
(මනෝප්රිය ගුණසේකර)
ඇමෙරිකන් ඩොලර් බිලියනක මුදලක් නීති විරෝධී ආකාරයට රටෙන් පිට කිරීමේ සිද්ධියට අදාල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මෙරට ප්‍රධාන පෙළේ බැංකු හතරක කළමනාකරුවන් සිව් දෙනා ලබන 20 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තබන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් හර්ෂවිතාන මහතා නියෝග කළේය.
මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින් සමග පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල් පෙරේරා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකාර බැංකු කළමනාකරුවන් රිමාන්ඩ් බරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාල විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දන්වන්නැයි පොලිසියට නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Seylan, Sampath, Union and NTB
ඩොලර් නීති විරෝධීව රටෙන් පිට කිරීමට උදව් කරපු එවුන්ට වගේම ලොකු ලොකු මුදලාලිලාට ලොකු ලොකු ගණන්වලින් ණය දීලා, ඒවා බොල් ණය බවට පත්වෙන විදිහට කටයුතු කරලා දෙසැම්බර් මාසය වෙනකොට හැම්පස් සහ තෑගි බෝග ගත්තු අනෙකුත් බැංකුවල වැඩ කරන දූෂිත කළමනාකරුවන් ප්රමුඛ අනෙකුත් වංචනිකයින්ව කවදාද අත්අඩංගුවට ගන්නේ? එගොල්ලොත් කරලා තියෙන්නේ හොඳ වැඩ නෙමෙයිනේ?.