IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ජිනීවා යෝජනාව

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ පහත සඳන් යෝජනාව ජිනීවා නුවරදී සම්මත විය.

 

මානව හිමිකම් කවුන්සිලය

22 වන සැසිය

න්‍යාය පත්‍රයේ 2 වන අයිතමය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් භෘර මහ කොමසාරිස්වරයාගේ වාර්ෂීක වාර්තාව සහ එම කාර්යාලයේ සහ මහ ලේකම්වරයාගේ වාර්තා

22/... ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානයට සහ වගවීමට අනුබල දෙමින් මානව හිමිකම් කවුන්සිලය විසින්,

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අභිප්‍රායයන් හා මූලධර්මයන් යළි තහවුරු කරමින්ද,

මානව හිමිකම් පිළිිබඳ විශ්ව ප්‍රකාශනයේත්, මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම් හා අනෙකුත් අදාළ ලේඛනවල මග පෙන්වීම අනුව යමින්ද,

2006 මාර්තු 15 දාතම සහිත සහා සැසි වාර යෝජනා අංක 60/251 සිහියේ තබා ගමින්ද,

මානව හිමිකම් කවුන්සිලයේ ආයතනික ගොඩනැංවීම පිළිබඳ යෝජනා අංක 5/1 හා විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳව බලය පැවරී ඇති පාර්ශවවල හැසිරීම් පද්ධතිය පිළිබඳව 2007 ජුනි 18 දාතම සහිත යෝජනා අංක 5/2 මත යළි අවධානය කැඳවමින්ද,

ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීමට අනුබල දෙන්නා වූ මානව හිමිකම් කවුන්සිලයේ 2012 මාර්තු 22 දාතම අංක 19/2 සහිත යෝජනා මත යළි අවධානය කැඳවමින්ද,

සියලූ මානව හිමිකම් හා මූලික ස්වතන්ත්‍රභාවයන් පූර්ණ ලෙස භුක්ති විඳීමට සිය සමස්ත ජනගහනයන්ටම සලසා දීමට සියලූ රාජ්‍යයන් වෙත ඇති වගකීම යළි තහවුරු කරමින්ද,

ත්‍රස්තවාදය මැඩලීමට රාජ්‍යයන් විසින් ගන්න ලද පියවර ජාත්‍යන්තර නීතියටත්, විශේෂයෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් නීතියටත්, ජාත්‍යන්තර සරණාගතයින් පිළිබඳ නීතියටත් සහ ජාත්‍යන්තර මානුෂීය නීතියටත් අනුකූලවිය යුතු බව තහවුරු කරමින්ද,

උතුරු පළාත් සභා මැතිවරණය 2013 වසරේ සැප්තැම්බර් මස පවත්වන බවට › ලංකා රජය විසින් කරන ලද ප්‍රකාශය සතුටින් පිළිගනිමින්ද,

ශ්‍රී ලංකා රජය විසින් සපුරන ලද යටිතල පහසුකම් ගොඩනැගීම, බිම්බෝම්බ ඉවත් කිරීම හා අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයන්ගෙන් බහුතරයක් නැවත පදිංචි කිරීම පිළිබඳව සතුට පල කරමින් එමෙන්ම, අධිකරණ ක්ෂේත්‍රයේ, ප්‍රතිසන්ධාන හා ජීවන වෘත්තීන් යළි අරඹුමේ ක්‍රියාවන් කෙරෙහි සැලකිය යුතු කාර්ය භාරයක් ඉදිරියේ කළ යුතු බව සනිටුහන් කරමින්ද, මෙම ප්‍රයත්නයන්හි පූර්ණ සහභාගීත්වය, සිවිල් සමාජ නියෝජිතයින් හා සුළු ජන කොටස් ඇතුළු දේශීය ජනගහනයන්ගෙන් සෑදිය යුතු වීමේ වැදගත්කම අවධාරණය කරමින්ද, උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ වාර්තාවන්, එහි තීරණ හා නිර්දේශයන් සටහන් කරගමින්ද, එයින් › ලංකාවේ ජාතික සංහිඳියා ක්‍රියාවලියට දැක්විය හැකි දායකත්වය පිළිගනිමින්ද,

උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා › ලංකා රජය විසින් පිළියෙළ කරන ලද ජාතික ක්‍රියාකාරී සැලැස්ම සහ එම කොමිසමේ තීරණ හා නිර්දේශ සම්බන්ධයෙන් › ලංකා රජය විසින් වී ඇති බැඳීම් සටහන් කරමින්ද,

කොමිසමෙන් ලබා දුන් සුබවාදී නිර්දේශ සහ තීරණ සියල්ල එම ජාතික ක්‍රියාකාරී සැලැස්මෙන් ප්‍රමාණවත් ලෙස ආමන්ත්‍රණය නොවන බව සටහන් කරමින්ද,

නීති විරෝධී ඝාතන සහ බලාත්මකකාරී අතුරුදන් කිරීම් පිළිබඳ ප්‍රචලිත වූ චෝදනා ගැන විශ්වාසනීය විමර්ශනයක අවශ්‍යතාවය, › ලංකාවේ උතුරු ප්‍රදේශය හමුදා පාලනයෙන් නිදහස් කිරීම, ඉඩම් ආරවුල් විසඳීම සඳහා අපඬපාතී යාන්ත්‍රණයක් පිහිටුවීම, රැඳවුම් ප්‍රතිපත්ති යළි ඇගයීමකට ලක් කිරීම, කලින් ස්වාධීනව පැවැති සිවිල් ආයතන ශක්තිමත් කිරීම, පළාත්වලට බලය විමධ්‍යගත කිරීම පිළිබඳව දේශපාලන විසඳුමකට එළඹීම, සියලූ දෙනාගේම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරඬා කිරීම හා ප්‍රවර්ධනය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ප්‍රතිසංස්කරණ පැනවීම ඇතුළු උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ වාර්තාවේ අඩංගු සුබවාදී නිර්දේශයන් යළි අවධාරණය කරමින්ද,

ජාත්‍යන්තර මානව හිමිකම් නීතියේ සහ ජාත්‍යන්තර මානුෂීය නීතියේ කඩවීම පිළිබඳව ඇති බරපතළ චෝදනා ජාතික ක්‍රියාකාරී සැලැස්මෙන් හෝ උගත් පාඩම් හා සංහිඳියා කොමිසම් වාර්තාවෙන් ප්‍රමාණවත් ලෙස ආමන්ත්‍රණය නොවන බව තැවුලෙන් යුතුව සටහන් කරමින්ද,

බලාත්මකකාරී අතුරුදන් කිරීම්, නීති විරෝධී ඝතන, වද හිංසා, අදහස් ප්‍රකාශ කිරීමේ, එක්රැස් වීමේ සහ සාමකාමීව ඒකරාශී වීමේ නිදහසට බාධා පැමිණවීම, මානව හිමිකම් රකින්නන්, සිවිල් සමාජ සාමාජිකයින් හා මාධ්‍යවේදීන් බියවැද්දවීම හා ඔවුන්ගෙන් පළිගැනීම්, අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට ඇති තර්ජන හා ආගම් මුල් කොට සිදු කෙරෙන වෙනස්කම් හා කෙණෙහිිල ඇතුළුව › ලංකාවේ දිගින් දිගටම සිදුවන මානව හිමිකම් ගැන කණස්සල්ල පළ කරමින්ද,

සමස්ත ජනගහනයේ  සියලූ සාමාජිකයින්ගේ මානව හිමිකම් පූර්ණ භූක්තියකට හා ප්‍රතිසන්ධානයට අත්‍යවශ්‍යවන දේශපාලන අධිකාරියේ බලය විමධ්‍යගත කිරීම ඇතුළු පොදු බැඳීම් ඉටු කිරීමට › ලංකා රජය වෙත දන්වා සිටිමින්්ද,

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලයට අනුබද්ධිත තාඬ‚ක දූත කණ්ඩායමේ පැමිŒමට පහසුකම් සැලසීම වෙනුවෙන් › ලංකා රජයේ ප්‍රයත්නයන්ට ඇගයීම පල කරන අතර, මහ කොමසාරිස් කාර්යාලය සමග කතිකාවන් හා සහයෝගීතාවය වැඩිදියුණු කිරීමට › ලංකා රාජය දිරිමත් කරමින්ද,

සිදුවී ඇතැයි කියන ජාත්‍යන්තර මානව හිිමිකම් නීතියේ හා ජාත්‍යන්තර මානුෂීය නීතියේ කඩවීම පිළිබඳව ස්වාධීන හා විශ්වාසනීය ජාත්‍යන්තර පරීඬණයක් සඳහා මත කොමසාරිස්වරිය විසින් සිඞීර ඇති ඇරයුම සටහන් කරමින්ද,

1. විශේෂයෙන්ම යුක්තියේ සංක්‍රාන්ති සඳහා යොමුවූ වඩාත් සම්පූර්ණ ප්‍රවේශයක අත්‍යවශ්‍ය කොටසක් ලෙස සැලකෙන සත්‍යය සෙවීමේ යාන්ත්‍රණයක් පිහිටුවීම ඇතූළු › ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීමට අනුබලදීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිිමිකහ් භාර මහා කොමසාරිස්වරියගේ කාර්යාලයේ වාර්තාව තුළ සමන්විත උපදෙස් සහ තාඬ‚ක සහයන් පිළිගනියි.

2. විශේෂයෙන්ම යුක්තියේ සංක්‍රාන්ති සඳහා යොමුවූ වඩාත් සම්පූර්ණ ප්‍රවේශයක අත්‍යවශ්‍ය කොටසක් ලෙස සැලකෙන සත්‍යය සෙවීමේ යාන්ත්‍රණයක් පිහිටුවීම ඇතුළුව › ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීමට අනුබල දීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් භාර මහා කොමසාරිස්වරියගේ කාර්යාලයේ වා්රතාව තුළ සමන්විත උපදෙස් සහ තාඬ‚ක සහයන් පිළිගනියි.

3. මහ කොමසාරිස් කාර්යාල වාර්තාවේ අඩංගු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට › ලංකා රජය දිරිමත්කරන අතර ජාත්‍යන්තර මානව හිමිකම් නීතියේ සහ ජාත්‍යන්තර මානුෂීය නීතියේ කඩවීම් පිළිබඳව ඇති චෝදනා පිරික්සීම සඳහා අපඬපාතී විශ්වාසනීය පරීඬණයක් › ලංකා රජය විසින් සිදුකළ යුතු බවට දන්වා සිටියි.

3. උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ සුබවාදී නිර්දේශයන් සඵලව ක්‍රියාත්මක කළයුතු බවට අවධාරණය කරන අතර, සියලූ › ලංකා වාසීන්ට යුක්තිය, සාධාරණත්වය, වගවීම සහ ප්‍රතිසන්ධානය සහතික කිරීමට අවශ්‍ය අදාල වු නෛතික බැඳීම් හා ප්‍රතිඥාවන් ඇරඹීමට විශ්වාසනීය හා ස්වාධීන ක්‍රියාදාමයන් ආරම්භ කිරීම සඳහා සුදුසු අතිරේක පියවර ගතයුතු බව නැවත සඳහන් කරයි.

4. විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳව බලය පැවරී ඇති පාර්ශ්වවලට › ලංකා රජයේ සහයෝගයත් එම පාර්ශ්වවලින් දැනට ලැබී ඇති ඉල්ලීම්වලට, එනම් ඇරයුම් කිරීම සහ ප්‍රවේශ වීම, ඇතුළුව විධිමත් ප්‍රතිචාර දැක්වීම දිරිමත් කරයි.

5. මහ කොමසාරිස් කාර්යාලය සහ විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳ බලය පැවරී ඇති පාර්ශව › ලංකාවේ රජය සමග උපදෙස් හුවමාරු කර ගනිමින් ඉහත සඳහන් පියවර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් හා තාඬ‚ක ආධාර සැපයීම දිරිමත් කරයි.

විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳ බලය පැවරී ඇති පාර්ශවවලින් සැපයෙන කරුණු අඩංගු වාචික යාවත්කාලයක් මානව හිමිකම් කවුන්සිලයේ 24 වන සැසියේදී සුදුසු ලෙස සපයන ලෙසත්, එහි 25 වන සැසියේදී සවිස්තර වාර්තාවක් ලෙසත් හා ඉන්පසුව වර්තමාන යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡාවක්ද පවත්වන ලෙසත මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටියි.

(තිලිණි ද සිල්වා)



අදහස් (0)

ජිනීවා යෝජනාව

වරුණ Friday, 22 March 2013 09:26 PM

සිංහල අපි ද වැරදි (දී)

:       0       0

කුමාර Saturday, 23 March 2013 11:07 AM

ජනාධිපතිතුමනි, එඩිතරව මේ හැම ප්‍රශ්නයකටම මුහුණ දෙන්න. ඔබ තුමා කළේ හොද දෙයක්. ඒක නිසා බුදුදහමට අනුව සැම දෙයක්ම සාධාරණව ඉෂ්ඨ වෙයි. (නදී)

:       0       0

කැටවල Friday, 22 March 2013 09:32 PM

මේක භයානකයි. රට බෙදීමේ සැලැස්මක් (ස)

:       0       0

අමිල Friday, 22 March 2013 09:34 PM

අපි නම් බය නැහැ මේ යෝජනා වලට, මොකද අපි වැරදි කරලා නැති නිසා (දී)

:       0       0

ඩැනියෙල් Friday, 22 March 2013 09:43 PM

මට නම් ‍මෙතන කිසිම වැරැද්දක් පෙනෙන්නෙ නැහැ (නි)

:       0       0

හේරත් Saturday, 23 March 2013 08:35 PM

පව්ලක් උනාම නැන්ද මාම හැමදේටම ඇගිලි ගහන්නේ නැහැ. අල්ලපු ගෙදර අයට අපේ ගෙදර මානව හිමිකම් ගැන ඇගිල්ල දාන්න තියෙන්නෙත් සීමිත ඉඩක්. ලංකාවේ හැම බලු නකුටටම ලෝකෙට ඇගලි ගහන්න දෙන්න බැහැ. ස්වාධිපත්‍ය කෙලසන්න දෙන්න බැහැ.(නදී)

:       0       0

ඡන්දන Friday, 22 March 2013 10:30 PM

දැන් මොකක්ද මෙකෙ තියෙන අව්ල? (ස)

:       0       0

රීටා Saturday, 23 March 2013 12:46 PM

මොකද්ද මේකේ ඇති වරද .. අපි කාටත් හොඳයිනේ ... (ස)

:       0       0

ජනක Friday, 22 March 2013 10:43 PM

ලංකාව පාලනය කිරීමට මානවහිමිකම් කොමිසමටම දෙන්න වෙයි වගේ. (ස)

:       0       0

සකී Saturday, 23 March 2013 12:42 PM

සෝමරත්න කියනවා වගේ මේ රටේ හැම පොඩි මිනිහෙකුටම දැන් ජිනීවා යන්න වෙලා තියෙන්නේ (ස)

:       0       0

ශිලා Friday, 22 March 2013 11:09 PM

ලංකාවට අවාසි වෙන්නම මේක හදලා තියෙන්නේ (දී)

:       0       0

හේරත් Saturday, 23 March 2013 01:10 PM

ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන අපිට කියන්න කෙනෙක් නැතිවයි හිටියේ. දැන් ඉතින් දෙයියනේ කියලා අපිත් බයෙන් සැකෙන් තොරව සාමකාමීව ලංකාවේ ජීවක්වෙන්න ලැබෙයි. මේක ඇත්තටම හොද දෙයක්.(නදී)

:       0       0

හේරත් Saturday, 23 March 2013 01:07 PM

චන්ඩියෙක් ගමක් පාලනය කරනවා වගේ රටක් පාලනය කරන්න බැහැ. ලෝක සම්මත මානව හිමිකමි කියලා දෙයක් තියෙනවා. මානව හිමිකම් කාර්යාලයක් ලංකාවට එනවනම් අපි සතුටු වෙන්න ඕනා. දුප්පත් අපි ඔවුන්ව ආදරයෙන් පිලිගන්න ඕනා.(නදී)

:       0       0

ප්‍රීතා Friday, 22 March 2013 11:09 PM

මොකක්ද ඕකේ තියෙන වරද . මේකටද ඉන්දියාවේ අයට කෑගහන්නේ (ස)

:       0       0

මධූ Friday, 22 March 2013 11:10 PM

කවුරු උනත් ඇත්තම කියලා තියෙනවා. ඇත්ත තිත්තයි (ස)

:       0       0

රුවන් Friday, 22 March 2013 11:17 PM

කමකට ඇති යෝජනාවක් නොවෙයි මේක (දී)

:       0       0

සුසන්ත Saturday, 23 March 2013 12:13 AM

කියන තරම් යකා කලු නැහැ.(නදී)

:       0       0

අමිත Saturday, 23 March 2013 02:11 PM

බැලූ බැල්මට මුකුත් නෑ වගේ පෙනුනට, අමෙරිකාව ලක් රජයට අප්‍රසාදය පලකරල තියෙන බව පේනව. ඒකනෙ අධිකරණ, මාධ්‍යය නිදහස, පැහැරගෙන යම් හෙම කියල තියෙන්නෙ. එහෙම බැලුවම අසූව දශකයෙ වෙච්ච දෙවල් ඒගොල්ල ගානකටවත් අරන් නෑ වගේ. ඒ එක්කම මෙයාල සිංහල බෞද්ධ ක්‍රියකරකම් වලටත් කැමතිනෑ වගෙ. ඔය මොන එක ගෙනවත් අපි හැමෝම එකාවගෙ හිටියොත් කිසිකෙනෙකුට මුකුත් කරන්න බෑ. ත්‍රස්ථවදය පරජය කල ලෝකේ එකම රට ලංකව බවත් අපි මතක තියගත යුතුයි. (ස)

:       0       0

පාරා Saturday, 23 March 2013 01:03 AM

අපේ ගෙදර ප්‍රශ්ණ අපිම විසදාගන්නම් අපිට ඕන විදියට. (නදී)

:       0       0

පද්මි Saturday, 23 March 2013 01:11 AM

අපි අපිටමනේ ගහගෙන තියෙන්නේ.(නදී)

:       0       0

හේරත් Saturday, 23 March 2013 01:16 AM

ඕවා මොන කජ්ජක්ද? ගෑනියෙක් මිනිහෙක් කරන්නයි, මිනිහෙක් ගෑනියෙක් කරන්නයි විතරයි බැරි.(නදී)

:       0       0

ගයාන් Saturday, 23 March 2013 01:32 AM

ඇයි මේ ඔක්කොම ලංකාවට විතරක්? වෙන රටවල මේවා වෙලාම නැද්ද? (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 23 March 2013 01:39 AM

යූ.එන් එකේ ඉන්න අයව අවුරුදු දෙකකට වරක් මාරු කිරීඹට යෝජනාවක් ගෙන ඒමට හැකි නම් බොහෝ දුරට ලෝකයේ තිබෙන අර්බුද පාලනය වෙයි.(නදී)

:       0       0

ආනන්ද Saturday, 23 March 2013 01:48 AM

අපේ සමහරුන්ටනම් සතුටු ඇති දැන් (ස)

:       0       0

මාලා Saturday, 23 March 2013 02:15 AM

බොරු දේශප්‍රේමීන් කියන තරම් වරදක් මෙහි නෑ (ස)

:       0       0

ගංගා Saturday, 23 March 2013 02:54 AM

ලංකාව ලෝක සිතියමෙන් අයින් කරන්න හිතා ගෙන ගෙන ආ යෝජනාවක්ද කොහෙද, අසාර්ථක වැයමක් (දී)

:       0       0

පෙරේරා Saturday, 23 March 2013 03:58 PM

කතා කරන්න එපා ඒ ගැන (දී)

:       0       0

සෝමරත්න-මහරගම Saturday, 23 March 2013 04:41 AM

ලගදිම මමත් ජිනීවා වලට පැමිණිල්ලක් කරනවා. කළුතර උතුර පොලිස් ස්ථානාධ්පති මට හරියට කරදර කරනවා. බොරු චෝදනා නගලා නඩු දැම්මා. පොලිස් පතිතුමාටත් කිව්වා, පොලිස් කොමිසන් එකටත් කිව්වා ඒත් මට යුත්කිය ඉටුවෙන්නේ නැහැ. දේශපාලන බලය යොදාගෙන අපිට හරියට හිරිහැර කරනවා. ඒකට තමයි මම ජිනීවා එන්නේ.(නදී)

:       0       0

පිටිගල-මිලානෝ Saturday, 23 March 2013 05:01 AM

ඉන්දීය භාන්ඩ වර්ජනය කරමු.(නදී)

:       0       0

රෝහණ Saturday, 23 March 2013 07:19 AM

කෝ මේකේ කොටි අපිට කල දේවල් නැහැනේ (දී)

:       0       0

පීරිස් Saturday, 23 March 2013 07:50 AM

ලෝක ප්‍රජාව රටේ අයට කරනවා වගේ ගොනාට අන්දවන්න බැහැ.(නදී)

:       0       0

විදුරංග Saturday, 23 March 2013 07:55 AM

මේ යෝජනාවට එකතු කරන්න කොටි ලාංකිකයන්ට කල අපරාධ (දී)

:       0       0

සකු Saturday, 23 March 2013 06:11 PM

කතා කරන්න එපා ඒ ගැන (දී)

:       0       0

රංග Saturday, 23 March 2013 09:31 AM

මේකෙන් ලංකාවට බලපෑමක් කරන්න බැහැ (දී)

:       0       0

හේරත් Friday, 22 March 2013 07:36 PM

කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන් නම් වඩා හොදයි. (නි)

:       0       0

රත්නායක Saturday, 23 March 2013 10:12 AM

ලංකා මාතාවට ජයවේවා, දිගු කල් යෙහෙන් වැජබේවා (දී)

:       0       0

නිමන්ත Saturday, 23 March 2013 06:41 PM

ලංකාව එක්ක මහා කේන්තියෙන් හදපු එකක් (දී)

:       0       0

කළණ Friday, 22 March 2013 08:21 PM

මට නම් වරදක් පේන්නෙ නැහැ. (නි)

:       0       0

බන්දුල Saturday, 23 March 2013 07:25 PM

චීනය.(නදී)

:       0       0

දෝහා Saturday, 23 March 2013 10:31 AM

අපි ලාංකිකයින් වශයෙන් සැමට ආදර්ශමත්ව වැඩකළ යුතුයි. (නි)

:       0       0

රත්නායක Friday, 22 March 2013 09:20 PM

කොටි කල වැරදි වැරදි නොවෙයිද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 264 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 2310 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 794 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 520 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 792 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 526 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38687 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25420 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 282 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 960 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site