(යොහාන් භාසුර)
බොරතෙල් මෙට්‍රික්ටොන් 99,000 ක් සහිත නෞකාවකට ගෙවීමට ඩොලර් කෝටි 7 ක් හෙවත් රුපියල් කෝටි 2500 කට අධික මුදලක් නොමැති වීමෙන් දින 20 ක කාලයක් කොළඹ වරායට ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබෙන බව බලශක්ති අමාත්‍යංශයේ නිලධාරියකු අද (10) පැවසීය.
මෙම නෞකාව නැංගුරම්ලා තිබෙන දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් ලක්‍ෂ එකහමාරක් ගෙවියයුතු බව කී එම නිලධාරියා ඒ අනුව එම නෞකාවට මේ වන විට ඩොලර් ලක්‍ෂ 30 ක් හෙවත් රුපියල් කෝටි 110 ක් අධික ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුවන බව ද සඳහන් කළේය.
කොරල් එනර්ජි සමාගමෙන් ඇනවුම් කළ ඌරල් නැමැති බොරතෙල් අඩංගු මෙම නෞකාව පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා ශ්‍රී ලංකාවට ළගාවූ බවත් එය නිදහස් කරගැනීමට මුදල් අමාතයංශය සහ භාණ්ඩාගාරය සමඟ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බවත් එම නිලධාරියා කීය.
ඌරල් නැමැති බොරතෙල් වර්ගය ප්‍රමිතියෙන් තොර බවට මේ වන විට චෝදනා එල්ල වෙමින් තිබෙන අතර එවැනි බොරතෙල් වර්ගයක් තව දුරටත් ආනයනය කිරීම සම්බන්ධයෙන් බලශක්ති ක්ෂේත්‍රයේ විවිධ පාර්ශවවලින් විරෝධය එල්ල වී තිබේ.
බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්
නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා වූ තීන්දු තීරණ වලට වැඩිපුරම සතුටු වන්නේ මෙරට විපක්ෂය බව ජනාධිපති අනුර කුමාර දිසාන
මෙරට පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වල (ෆාමසි) ඖෂධවේදීන්ගේ හිඟය ඇතුළු පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වලට වර්තමානයේ මුහුණ දීමට සිදු වී ඇති ගැටළු රාශියකට විසඳුම් සෙවී
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඩොලර් නැතිව බොරතෙල් නැව දින 20ක් මුහුදේ
ravin Monday, 10 October 2022 03:10 PM
කාගේ කොමිස්ද මේ? හෙණ ගහන්න ඕනේ... අපේ සල්ලි වලින් සාක්කුව පුරවා ගත්තාම ඇති...
damneth Monday, 10 October 2022 03:58 PM
මේ බොරතෙල් රුසියාවෙන් ගෙවන ඒවද? රුසියාවෙන් ගෙවන බොරතෙල් නම් අපේ පිරිපහදුවට ගැලපෙන්න ඕනෑ. අපේ පිරිපහදුව ඉදිකළේ රුසියාව...
Asanga Monday, 10 October 2022 04:00 PM
මෙම ගනුදෙණුවලට හවුල් ඔක්කොගෙන්ම පාඩුව අයකරගත යුතුයි.
Hafeel Monday, 10 October 2022 04:23 PM
වත්මන් තෙල් ඇමැති කාංචනට Twitter ඇමැති කියලා නම්කළ එක හරියටම හරි... මේ පාඩුවත් විඳින්න වෙන්නේ රටේ ජනතාවට මිස Twitter ඇමැතිට නොවේ.
සකල ගුරු Monday, 10 October 2022 04:25 PM
මේ නාස්ති කිරීම නැති කරන්න බැරිද? මුදල් සොයාගෙන ඉන්ධන හෝ බොරතෙල් ඇනවුම් කලොත් නාස්තිය නැතිවෙන්නෙ නැද්ද? හිගමනේ සිටිමින් ජනතා මුදල් නාස්ති කරන්න එපා. ඔහොම කළාම පොලියත් සමග විඳවන්න ලැබෙනවා කියලා හිතන්න ඉස්සර කිව්වේ අපායට යන්න ඕනෑ නම් කරන්න ඇමැතිකම එක දවසකට කියලයි.
fairoos Monday, 10 October 2022 04:46 PM
මේ දේශපාලකයින්ට නම් හෙණ 7ම වදින්න ඕනෑ... මේ කරන අපරාධයට.
Dasa P Monday, 10 October 2022 04:57 PM
ආසියාවේ හොඳම මොලයත්, වැඩකරන විරුවාගේ මොලයත් අතර වෙනස සෙන්ටි මීටර වලින් මැනිය හැකි බව මේ පුවතින් මට පෙනී යයි.. ඔහෙලා කොහොමද?
ගමේ එකාලා Monday, 10 October 2022 05:44 PM
එක්ව නැගිටින්න හදන පොහොට්ටුවේ දූෂිත දේශපාලුවන්ට බැරියැ හොරාකාපු ඩොලර් වලින් ඔය මුදල ගෙවාදාන්න. දූෂිත, බලලෝභී, බඩගෝස්තරවාදී දේශපාලුවන් රටට කරපු විනාසේ...?
Samantha Monday, 10 October 2022 08:40 PM
මිස්ට රනිල් රාජපක්ෂ උන්නැහේ මේවා ද මේ රටේ ඉතුරු කරලා ජනතාවට දෙන සහන? හැබැයි මේ රටේ අය කුලප්පු වුණු දවසට පොලිසිය නේවි රුසියානු හමුදාව දාලාවත් බේරෙන්න බැරිවෙයි. අරගලය නවතන්න මිනිස්සු විඳින පීඩාව පුපුරලා ගිය දවසට 225 යන්නේ හොම්බෙන් ඕං..
Lalith M Monday, 10 October 2022 09:53 PM
ඔක්කොටම කලින් යල්පිනූ සපුගස්කන්ද වහල දාන්න...