තංගල්ල වෑ මැඩිල්ල නිවාඩු නිකේතනයක පසුගිය දා බ්‍රිතාන්‍ය ජාතික ඉසෙඩ් සහීර් (32) ඝාතනය කර ඇගේ පෙම්වතියවූ රුසියා ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩර්ට බරපතල තුවාල කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රගුප්ත ඇතුළු අට දෙනාට රුපියල් පනස් දහසක මුදල් හා රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස තංගල්ල මහාධිකරණ විනිසුරු ලලිත් විජේසේකර මහතා නියෝග කෙළේය. ප්‍රදිප් චතුරංග, ලහිරු කුලුම්, සම්පත් දේශප්‍රිය, එම් සරත් නොහොත් සහන්, චානුක චතුරංග, නුවන් චින්තක හා නදීර ශ්‍යාමන් සෙසු සැකකුරුවෝය. සෑම මසකම පළමු හා තුන්වැනි ඉරිදා පෙරවරු 9 -12 අතර තංගල්ල පොලිසියේ පෙනී සිටින ලෙසත් සාකකරුවනට කිසිදු බලපෑමක් නොකරන ලෙසත් ඔවුන් සිටින පළාතට නොයන ලෙසත් මහේස්ත්‍රාත් ඔවුන්ට නියෝග කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනගාටුයි මට
මෙහෙම අයට ඇප දෙන්න නරකයි. (නි)
රටේ අසිරියද මේ පෙන්නුම් කරන්නේ (ස)
පනාගොඩ ඔයාත් ඔය වගේ දේ කරලා කොහොම හරි ඇප මත නිදහස් වුණා නේද? (නි)
මිනීමරුවන්ට සහ ස්ත්‍රී දූෂකයන්ට නඩු අවසන් වනතුරු ඇප නොදිය යුතු බවයි මගේ අදහස. (නි)
නඩුකාරයෝ කියන්නෙත් ඇටමස් ලේ නහර වලින් හැදුන උදවිය. (නි)
සංචාරකයෝ කෝකටත් පරිස්සමින්. (නි)
වරදට දඩුවම් ලැබිය යුතුයි (දී)
කාට උනත් වැරැද්දට දඩුවම් දෙන්න ඕන (දී)
කාගේ ගෝලයෝද මේ? දන්නවා ඇතිනේ. (නි)
අයියෝ මන්ත්‍රී
සංචාරක කර්මාන්තය දියුණු කරන්න කලින් එල්ලුම් ගහ සුද්ධ කරලා ගත්තා නම් නේද හොද? (නි)
අර මන්ත්‍රී කිව්වා වගේ අපි සංචාර ව්‍යාපාරය දියුණු කරන්න ගණිකා වෘත්තිය නීතිගත කරමු (ස)
සුද්දන්ට එන්න කියමු, ඇවිත් ඉගෙන ගන්න කියමු (ස)
ඊනියා දේශපාලකයෝ, ආගම් වාදියෝ දැන් කෝ (ස)
සංචාරක ව්‍යපාරයට දෙවි පිහිටයි. මේ ගොල්ලන්ට රට දුන්නා නම් රටට සෙතක් වෙයි. (නි)
නීතිය කාටත් පොදු වෙන්න ඕන (දී)
මේ කියන විදියට පිළිපැද්දොත්නම් හරියටම හරි (ස)
කාන්තාවක් දුෂණය කරලා, එයාගේ සැමියව මරලා දැම්මහම නිදහස් කරන එක හරිද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
සංචාරකයින්ට හොද පාඩම්... (නි)
බම්බලපිටියේ පාර අයිනේ වවලා තිබුණු බතල අලයක් ගළවපු අහිංසකයෙක් තවම හිරේ නේද? (නි)
මෙහෙම ගිහින් අන්තිමට බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ පවුලේ අයට දඩුවම් කරයිද දන්නෙ නැහැ? (නි)
මේ වගේ අයට ඇප දීල නම් හරියන්නේ නෑ...කමක් නෑ..නීතියෙන් බේරුණාට සොබා දහමින් ළඟදීම දඩුවම් දෙයි.. (ස)
මේ වගේ අය එක්කද අපි ආසියාවේ ආශ්චර්යය බලන්න යන්නේ? ඔහොම යමු. ඉක්මණින්ම පෙනෙයි. (නි)
අයියෝ සල්ලි
ඇයි නිදහස් කලේ ? ඔය වගේ මිනිස්සු අවුරුදු 10 වත් හිරේ තියන්න ඕනි (ස)
අපි බලාපොරොත්තුවෙන් හිටපු විනිශ්චයක්. (නි)
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. අහිංසක අපිට තමයි ඔක්කොම බර. (නි)
මේක මෙහෙම වෙන බව අපි දැනගෙන තමයි හිටියේ. බලන්න මීට පස්සේ වෙන්නේ මොකද කියල. (ස)
හෙට අනිද්දාට තව තව මහා අපරාධකාරයොත් එළියට එයි වගේ. (නි)
ඔය මිනිස්සුන්ට මරණ දඩුවම දුන්නේ නැත්තන් අපේ සංචාරක ව්‍යාපාරයට මරු පහරක් ඉදිරි අනාගතේදී. ඒ නිසා ඉක්මනිම නඩු අසා ඔය කට්ටියට ඈතුලට දාන්න.(ස)
වැරදි කරුට දඩුවම් දෙන්න(දී)
මේ වරදගැන ඉක්මනින් කටයුතු කරන්න (දී)