IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


තංගල්ල ප්‍රා සභාපති 6 තෙක් රිමාන්ඩ්

තංගල්ල මැඩිල්ලේ දී බ්‍රිතාන්‍ය පුරවැසියකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවූ  තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු දෙදෙනකු ලබන 6 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් යුරේකා ද සිල්වා මෙනෙවිය විසින් රිමාන්ඩ් කරන ලදී. එදිනට මොවුන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද මහේත්‍රාත්වරිය නියෝග කළාය. රිමාන්ඩ් කළ අනෙක් සැකකරු වූයේ නලගම පදිංචි ඩබ්ලිව් ප්‍රවීන් චතුරංග නැමැත්තාය. මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් පස් දෙනකු රිමාන්ඩ් කර සිටින අතර තවත් සැකකරුවන් තුන්දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.



අදහස් (0)

තංගල්ල ප්‍රා සභාපති 6 තෙක් රිමාන්ඩ්

muheeth Wednesday, 28 December 2011 01:51 AM

ජනාධිපතිතුමා සංචාරක කර්මාන්තය දියුණු කරන්න හදනවිට මේ අය ඒකට විනාශ කරන්න හදනවා

:       0       0

ජේ.රණවීර Wednesday, 28 December 2011 03:23 AM

මේ වගේ අයට ලොකුම දඩුවම් දිය යුතුයි. ජනාධිපතිතුමනි කරුණාකර මෙවැනි අයට සමාවක් දෙන්න එපා

:       0       0

සංකල්ප Wednesday, 28 December 2011 05:57 AM

එල්ලුම් ගහ එන්න ඕනි, මේ වගේ රටේ නම කැත කරන දේශපාලඥයන්ට දඩුවම් කරන්න.

:       0       0

නිවන්ත Wednesday, 28 December 2011 09:04 AM

මේ වගේ අයත් එක්කද ආසියාවේ ආශ්චර්යය කරන්න යන්නේ. ජනාධිපති තුමනි රටේ කීර්තිය වැනසූ මොවුන්ට දඩුවම් දිය යුතුයි

:       0       0

කුමාර් Wednesday, 28 December 2011 11:21 AM

මිනීමරුවෝ ලොකු ලොකු අතු වගෙයි. නීතියට මොකක් වෙයිද?

:       0       0

රංජන් Wednesday, 28 December 2011 01:39 PM

මේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරනයක් ඉෂ්ඨ වෙයිද කියලා සැකයි.

:       0       0

උපුල් Wednesday, 28 December 2011 01:49 PM

අශ්වයා ගියාට පසු ඉස්තාලය වැසීමක්. මුලින්ම නුසුදුසු පුද්ගලයන්ට දීපු අවි ආපසු ලබා ගත යුතුයි. එසේත් නැතිනම් අනවසරයෙන් අවි දීපු උදවියට දැඩි දඩුවම් කළ යුතුයි

:       0       0

සොනාලි Wednesday, 28 December 2011 03:05 PM

සෑම දේශපාලඥයෙක්ම එකයි. ලංකාවේ ක්‍රමය විනාශ කරනවා

:       0       0

පණ්ඩුක Wednesday, 28 December 2011 05:06 PM

මෙයාට මෙයාව පාලනය කරගන්න බැරුව කොහොමද ප්‍රාදේශීය සභාවක් පාලනය කරන්නේ? ලෝකෙටම විහිළු සපයන්නේ නැතිව නීතියෙන් දඬුවම් දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 580 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site