ජාතිවාදය හා ආගම්වාදය පැතිරවීමට ශ්‍රී ලංකාවේ කිසිවකුටත් ඉඩක් නැතැයි ද එසේ කරන්නවුන් රට බෙදීමට උඩ ගෙඩි දෙන්නවුන් බව සැළකිය හැකි යැයි ද, එදා මෙන් අදත්, අද මෙන් හෙටත් සිංහල දෙමළ, මුස්ලිම් ජනයා මේ රටේ එකට ජීවත් විය යුතු යැයි මහින් රාජපක්ෂ ජනපති ත්‍රිකුණාමලයේ නිදහස් උළෙල අමතමින් ප්‍රකාශ කළේය. සිංහලෙන් හා දෙමළෙන් මිනිත්තු 18ක් පුරා කතා කළ ජනපති අවධාරණය කළේ දිනාගත් නිදහස රැක ගැනීමේ වැදගත් කමයි. ජාතියක් වශයෙන් සියලු දෙනා එකට එක්වී ඉදිරියට යෑම ගැනයි.
ජාතීන් අනුව රට බෙදා ගැනීම ප්‍රායෝගික නොවන බවත් සියලු දෙනා සමාන අයිතිවාසිකම් ඇතිව ජීවත් විය යුතු බවත් ජනපති ප්‍රකාශ කළේය.
දිනාගත් නිදහස රැක ගැනීමේ අයිතිය රජයට පමණක් නොව විපක්ෂයට ද ඇතැයි කී ජනපති නිදහසේ මහිමය පෙන්වීම සඳහා කැටකිරිල්ලගේ කතාව බුද්ධ දේශනයෙන් උපුටා දැක්වීය.
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජිකයකු ඊට ගරු කරන බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් ලෙස එම සංවිධානය සමග ගෞරවාන්විත රටක් ලෙස ක්‍රියා කිරීමේ අයිතිය ශ්‍රී ලංකාවට ඇතැයි ද ජනපති පැවැසීය.
(සුදත් සිල්වා- ත්‍රිකුණාමලය)
(අමදෝරු අමරජීව - ත්‍රිකුණාමලය)
(සිතුම් චතුරංග - වව්නියා)
(ක්‍රිෂාන් ජීවක ජයරුක්- මාතර)
(ෂෙල්ටන් හෙට්ටිආරච්චි - නුවරඑළිය)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමනි, ඔබේ කතාව අති විශිෂ්ටයි. (නි)
ලංකාව ඇතුලේ ඒ වැඩ බැහැ (දී)
ජනපති තුමනි ඔබට ජය වේවා (දී)
ජනාධිපති තුමනි ඔබට සදා ජය (දී)
ජයවේවා (දී)
මේක ලංකාව ලංකාවේ ජාති බේධ නැහැ (දී)
රටකට ජාතිවාදය අවශ්‍ය නැහැ (දී)
ඔබතුමා නිවැරදියි (ස)
විශිෂ්ටයි ඔබේ දර්ශනය (දී)
ඒක හොද කියමනක් (දී)
මේවට නීති වැඩක් නැහැ, අපි තේරුම් ගන්න ඕනේ (දී)
නීති ගෙනත් දඩුවම කරන්න (දී )
නියමයි.(නදී)
මහජනයා නැද්ද අනේ. ඔක්කොම මැති ඇමතිවරු විතරනේ.(නදී)
අපේ රටේ උපරිම නිදහස විදින අය ඔය ඉන්නේ.(නදී)
ජයවේ! ජනාධිපතිතුමනි අපි ඔබ සමගයි.(නදී)
පේනවා ලොවට සිරිලක්බිම සිහ එළිය! නිදහස් අඹරෙ ලෙලදෙයි ජාතික කොඩිය.(නදී)
ජයවේවා! තව අවුරුදු දෙදහස් පන්සීයකට නොවෙනස් රටක් හදමු . මැතිදුනි ඔබට ජය!(නදී)
ජය වේ ශ්‍රී ලංකා!!(නදී)
හැබැයි ඉතින් ඔය නිදහස තියෙන්නේ ඔය පොටෝ වප ඉන්න ටික දෙනාට විතරයි.(නදී)
අති විෂිශ්ඨයි සර්.(නදී)
ජනාධිපතිතුමාගේ අතේ මොකක්ද රත්තරන් පාටට තියෙන්නේ. ආරක්ෂාවක්ද? (නදී)
අවංකවම අපේ අයට මුල අමතක වුනාට ඔබයි අපේ ජාතියේ පියා. අද මේ නිදහස ඔබ සහ රණවිරුවන් නිසා.(නදී)
විශිෂ්ට දැක්මක් (දී)
හැටපස් වසක් පිරිලා අද වැනි දිනක. ප්‍රීතිය කෙතෙක්දැයි නිදහස ලැබු සිතක. අත්වැල් බැඳන් දොම්නස තබමින් අහක. ලක්වැසි සැවම එක්වෙමු නිදහස් රටක.(නදී)
ඔබ තුමාට ජාතියේ ප්‍රණාමය (දී)
මුදිත, ජනාධිපතිතුමාගේ අතේ තියෙන එක අරගෙන ඔයා දාගන්න. ඇස් පේන්නේ නැද්ද? (නදී)
බංගලාදේශයත් ,ඇෆ්ගනිස්ථානයත් .ඉන්දුනීසියාවත් අතීතයේ බෞද්ධ රටවල් .(නදී)
නියමයි සර්! අපිට සාමය පමනයි අවශ්‍ය.(නදී)
රජිතා, ලලිත්, රටේ මේ තියෙන නිදහස මදිද? 30 වසරක් යුධ ගිනි මැද ජිවත් වුණ කාලය අමතකද? ඔයාලා නියම සිංහලයන්ද? (නි)
ජය ශ්‍රී ලංකා! (නි)
ජනාධිපති තුමාට ජය වේවා (දී)
සිංහල, දෙමල මුස්ලිම් අපි හැමෝම ලාංකිකයෝ (දී)
ජය වේවා! ජනාධිපතිතුමනි නියම කතාව.(නදී)
වසර 65 ක් නිදහස ලබපු අපි වසර 30 ක් හිටියේ බයෙන්. බය නැති කරලා සැබෑ නිදහස බුක්ති විදින්න මග පෑදුවේ ඔබයි. ත්‍රිකුනාමලය වැනි නගරයක නිදහස් උත්සවය පවත්වන්න ලැබීමත් අපිට තව ආඩමිබරයක්.(නදී)
රජිතා ඔයා කියන කතාව හරියටම හරි. නිදහස බුක්ති විදින්නෙත් සල්ලි සහ බලය තියෙන අය තමයි. අනික් මිනිස්සු හමදාම ඒ සල්ලි වලටයි බලයටයි යටත් වෙලා ජීවත් වෙන්නේ.(නදී)
ලංකාවේ නිදහස බුක්ති විදින්නේ ඔය පින්තූරවල ඉන්න අය විතරයිනේ.(නදී)
බංගලාදේශයත් ,ඇෆ්ගනිස්ථානයත් .ඉන්දුනීසියාවත් අතීතයේ බෞද්ධ රටවල් . අද මොකද ඒ රටවල් වලට වෙලා තියෙන්නේ? (නදී)
කැම්පස් කොල්ලො කෙල්ලෝ පාරේ , නීතිඥයින් පාරේ, දොස්තරලා පාරේ , විපක්ෂය පාරේ , රටට සේවය කරපු මිනිස්සු පාරේ , නීතිය කැළේ. ඇත්ත කතා කරන්න මිනිසුනේ. (නි)
ජාතිවාදය හා ආගම්වාදය පැතිරවීමට ශ්‍රී ලංකාවේ කිසිවකුටත් ඉඩක් නැතැයි ද, අද මෙන් හෙටත් සිංහල දෙමළ,මුස්ලිම් ජනයා මේ රටේ එකට ජීවත් විය යුතු යැයි නිදහස් උළෙල අමතමින් ප්‍රකාශ කළේය. වෙබි අඩවියක් දැනට කෙරීගෙන යන වැඩපිලිවෙලක් ගැන හෙලිදරව්වක් කරලා තිබුනා. ඉදිරියේදී අපිට ඇත්ත දැනගන්න පුළුවන් වෙයි.(නදී)
කාට කාටත් හොද පනිවිඩයක් සහ අවවාදයක්(නදී)
අනිල්, අතේ තියන් ඉන්නේ මොකක්ද දන්නවද? අහමඩි,රෝයි,සදරුවන් වගේ අයගේ මොලේ හෝදන්නේ ඕක පෙන්නලා තමයි.(නදී)
රජිතා, ඔයා වගේ හිතන අය අද ලංකාවේ නැහැ ඔක්කොමලගේ මොලය හෝදලයි තියෙන්නේ.(නදී)
ඔබ හරි ජනපති තුමනි (දී)
ඔබ තුමා විශිෂ්ටයි (දී)
විශිෂ්ට කතාවක් (දී)
සිංහළුන් වන අපිට තියෙන්නේ මේ රට විතරයි. මගේ රට, මගේ ජාතිය, මගේ ආගම වනසන්න හදන තැන ඔබ හා මා එයට එරෙහි වීම සිංහල ගතියක්. එය ජාතිවාදය නොවෙයි.(නදී)
සිංහල අපි දැන්ම ඉදන් අපේ ජාතිය ගැන සිතුවේ නැත්නම් අපිට අපේ රට වෙන ජාතියකට නතුවෙන එක වලක්වන්න බැහැ.(නදී)
සදරුවන්, තව අවුරුදු 2500 කට හදයි බම්බුව. 2040 දී ලංකාවේ සිංහල ජාතිය සුලු ජාතිය වෙනවා.
ලංකාව කියන්නේ කවදාවත් ජාතිවාදයට ඉඩක් තිබ්බ රටක් නොවේ (දී)
ඔබ තුමාට ජය (දී)
මම හිතන්නේ රංග සිංහලයෙක් නෙමෙයි වගේ.(නදී)
හයේ පාරක් ගහලා වගේ සතුටින් හිටියා. බලාගෙනයි උඩපන්දුව රකින්න බොහෝ අය පිටිය වටේටම ඉන්න බව අමතක කරන්න එපා සර්.(නදී)
2040 දී ලංකාවේ සිංහල ජාතිය සුලු ජාතිය වෙනහැටි පෙන්වන්නකො බලන්න.(නදී)
රෝයි මොකද ? (නදී)
ඔබ වගේ නායකයෙක් නිසයි අපේ රටට නිදහස ලැබුනේ. ඔබටත් ඔබ රජයටත් තෙරුවන්සරනයි.(නදී)
ජනපතිතුමනි, අපි ඔබ සමගයි (ස)
ඔබ තුමාට ජය වේවා (දී)
සමහරු නම් බය ඇති නිදහස සමරන්න බරහිර රටවල් දැනගනීවි කියලා (ස)
අතිගරු ජනපති තුමනි ඔබ තුමාගේ කතාව හරියටම හරි, ඔබ තුමාට ජය වේවා (දී)
ජනාධිපති තුමනි අපි ඔබසමගයි (දී)
ජයවේවා ජනපතිතුමනි... සැමදා අපි ඔබ සමගයි (ස)
මගේ රට; ---> රුදුරු ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් වුණත් මැරයින්ගෙන් නිදහස් නැත ---> කොටියාගේ උණ්ඩයෙන් නිදහස් වුණත් ලේ ගැලීම් වල අඩුවක් නැත ---> පාර තොටේ බෝම්බ බය නැති වුණත් සුදු වෑන් සහ මැර බිය අඩුවක් නැත ---> ප්‍රභාකරන්ගේ නීතියෙන් නිදහස් වුණත් කැලෑ නීතියෙන් නිදහස් නැත ---> යුද්ධයට නාස්තිවන මුදල් ඉතුරු වුණත් දුෂණය සහ වංචාවේ කෙළවරක් නැත ---> අධිරාජ්‍යවාදීන්ට බැන වැදුනත් ලෝක බැංකුවට සහ අධිරාජ්‍යවාදීන්ට කප්පරක් ණයවී ඇත ---> නිදහසේ ජිවත් වෙන්න හැකි යැයි කීවත් රට හැරදා යන පිරිස වෙනදාටත් වැඩිය ඉතින් ලක් මව්නි, ඔබට කෙසේ නම් නිදහස් ආසිරි පතන්නද? අපි ඔබගේ ගෞරවය රැකීමට අපොහොසත් වුණෙමු. රටේ නිදහස වෙනුවෙන් එදා මෙදා තුර ඇස් ඉස් මස් හා දිවි පිදු හෙළ විරුවනි, අපිට සමාවුව මැනවි. ඔබේ ණය මේ භවයේ ගෙවා නිමකළ නොහැක. (නි)
ජනාධ්පති තුමනි, ජාතියේ පියා ඔබයි.(නදී)
මම ජනාධිපතිතුමාගේ හිනාවට හරිම කැමතියි. (නි)
ජාතියේ රණවිරුවානනි, සරත් පොන්සේකා මැතිතුමනි, ඔබ අද කොහෙද? (නදී)
කව්රුන් මොනවා කිවුවත් සුදු අධිරාජ්‍යවාදීන්ට යටත් නොවී මගේ රට ත්‍රස්ත ග්‍රහණයෙන් ගලවා දුන් ඔබ ජාතියේ පියායි. සමහරුන්ට තම බඩගෝස්තරය නිසා මුල අමතක වුවත් දැන් බඩගින්නේ මළත් සැපයි. (නි)
කණගාටුයි. මුදිත, ඔබ පිරිමියෙක්ද? මොකද කරාබු,මුදු,මාල වැනි දේවල් දැක ඒවා ගැන සොයන්නේ කථාබහ කරන්නේ ගැහැණු උදවිය නිසා. (නි)
මේ රට සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාටයි. මේකේ තනි අයිතියක් කාටවත් නැත. ජනාධිපති තුමාගේ නිවේදනයට අපගේ ගෞරවය එතුමාට දන්වා සිටිමු. ලස්සන ලංකාවේ සියල්ලන්ම එක්සත්ව එක්සිත්ව ජිවත් වෙමු.(නදී)
මේ රට සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාටයි. මේකේ තනි අයිතියක් කාටවත් නැහැ. ජනාධිපති තුමාගේ නිවේදනයට අපගේ ගෞරවය එතුමාට දන්වා සිටිමු. ලස්සන ලංකාවේ සියල්ලන්ම එක්සත්ව එක්සිත්ව ජිවත් වෙමු.(නදී)
අපට ආඩමිබරයි. ඔබ අපට සිටින සැබෑ නායකයෙක්. ඔබට උත්තමාචාරය.(නදී)
ඒ කතාව හරි (දී)
එළ කිරි ,රට පිටිකිරි ,මව් කිරි යන කිරි වර්ග වලින් මිනිසා පෝෂණයවේ. වැදූ මවත් උපන් බිමත් දෙකක් නොව එකකි. රටින් පිට හින්දු, මුස්ලිම් ,බර්ගර්, සිංහල ඔය සෑම ජාතිකයෙක්ම ශ්‍රී ලාංකිකයෙකි. ඔවුන්ගේ අනන්‍යතාවය ශ්‍රී ලාංකිකය. ඔය සෑම කෙනෙක්ම ශ්‍රී ලාංකික පුරවෑසියෙකි. එහෙම නොසිතන අයට අපි අනුකම්පා කරමු. 30 වසරක භීෂණ කාලයකින් රට මිදී දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට අපට යාමට පුලුවන්. දෑන් නිදහස් රටකි. එදා මමත් A9 යන්න කොටින්ට කපප්න් ගෙව්වා. තමන්ගේ මවට ආදරය කරන සෑම පුර වෑසියෙක්ම රටට ආදරය කරනවා. මන්දයත් මව් කිරි බිව් නිසාවෙනි.(නදී)
රැකගත් නිදහස නියම විදියට භුක්ති විඳිය හැක්කේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කලොත් පමණයි.(නදී)
අපේ හමුදාවට තියන ගෞරවය කවදාවත්ම අඩුවෙන්නේ නැහැ. නමුත් අපිට හොයාගන්න බැරිද ලස්සනට පේලියට මීටර් පන්සීයක් මාච් කරන්න පුලුවන් එකම උස තියන දෙසීයක්? බලන්න අර චීනේ කාන්තා හමුදාව මාච් කළා මීට වඩා ලස්සනට. (නි)
ආසියාවේ ආශ්චර්යයට ආවඩන අය කොච්චර ඉන්නවද කියලා අදහස් වලින්ම පෙනෙනවා. (නි)
රජිතට ගෙදර ටිකක් කරදරයි වගේ (නි)
කියන දේ නොකරන, නොකියන දේ කරන මිනිස්සු ඉන්න රටක් තියෙනවලු. (නි)
එතුමාට ජයෙන් ජය වේවා .අපිටත් ජාති භේධ ආගම් භේධ අවශ්‍ය නෑ . අපි ඔක්කොම සහෝදරයෝ සහෝදරියෝ . එතුමාගේ කතාවට සෑම මුස්ලිම්වරයින්ගේම සුබ පැතුම් (ස)
වෙන වෙන වාද වලට ඉඩ තියෙනවනේ.....ඒ ඇති (ස)
ජාතිය වෙනුවෙන් එකට එකතුවෙලා නිදහස සමරන්න බැරි කුහකයෝත් අපි අතර ඉන්නවා. (නි)
"එදා මමත් A9 යන්න කොටින්ට කපප්න් ගෙව්වා." ඔයා කප්පම ගෙවුවේ ඔයාට එහෙ යන්න ඕන වුණ නිසා. ඔයාව ඇදගෙන ගියේ නැහැනේ? අද විවාහයක් ලියාපදිංචි කරන්න, මිනියක් වලලන්න, පත් ඉරුවක් බලාගන්න, ලොරියකට වහලක් ගහන්න, මේ කී නොකී හැම දේටම ඒ වගේ දෙගුණයක් බදු හැටියට ගෙවනවා ඒවා රටේ මිනිසුන්ගේ වැඩ වලට නම් තව කමක් නැහැ. (ස)
නිමන්ත. ඔබගේ අදහස 100% නිවැරදියි (ස)
සැමට ඉන්න පුලුවන් නම් අයුතු ප්‍රයෝජන ගන්න එක වැරදියි. (නි)
දේශපාලන වාසියක් නම් හොද නැහැ. (නි)
කෙසේවෙතත් ලංකාවට ආදරය ඇති නායකයෙක්. (නි)
දේශපාලන වාසියක් වෙනුවෙන් රට පාවා නොදිය යුතුයි. (නි)
අනේ මන්දා ශ්‍රී ලංකා ....?(ස)
මේවට කතා කරන්න බොදු බල සේනාවම ඕනි නෑ (ස)
අවන්කවම කීවොත් ඇත්ත වශයෙන්ම අපේ රට ගැන හැඟීමක් රටේ පුරවැසියන්ගෙන් බහුතරයකට නැහැ.ඒ නිසයි කලින් කලට විවිධ ආකාරයෙන් ජාතිවාදය ඇවිස්සෙන්නේ.රටේ නායකයා එකම රටක්,එකම ජාතියක් ( ශ්‍රී ලංකා) ගැන කොපමණ කතා කලත් වැඩක් නැහැ. දිරච්ච ඉරටු නවන්න බැහැ වගේ විවිධ ආකල්ප තියෙන කොටස් වෙනස් කරන්න බැහැ.දැන්වත් ඒක තේරුම් ගෙන පොඩි කාලේ සිටම පාසැල් දරුවන්ට ජාතික මමත්වයක් ඇති කිරීම සඳහා රට ගැන හැඟීමක් ඇති වෙන ආකාරයට අදාලව විෂයක් ලෙස උගැන්විය යුතුයි. එහෙම කලොත් ජාතිමාමක පිරිසක් ඉදිරියේදී ගොඩනගා ගත හැකිවේවි. (ස)
අපේ රට නිදහස් රටක්. (නි)
ලෝකේ තියෙන උතුම්ම රට (දී)
ලහිරු, ඔවැනි ජාතිවාදී අදහස් නිසා තමයි යුද්ධයක් වුණත් ඇති වුණේ. (නි)
ලෝකයේ කිසිම රටක් එක ජාතියකට අයිති නැහැ. මේ අපි සියල්ලන්ගේම රටයි. (නි)
ලහිරු වැනි ජාතිවාදීන් නිසා තමයි අපි තිස් අවුරුද්දක් ගහමරා ගත්තේ. (නි)
ලහිරු කරන්නේ මොන ජාතියක විහිලුවක්ද? (නි)
පළමුව මම ලාංකිකයෙක්. ඉන්පසුව ආගම ගැන හිතමු. ලංකාවට ජය වේවා! (නි)
හොද නායකයෙකුගේ හොද දැක්මක්. (නි)
මේ සිංහලයන්ගේ රට. ඔවුන්ව ආරක්ෂා කරන්න මීට වඩා දෙයක් කරන්න. (නි)
හාමුදුරුවෝ මැරුවොත් තමයි හැමෝටම වැරදි. පූජකයෙක්ට මොනවාහරි වුණොත් ජාතිවාදය. (නි)
ලංකාවෙත් බෞද්ධාගම වැනසෙන්න එච්චර කාලයක් යන්නෙ නැතිවෙයි. සිංහලයිනේ, ඉක්මණටම නැගිටිමු. (නි)
ඉස්සර සෞදි, ඇෆ්ඝන්, බංගලාදේශය, මාලේ ඇතුළු බොහෝ රටවල් බෞද්ධ. ඒවා වැනසුනේ කොහොමද කියලා අපේ අයට තේරෙන්නේ නැද්ද? (නි)
ඔබට උත්තමාචාරය. (ස)
අපේ රටේ ජාතිවාදය අවුස්සන්නේ උප්පැන්න සහතිකයෙන්. රජයට තවම බැරි උණා ඒක වෙනස් කරන්න. ජාතිය කියන්නෙ ශ්‍රී ලාංකික කියල දැම්ම නම් හුගක් දුරට විසදුමක් ලැබෙයි. (ස)
එහෙම වෙන්න දෙන්න එපා (දී)
ඒ කතාවනම් හරියටම හරි (දී)
ජනාධිපතිතුමනි, උතුරු නැගෙනහිර පාරම්පරික ඉඩම්, වෙහෙර විහාර යලි නන්වන්න.(නදී)
බණ්ඩාර, ඔය කටිටිය 88/89 කාලෙ හිටියේ කොහෙද? (නි)
ජාතිවාදය අවුස්සන අයට දඩුවම් කරන එක තමයි මුලින්ම කරන්න ඕනෑ. (නි)
"නිදහස් රටක බඩගින්නේ මළත් සැපය" කතාව නම් ඇත්තකි. පරහකට ඇත්තේ මෙය සත්‍ය වන්නේ රටේ හැමදෙනාගේම තත්වය මෙසේ නම් පමණකි. පාලකයින්, නිලධාරීන් සහ ඔවුන්ගේ වන්දි භට්ටයින් මහජන මුදලින් සුර සැප විඳී නම්, එයම සාමාන්‍ය වැසියාගේ පිඩනයට, කුසගින්නට සහ මළගමට හේතු වෙයිනම් එය සැපක් නොව ඛේදවාචකයකි. එදා සුද්දන්ගේ පාලනය සහ පසුව රටේ ඇතිවූ සහ පවතින පාලනයන් අතර සමානකම් විමසා බැලීමේ කර්තව්‍යය ඔබට බාරය. (නි)
සුළු ජාතීන් නැති කරානේ. ඉතින් කොහෙද ජාති භේධයක් (ස)
මෙවැනි ස්වෛරීය අදහස් බන්දුලලාට දිරවන්නෙ නැතිව ඇති. (නි)
නිදහස සැමරුවත් මේවාද අප දැනගත යුතුය. කාර් ඒක අපේ කිවුවත් ඒක ජපන්. මෝටර් සයිකලය ඉන්දියන්. අපි පාවිච්චි කරන ඉලක්කම් හින්දු අරාබි. අක්ෂරවල මුල බ්‍රාහ්මී-සංස්කෘත. අපේ ප්‍රජාතත්තුවාදය ග්‍රීක්. නීතිය රෝම-ලන්දේසි. අපිට ලැබෙන ඉන්ධන අරාබියෙන්. අපේ ගායකයෝ කියන බයිලා පෘතුගීසි. අපි කන පරිප්පු ඉන්දියාවෙන්. (නි)
ලංකාවේ ලගදීම සිංහල ජාතිය නැතිකරගන්න ඕන නම් ඔහොම යන්න දෙමු.(නදී)
ඒ වුණත් අපි මේ වෙලාවේ සරත් ෆොන්සේකා මහත්තයාව අමතක කරන්න හොද නැහැ. (නි)
ලහිරැ ඹයා හරියට හරි.. මමත් ඔයත් එක්ක..!(නු)
නැවත උපන් ගැමුණු කුමාරයානෙනි. අපි ඔබට සදා නය ගැතියි.(නදී)
හොද නායකයෙක්! ඔබ තුමාට ජය වේවා!(නදී)
ජාතිවාදය නිසා බට කාපු රටක් මේක, අතීතය මතකයි නේද, අයෙත් එහෙම නම් එපා (දී)
ඔබ තුමාට ජයවේවා (දී)
මුස්ලිම් අයට අරාබිය තියෙනවා. දෙමළ අයට ඉන්දියාව තියෙනවා. බෞද්ධ අපිට ලංකාව විතරයි. (නි)
ඔබතුමා හරියටම හරි (දී)