන්නෙ නම් හරිම අහිංසක විදයට.ඔන්න චීන්නුන්ගේ පාට් (නි)
මමත් මේ දන්නේ නැති හින්දයි අහන්නේ ,රාජ සන්තක වෙනවා කියන්නේ මොකක්හරි එකවුන්ට් එකකට දානවා කියන එකද ? (නි)
රේගුවට මෙවන් කාර්යයන් කිරීමට ඇති හැකියාව අපි අගය කරනවා, මෙවන් රාජසන්තක මුදල් බෞද්ද කටයුතුවලට යොදවනවානම් ගොඩක් පින් ලැබේවි.(නදී)
සමන් බෞද්ධ වැඩ ඇරෙන්න වෙන වැඩ නැද්ද මේ රටේ කරන්න? (නි)
අහුවුනේ ඔච්චරයි. තව කී දෙනෙක් නම් රටේ සල්ලි පිටට ඇදලා ඇද්ද? අපිත් රැවටෙනවා ,රැවටී රැවටී ඒකම කරනවා (නි)
සල්ලි රාජසන්තක කරන්න බැහැනේ. දඩයක් ගහලා යවන්න (නි)
මගීන් සහ බඩු ස්කෑන් කරන්නේ ආරක්ෂක අංශ නිසා ප්‍රතිලාභ ලබාදී දිරිමත් කළ යුතුයි (නි)
චිනේ නැතිවුනොත් අපි ඉවරයි (නි)
ඕවා නම් ඇල්ලී... ලංකාවට එන වීසා නොඇල්ලි... (නි)
චීන්නු ඔහොම තමා. මේක පටන්ගත්තා විතරයි.(නදී)
ඉතින් ඊට පස්සේ ඔය සල්ලිවලට මොකද කරන්නේ අනේ මන් දන්නැති නිසයි ඇහුවේ හොදේ .(නදී)
චීනා අපිට හරියට උඩු කරනවා. චීනා නැති නම් අපි ඉවරයි.(නදී)
ස්තුති කරලා අරින්න තිබුනා චීනට, අපිට විදේශ විනිමය දුන්නට. අල්ලපු රේගු නිලදාරින්ට සහ ආරක්ෂක නිලදාරින්ට බොහෝ ස්තුතිවන්ත වෙනවා (නි)
චීනා චීනේ ලොක්කෙකුව අදුරනවානම් තමයි ලංකාවට ප්‍රශ්නයක් වෙන්නේ.(නදී)