‘‘රජයට විරුද්ධ වුවාට කමක් නෑ හොදට ඉගෙන ගන්නා ලෙස දරුවන්ට කියන්න. පාසල් හා සරසවි සමයේ හොදට ඉගෙනගන්න කියන්න.දරුවන් ගැන මව්පියන් වග කියන්න ඕනෑ ඔවුන් කරන දේ හොයා බලන්න ඕනෑ‘‘මහින්ද රාජපක්ෂ ජනපති යාපනයේදී එසේ පැවසුයේ යාපන සරසවි සිසුන් දෙදෙනකුගේ මව්පියන් අමතමිනි.
හින්දු සිරිතට ජනපති මහත් හරසරින් පිළිගනු ලැබීය.
ජනමේ ජයන් හා දර්ශ නන්ද් නම් සරසවි සිසුන් දෙදෙනා මුදා හරින්නැයි ඔවුන් ජනපතිගෙන් ඉල්ලා සිටියහ. ඔවුන් නිදහස් කරන ලෙස ජනපති පොලිස්පතිට නියෝග කළේය.ජනපති චුන්නාකම් හිදී ජනනී විදුලිබලාගාරය විවෘත කළේය එයට වැය වු මුදල රුපියල් කෝටි තුන්සීයයකි.නාගදීප නව ජැටිය හා වාහල්කඩද විවෘත කළේය.යාපන දිස්ත්‍රික් සමිබන්ධිකරණ රැස්වීමේද මුලසුන හෙබැවීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෝයි! ඇයි අපි එතකොට මොකුත්ම කලේ නැද්ද? මේ රටේ මහජනයා කොච්චර නම් බදු ගෙවනවද? අධි බාරයක් ගෙවනවද? තවත් ගෙවනවා. කවදද ඉවරවෙන්නේ.(නදී)
සන්තෝසයි (දී)
ලංකාවට මොකද වෙන්නේ කියලා හොදට ඇස් ඇරගෙන බලන කෙනෙක් ජනාධිපතිතුමාට මුකුත් කියන්නේ නැහැ. (නි)
ගෝල බාලයින්ගේ වැඩ වැඩක් නැහැනේ. ජනාදිපතිතුමාගේ වැඩ හොද නිසයි මම එහෙම කිව්වේ. තිලක්, යුද්දේ තිබුනා නම් ඔයාටත් අද ඉන්න වෙන්නේ ඊලම් රජයේ. අතීතය අමතක කරන්න එපා.(නදී)
මඩ මාධ්‍ය තහනම් කළ යුතුයි. (නි)
තමන් වෑදු මවට ආදරය කරන යමෙක් වේද ? ඔහු උපන් රටට අදරය කර්න්නෙකි. ජාති බේද පාට බේද වලින් තොරව ශ්‍රී ලාංකීය නාමයට ආදරය කලයුතුයි. ජාතික ධජයට ආදරය කලයුතුයි. නිල බලය , ධන බලයෙන් කිසිම වෑඩක් නෑත. තම්න්ගේ අවස්න් හුස්ම පොද වාතලයට මුසුවනවිට මගේ රටට යමක් කලා කියා සිතිවිල්ලක් පහල උවොත් එය ඔබට රුපියල් කෝටියකටත් මිලකල නොහෑක. කවුරුත් අද පොරකන්නේ බල ලෝබීව තමන්ට බෑරිනම් පිරිසක් රෑස්කරගෙන හරි බලයට එන්න දගලයි. 1977 අරම්භකරපු අරගලය රටේ 34 වසරක් විශාල විනාශයක් කලා. නමුත් අතිගරු ජනාධිපතිතුමාගේ නිර්භීත මෑදිහත්වීමෙනුත්,මගේ දයාබර රණවිරුව්න්ගේ මෑදිහත් වීමෙනුත් මගේ රට ත්‍රස්තවාදයෙන් මුදා ගත්තා. ඒ ඉතිහාස්ය බොරු කරන්න කාටවත් බෑ. මම ක්‍රිස්තු භක්තිකයෙක් උනත් අති උතුම් බුදුදහම තුල වෛරයට මෛත්‍රී කරමින් ජනාධිපතිතුමා ඒ අම්මාගෙ ඉල්ලීම ඉටුකිරීම අගය කරනවා. තමන්ගේ පුතා කඩාකප්පල් කරයෙක් ,හොරෙක් ,ත්‍රස්තවාදියෙක් උනත් මවකගෙ සෙනෙහස තේරුම්ගත් ඔබතුමා නියම මානව හිත්වාදියෙක්. සමහරු හිතයි මම කඩේ යනවා ,ලකුනූ දාගන්න යනවා කියලා. මම කිසි කෙනෙකුට කඩේයන්න කෑමතිත්නෑ , මට කාගෙන්වත් ලකුනුත් එපා.(නදී)
ඔබ නිසයි රට සුරැකුනේ. පන මෙන් ගරු කරමි ඔබ හට සැමදිනේ.(නදී)
මනුස්සයෝ, ජෝයි, යම් වරදකට අත්අඩංගුවට ගත් කෙනෙක් ජනාධපති විසින් නිදහස් කරන්නේ කොහොමද? එයා අග විනිසුරුද?(නදී)
ඇයි ඔවුන් නිදහස් කලේ. ඇයි එහෙම නීතියක්. මේවා ලෝකේ අනිත් රටවල නොවන වැඩ.(නදී)
ජෝයි ඔබට හොඳට ප්‍රශස්ති ගී ගයන්ට පුළුවන්නේ. හොඳ ගායකයෙක් (ස)
ජයවේවා (දී)
ජෝයි මහත්තයෝ, ඔබ කී දේට යමක් එකතු කරන්න කැමතියි. ලෝකේ ලොකුම කැබිනටි තියෙන්නේ අපේ රටේ, ඒත් හැමතැනම අපරාද, මිනී මැරුම්, හොරකම්, දූෂන බඩු මිල අහසේ.(නදී)
අනුර, මොන දෙවියොද, එතකොට දෙවියෝ තිස් තුන් කෝටි එකයිද?
අරුණ මහත්තයෝ, මමත් මඩ පත්තරවලට නම් කැමති නැහැ. ඒත හෙයිජින් ගනු දෙනු, මිනී මැරුම්, මුදල් නාස්තිය, ලොකුම කැබිනටි එක, මිනී මැරුම්, උද්ඝෝෂන, අල්ලස්, උද්දමනය, ආර්ථික ප්‍රශ්න, අවනීතිය වගේ අපමනක් දේවලට කව්ද වග කියන්නේ.(නදී)
අලුත් ඇමති තුමාලා පත්වුන නිසා මේ විදුලි බලාගාරේ සමරු පලකේ නම වෙනස් කරන්න ලක්ෂ දහයක් ගියාලු.(නදී)
ගණන් හිලව් එහෙම කොහොමද ??? (ස)
දැන් ලංකාවට උසාවි, අධිකරණ අවශ්‍ය නැහැනේ. (නි)
අනේ ජෝයි, අපි මෙහේ අරාබිකාරයින්ට බැල මෙහෙවර කරලා එවන සල්ලි වලින් තමයි ඔය ඔක්කොම නැටුම් නටන්නේ කවුරු කවුරුත්. කෝ ඒත් ඉතින් නැහැනේ අපිට සහනයක්. (නි)
කෝලිත, කැළෑ පත්තර වලින් හෝ වේවා සත්‍යය දැනගන්න පුලුවන් නම් කොච්චර හොදද? (නි)
තිලක් කියන දේ හරි. (නි)
අපේ සුබ පැතුම් (දී)
අපි දිනාගත් නිදහස.(නදී)
ඔබයි අපේ රටේ දෙවියෝ..!(නු)
ජිනීවා වාසියක්ද?(නදී)
අනුර, ගෝලබාලයින්ගේ වැඩකිඩ බලන්න ඕනා නමි තහනම් කල වෙබි අඩවි බලන්න. එතකොට මොලේ පෑදෙයි.(නදී)
අපෙනුත් ඔබතුමාට හරසර (දී)
යුද්ධය දිනා දුන් පසු මමත් හිතන්නෙ ඔහොම තමයි..!(නු)
තහනම් කල වෙබි අඩවි කියන්නේ කැලෑ පත්තර. කැලෑපත්තර වලින් ඉගෙන ගන්න කියලා මොන මෝඩයද කියන්නේ.(නදී)
තිලක්, මමත් එකගයි ඔබේ අදහසට. ලංකාවේ ජීවත්වන අය දන්නේ නැහැ ඇත්ත තත්වය.(නදී)
උතුරෙන් විතරක් නෙමෙයි, මුළු ලෝකෙන්ම හරසර ඔබ තුමන්ට. (දී)
ජයවේවා ඔබ තුමාට (දී)
ඔබ අපිට ආඩම්බරයක් (දී)
මුළු ලෝකෙටම පාඩමක් ඒක (දී)
ඔබතුමාට ජයවේවා (දී)
මිනිස්සු තවම දන්නවා කල ගුණ සලකන්න (දී)
කෝලිත හරියටම හරි ඒවායේ තියෙන්නේ තනිකරම මඩ කුණුහරුපයි එයාලගෙම කට්ටියක් ඉදන් හුරේ දානවා.(නදී)
මිනිස්සුන්ට කල ගුණ මතකයි (දී)
අපේ ජනපති තුමාට සතර දෙසින් හරසර (දී)