අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයට සමාන ප්‍රශ්න 18ක් අනුමාන ප්‍රශ්න පත්‍රයක ලබා දුන් බව කියන ටියුෂන් ගුරුවරයාගෙන් ප්‍රකාශයක් සටහක් කර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි. විභාග දෙපාර්තමේන්තු ආරංචි කියනුවේ අද රහස් පොලීසියෙන් විභාග දෙපාර්තමේන්තුවට ද යෑමට නියමිත බවයි. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ විභාග පනත අනුව හැකි ඉක්මණින් විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ විමර්ශනයක් පැවැත් විය යුතු බවයි. විභාග වංචාවක් වී ඇත්දැයි විභාග දෙපාර්තමේන්තුව මූලික පරීක්ෂා කළ යුතු බවත්, සිසුනට සාධාරණය ඉටු වන්නේ එවිට බවත් ස්ටාලින් මහතා කියයි. සබැඳි පුවත් - ප්‍රශ්න 18ක් සමානයි විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවෙලා?
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම වසරකම මේ වගේ සාදුවීම් සිදු වෙනවා. ඒත් මේවන තෙක් ඒවාට ලබා දී තිබෙන්නෙ තාවකාලික පිළියම් පමණයි. අන්තිමට විභාගෙත් දේශපාලන හිතවත්කම් වලට සිද්ධ වෙයි.(ස)
විභාග දෙපාර්තමෙන්තුවත් වල පල්ලටම ගිහින්ද ? (ස)
හරිම අපූරුයි . එතකොට දැන් පරණ සිද්දියක් විතරයි (ස)
මෙයාට ගුරුතුමා කියල කියන්න සුදුසු නෑ මේ වගේ වැඩ කරනවානම් (ස)
ගුරුතුමා අනුමාන කරලා ඇති එයාගෙන් අහන ප්‍රශ්නත්. නියමෙට දෙයි පිළිතුරු තිතටම. (නි)
පළපුරුද්දට නිගරු කිරීමක් (දී)
බුද්ධිමය ප්‍රශ්නයක් (දී)
කවුද අනේ ඔය ගුරු ??? නම දාන්නකෝ බලන්න (ස)
ප්‍රශ්න පත්‍රත් දැන් ප්‍රශ්න වෙලා. (නි)
මේක ටියුෂන් ගුරුවරයා පළි නැහැ. වරද වෙන අංශයක නේද? (නි)
මදැයි කොළා. (නි)
මෙවන් දේ නැවත නොවේවා (දී)
මට මතක නෑ (ස)
මේකේ අදහස් දමන සමහරුන් වැරදිකරුට ආවඩන්නේ ලැජ්ජාවකින් තොරවයි. (නි)
නැවත මෙවන් දෙයක් නොවෙන්න වග බලා ගන්න ( දී)
ගුරුවරයා තම දක්ෂකමින් අනුමාන කර ප්‍රශ්න ලබා දුන්නට එයා මොනවා කරන්නද? (නි)
කවුද දන්නේ ටියුෂන් ගුරාගෙන් කොපි කලාද දන්නේ නෑනේ (ස)
එතකොට ටියුෂන් ගුරුතුමාගේ ප්‍රශ්න විභාග දෙපාර්තමේන්තුව කොපි කරලාද? (නි)
අනේ නෑ . එහෙම වංචාවක් නෑ , දක්ෂ ගුරුවරයෙක්, අපරාදේ කාලේ නාස්ති කරන එක (ස)
වරුණගේ යෝජනාව තමයි මටත් හිතිලා තිබුණේ. මෙයාට නීතිය ඉටුවීමත් අර යකඩ හොරාට ඉටුවුණා වගේ ආශ්චර්යමත් විදියට ඉටුවෙයි. (නි)
මෙවන් දේ නැවත සිද්ද නොවේවා (දී)
අර මක්කටයි දෙකක් අනින්නේ අපොන්සු? (ස)
ප්‍රශ්න පත්‍ර ලංකාවෙ මුද්‍රණය නොකර පිට රටකින් ගෙනනමුද ? එතකොට මේ ප්‍රශ්න නෑනේ (ස)
බය වෙන්න එපා . ලබන අවුරුද්දෙදි 50% අනුමාන කරලා පෙන්නන්න. දක්ෂ ගුරුවරුන්ට පහසු දෙයක් (ස)
තන්හාය ජායතී සෝකෝ (ස)
ප්‍රශ්න සම්බහන්දව දැනුමක් තියෙන්න බැරිද (දී)
දෙකක් ඇන්නේ එහෙම නැද්ද ?(ස)
මීට ඉස්සරත් ප්‍රසිද්ධ ගුරුවරයෙක්ගෙන් ප්‍රකාශ ගත්තා . වැඩක් වුණේ නෑ (ස)