කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට හෙරොයින් සහ ගංජා රැගෙන ගියැයි සැකපිට අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයකු මේ මස 26 දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් අයේෂා අබ්දීන් මහත්මිය අවසර ලබා දුන්නාය.
කමිසයේ හා සපත්තු අස්සේ සඟවාගෙන හෙරොයින් පැකට් දෙකක් රැගෙන යෑමට තැත් කරද්දී බන්ධනාගාර නිලධරයෝ දෙදෙනක් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපුවම තමයි කෝව්ල පහරන්නේ කියලා අපේ සීයා කියපු කතාවක් මතකයට ආවා.(නදී)
ඩයස් මහත්තයාගේ කතාව නියමයි. (නි)
අමතර ආදායමක් බලා ගෙනද දන්නේ නැහැ (දී)
ඊයේ ජේලර් අද සිරකරුවෙක්. කොච්චර ආශ්චර්යවත් දෙයක්ද? (නි)
අනේ පවු අහිංසකයා. (නි)
අන්න එහෙම තමයි ඉන්න ඕනේ (දී)
ඒවාට වග කියන්නේ කවුද දැන් (දී)
තව ඔහොම කී දෙනෙක් ඇද්ද? (නි)
කමිසයෙ හා සපත්තු දෙකේ විතරද බැලුවේ? අධෝ මාර්ගයේ කොපමණ රෑගෙන යනවද කියලා බැලුවද? වැඩිපුර යන්නේ එතනින්. හොදට දන්න නිසා කියන්නේ. (නි)
ඇයි ඔය ජේලර් මහත්තයා කරලා තියෙන්නේ සුලු වරදක්නේ. ලංකාවට කුඩු කිලෝ ගනන් ගෙන්නන අය ඔය නිදැල්ලේ අපුරුවට ඉන්නේ.(නදී)
එයටෙත් පොවන්න ඕනෑ කුඩු, වැරැද්ද තේරුම් ගන්න. (නි)
බොහොම හොද වැඩත්.(නදී)
ඒවා යුතුකම් නොවැ (දී)
දැන් කාටද මේ අවනඩුව කියන්නේ (දී)
බන්ධනාගාරයේ ඉන්න ටික දෙනෙකුගේ වැඩ ඔහොම තමයි. (නි)
කමක් නැහැ....කමක් නැහැ.... (දී)
ඉතින් කොහොමද පුනරුත්තාපනය කරන්නේ (දී)
ආයෙමත් මෙහෙම දේවල් නොකරන්න දෙන්න පුලුවන් උපරිම දඩුවම් දෙන්න. (නි)
එළියට ආපු දවසටත් ඕකම කරාවි. (නි)
ඔහොමද නීතිය හරියට කරන්නේ. මුදලට නීතිය විකුනලා දැන් හොදයිනේ.(නදී)
ඔය එක්කෙනෙක් විතරයි. ඕවගේ තව ගොඩක් ඉන්නවා. පුළුවන්නම් අල්ලන්න.(නදී)