IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


තංගල්ල ප්‍රා සභාපතිටත් ඇප

තංගල්ල වෑ මැඩිල්ල නිවාඩු නිකේතනයක පසුගිය  දා බ්‍රිතාන්‍ය ජාතික ඉසෙඩ් සහීර් (32) ඝාතනය කර ඇගේ පෙම්වතියවූ රුසියා ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩර්ට බරපතල තුවාල කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රගුප්ත ඇතුළු අට දෙනාට රුපියල් පනස් දහසක මුදල් හා රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස තංගල්ල මහාධිකරණ විනිසුරු ලලිත් විජේසේකර මහතා නියෝග කෙළේය. ප්‍රදිප් චතුරංග, ලහිරු කුලුම්, සම්පත් දේශප්‍රිය, එම් සරත් නොහොත් සහන්,  චානුක චතුරංග, නුවන් චින්තක හා නදීර ශ්‍යාමන් සෙසු සැකකුරුවෝය. සෑම මසකම පළමු හා තුන්වැනි ඉරිදා පෙරවරු 9 -12 අතර තංගල්ල පොලිසියේ පෙනී සිටින ලෙසත් සාකකරුවනට කිසිදු බලපෑමක් නොකරන ලෙසත් ඔවුන් සිටින පළාතට නොයන ලෙසත් මහේස්ත්‍රාත් ඔවුන්ට නියෝග කෙළේය.



අදහස් (0)

තංගල්ල ප්‍රා සභාපතිටත් ඇප

චතු Monday, 19 November 2012 03:51 PM

අයියෝ සල්ලි

:       0       0

පනා‍ගොඩ Monday, 19 November 2012 03:42 PM

මේ වගේ අය එක්කද අපි ආසියාවේ ආශ්චර්යය බලන්න යන්නේ? ඔහොම යමු. ඉක්මණින්ම පෙනෙයි. (නි)

:       0       0

බණ්ඩාර Monday, 19 November 2012 10:11 PM

අයියෝ මන්ත්‍රී

:       0       0

තිලක් Monday, 19 November 2012 04:17 PM

මේ වගේ අයට ඇප දීල නම් හරියන්නේ නෑ...කමක් නෑ..නීතියෙන් බේරුණාට සොබා දහමින් ළඟදීම දඩුවම් දෙයි.. (ස)

:       0       0

කීර්ති Monday, 19 November 2012 04:13 PM

මෙහෙම ගිහින් අන්තිමට බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ පවුලේ අයට ‍දඩුවම් කරයිද දන්නෙ නැහැ? (නි)

:       0       0

කීර්ති Monday, 19 November 2012 04:35 PM

බම්බලපිටියේ පාර අයිනේ වවලා තිබුණු බතල අලයක් ගළවපු අහිංසකයෙක් තවම හිරේ නේද? (නි)

:       0       0

බණ්ඩාර Monday, 19 November 2012 04:39 PM

සංචාරකයින්ට හොද පාඩම්... (නි)

:       0       0

නිශාන්ත Monday, 19 November 2012 05:06 PM

කාන්තාවක් දුෂණය කරලා, එයාගේ සැමියව‍ මරලා දැම්මහම නිදහස් කරන එක හරිද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

සම්පත් Monday, 19 November 2012 05:16 PM

කාගේ ගෝලයෝද මේ? දන්නවා ඇතිනේ. (නි)

:       0       0

ජෝස් Monday, 19 November 2012 05:30 PM

මෙහෙම අයට ඇප දෙන්න නරකයි. (නි)

:       0       0

තරුෂ Tuesday, 20 November 2012 06:07 PM

සංචාරක ව්‍යපාරයට දෙවි පිහිටයි. මේ ගොල්ලන්ට රට දුන්නා නම් රටට සෙතක් වෙයි. (නි)

:       0       0

මාරසිංහ Tuesday, 20 November 2012 12:57 PM

අර මන්ත්‍රී කිව්වා වගේ අපි සංචාර ව්‍යාපාරය දියුණු ‍කරන්න ගණිකා වෘත්තිය නීතිගත කරමු (ස)

:       0       0

සුනිමල් Tuesday, 20 November 2012 12:58 PM

සුද්දන්ට එන්න කියමු, ඇවිත් ඉගෙන ගන්න කියමු (ස)

:       0       0

මාලක Tuesday, 20 November 2012 12:58 PM

ඊනියා දේශපාලකයෝ, ආගම් වාදියෝ දැන් කෝ (ස)

:       0       0

අජිත් Tuesday, 20 November 2012 06:39 AM

සංචාරක කර්මාන්තය දියුණු කරන්න කලින් එල්ලුම් ගහ සුද්ධ කරලා ගත්තා නම් නේද හොද? (නි)

:       0       0

උපුල් Monday, 19 November 2012 06:13 PM

රටේ අසිරියද මේ පෙන්නුම් කරන්නේ (ස)

:       0       0

සුනන්ද Monday, 19 November 2012 06:45 PM

පනාගොඩ ඔයාත් ඔය වගේ දේ කරලා කොහොම හරි ඇප මත නිදහස් වුණා නේද? (නි)

:       0       0

බන්දුල Monday, 19 November 2012 07:18 PM

මිනීමරුවන්ට සහ ස්ත්‍රී දූෂකයන්ට නඩු අවසන් වනතුරු ඇප නොදිය යුතු බවයි මගේ අදහස. (නි)

:       0       0

මුතුකුඩ Monday, 19 November 2012 07:06 PM

නඩුකාරයෝ කියන්නෙත් ඇටමස් ලේ නහර වලින් හැදුන උදවිය. (නි)

:       0       0

සරත් Monday, 19 November 2012 02:11 PM

මේ කියන විදියට පිළිපැද්දොත්නම් හරියටම හරි (ස)

:       0       0

සිල්වා Monday, 19 November 2012 02:03 PM

මේ වරදගැන ඉක්මනින් කටයුතු කරන්න (දී)

:       0       0

රවි Monday, 19 November 2012 02:03 PM

වැරදි කරුට දඩුවම් දෙන්න(දී)

:       0       0

සුමිරි Tuesday, 20 November 2012 08:03 PM

නීතිය කාටත් පොදු වෙන්න ඕන (දී)

:       0       0

රනිල් Monday, 19 November 2012 02:14 PM

ඔය මිනිස්සුන්ට මරණ දඩුවම දුන්නේ නැත්තන් අපේ සංචාරක ව්‍යාපාරයට මරු පහරක් ඉදිරි අනාගතේදී. ඒ නිසා ඉක්මනිම නඩු අසා ඔය කට්ටියට ඈතුලට දාන්න.(ස)

:       0       0

බණ්ඩාර Monday, 19 November 2012 08:00 PM

සංචාරකයෝ කෝකටත් පරිස්සමින්. (නි)

:       0       0

වරුණ Monday, 19 November 2012 02:18 PM

හෙට අනිද්දාට තව තව මහා අපරාධකාරයොත් එළියට එයි වගේ. (නි)

:       0       0

රන්දික Monday, 19 November 2012 08:20 PM

වරදට දඩුවම් ලැබිය යුතුයි (දී)

:       0       0

ලුම්බිණි Monday, 19 November 2012 03:05 PM

මේක මෙහෙම වෙන බව අපි දැනගෙන තමයි හිටියේ. බලන්න මීට පස්සේ වෙන්නේ මොකද කියල. (ස)

:       0       0

ඉන්දික Monday, 19 November 2012 03:10 PM

නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. අහිංසක අපිට තමයි ඔක්කොම බර. (නි)

:       0       0

කමල් Monday, 19 November 2012 03:03 PM

අපි බලාපොරොත්තුවෙන් හිටපු විනිශ්චයක්. (නි)

:       0       0

තාරක Monday, 19 November 2012 03:12 PM

ඇයි නිදහස් කලේ ? ඔය වගේ මිනිස්සු අවුරුදු 10 වත් හි‍රේ තියන්න ඕනි (ස)

:       0       0

සනත් Monday, 19 November 2012 09:43 PM

කාට උනත් වැරැද්දට දඩුවම් දෙන්න ඕන (දී)

:       0       0

හසිත Monday, 19 November 2012 09:52 PM

කනගාටුයි මට

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශගුණ බලපෑම් අවම කරන්න කලාපීය ගිවිසුමක්
2024 ඔක්තෝබර් මස 08 4 0

දේශගුණික විපර්යාස වල තීව්‍ර වන බලපෑම් මඟින් අවදානමට ලක්විය හැකි ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රජාවගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා වන කලාප


ඉරාන භූමි කම්පාවලට හේතුව න්‍යෂ්ටික අත්හදා බැලීම්
2024 ඔක්තෝබර් මස 08 377 0

මීට දින කීපයකට, පසුගිය ඔක්තෝබර් 5 වැනිදා රාත්‍රී 10.45 ට පමණ, ඉරානය රික්ටර් මාපකයේ 4.6 ක් ප්‍රබල භූමි කම්පාවකින් දෙදරා ගියේය.


විශ්‍රාමික ග්‍රාම නිලධාරී වෙඩි වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 254 0

කතරගම රජමාවත පදිංචි විශ්‍රාමලත් ග්‍රාම නිලධාරීවරයෙක් ඔහුගේ නිවසේ උඩු මහලේ කාමරය තුලදී හිසට වෙඩි වැදී මියගොස් ඇති බවට පවුලේ සාමාජිකයින් ගෙන් ලැබුණු


ලංකා - රුසියා රේගු සහයෝගිතා ගිවිසුම අත්සන් කරන්න අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 165 0

ශ්‍රී ලංකාව හා රුසියාව අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගීතාවය හා අන්‍යෝන්‍ය පරිපාලන සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ල


පැහැරගත් 63 ක් තවමත් හමාස් ප්‍රාණ ඇපයේ
2024 ඔක්තෝබර් මස 08 196 0

මීට වසරකට පෙර, 2023 ඔක්තෝබර් 7 වැනිදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී, පහර දී ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගිය ඊශ්‍රායල වැසියන් 251


‘චෙි‘ 57 වැනි සැමරුම් වැඩසටහනක් යහලකැලේදී
2024 ඔක්තෝබර් මස 08 379 0

කියුබානු විප්ලවවාදියකු වන අර්නස්ට් චේ ගුවේරා ගේ 57 වන අනුස්මරණ නිමිත්තෙන් වූ සැමරුම් වැඩසටහන මෙරට කියුබානු තානාපති ඇන්ඩෙරේස් මර්චෙලෝ මහතාගේ ප්‍රධාන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39392 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25681 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1143 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site