IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


‘ජාතිවාදයට ලංකාවෙ ඉඩක් නෑ‘

ජාතිවාදය හා ආගම්වාදය පැතිරවීමට ශ්‍රී ලංකාවේ කිසිවකුටත් ඉඩක් නැතැයි ද එසේ කරන්නවුන් රට බෙදීමට උඩ ගෙඩි දෙන්නවුන් බව සැළකිය හැකි යැයි ද, එදා මෙන් අදත්, අද මෙන් හෙටත් සිංහල දෙමළ, මුස්ලිම් ජනයා මේ රටේ එකට ජීවත් විය යුතු යැයි මහින් රාජපක්ෂ ජනපති ත්‍රිකුණාමලයේ නිදහස් උළෙල අමතමින් ප්‍රකාශ කළේය. සිංහලෙන් හා දෙමළෙන් මිනිත්තු 18ක් පුරා කතා කළ ජනපති අවධාරණය කළේ දිනාගත් නිදහස රැක ගැනීමේ වැදගත් කමයි. ජාතියක් වශයෙන් සියලු දෙනා එකට එක්වී ඉදිරියට යෑම ගැනයි.

ජාතීන් අනුව රට බෙදා ගැනීම ප්‍රායෝගික නොවන බවත් සියලු දෙනා සමාන අයිතිවාසිකම් ඇතිව ජීවත් විය යුතු බවත් ජනපති ප්‍රකාශ කළේය.

දිනාගත් නිදහස රැක ගැනීමේ අයිතිය රජයට පමණක් නොව විපක්ෂයට ද ඇතැයි කී ජනපති නිදහසේ මහිමය පෙන්වීම සඳහා කැටකිරිල්ලගේ කතාව බුද්ධ දේශනයෙන් උපුටා දැක්වීය.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජිකයකු ඊට ගරු කරන බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් ලෙස එම සංවිධානය සමග ගෞරවාන්විත රටක් ලෙස ක්‍රියා කිරීමේ අයිතිය ශ්‍රී ලංකාවට ඇතැයි ද ජනපති පැවැසීය.

(සුදත් සිල්වා- ත්‍රිකුණාමලය)

(අමදෝරු අමරජීව - ත්‍රිකුණාමලය)

(සිතුම් චතුරංග - වව්නියා)

(ක්‍රිෂාන් ජීවක ජයරුක්- මාතර)

(ෂෙල්ටන් හෙට්ටිආරච්චි - නුවරඑළිය)

 



අදහස් (0)

‘ජාතිවාදයට ලංකාවෙ ඉඩක් නෑ‘

ප්‍රසන්න Monday, 04 February 2013 09:15 PM

සමහරු නම් බය ඇති නිදහස සමරන්න බරහිර රටවල් දැනගනීවි කියලා (ස)

:       0       0

ලාල්-ජකර්තා Saturday, 09 February 2013 07:22 PM

නැවත උපන් ගැමුණු කුමාරයානෙනි. අපි ඔබට සදා නය ගැතියි.(නදී)

:       0       0

හිල්ම් Tuesday, 05 February 2013 04:14 PM

එහෙම වෙන්න දෙන්න එපා (දී)

:       0       0

ටිකිරි Tuesday, 05 February 2013 09:18 AM

නිමන්ත. ඔබගේ අදහස 100% නිවැරදියි (ස)

:       0       0

සුප්‍රියා Tuesday, 05 February 2013 04:16 PM

ඒ කතාවනම් හරියටම හරි (දී)

:       0       0

මාලක Tuesday, 05 February 2013 04:21 PM

ජනාධිපතිතුමනි, උතුරු නැගෙනහිර පාරම්පරික ඉඩම්, වෙහෙර විහාර යලි නන්වන්න.(නදී)

:       0       0

ඩොනල්ඩි Monday, 04 February 2013 03:08 PM

පේනවා ලොවට සිරිලක්බිම සිහ එළිය! නිදහස් අඹරෙ ලෙලදෙයි ජාතික කොඩිය.(නදී)

:       0       0

ස‍දරුවන් Monday, 04 February 2013 03:08 PM

ජයවේවා! තව අවුරුදු දෙදහස් පන්සීයකට නොවෙනස් රටක් හදමු . මැතිදුනි ඔබට ජය!(නදී)

:       0       0

සම්පත් Tuesday, 05 February 2013 09:57 AM

සැමට ඉන්න පුලුවන් නම් අයුතු ප්‍රයෝජන ගන්න එක වැරදියි. (නි)

:       0       0

ලලිත්-කටාර් Monday, 04 February 2013 03:16 PM

ජය වේ ශ්‍රී ලංකා!!(නදී)

:       0       0

අජිත් Monday, 04 February 2013 09:38 PM

අතිගරු ජනපති තුමනි ඔබ තුමාගේ කතාව හරියටම හරි, ඔබ තුමාට ජය වේවා (දී)

:       0       0

සම්පත් Tuesday, 05 February 2013 09:57 AM

දේශපාලන වාසියක් නම් හොද නැහැ. (නි)

:       0       0

සම්පත් Tuesday, 05 February 2013 09:58 AM

කෙසේවෙතත් ලංකාවට ආදරය ඇති නායකයෙක්. (නි)

:       0       0

නිමන්ත Tuesday, 05 February 2013 10:51 PM

"නිදහස් රටක බඩගින්නේ මළත් සැපය" කතාව නම් ඇත්තකි. පරහකට ඇත්තේ මෙය සත්‍ය වන්නේ රටේ හැමදෙනාගේම තත්වය මෙසේ නම් පමණකි. පාලකයින්, නිලධාරීන් සහ ඔවුන්ගේ වන්දි භට්ටයින් මහජන මුදලින් සුර සැප විඳී නම්, එයම සාමාන්‍ය වැසියාගේ පිඩනයට, කුසගින්නට සහ මළගමට හේතු වෙයිනම් එය සැපක් නොව ඛේදවාචකයකි. එදා සුද්දන්ගේ පාලනය සහ පසුව රටේ ඇතිවූ සහ පවතින පාලනයන් අතර සමානකම් විමසා බැලීමේ කර්තව්‍යය ඔබට බාරය. (නි)

:       0       0

රජිතා Monday, 04 February 2013 03:26 PM

හැබැයි ඉතින් ඔය නිදහස තියෙන්නේ ඔය පොටෝ වප ඉන්න ටික දෙනාට විතරයි.(නදී)

:       0       0

මුතු Monday, 04 February 2013 09:44 PM

ජනාධිපති තුමනි අපි ඔබසමගයි (දී)

:       0       0

සම්පත් Tuesday, 05 February 2013 10:02 AM

දේශපාලන වාසියක් වෙනුවෙන් රට පාවා නොදිය යුතුයි. (නි)

:       0       0

අහමඩි Monday, 04 February 2013 03:28 PM

අති විෂිශ්ඨයි සර්.(නදී)

:       0       0

රිෆාස් Monday, 04 February 2013 09:48 PM

ජයවේවා ජනපතිතුමනි... සැමදා අපි ඔබ සමගයි (ස)

:       0       0

මුදිත Monday, 04 February 2013 03:41 PM

ජනාධිපතිතුමාගේ අතේ මොකක්ද රත්තරන් පාටට තියෙන්නේ. ආරක්ෂාවක්ද? (නදී)

:       0       0

අනුර Monday, 04 February 2013 03:56 PM

අවංකවම අපේ අයට මුල අමතක වුනාට ඔබයි අපේ ජාතියේ පියා. අද මේ නිදහස ඔබ සහ රණවිරුවන් නිසා.(නදී)

:       0       0

සදරුවන් Monday, 04 February 2013 04:00 PM

විශිෂ්ට දැක්මක් (දී)

:       0       0

ජයී තිසර Monday, 04 February 2013 04:05 PM

හැටපස් වසක් පිරිලා අද වැනි දිනක. ප්‍රීතිය කෙතෙක්දැයි නිදහස ලැබු සිතක. අත්වැල් බැඳන් දොම්නස තබමින් අහක. ලක්වැසි සැවම එක්වෙමු නිදහස් රටක.(නදී)

:       0       0

හුසාන් Monday, 04 February 2013 04:05 PM

ඔබ තුමාට ජාතියේ ප්‍රණාමය (දී)

:       0       0

අනිල් Monday, 04 February 2013 04:06 PM

මුදිත, ජනාධිපතිතුමාගේ අතේ තියෙන එක අරගෙන ඔයා දාගන්න. ඇස් පේන්නේ නැද්ද? (නදී)

:       0       0

අචිනි Tuesday, 05 February 2013 10:37 AM

අනේ මන්දා ශ්‍රී ලංකා ....?(ස)

:       0       0

පහන් Monday, 04 February 2013 04:07 PM

බංගලාදේශයත් ,ඇෆ්ගනිස්ථානයත් .ඉන්දුනීසියාවත් අතීතයේ බෞද්ධ රටවල් .(නදී)

:       0       0

නිමන්ත Monday, 04 February 2013 10:21 PM

මගේ රට; ---> රුදුරු ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් වුණත් මැරයින්ගෙන් නිදහස් නැත ---> කොටියාගේ උණ්ඩයෙන් නිදහස් වුණත් ලේ ගැලීම් වල අඩුවක් නැත ---> පාර තොටේ බෝම්බ බය නැති වුණත් සුදු වෑන් සහ මැර බිය අඩුවක් නැත ---> ප්‍රභාකරන්ගේ නීතියෙන් නිදහස් වුණත් කැලෑ නීතියෙන් නිදහස් නැත ---> යුද්ධයට නාස්තිවන මුදල් ඉතුරු වුණත් දුෂණය සහ වංචාවේ කෙළවරක් නැත ---> අධිරාජ්‍යවාදීන්ට බැන වැදුනත් ලෝක බැංකුවට සහ අධිරාජ්‍යවාදීන්ට කප්පරක් ණයවී ඇත ---> නිදහසේ ජිවත් වෙන්න හැකි යැයි කීවත් රට හැරදා යන පිරිස වෙනදාටත් වැඩිය ඉතින් ලක් මව්නි, ඔබට කෙසේ නම් නිදහස් ආසිරි පතන්නද? අපි ඔබගේ ගෞරවය රැකීමට අපොහොසත් වුණෙමු. රටේ නිදහස වෙනුවෙන් එදා මෙදා තුර ඇස් ඉස් මස් හා දිවි පිදු හෙළ විරුවනි, අපිට සමාවුව මැනවි. ඔබේ ණය මේ භවයේ ගෙවා නිමකළ නොහැක. (නි)

:       0       0

සම්පත් Tuesday, 05 February 2013 10:56 AM

මේවට කතා කරන්න බොදු බල සේනාවම ඕනි නෑ (ස)

:       0       0

රෝයි Monday, 04 February 2013 04:25 PM

නියමයි සර්! අපිට සාමය පමනයි අවශ්‍ය.(නදී)

:       0       0

ජයා Tuesday, 05 February 2013 11:03 AM

අවන්කවම කීවොත් ඇත්ත වශයෙන්ම අපේ රට ගැන හැඟීමක් රටේ පුරවැසියන්ගෙන් බහුතරයකට නැහැ.ඒ නිසයි කලින් කලට විවිධ ආකාරයෙන් ජාතිවාදය ඇවිස්සෙන්නේ.රටේ නායකයා එකම රටක්,එකම ජාතියක් ( ශ්‍රී ලංකා) ගැන කොපමණ කතා කලත් වැඩක් නැහැ. දිරච්ච ඉරටු නවන්න බැහැ වගේ විවිධ ආකල්ප තියෙන කොටස් වෙනස් කරන්න බැහැ.දැන්වත් ඒක තේරුම් ගෙන පොඩි කාලේ සිටම පාසැල් දරුවන්ට ජාතික මමත්වයක් ඇති කිරීම සඳහා රට ගැන හැඟීමක් ඇති වෙන ආකාරයට අදාලව විෂයක් ලෙස උගැන්විය යුතුයි. එහෙම කලොත් ජාතිමාමක පිරිසක් ඉදිරියේදී ගොඩනගා ගත හැකිවේවි. (ස)

:       0       0

නිරන්ජන් Monday, 04 February 2013 04:32 PM

රජිතා, ලලිත්, රටේ මේ තියෙන නිදහස මදිද? 30 වසරක් යුධ ගිනි මැද ජිවත් වුණ කාලය අමතකද? ඔයාලා නියම සිංහලයන්ද? (නි)

:       0       0

අජිත් Thursday, 07 February 2013 09:41 AM

ඒ වුණත් අපි මේ වෙලාවේ සරත් ෆොන්සේකා මහත්තයාව අමතක කරන්න හොද නැහැ. (නි)

:       0       0

සජිත් Monday, 04 February 2013 04:34 PM

ජය ශ්‍රී ලංකා! (නි)

:       0       0

ඉෂාක් Sunday, 10 February 2013 03:39 PM

හොද නායකයෙක්! ඔබ තුමාට ජය වේවා!(නදී)

:       0       0

වීරසේකර Monday, 04 February 2013 04:42 PM

ජනාධිපති තුමාට ජය වේවා (දී)

:       0       0

සිල්වා Monday, 04 February 2013 04:42 PM

සිංහල, දෙමල මුස්ලිම් අපි හැමෝම ලාංකිකයෝ (දී)

:       0       0

පද්මි Tuesday, 05 February 2013 11:18 AM

අපේ රට නිදහස් රටක්. (නි)

:       0       0

කෙටවල Monday, 04 February 2013 10:46 PM

ජනාධ්පති තුමනි, ජාතියේ පියා ඔබයි.(නදී)

:       0       0

මාරසිංහ Tuesday, 05 February 2013 11:45 AM

ලෝකේ තියෙන උතුම්ම රට (දී)

:       0       0

දිසානායක Monday, 11 February 2013 12:27 AM

ඔබ තුමාට ජයවේවා (දී)

:       0       0

හේමසර හිමි Monday, 04 February 2013 04:58 PM

ජය වේවා! ජනාධිපතිතුමනි නියම කතාව.(නදී)

:       0       0

චූලා Tuesday, 05 February 2013 11:47 AM

ලහිරු, ඔවැනි ජාතිවාදී අදහස් නිසා තමයි යුද්ධයක් වුණත් ඇති වුණේ. (නි)

:       0       0

දිසානායක Monday, 11 February 2013 12:27 AM

මුස්ලිම් අයට අරාබිය තියෙනවා. දෙමළ අයට ඉන්දියාව තියෙනවා. බෞද්ධ අපිට ලංකාව විතරයි. (නි)

:       0       0

යොහාන් Monday, 04 February 2013 04:59 PM

වසර 65 ක් නිදහස ලබපු අපි වසර 30 ක් හිටියේ බයෙන්. බය නැති කරලා සැබෑ නිදහස බුක්ති විදින්න මග පෑදුවේ ඔබයි. ත්‍රිකුනාමලය වැනි නගරයක නිදහස් උත්සවය පවත්වන්න ලැබීමත් අපිට තව ආඩමිබරයක්.(නදී)

:       0       0

නිමල Tuesday, 05 February 2013 11:49 AM

ලෝකයේ කිසිම රටක් එක ජාතියකට අයිති නැහැ. මේ අපි සියල්ලන්ගේම රටයි. (නි)

:       0       0

කුමාර Monday, 04 February 2013 05:06 PM

රජිතා ඔයා කියන කතාව හරියටම හරි. නිදහස බුක්ති විදින්නෙත් සල්ලි සහ බලය තියෙන අය තමයි. අනික් මිනිස්සු හමදාම ඒ සල්ලි වලටයි බලයටයි යටත් වෙලා ජීවත් වෙන්නේ.(නදී)

:       0       0

ඩෑම් Monday, 04 February 2013 10:59 PM

මම ජනාධිපතිතුමාගේ හිනාවට හරිම කැමතියි. (නි)

:       0       0

රීටා Tuesday, 05 February 2013 11:51 AM

ලහිරු වැනි ජාතිවාදීන් නිසා තමයි අපි තිස් අවුරුද්දක් ගහමරා ගත්තේ. (නි)

:       0       0

පවන් Tuesday, 05 February 2013 11:54 AM

ලහිරු කරන්නේ මොන ජාතියක විහිලුවක්ද? (නි)

:       0       0

නිරෝෂන් Monday, 04 February 2013 10:44 AM

ජනාධිපතිතුමනි, ඔබේ කතාව අති විශිෂ්ටයි. (නි)

:       0       0

හෂාන් Tuesday, 05 February 2013 12:02 PM

පළමුව මම ලාංකිකයෙක්. ඉන්පසුව ආගම ගැන හිතමු. ලංකාවට ජය වේවා! (නි)

:       0       0

ටිකිරි බංඩා Monday, 04 February 2013 05:20 PM

ලංකාවේ නිදහස බුක්ති විදින්නේ ඔය පින්තූරවල ඉන්න අය විතරයිනේ.(නදී)

:       0       0

තිලක් Monday, 04 February 2013 05:22 PM

බංගලාදේශයත් ,ඇෆ්ගනිස්ථානයත් .ඉන්දුනීසියාවත් අතීතයේ බෞද්ධ රටවල් . අද මොකද ඒ රටවල් වලට වෙලා තියෙන්නේ? (නදී)

:       0       0

රියාස් Tuesday, 05 February 2013 12:11 PM

හොද නායකයෙකුගේ හොද දැක්මක්. (නි)

:       0       0

මංගල Monday, 04 February 2013 10:45 AM

ලංකාව ඇතුලේ ඒ වැඩ බැහැ (දී)

:       0       0

බණ්ඩාර Monday, 04 February 2013 05:25 PM

කැම්පස් කොල්ලො කෙල්ලෝ පාරේ , නීතිඥයින් පාරේ, දොස්තරලා පාරේ , විපක්ෂය පාරේ , රටට සේවය කරපු මිනිස්සු පාරේ , නීතිය කැළේ. ඇත්ත කතා කරන්න මිනිසුනේ. (නි)

:       0       0

නිමල් Monday, 04 February 2013 10:50 AM

ජනපති තුමනි ඔබට ජය වේවා (දී)

:       0       0

ටිකිරි බංඩා Monday, 04 February 2013 05:26 PM

ජාතිවාදය හා ආගම්වාදය පැතිරවීමට ශ්‍රී ලංකාවේ කිසිවකුටත් ඉඩක් නැතැයි ද, අද මෙන් හෙටත් සිංහල දෙමළ,මුස්ලිම් ජනයා මේ රටේ එකට ජීවත් විය යුතු යැයි නිදහස් උළෙල අමතමින් ප්‍රකාශ කළේය. වෙබි අඩවියක් දැනට කෙරීගෙන යන වැඩපිලිවෙලක් ගැන හෙලිදරව්වක් කරලා තිබුනා. ඉදිරියේදී අපිට ඇත්ත දැනගන්න පුළුවන් වෙයි.(නදී)

:       0       0

ෂමිල් Monday, 04 February 2013 05:28 PM

කාට කාටත් හොද පනිවිඩයක් සහ අවවාදයක්(නදී)

:       0       0

කීර්ති Monday, 04 February 2013 05:29 PM

අනිල්, අතේ තියන් ඉන්නේ මොකක්ද දන්නවද? අහමඩි,රෝයි,ස‍දරුවන් වගේ අයගේ මොලේ හෝදන්නේ ඕක පෙන්නලා තමයි.(නදී)

:       0       0

ටිකිරි බංඩා Monday, 04 February 2013 05:30 PM

රජිතා, ඔයා වගේ හිතන අය අද ලංකාවේ නැහැ ඔක්කොමලගේ මොලය හෝදලයි තියෙන්නේ.(නදී)

:       0       0

කීර්ති Monday, 04 February 2013 11:20 PM

ජාතියේ රණවිරුවානනි, සරත් පොන්සේකා මැතිතුමනි, ඔබ අද කොහෙද? (නදී)

:       0       0

මොහොමඩ් Monday, 04 February 2013 11:14 AM

ජනාධිපති තුමනි ඔබට සදා ජය (දී)

:       0       0

ශාන්ති Monday, 04 February 2013 05:41 PM

ඔබ හරි ජනපති තුමනි (දී)

:       0       0

පාතිමා Monday, 04 February 2013 05:41 PM

ඔබ තුමා විශිෂ්ටයි (දී)

:       0       0

සිල්වා Monday, 04 February 2013 11:52 PM

කව්රුන් මොනවා කිවුවත් සුදු අධිරාජ්‍යවාදීන්ට යටත් නොවී මගේ  රට ත්‍රස්ත  ග්‍රහණයෙන්  ගලවා  දුන්  ඔබ  ජාතියේ  පියායි. සමහරුන්ට තම බඩගෝස්තරය  නිසා මුල අමතක වුවත්  දැන් බඩගින්නේ  මළත්  සැපයි. (නි)

:       0       0

පි.එස් . කැටවල Monday, 04 February 2013 11:25 AM

ජයවේවා (දී)

:       0       0

නාමල් Tuesday, 05 February 2013 12:33 PM

මේ සිංහලයන්ගේ රට. ඔවුන්ව ආරක්ෂා කරන්න මීට වඩා දෙයක් කරන්න. (නි)

:       0       0

බන්දුල Monday, 18 March 2013 12:33 AM

ඔබතුමා හරියටම හරි (දී)

:       0       0

පුෂ්ප Monday, 04 February 2013 11:38 AM

මේක ලංකාව ලංකාවේ ජාති බේධ නැහැ (දී)

:       0       0

සම්පත් Tuesday, 05 February 2013 12:42 PM

හාමුදුරුවෝ මැරුවොත් තමයි හැමෝටම වැරදි. පූජකයෙක්ට මොනවාහරි ‍වුණොත් ජාතිවාදය. (නි)

:       0       0

නිමන්ත Monday, 04 February 2013 06:12 PM

විශිෂ්ට කතාවක් (දී)

:       0       0

සිල්වා Tuesday, 05 February 2013 12:14 AM

කණගාටුයි. මුදිත, ඔබ පිරිමියෙක්ද? මොකද කරාබු,මුදු,මාල වැනි දේවල්  දැක ඒවා ගැන  සොයන්නේ  කථාබහ  කරන්නේ ගැහැණු උදවිය නිසා. (නි)

:       0       0

අචිනි Monday, 04 February 2013 11:55 AM

රටකට ජාතිවාදය අවශ්‍ය නැහැ (දී)

:       0       0

මුතුකුඩ Wednesday, 06 February 2013 07:51 PM

මෙවැනි ස්වෛරීය අදහස් බන්දුලලාට දිරවන්නෙ නැතිව ඇති. (නි)

:       0       0

සෆීන් Tuesday, 05 February 2013 12:30 AM

මේ රට සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාටයි. මේකේ තනි අයිතියක් කාටවත් නැත. ජනාධිපති තුමාගේ නිවේදනයට අපගේ ගෞරවය එතුමාට දන්වා සිටිමු. ලස්සන ලංකාවේ සියල්ලන්ම එක්සත්ව එක්සිත්ව ජිවත් වෙමු.(නදී)

:       0       0

සඳුන් Monday, 04 February 2013 12:08 PM

ඔබතුමා නිවැරදියි (ස)

:       0       0

ලහිරු Monday, 04 February 2013 06:26 PM

සිංහළුන් වන අපිට තියෙන්නේ මේ රට විතරයි. මගේ රට, මගේ ජාතිය, මගේ ආගම වනසන්න හදන තැන ඔබ හා මා එයට එරෙහි වීම සිංහල ගතියක්. එය ජාතිවාදය නොවෙයි.(නදී)

:       0       0

සෆීන් Tuesday, 05 February 2013 12:30 AM

මේ රට සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාටයි. මේකේ තනි අයිතියක් කාටවත් නැහැ. ජනාධිපති තුමාගේ නිවේදනයට අපගේ ගෞරවය එතුමාට දන්වා සිටිමු. ලස්සන ලංකාවේ සියල්ලන්ම එක්සත්ව එක්සිත්ව ජිවත් වෙමු.(නදී)

:       0       0

සුරියා Monday, 04 February 2013 12:31 PM

විශිෂ්ටයි ඔබේ දර්ශනය (දී)

:       0       0

රුවන් Monday, 04 February 2013 06:35 PM

සිංහල අපි දැන්ම ඉදන් අපේ ජාතිය ගැන සිතුවේ නැත්නම් අපිට අපේ රට වෙන ජාතියකට නතුවෙන එක වලක්වන්න බැහැ.(නදී)

:       0       0

අෂ්රප් Tuesday, 05 February 2013 12:54 AM

අපට ආඩමිබරයි. ඔබ අපට සිටින සැබෑ නායකයෙක්. ඔබට උත්තමාචාරය.(නදී)

:       0       0

රංග Monday, 04 February 2013 06:48 PM

සදරුවන්, තව අවුරුදු 2500 කට හදයි බම්බුව. 2040 දී ලංකාවේ සිංහල ජාතිය සුලු ජාතිය වෙනවා.

:       0       0

ඉෂාන් Tuesday, 05 February 2013 01:36 PM

ලංකාවෙත් බෞද්ධාගම වැනසෙන්න එච්චර කාලයක් යන්නෙ නැතිවෙයි. සිංහලයිනේ, ඉක්මණටම නැගිටිමු. (නි)

:       0       0

ඉෂාන් Tuesday, 05 February 2013 01:36 PM

ඉස්සර සෞදි, ඇෆ්ඝන්, බංගලාදේශය, මාලේ ඇතුළු බොහෝ රටවල් බෞද්ධ. ඒවා වැනසුනේ කොහොමද කියලා අ‍පේ අයට තේරෙන්නේ නැද්ද? (නි)

:       0       0

චන්දන Tuesday, 05 February 2013 02:08 AM

ඒ කතාව හරි (දී)

:       0       0

තිලක් Monday, 04 February 2013 07:05 PM

ලංකාව කියන්නේ කවදාවත් ජාතිවාදයට ඉඩක් තිබ්බ රටක් නොවේ (දී)

:       0       0

කපිල Tuesday, 05 February 2013 01:55 PM

ඔබට උත්තමාචාරය. (ස)

:       0       0

කසුන් Saturday, 09 February 2013 03:08 PM

ලහිරැ ඹයා හරියට හරි.. මමත් ඔයත් එක්ක..!(නු)

:       0       0

සන්ජීව-කුවෙටි Tuesday, 05 February 2013 08:25 PM

බණ්ඩාර, ඔය කටිටිය 88/89 කාලෙ හිටියේ කොහෙද? (නි)

:       0       0

අනිල් Monday, 04 February 2013 07:18 PM

ඔබ තුමාට ජය (දී)

:       0       0

ඩයස් ,ඉතාලිය Tuesday, 05 February 2013 03:13 AM

එළ කිරි ,රට පිටිකිරි ,මව් කිරි යන කිරි වර්ග වලින් මිනිසා පෝෂණයවේ. වැදූ මවත් උපන් බිමත් දෙකක් නොව එකකි. රටින් පිට හින්දු, මුස්ලිම් ,බර්ගර්, සිංහල ඔය සෑම ජාතිකයෙක්ම ශ්‍රී ලාංකිකයෙකි. ඔවුන්ගේ අනන්‍යතාවය ශ්‍රී ලාංකිකය. ඔය සෑම කෙනෙක්ම ශ්‍රී ලාංකික පුරවෑසියෙකි. එහෙම නොසිතන අයට අපි අනුකම්පා කරමු. 30 වසරක භීෂණ කාලයකින් රට මිදී දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට අපට යාමට පුලුවන්. දෑන් නිදහස් රටකි. එදා මමත් A9 යන්න කොටින්ට කපප්න් ගෙව්වා. තමන්ගේ මවට ආදරය කරන සෑම පුර වෑසියෙක්ම රටට ආදරය කරනවා. මන්දයත් මව් කිරි බිව් නිසාවෙනි.(නදී)

:       0       0

මුතුකුඩ Wednesday, 06 February 2013 09:43 PM

නිදහස සැමරුවත් මේවාද අප දැනගත යුතුය. කාර් ඒක අපේ කිවුවත් ඒක ජපන්. මෝටර් සයිකලය ඉන්දියන්. අපි පාවිච්චි කරන ඉලක්කම් හින්දු අරාබි. අක්ෂරවල මුල බ්‍රාහ්මී-සංස්කෘත. අපේ ප්‍රජාතත්තුවාදය ග්‍රීක්. නීතිය රෝම-ලන්දේසි. අපිට ලැබෙන ඉන්ධන අරාබියෙන්. අපේ ගායකයෝ කියන බයිලා පෘතුගීසි. අපි කන පරිප්පු ඉන්දියාවෙන්. (නි)

:       0       0

රකිත් Tuesday, 05 February 2013 03:18 AM

රැකගත් නිදහස නියම විදියට භුක්ති විඳිය හැක්කේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කලොත් පමණයි.(නදී)

:       0       0

අනුර Monday, 04 February 2013 07:34 PM

මම හිතන්නේ රංග සිංහලයෙක් නෙමෙයි වගේ.(නදී)

:       0       0

සුනිල් Monday, 04 February 2013 07:36 PM

හයේ පාරක් ගහලා වගේ සතුටින් හිටියා. බලාගෙනයි උඩපන්දුව රකින්න බොහෝ අය පිටිය වටේටම ඉන්න බව අමතක කරන්න එපා සර්.(නදී)

:       0       0

ලක්මාලි Tuesday, 05 February 2013 04:45 AM

අපේ හමුදාවට තියන ගෞරවය කවදාවත්ම අඩුවෙන්නේ නැහැ. නමුත් අපිට හොයාගන්න බැරිද ලස්සනට පේලියට මීටර් පන්සීයක් මාච් කරන්න පුලුවන් එකම උස තියන දෙසීයක්? බලන්න අර චීනේ කාන්තා හමුදාව මාච් කළා මීට වඩා ලස්සනට. (නි)

:       0       0

අසෝක Tuesday, 05 February 2013 02:48 PM

අපේ රටේ ජාතිවාදය අවුස්සන්නේ උප්පැන්න සහතිකයෙන්. රජයට තවම බැරි උණා ඒක වෙනස් කරන්න​. ජාතිය කියන්නෙ ශ්‍රී ලාංකික කියල දැම්ම නම් හුගක් දුරට විසදුමක් ලැබෙයි. (ස)

:       0       0

රොෂාන් Monday, 04 February 2013 02:04 PM

ඒක හොද කියමනක් (දී)

:       0       0

හේවා Wednesday, 06 February 2013 10:07 AM

සුළු ජාතීන් නැති කරානේ. ඉතින් කොහෙද ජාති භේධයක් (ස)

:       0       0

ශානිකා Monday, 04 February 2013 02:10 PM

මේවට නීති වැඩක් නැහැ, අපි තේරුම් ගන්න ඕනේ (දී)

:       0       0

පුජිත Monday, 04 February 2013 02:11 PM

නීති ගෙනත් දඩුවම කරන්න (දී )

:       0       0

කුසාර Monday, 04 February 2013 08:04 PM

2040 දී ලංකාවේ සිංහල ජාතිය සුලු ජාතිය වෙනහැටි පෙන්වන්නකො බලන්න.(නදී)

:       0       0

ප්‍රසාද් Tuesday, 05 February 2013 06:16 AM

ආසියාවේ ආශ්චර්යයට ආවඩන අය කොච්චර ඉන්නවද කියලා අදහස් වලින්ම පෙනෙනවා. (නි)

:       0       0

ගෝවින්ද Sunday, 10 February 2013 07:29 PM

ජාතිවාදය නිසා බට කාපු රටක් මේක, අතීතය මතකයි නේද, අයෙත් එහෙම නම් එපා (දී)

:       0       0

ඉෂාන් Wednesday, 06 February 2013 11:22 PM

ලංකාවේ ලගදීම සිංහල ජාතිය නැතිකරගන්න ඕන නම් ඔහොම යන්න දෙමු.(නදී)

:       0       0

ෂාන් Monday, 04 February 2013 02:15 PM

නියමයි.(නදී)

:       0       0

පිටිගල Monday, 04 February 2013 08:21 PM

රෝයි මොකද ? (නදී)

:       0       0

චන්ද්‍රා Tuesday, 05 February 2013 06:46 AM

රජිතට ගෙදර ටිකක් කරදරයි වගේ (නි)

:       0       0

රංගශානි Monday, 04 February 2013 08:31 PM

ඔබ වගේ නායකයෙක් නිසයි අපේ රටට නිදහස ලැබුනේ. ඔබටත් ඔබ රජයටත් තෙරුවන්සරනයි.(නදී)

:       0       0

ලක්මාලි Tuesday, 05 February 2013 09:33 PM

ජාතිවාදය අවුස්සන අයට දඩුවම් කරන එක තමයි මුලින්ම කරන්න ඕනෑ. (නි)

:       0       0

මිහිර Tuesday, 05 February 2013 08:02 AM

කියන දේ නොකරන, නොකියන දේ කරන මිනිස්සු ඉන්න රටක් තියෙනවලු. (නි)

:       0       0

ලලිත්-කටාර් Monday, 04 February 2013 02:42 PM

මහජනයා නැද්ද අනේ. ඔක්කොම මැති ඇමතිවරු විතරනේ.(නදී)

:       0       0

මොහොමඩ් Monday, 04 February 2013 08:54 PM

ජනපතිතුමනි, අපි ඔබ සමගයි (ස)

:       0       0

සමන් Monday, 04 February 2013 02:42 PM

අපේ රටේ උපරිම නිදහස විදින අය ඔය ඉන්නේ.(නදී)

:       0       0

මුබීන් මොහොමඩ් Tuesday, 05 February 2013 08:12 AM

එතුමාට ජයෙන් ජය වේවා .අපිටත් ජාති භේධ ආගම් භේධ අවශ්‍ය නෑ . අපි ඔක්කොම සහෝදරයෝ සහෝදරියෝ . එතුමාගේ කතාවට සෑම මුස්ලිම්වරයින්ගේම සුබ පැතුම් (ස)

:       0       0

නිමල් Tuesday, 05 February 2013 08:23 AM

වෙන වෙන වාද වලට ඉඩ තියෙනවනේ.....ඒ ඇති (ස)

:       0       0

සිසිර Monday, 04 February 2013 02:46 PM

ජයවේ! ජනාධිපතිතුමනි අපි ඔබ සමගයි.(නදී)

:       0       0

සදුනි Monday, 04 February 2013 08:57 PM

ඔබ තුමාට ජය වේවා (දී)

:       0       0

දිල් Tuesday, 05 February 2013 08:35 AM

ජාතිය වෙනුවෙන් එකට එකතුවෙලා නිදහස සමරන්න බැරි කුහකයෝත් අපි අතර ඉන්නවා. (නි)

:       0       0

සේනාධීර Tuesday, 05 February 2013 08:59 AM

"එදා මමත් A9 යන්න කොටින්ට කපප්න් ගෙව්වා." ඔයා කප්පම ගෙවුවේ ඔයාට එහෙ යන්න ඕන වුණ නිසා. ඔයාව ඇදගෙන ගියේ නැහැනේ? අද විවාහයක් ලියාපදිංචි කරන්න, මිනියක් වලලන්න, පත් ඉරුවක් බලාගන්න, ලොරියකට වහලක් ගහන්න, මේ කී නොකී හැම දේටම ඒ වගේ දෙගුණයක් බදු හැටියට ගෙවනවා ඒවා රටේ මිනිසුන්ගේ වැඩ වලට නම් තව කමක් නැහැ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1346 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 823 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2078 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 413 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 708 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1760 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site