දෙදින දඹදිව වන්දාන ගමනක යෙදෙමින් මහින්ද රාජපක්ෂ ජනපති අද බුද්ධගයාව වැඳපුදා ගත්තේය. බුද්ධගයා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී බිහාර මහා ඇමැති නිටිෂ් කුමාර් ඇතුළු ප්‍රාන්ත නිලධරයෝ ජනපති පිළිගත්හ. ප්‍රාන්ත පොලිසිය උත්තමාචාරයක් පැවැත්විය. ගුවන්තොටේ සිට රිය පෙරහැරකින් ජනපති ඓතිහාසික බුද්ධගයාවට කැඳවාගෙන එනු ලැබීය. බුද්ධ ගායාවේ ජයශ්‍රී මහාබෝ සමිදුන් වැඳපුදා ගත් ජනපති එහි දී භාවනා කෙළේය. ජනපති අන්ද්‍රා ප්‍රදේශයේ හිරුපති වෙත යෑමට නියමිතය. ජනපති ආර්යාව ජනපති ලේකම් ලලිත් වීරතුංග ඇතුළු 70 දෙනකු පමණ පිරිසක් මෙම ගමනට එක් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම ප්‍රාන්තයක්ම වැදගෙන එන්න වාසනාව ලැබේවා! (නි)
දිවංගත ජනාධිපති ආර්. ප්‍රේමදාස මැතිතුමාත් දඹදිව බුද්ධගයාවේ දුප්පත් පවුල්වලට නිවාස සාදවා දුන්නා.(නදී)
සාධු....සාධු....සාධු.... (දී)
මෙහේ ස්වාමින් වහන්සේලා ඝාතනය කරනවා. ඒවටත් මොනවහරි කරන්න. (නි)
ඔබතුමා ඉටුකරන දැවැන්ත ශාසනික සේවය වෙනුවෙන් ඔබතුමාගේ සසර ගමන මේ ආත්මයෙන්ම නිමාවී නිවන් සුව ලැබෙනු නියතයි.. සියළු ලක් වැසි ජනතාවගේ ප්‍රාර්ථනය ඒකයි..!(නු)
ජනාධිපතිතුමනි! ඉන්දියාවට යන ගමන ටිකක් අඩුකරන්න.(නදී)
අතිගරු ජනාධිපතිතුමනි ඔබට බුදු සරණයි.(නදී)
මේක කොටින්ට දැවන්ත පහරක්.(නදී)
සාදු සාදු ඔබ අපට වාසනාවක්..!(නු)
සිංහල අපට ඔබ නියම සිංහයෙක්. (ස)
බුද්ධ ධර්මයේ අවසාන අරමුණ නිවනයි. ජනාධිපති තුමාටත් එහි ගිය සියලු ජනතාවටත් අපටත් නිවනක් ම වේවා!!
වයිකෝලා වගේ අයගෙන් අපිට ඇති වැඩක් නැහැනේ. (නි)
පිරිවර 70ක්.(නු)
ඔබතුමා තමයි මේ සුන්දර රටේ පළමුවැනියා. ඉන්දියාවේ නෙමෙයි, ඔබතුමා අපෙයි. (නි)
අපේ නායකයාට සුභ පැතුම්..!(නු)
ජනාධිපති තුමනී ජාතිවාදයෙන් තොරව ආගමිවාදයෙන් තොර රටක් ගොඩනැගීමට ඔබට ශක්තිය ලැබේවා.(ස)
ඔබට කිසිඳු කරදරයක් නොවේවා , බුදුසරණයි (ස)
රටේ පුරවැසියන්ට ආදර්ශමත් නායකයෙක්.. (නු)
ජයවේවා !!!! (ස)
රජයේ නායකයෙක් වන්දනා ගමනක් යෑම ඉතාම හොද දෙයක්.. (නු)
ලංකාවට ජය..!(නු)
ඔබතුමාට බුදු සරණයි..!(නු)
ඉතාම හොදයි..!(නු)
බුද්ධගයාව නිසා ගිහිං තියෙන්නේ 71යි..!(නු)