එංගලන්තයේ ස්වාධීන වාර්තා චිත්‍රපට නිෂ්පාදකයකු වන කැලම් මෑක්රේ ගේ " ශ්‍රී ලංකා ඝාතන රැල්ල" නමිවු තුන්වන චිත්‍රපටයේ දැක්වෙන බොහෝ දර්ශන නිර්ව්‍යාජ නොවන බව මේ පිළිබඳව සොයාබෑලු බොහෝ දෙනා පවසති. විශේෂයෙන් ප්‍රභාකරන්ගේ බාල පුතාවූ බාලචන්ද්‍රන් ලෙස හඳුන්වන අයෙකු මියගොස් ඇති ආකාරය දක්වන නිශ්චල ඡායාරූප එකිනෙකට පරස්පර විරෝධී බව ඔවුහු පෙන්වා දෙති.
බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව මගින් මැක්රේ නිෂ්පාදනය කළ මුල් චිත්‍රපට දෙකම විකාශනය කෙළේය. ඉන් දෙවෙනි චිත්‍රපටයේද ප්‍රභාකරන්ගේ පුතාගේ යැයි කිවූ මළසිරුරක් පෙන්වන ලද අතර ඒගැන දීර්ඝ වශයෙන් කරුණු විශ්ලේෂණය කරනු ලැබීය. එම ඡායාරූපයේත් අලුතින් එළි දක්වා ඇති එවැනිම ඡායාරූප දෙකත් අතර විශාල වෙනස්කම් දක්නට ලැබෙතියි එය බැලූ බොහෝ දෙනෙක් කියති.
අලුත් ඡායාරූපයේ යට කොටසේ එම පින්තූරය ගත් පුද්ගලයාගේ සෙවනැල්ල දක්නට ඇත. හිසට කිට්ටුව සෙරෙප්පු සහ සපත්තු පැළඳගත් පා දෙකක් අක්නට ඇත. කලින් පෙන්වූ ඡායාරූපයේ මේ දෙකම දක්නට නොලැබෙයි. මේ නිසා එම පින්තුර දෙක නිර්ව්‍යාජ ඒවා ලෙසින් පිළිගත නොහැකි බව මේ පිළිබඳව අදහස් දැක්වූ එක්සන් රාජධානියේ සිංහල සංගමයේ සභාපති ඩග්ලස් වික්‍රමරත්න කියයි. මෙම ව්‍යායාමයේ එකම පරමාර්ථය මාර්තු මාසයේ ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් රැස්වීමේදී ශ්‍රී ලංකාව අපහසුතාවට පත්කිරීම බව ද මෙහි පිටුපසින් ඉන්නේ විදේශගතව ඉන්නා කොටි හිතවාදීන් බව හොඳටම පැහැදිලිවන බවද ඔහු කියයි.
කැලම් මෑක්රේ ගේ අලුත්ම චිතපටය පැය එකහමාරක් දිග බවත් එය ප්‍රථමවතාවට ප්‍රදර්ශනය කිරීමට සුදානම් කර ඇත්තේ ජිනීවා සම්මේලනය අතර වාරයේදී බවත් දැනගන්නට ඇත.
මීටපෙරද මක්රේ හැදු චිතපට පෙන්වූයේ ජිනීවා සම්මේලනය ආසන්නයේය. මෙයින් ඔවුන්ගේ යටි පරමාර්ථ පැහැදිලිවන බව කියන වික්‍රමරත්න මහතා, ගිය වසරේ ජිනීවා සම්මේලනය පැවතී දිනවල එම ශාලාවේදී මක්රේ හමුවූ බවත් එහිදී ඔහුගේ චිත්‍රපටවල ඇති පක්ෂපාතී භාවය සහ ශ්‍රී ලංකා විරෝධී භාවය ගැන දීර්ග වශයෙන් කරුණු ගෙනහැර දැක්වූ බවත් කීවේය.
මැකරේ අඟහරුවාදා ඉන්දියා මාධ්‍ය සාකච්ඡාවකදී පවසා ඇත්තේ " ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන දින කිහිපයේ තුල සිදුවූ යුද අපරාධ සඳහා කෙලින්ම ශ්‍රී ලංකාවේ දෙදෙනකු වන කිය යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ලෝකෙටම කෑගහලා කියමු අපිට කොටි කරපු වැඩ (දී)
ඇයි මොකද ඇමරිකන් කට්ටිය මොකද්ද කියන්නෙ අපිත් ඔට්ටුයි ඕන දේකට. අපි සිංහල මව් කිරි බීල හැදුන කොල්ලො. එක සිංහල බෞද්ධයෙකුට අත තියන්න දෙන්නෙ නෑ (දී)
නමුත් තමන්ගේ රටට ආදරය නොකරන ශ්‍රී ලාංකිකයන් ද ලෝකය පුරා විසිරී සිටින වග අමතකද? (නි)
අවුරුදු 30ක් තිස්සේ ප්‍රභාකරන් දරුවෝ කී දාහක් නම් මරලා ඇද්ද? (නි)
අපි කොහොමද ඒක ඔප්පු කරන්නේ. මම ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා (දී)
අපි හඩ නගා කියමු (දී)
100% බොරු (දී)
සනත්, මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. (නි)
සනත් මෝඩ විහිලු දාන්න එපා. (නි)
ව්‍යාජ කියලා ඉතින් කෙළින්ම කියන්නකෝ. (නි)
මේකේ අන්තිම ෆොටෝ එකේ පෙනෙන සෙරෙප්පු සහිත කකුල් කොටින්ගේ. අපේ හමුදාව සෙරෙප්පු කෑලි දාගෙන හිටියේ නැහැ කොයිම වෙලාවකවත්, ඉතින් තව මොනවද? (නි)
අපි නම් පිලි ගන්නේ නැහැ (දී)
රැවටෙන්න එපා (දී)
එක පාරකුත් බොරුයි කියල කියුවා නේද (දී)
සිංහලයිනි පෙළ ගැහෙන්න (දී)
කොටි ලංකාවේ කරපු දේවල් කියලා දෙන්න කාලේ හරි වගේ (දී)
ප්‍රභා සිංහල, දෙමළ, මුස්ලිම් ළමයි කී දෙනෙක්ව මැරුවද? (නි)
මේ ඡායාරූප සියල්ල තනිකරම බොරු. (නි)
මේ ප්‍රශ්නයේදී කොටින්ට වඩා නරක, එයාලා මෙහෙයවන සමහර බටහිර රටවල්. (නි)
ආයේ එකේ කතා දෙකක් නැහැ (දී)
මේක ජෙනුයින් ඡායාරූපයක්. (නි)
ප්‍රවෘත්තියක් වන්නේ මෙය බොරුවක් යයි නොකිවුවා නම්ය. (නි)
අපි අපේ රට වෙනුවෙන් කැප වෙමු (දී)
කැබිතිගොල්ලෑවේ දරුවන් කීදෙනෙක් ඔය පුතාගේ තාත්තා මරා දැම්මාද? (නි)
චැනල් ෆෝර් හැමදාම අපට කළේ හතුරුකම්මයි. (නි)
100% බොරු (දී)
මුල ඡායාරූපයෙ කලිසම කලුයි. අනෙක් එකේ කහ පාටයි? (නි)
කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්ධියෙන් යුතුව අසන්න ඕනේ (දී)
දන්නා මිනිහා දන්නවා ඇත්ත නැත්ත (දී)
පුතා ගැන කතා කරනවා. තාත්තා කරපු දේවල්? (නි)
කාගේ උසි ගැන්වීමද මේවා (දී)
මොකද්ද අප්පා මේ නොවිසදෙන ප්‍රශ්නය (දී)
මෙයාලා එදා ඉදලාම අපේ රටට කලේ වින්නෑහියක්ම තමා. නමුත් තමන්ගේ රටට ආදරය කරන ශ්‍රී ලාංකිකයන් ලෝකය පුරා විසිරී සිටින වග අමතකද? එදා එයාලගේ උපක්‍රම අද අපි පාවිච්චි කරන වග ඒ අය දෑන් දන්නවා. මගේ ජීවිතයත් මගේ රටත් දෙකක් නොව එකක් බව දෑනගනිව්. එල්.ටී.ටී. එකට ප්‍රතම වෙඩි මුරය යුරෝපය තුල එල්ල කලේ අපි බවත් දෑනගනිව්. (නදී)
හලීම්, ඔයාද ඡායාරූප ශිල්පියා? එහෙනම් ඔයා බොරුවක් කරලා තියෙන්නේ?(නදී)
මොකාක් හරි කියනවා කාලෙකට (දී)
ත්‍රස්තවාදීන් සිංහල ගම් වලට පැනලා දරුවන් සිය ගණන් කපා කොටා මරා දැමූ එකේ, මොකද මේ එක ළමයෙක් ගැන මෙච්චර කෑගහන්නේ? (නි)
ලංකාවේ හමුදාව රබර් සෙරෙප්පු දාන්නේ නැහැ. එල්.ටී.ටීය තමයි රබර් සෙරෛප්පු දැම්මේ. අපේ හමුදාවට ඇති තරම් හැමදේම ලැබුනා.(නදී)
හිටපු හමුදාපති ජෙනරල් පොන්සේකා මෙයට සුදුසු පිළිතුරු දුන්නා.(නදී)