එක්සත් ජාතික පක්ෂයේ නියෝ මහ ලේකම් හා ජාතික සේවක සංගමයේ සභාපති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන දේහයට මහින්ද රාජපක්ෂ ජනපති ජා-ඇළ වැලිගම්පිටියේදී අද අවසන් ගෞරව දැක්වීය.
ඔහුගේ අවසන් කටයුතු වැලිගම්පිටිය ශාන්ත ආනා දෙව් මැදුරේ වතාවත් වලින් පසුව ඉරිදා (2) මිහිදන් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව
මොහුගේ හදවත් රෝගයට මුල යම් හේතුවක් නිසා ඇති වූ කම්පනය සහ කලකිරීමද? (නි)
මෙතුමා මොනවා උනත් ජනතාවට සේවයක් කලා. මෙතුමා කරපු සේවය දන්නේ යුද්ද කලේ දුප්පත් මායිම් ගම්මාන වල ජීවත් උන දුප්පත් මිනිස්සු විතරයි. මේ මනුස්සයටත් පාර්ලිමේන්තුවේදී අර තරුණ වනචාරී මන්ත්‍රීලා පහර දුන්නනේ. මෙතුමා පන්සල් පල්ලි දෙකටම එක වගේ වැඩ කරපු හොඳ උගත් දොස්තර කෙනෙක්. 1985 මගේ පියාට අසනීප වෙලා ඉන්දැද්දී ඩොක්ටර් මරදානේ පොඩි ඩිස්පෙන්සරියක් කරගෙන ගියා. අපි ගොඩක් අමාරුවෙන් ජීවතුන නිසා බෙහෙත් වලට සල්ලි නැහැ කිවම එදා ඉඳල තාත්තගෙන් කවදාකවත් සල්ලි ගත්තේ නැහැ. දුප්පත් අයගෙන් සල්ලි ගත්තේම නැහැ. තාත්තා ඊට වසර 20කට පස්සේ මැරෙන වෙලාවෙත් මෙතුමාගේ නම කියල පින් දුන්න. මෙතුමා වැඩ කරේ ප්‍රසිද්ද වෙන්නවත් චන්ද ගන්නවත් නෙමෙයි හදවතින්මයි. මෙතුමාට නිවන් සුව පතනවා. (ස)
සමාදානයේ සැතපේවා ! (ස)
අපි ඔබතුමාට නිවන් සුව පතනවා (නි)
ප්‍රභාකරන් අද සිටියානම් එයත් එනවා ඔබට දෙව් මව් තුරුලට වන් ඔබ සමාදානයේ සැතපේවා කියා කියන්න සමහර විට එහෙදි හමුවන්නත් බෙරිකමක් නැහැ. (අ)
නිවන් සුව ඔබට
දැන් බලනකොට මෙයා තරම් හොද කෙනෙක් ඉදලම නැහැනේ. නියමම ප්‍රතිචාර ටික (නි)
ඔබතුමාට මොක් සුව පතමි! (නි)
හිත හොඳ මිනිස්සු හරි සංවේදීයි. මෙතුමාත් එවන් අයෙක්. සමහර දේශපාලන සංවාද වලදී ඇතැමුන් මෙතුමාව මොන තරම් අපහසුවට පත් කළාද ඒක ප්‍රයෝජනට අරගෙන. ඔබට මොක් සුව ! (නි)
ඔබතුමාට නිවන් සුව පතමි! (නි)
සාමදානයේ සැතපේවා! (නි)
ඔබට නිවන් සුව
දෙව් මව් තුරුලට වන් ඔබ සමාදානයේ සැතපේවා. (ස)
නිහතමානී චරිතයක් (නි)
ඔබට අපගේ ආචාරය. මොක් සුව පතමි. (ත)
දේශපාලකයෝ අතරින් හොද පුද්ගලයෙක්. මම කවදාවත් දැකලා නැහැ තරහා මූනින් ඉන්නවා. දෙව් මව් තුරුලට වන් ඔබ සමාදානයේ සැතපේවා. (නි)
ජාති බේදයෙන් තොර සැබෑ මානව හිතවාදියෙක්. ඔබට මොක් සුව පතමි! (නි)
ඔබ කල සේවය අගය කරමි.දෙව් මව් තුරුලේ ඔබ සමාදානයේ සැතපේවා! (නි)
ජනාධිපති තුමනි ඔබට අපි ගරු කරනවා (දී)
අසාධාරණයේදී සටන්කරුවෙක් වුවත් ඔහු හරිම සංවේදී පුද්ගලයෙක්. සාමදානයේ සැතපේවා! (නි)
ඔබට නිවන් සුව පතමු. (නි)
ඔබතුමාට සුවබර නින්දක්? (ත)
ඔබ තුමාට නිවන් සුව පතමි. (ත)
දෙව්මව් තුරුලේ සැතපේවා. සුර දූතයන් ඇවිත් ස්වර්ගයට ඔබ ගෙන යාවි.(ස)
ඔබ කල දැ අගය කරමි නිවන් සුව ලැබේවා. (ස)