IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ජනපති පාස්කු වගඋත්තරයෙන් ඉවතට

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එම නඩුකරයෙන් ඉවත් කිරීමට  ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) තීන්දු කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) වගන්ති අනුව ජනාධිපතිවරයාට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යා නොහැකි බවත්, වත්මන් ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට මුක්තිය හිමිවන බවත් එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සදහන් වෙයි.

ඒ අනුව ජනාධිපති ධූරය දරමින් සිටින ජනාධිපතිවරයකුට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යා නොහැකි බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වගන්තිය සම්පාදනය කර ඇත්තේ රාජ්‍ය නායකයාට සිය නිල කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදුකරගෙන යෑමට බවත් එම තීන්දුවේ වැඩිදුරටත් සදහන් කර ඇත.

මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණීය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද (26) විභාගයට ගත් අවස්ථාවේදි මෙම තීන්දුව ප්‍රකාශයට කෙරිණී.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, එවකට කැබිනට් මණ්ඩලය, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් ඇතුළු පිරිසකි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා අහිමි වූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි නන්දන සිරිමාන්න, සංචාරක කර්මාන්තයේ නියැළී ව්‍යාපාරික ජගත් විතානගේ, ශ්‍රි ලංකා නිතිඥ සංගමය, හෙන්රි මේරියන් අශේක් ස්ටීවන්, සරත් ඉද්දමල්ගොඩ සහ හේල් එවන්ස්ටන් ප්‍රනාන්දු ජයවර්ධන යන පියතුමන්, නාගානන්ද කොඩිතුවක්කූ, ජූඩ් පෙරේරා, නිමල් කුමාරසිටි, කසුන් පුස්සවෙල, පූජ්‍ය ඇගු`ථගල්ලේ ජිනානන්ද හිමි ඇතු`ථ පිරිසක් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම් 12 ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරනු ලැබ ඇත.

මෙම පෙත්සම්වල වැඩිදුර විභාගය ලබන 29 වැනිදා තෙක් කල් තැබිණී.



අදහස් (0)

ජනපති පාස්කු වගඋත්තරයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

’’ආණ්ඩුවට පාඩමක් කියා දෙන්න ජනතාව බලා ඉන්නවා’’
2025 අප්‍රේල් මස 23 5 0

බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ඩෑන් ප්‍රියසාද් ඝාතනය සිද්ධියට පිය - පුත් දෙපළකට විදෙස් තහනමක්
2025 අප්‍රේල් මස 23 220 0

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්


ලංකාවේ රාජ්‍ය සේවයේ ’’කොලිටිය’’ හොයන්න නේපාලයේ කණ්ඩායමක්
2025 අප්‍රේල් මස 23 97 0

නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.


ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනියි
2025 අප්‍රේල් මස 23 177 0

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.


ට්‍රම්ප්ගේ වැඩ නිසා වැඩියෙන්ම සතුටු වෙන්නේ විපක්ෂය
2025 අප්‍රේල් මස 23 326 1

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා වූ තීන්දු තීරණ වලට වැඩිපුරම සතුටු වන්නේ මෙරට විපක්ෂය බව ජනාධිපති අනුර කුමාර දිසාන


ෆාමසි ගැටලු සෙවූ කමිටු වාර්තාව සුව ඇමතිට
2025 අප්‍රේල් මස 23 194 0

මෙරට පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වල (ෆාමසි) ඖෂධවේදීන්ගේ හිඟය ඇතුළු පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වලට වර්තමානයේ මුහුණ දීමට සිදු වී ඇති ගැටළු රාශියකට විසඳුම් සෙවී


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 631 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 320 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 470 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site