(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවසට සුදු වෑන් රථයකින් මුහුණු ආවරණය කරගෙන පැමිණි නාදුනන පිරිසක් අද (14) අළුයම ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීයාට ගිනි අවි පෙන්වා තර්ජනය කර ඔහු ආරක්ෂක කුටියේ සිරකර මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
කුඩා සුදු පැහැති වෑන් රථයකින් සිව්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ එක් අයකු ආරක්ෂක නිලධාරියා අසල රැඳී සිටියදී අනෙක් තිදෙනා සමරවික්‍රම මහතාගේ නිවස ඉදිරිපිටට ගොස් ගල් සහ අසූචි ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිස් නිලධාරියකු පවසයි.
නිවාස සංකීර්ණයේ නිවාස සියයකට අධික සංඛ්‍යාවක් තිබෙන අතර පැමිණි පුද්ගලයන් නිශ්චිත ලෙස චමුදිත මහතාගේ නිවස සොයා ගොස් ප්‍රහාරය එල්ල කර ඇත්තේ කලින් සැලසුම් කර හඳුනාගත් පරිදි බවට සැක කරන බව උසස් පොලිස් නිලධාරියෙක් කියයි.
එම ප්‍රහාරයෙන් චමුදිත මහතාගේ දෙමහල් නිවුස් වීදුරු ජනෙල්වලට බරපතල අලාභ සිදු වී ඇත
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
චමුදිතගේ නිවෙසට අසූචි ප්‍රහාරයක්
Mahesh Monday, 14 February 2022 10:27 AM
වැඩේ වැරදියිනේ. ගෙට ගල් ගැහුවත්, අසූචි ගහන්න තිබුණේ කටට...
media analyst Wednesday, 16 February 2022 04:19 AM
චමුදිත හිරු සමග කල මාධ්‍ය සකජ්ජවේදි කල ප්‍රකාශය හොදින් විශ්ලේෂණය කළහොත් ඔහු මෙසේ කියා සිටි. ප්‍රහාරකයන් මීට පෙර පැමිණ ඔව්න් නිදා ගන්න master bedroomය පිලිබදව අවස්ථා කිහිපයකදී හෝ විමර්ශනය කරන්නට ඇතිබව ඔහු කියාසිටී. ප්‍රහාරකයන් නිවැරදි තැනට ප්‍රහාරය එල්ල කර ඇතිබවත් ඔහු පිළිගනී. නමුත් අපි නිදා ගන්නේ ( සෑම දිනම රාත්‍රියේ නිදා ගන්න නිදන කාමරය) සහ නිදා ගත්තේ ( අපි එදා වෙලාවට නිදා ගත්තේ වෙනත් කාමරයක ) ඔහුගේ පිළිතුරුවලින් සත්‍ය සිදුවීම සහ ඔහු රටට කියන්නට දරන්නේ කුමක්දකියා අතර විසල පරස්පරයක් තිබේ. දෙවනුව ආරක්ෂකයා කිසිදු අයුරකින් number plateයේ කිසිදු number එකක් හෝ ලියාගැනීමට පවා උත්සහ ගෙන නැත. CCTV 22ක් නිවසේ ආරක්ෂාව සදහා තිබේනම් ප්‍රහාරකයන් ප්‍රහාරයට පෙර පැමිණි දර්ශන ඔහු සතුව තෙන්නට පුළුවන
Marikkar Monday, 14 February 2022 11:13 AM
ශ්‍රී ලංකාවේ සුපිරිම මාධ්‍ය වේදියාගේ ඉරණම මේ නම්, සාමාන්‍ය ජනතාව සම්බන්ධව මොන කතාද? චමුදිතගේ ජීවිතයට හා දේපළවලට අතිශය ආරක්‍ෂාව සැලසීම රජයේ නොසැලකිය හැකි වගකීමක්... චමුදිතට උපරිම ආරක්ෂාව සලසන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු....!
චන්දන Monday, 14 February 2022 05:06 PM
කවුරු කළත් නින්දිත වැඩක්... නමුත් සුපිරිම මාධ්‍යවේදීන් තේරුවේ කොහොමද? ලංකාවේ එහෙම අය නැහැ මගේ තේරීම අනුව... සියලු දෙනාම දේශපාලන මතයක් හිස දරාගෙන ඉන්නවා...
Mahesh Monday, 14 February 2022 11:28 AM
අසූචි ගහන්න තිබුනේ ගෙට නෙමෙයි, කටට...
janisMonday, 14 February 2022 06:31 PM
මෙය ඔබතුමාගේ වැඩක්ද කියලා හිතෙනවා...
mp Monday, 14 February 2022 11:41 AM
පුදුමයක් නොවේ. අසූචි අවුස්සන විට ලැබෙන්නෙත් අසූචිම තමයි. අකුසල කර්ම කරත්ත රෝදය මෙන්ම එම පුද්ගලයා පසුපස එයි. ධම්මපදය...!!!
fairoos Monday, 14 February 2022 12:22 PM
දැන් සැපද? සර් තමයි හොඳටම කරන්නේ...!
Bunny Preena Monday, 14 February 2022 12:28 PM
ඔවුන් විසින් දමාගැසූ ගල්වල, මුට්ටිවල අනිත් ද්‍රව්‍යවල ඇඟිලි සලකුණු වලින් ආපු අය ගැන හෝඩුවාවල් ගන්න පුළුවන්...!
MaheshMonday, 14 February 2022 03:31 PM
පුළුවන්... හැබැයි ලංකාවේ නෙමෙයි...
PrabhaMonday, 14 February 2022 05:01 PM
අසූචිවල ඩී.එන්.ඒ. ගමු...
Shan Monday, 14 February 2022 12:47 PM
මේක තමයි රාජපක්ෂලා රටේ හදලා තියෙන තත්වේ... කාටවත් විරුද්ධව කිසිදෙයක් කියන්න බැහැ. ඔවුන් නීතිය අතට ගන්නවා. දුර්වල නායකත්වයේ ලක්ෂණයක්... මේ දූෂිතයින්ට එරෙහිව සියලු දෙනා එකතු වෙන්න වෙලාව මේ...!!!
sujeewaMonday, 14 February 2022 04:22 PM
ඔබට රාජපක්ෂ යන නාමය වෙනුවෙන් කුමක් හෝ වෛරයක් ඇත්නම් ඒය ඔබතුලම තබා ගන්න. කවුරුන් කාට හෝ පහර දෙන හැමවිටම ඒ පිටුපස රජය නැහැ. රාජපක්ෂවරු නොසිටි කාලවල මාධ්‍යවේදීන්ටයි, කලාකරුවන්ටයි, තවත් විවිධාකාර අයටයි මාර මාර දේවල් වුණු බව ඔබ දන්නේ නැතුව ඇති. සමහර විට ඔබ ඉපදිලා නැතුව ඇති. ඉපදිලා හිටියත් කටේ කිරි සුවඳවත් ගිහින් නැතුව ඇති. නැත්නම් ඔය තරම් අන්ධ විදිහට අදහස් පල කරන්නේ නැහැ. බටහිර අපට ආනයනය කරපු ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණවල තවත් පැතිකඩක් තමයි ඔය ඔබ දකින්නේත්. වැරදිලාවත් ඔය වෙලාවේම හමුදාව හරි, පොලිසිය හරි හිටියා නම් ඔය ආපු ඒවුන් හමුදාව හෝ පොලිසිය මානව හිමිකම් කැඩුවා කියලා සංදර්ශණ දාන්නත් ඉඩ තිබුණා. අපේ රටේ සංස්කෘතිය ඔය තත්වයට ගෙනාවේ සුද්දා බලෙන් අපව යටත් කරගෙන, අපේ සම්පත් හූරගෙන කාලා, අපි අනුන් මත යැපෙන තැනට පත්කරලා අපි ම්ලේච්ඡයි කියලා අපිට බලෙන් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් කවලා අපි අපිවම බේද කෙරෙව්වා. අන්න එහෙම කරන්න සුද්දම හලපු පාවා දෙන්නන්ගේ පරම්පරාවේ අය තමයි ඔය වගේ අගක් මුලක් නැති කතා හදලා රටට ගිනි තියන්නේ..
ගජමිතුරු Monday, 14 February 2022 01:10 PM
ඒවා මිනිහාගේ කටින්ම විසිවුණු ඒවාද කියලා සොයා බැලුවොත් හොඳයි.
JAYATH Monday, 14 February 2022 01:16 PM
ගහපු එකා කවුරු වුණත් හාදයා කන්න කැමතිම දෙයින් තමයි දමලා ගහලා තියෙන්නේ.. එයා මොලේ ඇති කෙනෙක්... මාධ්‍ය වේදීන්ට පහරදීම හෙලා දකින්න ඕන එකේ කතා දෙකක් නැහැ. මේ හාදයෝ යූ ටියුබ් වල කාඩ්බෝඩ් වීරයින් මිසක් මාධ්‍යවේදීන් නම් නෙමෙයි. නමුත් ඉතින් මේ හාදයා ලැගලා ඉන්න තැන දන්නවා නොවැ.. එතැන ඉඳගෙන බොරුවට වීරයා වෙන්න හදනවා. මේකත් මට නම් හොඳටම ෂුවර්... කලින් පිටපත ලියලා රඟ දක්වපු නාටකයක් හරියට අර හිටන්ගේ කාලේ සයිටම් ලොක්කාගේ එක වගේ මට ඌ ගහනවා... ඌ මට ගහනවා...!!!
kamal Monday, 14 February 2022 01:28 PM
මේක ලොකු ගෙයක්ද?
Pradeep KumaraMonday, 14 February 2022 03:03 PM
මේ පුවතේ කියලා තියෙන්නේ ගෙදර විශාලත්වයවත්, එහි ඇති වර්ග අඩි ගණනවත් ගැන නෙමෙයි. මාධ්‍යවේදියෙකුට හෝ රටේ ඕනෑම පුරවැසියෙකුට තමන් කැමැති මතවාදයක් දැරීමට අයිතිය තිබිය යුතුයි. යම් කෙනෙක් අසත්‍ය හෝ වැරදි මත සමාජගත කරනවා නම් පවතින නීතිය තුළ ඔහුට දඬුවම් කරනවා විනා මෙවන් අසික්කිත ප්‍රහාරයන් එල්ල කිරීම පිළිකුල් සහගතයි. කවුරුන් කළත් නින්දිත ක්‍රියාවක්...!
RR Monday, 14 February 2022 02:55 PM
කවුද චමුදිත කියන්නේ..? ඉතින් එයා දාගන්න ලෙඩ අන් අයට අදාලද..?
Pattiyagee Weesammali Monday, 14 February 2022 03:12 PM
දැන් සැපද?
බද්රානි Monday, 14 February 2022 03:57 PM
වැසිකිළියක ලගින්නෙකුට ඔය අසූචි ප්‍රහාරය එතරම්ම දුඟද වෙන්න නම් විදිහක් නැහැ. ඔවැනි අසූචි ප්‍රහාරයන් එල්ලවීමට සුදුසුකම් සහිත පාදඩ මඩ කාරයින් ඕනෑතරම් ඔය ක්ශේත්‍රයේ වැජඹෙනවා. අන්න ඔවුන්ටත් මෙවැනි ප්‍රහාරවලින් සංග්‍රහ කරනවා නම්, කොතරම් හොඳද?
සනත් ගමගේ Monday, 14 February 2022 04:24 PM
ජනතා හදවත් තුළ කැකෑරෙන දේ පොදු සිවිල් ජනතාවට එක්වර කියන්න ක්‍රමයක් නැති නිසා තමයි එය කියන්න, ලියන්න. අඳින්න, පෙන්වන්න, මාධ්‍ය වේදීන් ඉන්නේ.. ඒ මාධ්‍ය කරුවන් කියන්නේ ජනතාවගේ හදවතේ කැකෑරෙන අදහස්.. මෙයට උරණ වන පිරිස් බොහෝ ඉන්නවා ඇති.. ඒ පිරිස්වල උරණ සිතුවිලිත් කියන්නේ තවත් මාධ්‍ය කරුවන් පිරිසක්. එමනිසා මෙවැනි ක්‍රියා සාක්ෂරතාවය අතින් ඉහළ රටක පුරවැසියන් නොකළ යුතු වැඩකි.
beau Monday, 14 February 2022 04:28 PM
අනේ පවු, දුප්පත් අසරණ පැල්පතක ඉන්න මනුස්සයා. කවුද මේ පින්කෙතට අරියාදු කරන්නේ...?
සනත් ඉතාලිය Monday, 14 February 2022 04:36 PM
අනුන්ට අසූචි විසිකරලා ගහනකොට ඔයා අමතක වුණාද? ඔයාගේ දෑතේම අසූචි තැවරෙනවා කියලා... කමක් නැහැ නහය වහගෙන ඔය ටික සුද්ද කරගන්න. මාධ්‍යවේදියා කියන්නේ මිනිස්සුන්ගෙ පුද්ගලික ජීවිතේ තලු මරමර රසවිඳින්නෙක් නෙමෙයි. ඔයා පව්..!.
C.K.Lankaputhra Monday, 14 February 2022 04:48 PM
අසූචි නැව ගොඩ බාගන්න දඟලපු දැඟලිල්ල ගැන හිතනකොට හිතාගන්න පුළුවන් හිතාගෙන හිටපු වැඩ ලිස්ට් එක කොයි තරම් වෙන්න ඇතිද කියලා. හුඟක් කට්ටිය වෙලාවට බේරුණා. නොදකින් විතරක්...
Gayan Monday, 14 February 2022 05:38 PM
ඕක කළේ හංසයා වෙන්න බැරිද?
naagahanandaMonday, 14 February 2022 07:27 PM
හංසයාට පෙම්බැඳි වියපත් බඹරා වෙන්නත් පුළුවන් නේද?
ranjith Monday, 14 February 2022 05:45 PM
මේ වගේ වැඩ කරන්න පුළුවන් තිරිසනුන්ට විතරයි. අසූචි එක්ක ඉන්නේ තිරිසන්නු නිසා මොන පුද්ගලයෙකුට වුණත් කරලා තියෙන්නේ තිරිසන් වැඩක්..
rocky Monday, 14 February 2022 06:03 PM
චීනෙන් ගෙන්නූ කාබනික පොහොර වෙන්නැති..., ගහන්න ඇත්තේ..!!!
පිටරැටියා Monday, 14 February 2022 06:11 PM
කවුරු කොහොම මොනවා කිව්වත් මේ දේවල් කිසිම ශිෂ්ඨ සමාජයක් අනුමත කරන එකක් නැහැ. හිරිකිත වැඩ...
janis Monday, 14 February 2022 06:34 PM
ඉතාලියට වෙලා ගොන්කතා කියලා ලංකාවට ආවම මේවා කන්න වේවි... ඔහේටත්..!!!
uk ran Monday, 14 February 2022 06:53 PM
සරණාගත වීසා ගැනීමේ එක් උත්සාහයක්...!!!
Wimal Monday, 14 February 2022 06:55 PM
ඔය තියෙන්නේ වැඩ... චීනාගේ අසූචි ප්‍රමෝට් කළේත් මුළු ලෝකෙටම අපේ අය.. මෙදාපාර ලංකාවේ අසූචි වලටත් හොඳ වෙළඳපලක් හදලා දීලා... ඉස්සරහට ටොයිලට් තියාගන්න බැරිවේවි...!!!
nimal Monday, 14 February 2022 07:06 PM
අපි තමයි හොඳටම කළේ... අපේ සර්ට ජයවේවා...!!
Don perea Monday, 14 February 2022 07:33 PM
මේ කමෙන්ට්ස් දැක්කාම අපි තාම ගෝත්‍රිකයි කියලා කියන්න පුුළුවන්...
බද්රානිMonday, 14 February 2022 08:42 PM
Don perea, අනේ, ඔහේ මහා ලොකු නම්බුකාරයෙක් කියලා වෙන්න ඇති හිතාගෙන ඉන්නේ? ශ්‍රී ලාංකික සමාජයේ කොහෙද හලෝ වැදගත්තු ඉන්නේ? මහා එකාගේ සිට පොඩි එකා දක්වා අධමයොනේ හැමතැනම ඉන්නේ... අනික, වැදගතෙකුට මේ සමාජයේ ජීවත් වෙන්න ඉඩක් තියනවද? අන්න ඒ නිසා තමයි ඔය වැදගත් කම්, බල්ලට දාලා, අශිෂ්ඨ අමන, මිලේච්ඡ ගෝත්‍රිකයින් සමග මේ ලංකාවේ තිරිසන් සර්පයින් වගේ අපිත් ජීවත් වෙන්නේ... පිටරටක වැදගත් ජාතියකට අපිත් එකතු වුණාම ඔවුන් වගේ වැදගත් විදිහට හැසිරෙන්න අපි දන්නවා. මේ තිරිසන්නු එක්ක වැදගත් විදිහට හැසිරෙන්න ගියොත් මොවුන් අපේ ඔලුවටම පහරලා තමයි පස්ස බලන්නේ... ඔය කොයි කවුරුත් නෙලා ගන්නේ ඔවුන් විසින්ම වපුරපු අස්වැන්න තමයි. ඉතින් අපි මොකටද අනුන්ගේ පව් කර ගහගෙන බර අදින්නේ.. මේ අමන ජාතිය එකිනෙකා මරාගෙන, කාගෙන වඳ වෙන්න නියමිත ජාතියක්. පූරුවේ කළ පවකට මේ නින්දිත ජාතියට දාව උපන්නත්, මමත් නුඹලා සමගම මේ ලෝකෙන් චුත වෙන්න වෙන්න ඉතාම සතුටින් සූදානම්...!!!
media analyst Wednesday, 16 February 2022 04:22 AM
ඔහු තරයේ කියා සිටියේ කිසි දිනක කිසි වෙකුට ඔහුගේ මාධ්‍ය ක්‍රියා කාරිත්වය නැවතිය නොහැකි බවකි. ඔහුට ගැලපෙනුයේ මාධ්‍ය කලාව මිස දේශපාලනය නොවේ. එමනිසා දේශපාලනයට නොපැමිණ මාධ්‍ය මගින් ඔහුට රටට යමක් කල හැකිබව පෙනෙන්නට තිබේ. අපි නිදා "ගන්නේ" සහ එදා අපි නිදා "ගත්තේ"වෙනත් තැනෙක යමක් සිදුවෙය යන බලාපොරොත්තුවක් ඇතිව බව හොදින් ඔහුගේ කතව විශ්ලේෂණය කල හොත් නිගන්මනයකට පැමිණිය හැකිවේ. මාධ්‍ය කලාවට කිසිවකු දැනුවත්ව හෝ නොදැනුවත්ව වෙනත් අරමුණු බලාපොරොත්තුව ප්‍රහාර එල්ලකිරීම කෙසේවත් අනුමැත කල නොහැක