IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ටිකිරි මැණිකේ වටගොඩ පාලම උඩ පීලි පනී

(ප්‍රසාද් රුක්මල්  සහ ශාන්ත චන්ද්‍රසිරි)

කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබූ අංක 1023 ටිකිරිමැණිකේ සීග්‍රගාමි දුම්රිය තලවාකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ වටගොඩ පාලම උඩදී පීලිපැනීමට ලක් වීමෙන් කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය අද (16)කොළඹ කොටුව හැටන් සහ බදුල්ල නානුඔය දක්වා සිමා කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

ටිකිරිමැණිකේ දුම්රිය කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබියදී ඊයේ (15) රාත්‍රි 9.50 ට පමණ මෙසේ  පාලම උඩදී පීලිපැනීමට ලක් වී ඇති අතර ,දුම්රියේ ඉදිරිපස එන්ජිම මෙලෙස පීලිපැනීමට ලක් වී ඇතැයි දුම්රිය බලධාරීන් කීහ .

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේ සහ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ දැනට නවතා තබා ඇති බවත් එම දුම්රිය වලින් පැමිණි මගීන්ට බස්රථ මගින් ප්‍රවාහන පහසුකම් සලසා දීමට කටයුතු සිදු කල බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය .

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ උඩරට මැණිකේ දුම්රිය අද (16) පෙරවරු 6.02 ට නානුඔය දක්වා ධාවනය වූ බවත් , කැලිප්සෝ සංචාරක දුම්රිය බණ්ඩාරවෙල දක්වා ධාවනය වන බවත් කොළඹ බලා ධාවනය වීමට සෙසු දුම්රියන් ප්‍රමාද වී ධාවනය වීමට නියමිත යැයි දුම්රිය බළධාරීන් පැවසූහ .

(ඡායා රංජිත් රාජපක්ෂ)

 



අදහස් (4)

ටිකිරි මැණිකේ වටගොඩ පාලම උඩ පීලි පනී

pakeer Sunday, 16 June 2024 09:05 AM

මගීන්ට මාර අත්දැකමක් වෙන්න ඇති මහ රැ කැලයක් එක්ක තේවත්තක් මැද්දේ කෝච්චිය නතර වුනාම

:       0       5

රංබොඩ Sunday, 16 June 2024 11:11 AM

වැඩ වැරීම , පීලි පැනීම , කැඩීම සහ අනතුරු ....ලෝකෙ කිසිම දුම්රිය සේවයක මේ තරම් තියෙනවද කිය ලා මම නම් නොදනිමි

:       0       12

Perera Sunday, 16 June 2024 12:51 PM

වෙන කොයි රටේද මෙහෙම මාසෙකට දුම්රිය හතරක්, පහක්වත් පීලි පනින්නේ. හේතුව හොයලා බලලා පිළියම් යෙදුවේ නැතිනම් ලොකු විනාශයක් වෙනවා ළඟදීම...!

:       0       5

අමාSunday, 16 June 2024 02:37 PM

හේතුව තමයි 3%...

:       2       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 87 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 953 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 189 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 877 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3543 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2247 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37727 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24866 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site