ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර සිඞ්නි ක‍්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 68 ක පහසු ජයක් ලබා ගැනීමට ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයෝ සමත්වුහ. ඒ අනුව දෙරට අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ඕස්ටේ‍්‍රලියානු පිල තරග 2-0 ක් ලෙස ජය ලැබිය. තරගයේ සිවුවැනි දිනය වු අද (6) ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 468 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දිය පිලේ දෙවැනි ඉනිම ලකුණු 400 කට සීමා විය. බෙන් හිල්පෙනස් ලකුණු 106 කට කඩුලූ පහක් ලබා ගනිමින් ඉන්දිය දෙවැනි ඉනිමේදී වඩාත්ම සාර්ථක වු ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නා විය. ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ට සිය ක‍්‍රිකට් දිවියේ 100 වැනි ශතකය යළිත් වරක් අහිමි වෙමින් ලකුණු 80 කට දැවී ගියේය. තෙන්ඩුල්කාර් සහ වී. වී. එස්. ලක්‍ෂමන් (66) සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 104 ක සම්බන්‍ධතාවක් පැවැත්වුහ. සිවුවැනි කඩුල්ලෙන් පසුව ඉන්දිය පිලේ සෙසු කඩුලූ හයම ලකුණු 129 කදී ලබා ගැනීමට ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ සමත්වුහ. මෙම තරගයේදී ත‍්‍රිත්ව ශතකයක් ලබාගත් මයිකල් ක්ලාක් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. ඉන්දියාව පළමු ඉනිම 191 (විරෙන්ද්‍ර සෙවැග් 30, සචින් තෙන්ඩුල්කාර් 41, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 57, ජෙම්ස් පිටින්සන් 43/4, බෙන් හිල්පෙනස් 51/3, පීටර් සිඞ්ල් 55/3) සහ දෙවැනි ඉනිම 400 (ගෞතම් ගම්බීර් 83, රාහුල් ද්‍රාවිඞ් 29, සචින් තෙන්ඩුල්කාර් 80, වී.වී.එස්.ලක්‍ෂමන් 66, රවිචන්ද්‍රන් අස්වින් 62, සහීර් ඛාන් 35, බෙන් හිල්පෙන්හස් 106/5, පීටර් සිඞ්ල් 88/2) ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම කඩුලූ 4 ට 659 ( රිකී පෙන්ටින් 134, මයිකල් ක්ලාක් නොදැවී 329, මයිකල් හසී නොදැවී 150 )
ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 6 කට ආසන්න වටිනා බී ලූනූ තොගයක් සොරාගත් එම ලොරියේ රියදුරු , සහයකයා ඇතුළු 12 දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව ප
කිතුල් ගසක බැද තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීම හේතුවෙන් කුඩුව ඇවිස්සීමෙන් පසු බඹර ප්‍රහාරයට ලක්ව පුද්ගලයන් 18 දෙනෙකු පමණ තුවාල ලබා පිඹුර රෝහලට ඇතුළු
පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්ලේන්ෆෝල් දියඇල්ලේ පහළ ප්‍රදේශයේ කොටසක් නායයෑමකට ලක්ව තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉන්ජිනේරුවරුන් හා තාක්ෂණික නිලධාරීන් තම සේවා ස්ථානවල රැඳී සිටිය යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්,
වව්නියාව දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂෂා හේතුවෙන් වව්නියාවේ වැව් 125 ක් පමණ මේ වන විට වාන් දමා ඇති අතර වැව් 3 ක් කැඩී ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර
වසර 100 පමණ පැරණි දැවැන්ත මාර ගසක් පුත්තලම අනුරාධපුර මාර්ගයෙ පුත්තලම සිරම්භිඅඩිය ප්‍රදේශයෙදී ප්‍රධාන මාර්ගයට කඩා වැටී ඇතැයි පොලීසිය කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තෙන්ඩුල්කාර්ට 100 වැනි ශතකය අහිමි වෙද්දී ඉන්දිය පිලට ඉනිමක පරාජයක්
අනුර Friday, 06 January 2012 09:46 PM
විශිෂ්ඨටයි ඕස්ට්‍රේලියා, ඉන්දියාවෙ ගෙදර යන්න