බාල වයස්කාරියක හා ඇගේ පෙම්වතා කල්පිටිය මාම්පුරිය වෙරළේදී ත්‍රීරෝද රථයක් ඇතුළේ ඇඳුම් නැතිව සිටි අවස්ථා වීඩියෝ ගත කළ රියදුරා ද, එම ජෝඩුව ද ත්‍රිරෝද රථයෙන් පිට සිට ඔත්තු බැලූ බව කියන තරුණියක ද සැකපිට අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය කියයි.
ත්‍රීරෝද රථ රියදුරා ඉදිරිපස ආසනයේ සිට ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර ඇත. පොලීසිය ඔත්තුව දී ඇත්තේ වෙරළට ගිය ප්‍රදේශවාසීන් පිරිසකි.
කල්පිටිය පොලිස් ස්ථානාධිපති නුවන් පෙරේරා මහතා පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමරට (පළමු අදහස් කරුට) පුදුමයිලු. හිහ් හිහ්. එක්කෝ පොඩි ළමයෙක්. නැත්තන් පාඩම් පොතට සීමා වුන කෙනෙක් (ස)
මෙහෙම අයට තමයි අන්තිමට ජීනා මැඩම්ළගට යන්න වෙන්නේ. (නි)
ඔය ඔක්කොම වෙන්නේ වීඩියෝ කළ හැකි දුරකථන නිසා..!(නු)
වැඩිහිටියන් කාටුන් චිත්‍රපට රූපවාහිනයෙන් බලද්දී දැන් කාලේ හැදෙන කුඩා දරු දැරියන් බලන්නේ වැඩිහිටියන්ට පමණක් සීමා වූ දේවල්. ඒවායේ ප්‍රතිඵල දැන් දැන් සමාජය තුළ සිදුවන මෙවැනි ක්‍රියාකාරකම් හරහා අපේ සමාජයට අත්විඳීමට සිදුවෙලා තියෙන බව පැහැදිලිව පේන්න තියෙනවා. මේවාට පුද්ගලිකව විසඳුම් සැපයීම මෙන්ම මෙවැනි සංසිද්ධි සමාජයේ එක්තරා පැතිකඩක් නිරූපණය වන්නක් ලෙස සළකා එවැනි සිදුවීම් හරහා මේ සමාජයේ වර්තමානයේ සිදුවෙමින් පවතින දෑ පිළිබඳව නිර්ණායක සපයාගත හැකිය. ඉන් අනතුරුව මෙවැනි දේ යළී සිදුනොවීමට අවශ්‍ය ආකල්පමය වෙනස සමාජයට ඇති කිරීමට අවශ්‍ය පසුබිම ඒ හරහා ලබාගත හැකිය. (නි)
ඇත්තටම ආසියාවේ ආශ්චර්යයද මේ..!(නු)
වරද දෙමව්පියන්ගේ. දරුවන්ට කන්න දෙන එක විතරක් කරලා අනෙක් දේ ගැන නොසැළකිලිමත් වීම. අනිවාර්යයෙන්ම අවුල් පවුලක ළමයෙක්. (නි)
ලංකාව රත්තරන් වුණත් ඒකේ ඉන්නේ සර්ව පිත්තල මිනිස්සු. (නි)
ඒ වීඩියෝ එක දාන්නකෝ යූ-ටියුබ් වලට. (නි)
ලංකාව රත්තරං රටක්.. එක නිසාද මේ..! (නු)
වීඩියෝ එකත් දැම්මනම් තමයි හොඳ (ස)
බෞද්ධ රටකට ගිය කලක්. අනේ අනිච්චං! (නි)
අපේ රටේ ලිංගික අධ්‍යාපනය මදි. අවුරුදු 12 සිට එය ලබාදිය යුතුයි. (නි)
මටත් ඒ වීඩියෝ එක බලන්න තිබුණනම් හොඳයි (ස)
ටෙලි නාට්‍යයක ජවනිකාවක්ද දන්නේ නෑ . පටිගත කරපු ඒවා තිරගත කරන්න කලින් මණ්ඩලයට යොමුකරන්න වේවි (ස)
සත්වයා සහ මානවයා අතර වෙනස මෙයයි. (නි)
රටේ සංස්කෘතිය සභ්‍යත්වය විනාශ වෙද්දි මෙහෙම තමයි.ඕව ඉතාම පොඩි දේවල් විතරයි.රට හදන්න ඉන්න වගකිවයුත්තොම මහා බලයකින් රට විනාසයට ඇදගෙන යනකොට වැඩි දෙයක් නෙමෙයි කොහොමද ළමයෙක්වත් හදාගන්නෙ.(ස)
අපිය බැරිද ඒ වීඩියෝ එක බලන්න? (නි)
දෙවන තුන්වන පාර්ශව නැත්නම් වැඩේ වැරැද්දක් දකින්නත් බැහැ. (නි)
ආනේ පවු. දුකේ බැරුවා. (නි)
බාල වයස්කාරයන්ට මේ විදියට ඉන්න දුන්න ත්‍රීරෝද රියදුරු මේවාට වග කියන්න ඕන..! (නු)
ලොකු අයට කරන්න හොද නම් පොඩි අය කරහම මොකද කියලා හිතන්න ඇති. (නි)
ත්‍රී රෝද රථ හිමියන්ට නීති මාලාවක් සකස් කළොත් හොදයි. (නි)
ඔය එකක් විතරයි (ස)
තවම පොඩි එවුවොනේ. (නි)
මේවා තරුණ වයසේ අවශ්‍යතා. මේවා නවත්තන්න ගියාම තමා අසහනය ඇතිවෙන්නේ. තරුණ ජෝඩු වලට නිදහසේ ඕන තැනක ගිහින් ඉන්න නිදහස තිබිය යුතුයි. පොලිසි වලින් කරන්නෝන මේවා නොවෙයි, අපරදකරුවන් අල්ලන එකයි. (ස)
මේවා නවත්වන්න නම් නිරුවත් ඇමති කෙනෙක්වත් පත්කරන්න වේවි. (නි)
වැල්ලේ කිවුවට වැල්ලේ නෙමෙයිනේ ඉදලා තියෙන්නේ. ත්‍රී විල් එකකනේ. (නි)
විවාහ වෙන්න කලින් පොඩ්ඩක් පුරුදු පුහුණු වෙන්න හිතෙන්න ඇති. (නි)
ඇත්තටම මේ වගේ දේවල් ඇහුවාම දැනෙන්නේ පුදුමාකාර කළකිරීමක්.. මේ අපේ රටද කියලා සැකයි.. අපි පිටරටවලදි දකින මේ වගේ දේවල් වදල අපේ රට ගැන කතා කරන්නේ පුදුම තරමේ ආදරයෙන්... ඔන්න අපේ රටේ තත්ත්වය..!(නු)
මේවාට අපි හැමෝම වගකියන්න ඕන දැන් දරුවන්ට ළමා කාලයක් නෑ...ඒ කියන්නෙ දැන් තරුණයන් වියපත් උනහම කරන්න දෙයක් නෑ කියන එකයි...කල්පනා කරල බලමු .(ස)
අද කාලේ අවුරුදු 18 ට අඩු හැමෝම වැඩිහිටියොනේ (ස)
කොල්ලෙකුට කෙල්ලකුට නිදහසේ ඉන්න බැරි රටක් මේක.. (නු)
ඒ අයට කාමර වලට යන්න සල්ලි මදිවෙන්න ඇති. (නි)
සංචාරක ව්‍යාපාරය දියුණු කළාට මදි. සභ්‍යත්වයත් රැක ගන්න ඕනෑ. අහන දකින දේවල් අත්දකින්න යනවා. එහෙමයි කියලම සමාවක් දෙන්න බැහැ. පසු ප්‍රයෝජණයට තමයි කොල්ලා මේක වීඩියෝ කරන්න කියන්න ඇත්තේ. විකුණලා ගණනක් හොයා ගෙන කෙල්ලවත් අල්ලේ නටවන්නත් පුළුවන් නේ. උපරීම දඬුවම් දෙන්න ඕනෑ. (නි)
මේවාට වගකිවයුතු සියල්‍ලන්ගෙන්ම ප්‍රශ්න කළ යුතුයි. (නි)
මම මොනාද කියන්නේ මේකට .....................(ස)
කටක් ඇරලා කියන්න පුලුවන්ද (දී)
අනේ මෙහෙමත් දෙවල්..... විඩියෝ 1 නෑනේ... (ස)
ඉතා වටිනා වැඩක්නේ කරලා තියෙන්නේ. (නි)
අද ලංකාවෙ ගැහැණු ලමයි මේ වගේ හැසිරෙන්නෙ දෙමාපියන්ගේ වරද නිසා.. අවසානයේ වැඩ වැරදුනාම රජයට සහ පොලිසියට වගකීම පවරන්න තමයි උත්සාහ කරන්නේ..!(නු)
සදාචාරය රකින්න අවශ්‍යයි (දී)
බාල අය කරන්නේ ඉතින් බාල වැඩමනේ. (නි)
ආසියාවේ ආශ්චර්‍යය. මටනම් මේවා තිත්තයි (ස)
මේවාට සෞදි නීතිය තමයි අවශ්‍යය. (ස)
ඉගෙන ගන්න කාලේ ඔය වගේ දේවල් කරහම තව ඉස්සරහට මොනවද කරන්නේ (ස)
ළමයි කොහෙද යන්නේ මොනවද කරන්නේ කියලා හොයලා නොබැලුවොත් ඔයිට වඩා දේත් වෙනවා (ස)
මෙයාලා වයසින් බාල වුණත් වැඩ නම් ලොකුයි. (නි)
මේවද උගත් අපි බලාපොරොත්තු වෙන ආශ්චර්‍යය ? (ස)
පොඩි එවුන් එහෙම ඉන්න එන වැරදිද? (නි)
බාල වයසින් තමයි මේවා පටන් ගන්නේ (ස)
නිතුන්, නීතියට අනුව දඬුවම් නොකර සිටින්නේ දෙදෙනාම අවුරුදු 11 ට අඩුනම් පමණයි. (ස)
වීඩියෝ එක දාන්නයි තිබුණේ (ස)
මොන බාල කමක්ද ?සත්තු මීට හොඳයි... (ස)
බාල වයසේ නම් කොහොමද ඇදුම් නැතුව ඉන්න එක නීතිවිරෝධී වෙන්නේ? (නි)
බෞද්ධ රටක වෙන දේවල්ද මේ..! (නු)
බාල වයස්කාරයන් නම් මෙහෙම වැඩ කරනවාද? බාල වයස්කාරයන් වෙන්නෙ අවුරුදු 12න් පහළ අය විය යුතුයි මගේ නම් හැගීම..! (නු)
මේ වගේ අපරාධ නවත්වන්න තියෙන නීති ප්‍රමාණවත් මදි නේද ? වයස අඩුයි කියලා අතහරින්න එපා දඩුවම් දෙන්න (ස)
"බාල වයස්කාරිය " කියලා තියෙන්නේ " වැඩිහිටියන්ට පමණයි " වැඩක් (ස)
උපන් ඇදුමෙන් මොන පාටිද ?(ස)
බාල වයස්කාර නිසා වෙන්න ඇති උපන් ඇදුමෙන් ඉන්න ඇත්තේ ?(ස)
මේ වගේ දේවල් වලට නිසි දඩුවම් දේන්න (ස)
දෙන්නම බාල වයස්කාරනම් ප්‍රශ්නයක් නෑනේද ? මම දන්නේ නෑති නිසා අහන්නේ (ස)
අපේ රටට හොඳ නළු නිළියෝ, ඡායාරූප ශිල්පියෝ , අධ්‍යක්ෂකවරු ඉන්නවනේ , ඔය තියෙන්නේ හොඳ චිත්‍රපටයක් (ස)
ඒ වෙලාවේ වෙන්න ඇති උපන්නේ..ඒකයි උපන් ඇදුමෙන් (ස)
මම මුලින් හිතුවේ මාලු ජෝඩුවක් කියලා. (නි)
මේවාගේ බාලවයස් දරුවන් ඉලක්ක කරමින් කරන කාම චිත්‍රපට වලට වෑඩි ඉල්ලුමක් තිබෙනවා. මෙතන යම් ව්‍යාපාරක ජාවාරමක් හෝ අසභ්‍ය දර්ශන පෙන්වා තෙවන පාර්ශයකින් ලාබ ප්‍රයෝජන ගැනීමක් සිදුවීමට පුලුවන්. රියදුරු මහතාගෙන් ප්‍රශ්න කිරීමෙන් පොලිසිය එය සොයාගනී. ලංකාදීපයට ස්තුතියි කලින් පුවත් ලෝකයට දෙනවට. (නි)
මම හිතුවෙ පිට රට දෙන්නෙක් කියලා..! (නු)
උපන් ඇදුම කියන්නේ මොකක්ද? අදින්න කලින් හෝදන්න ඕනෑද? (නි)
උමතුවෙන් මත් වෙලා රාගයට ලොල් වෙලා මනස වීදෝ මුලා සුමුදු මල් පරවෙලා... (නි)
ලෝකේ තාක්ෂණය නිසා දැන් දැන් ලංකාවෙත් මේ වගේ දේවල් සිද්ධ වෙනවා. තමන්ගේ විනය හදා ගත්තා නම් මේ වගේ ඒවා සිද්ධ වෙන්නේ නැහැනේ, මේ ධර්මද්වීපයේ.... (නි)
සමහරු ජීවිතේටම උපන් ඇදුමෙන් හිටියේ උපන් කාලෙලු අනේ මෙහෙමත්.. කටට එනවා හොද එව්වා.. (නි)
වැඩේ වැරදියි. ප්‍රශ්නේ සංකීර්ණයි. ත්‍රීවිල්කාරයාත් ඒකෙම ඉදිද්දී මෙහෙම කරන්න.. අනේ මන්දා.... (නි)
සමාජයේ බහුලව සිදුවන මෙවැනි සිදූවීම් වලට වගකිව යුත්තේ කවුදැයි ඔබ ඔබගෙන්ම අසන්න. (නි)
අපරාදේ.... (ස)
අහෝ රටට ගිය කල . පුදුමයි ඒත් ඇත්තයි (ස)
සෞදි නීති.....හී....හී (ස)
බාලවයස්කාර නංගි කෙනෙක්ද? දිගට හරහට ප්‍රශ්න කළා නම් ඇත්ත දැනගන්න තිබුණා. (නි)
නව යොවුන් වියේදි නොකිවවිවට කාගේ කාගේ අතිනුත් මෙවැනි වැරදි සිදුවෙනවා, ඒනිසා බාලවයස් අයව යහමගට යවන්න අවශ්‍ය කටයුතු කරන්න වැඩිහිටියන්නට දඩුවම් දෙන්න (ස)
උපන් ඇදුමේ පාට මොකක්ද? (නි)
අපි නම් ඇදුම් නැතුව හිටියේ පුංචි කාලේ. (නි)
පොඩි ළමයි නොමග යන්නේ නිවෙස් වල වැඩිහිටියන්ගේ හැසිරීම ආදර්ශයට ගෙනයැයි මම අසා තිබෙනවා. (නි)
ඕකට කියන්නේ මිනිස් අයිතිවාසිකම් කියලා. (ස)
ඉපදිලා අවුරුදු ගාණකට පස්සෙත් උපන් ඇදුමම අදින්න පුලුවන් වෙච්ච එකනේ පුදුමේ. (නි)
බාල වයසේ අය උපන් ඇදුමෙන් සිටීම නීති විරෝධියිද ? (ස)