තීන්ත ගෑම සඳහා බස්නාහිර පළාත් සභාවේ රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් දී තිබියදී ගම්පහ දිසාවේ පාසල් තුනක පත්න්තිවල තීන්ත ගෑමට එක් සිසුවකුගෙන් රුපියල් 1000 බැගින් එකතු කළ බව දෙමව්පියෝ කියති.
එවැනි එක් පාසලක මව්පියන් පිරිසක් පැවසුවේ තීන්ත ආලේප කිරීමට රුපියල් දහස බැගින් ගෙන එන ලෙස දැන්වූ බවයි. එම මුදල වැඩි බව පැවසුවත් රුපියල් දහසක් ගෙන ඒම අනිවාර්ය කළ නිසා මුදල් දුන් බව කීහ. පන්තියක සිසුන් 40-50ත් අතර ප්‍රමාණයක් සිටින බවත් එක් පන්තියකින් රුපියල් හතලිස් දහසත් පනස් දහසත් අතර ප්‍රමාණයක් එකතු වන බවත්, පන්තියක තීන්ත ආලේප කිරීම සඳහා රුපියල් දස දහසක්වත් නොයන බවත් කීහ.
තවත් පාසලක දෙමාපියන් පිරිසක් පැවසුවේ තම දරුවන් හිෂ්‍යත්වයෙන් හය ශ්‍රේණියට ඇතුළත් කරද්දී පහසුකම් හා සේවා ගාස්තුවලට අමතරව විවිධ හේතු දක්වමින් රුපියල් 4000ක් එකතු කළ බවයි. ඉන් අනතුරුව තීන්ත ගෑමට මුදලක් අවශ්‍ය බවත්, ඒ සඳහා මුදලක් යෝජනා කරගෙන එකතු කර ගන්නා ලෙසත් පන්තිභාර ගුරුවරු දෙමාපියනට කී බවත්, දෙමාපියන් දෙදෙනෙක් ඉදිරිපත් වී රුපියල් දහසක් යෝජනා කර ස්ථිර කර ගත් බවත්, අන් අයට ඇහුම්කන් නොදුන් බවත් පැවැසූහ.
ගම්පහ වෙනත් පාසලක දෙමාපියන් පිරිසක් පැවසුවේ සෑම සමකම යම් යම් දේ කියමින් මුදල් එකතු කරන බවයි. පාසලේ ගොඩ නැගිල්ලක් සෑදීමට පොළක් පවත්වන බව කියමින් රුපියල් 800ක භාණ්ඩ ගෙන ඒම අනිවාර්ය කළ බවත්, දැන් තීන්ත ආලේප කිරීමට බව කියමින් නැවත රපියල් දහස බැගින් එකතු කරන බවත්, සෑම දෙමාපියකුටම එක හා සමානව මුදල් දීමේ හැකියාවක් නැති බවත් දෙමාපියෝ කියති.
පසුගියදා කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා මාධ්‍ය හමුවකදී පැවසුවේ එලෙස මුදල් එකතු කිරීම නීති විරෝධී බවයි.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ මෙලෙස මුදල් අය කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවයි. තමන් කෙතරම් විරෝධතා දැක්වුවත් මෙය දිගින් දිගටම සිදු කළ බවත්, හොරණ සිද්ධිය නොවන්නට එය යට යනු ඇති බවත් ඔහු කීය. හිතු මතේ මුදල් අය කිරීම චක්‍රලේඛ මගින්ම තහනම් කර ඇති බව කී ස්ටාලින් මහතා එලෙස සිදුකරන්නේ නම් ඊට විරුද්ධ වීමේ අයිතිය දෙමාපියන්ට ඇති බව ද කීය.
ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් කේ මල්ලවාරච්චිමහතා පැවසුවේ ඒ ගැන සොයා බලන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ගම්පහ අත්තනගල්ලේ පාසැලක්. අපි ළමයිට හැමදේම නොමිලේ දීලා උගන්නනවා.(නදී)
රටට දෙවියන්ගේම පිහිටයි. (නි)
මට නමි හිතාගන්න බැහැ කොහොමද රුපියල් ලක්ෂයකින් මුළු ඉස්කෝලෙකම පාට ගාන්නේ කියලා. (නදී)
මම යන කාලේ නමි ගත්තේ රුපියල් 100 යයි.(නදී)
ගාමු ගාමු අන්තිමට නාගමු. (නි)
මාතර පැත්තෙත් 350ක් එකතු කළා. (නි)
කිසිම පලක් නැති, කාලය, ශ්‍රමය, මුදල් අපතේ යන, අම්මලා එන්නේ ගෙදර දුවන්න බලාගෙන, එහෙන් මෙහෙන් තීන්ත ගා අවසානයේ තාත්තලා කිහිප දෙනෙක් මුලු බරම අරගෙන, මුදල් එකතු කරපු අය තමක්ගේ දේවල් කරගෙන, අහිංසක දෙමාපියන්ගේ මුදල් නාස්ති කරන එකයි කරන්නේ. මේවා වහාම නවත්තන්න ඕන. විනිවිද භාවය රැකිය යුතුයි. (ස)
මොන පිස්සුද මුණූබුරෝ. අපි ඉස්කෝලෙ යන කාලෙ පි අරගෙන ගියේ කලු ලෑල්ල කලු කරන්න ඕනෑ දේවල් විතරයි. (නි)
අපි ළමයිට සියල්ල නොම්ලේ දීලා උගන්නනවා. ඇවිත් බලන්න අපි ගමිපහ අත්තනගල්ල විදුහලක්.(නදී)
කැලනියේ ප්‍රසිද්ද පාසැල් දෙකක ඉගෙනගන්න මගේ දරුවන් දෙන්නට රුපියල් 1500/= ගානේ රැපියල් 3000/= අරගෙන තිබුනා.(නදී)
මගේ පුතා ඩී.එස් එකේ ඉද්දි හැම අවුරුද්දෙම රැ.2000/= එක ළමයෙක්ගෙන් තීන්ත ගාන්න කියලා ගන්න අතරම අපි ගිහින් තීන්ත ගාන්නත් ඕනා. තීන්ත ගාන්න අවශ්‍ය උපකරන වගේම දිවා ආහාරයත් අපි රැගෙන යනවා. (නදී)
එහෙම කරන්න එපා, අහිංසක ළමයි තමයි එන්නේ ඉගෙන ගන්න, හැම දෙමවුපියන්ටම එක වගේ සල්ලි නැහැ (දී)
මම පාසැල කියන්නේ නැහැ එත කොට දරුවට් හොද නැහැනේ .මාත් 1000 දීල අාවෙ තීන්ත ගන්න කියලා .පතියේ 40 ක් විතර ඉන්නවා. ඒ මදිවට තීන්ත ගාන්න යන්න ඕනේ. ඒ මුදල් අරං කුලිකාරයෙක් දාල ගෑවනම් හරිනේ ... (ස)
අද ප්‍රසිද්ධ පාසලකට ලමයෙක් පලමු වසරට දාන්න පාසල ලග උනත් ලක්ෂ 2ක් දෙන්න ඕනා, දන්නේ නෑති නිසයි අහන්නේ ...ඒ ගෑන පාස් කරපු චක්ක්‍රලේකනයක් තියෙනවාද...අවම ගාස්තුව ලක්ෂ 2 යි කියලා... වගකිවයුතු අධ්‍යාපනයෙ ලොකු තෑනගේ අවදානය පිණිසයි. (ස)
නීතියක් තියෙන්නේ ඒකට තමයි (දී)
දෙමවුපියන්ට තියෙන්නේ පාසලින් ලිපියක් ලබාගන්නයි. (නි)
ගමිපහ විතරක් නෙමෙයි මේක ලංකාවේ හැම තැනම සිද්ද වෙනවා.(නදී)
ඒ උනාට තවම සල්ලි එකතු කරනවා (දී)
සුනිල්, ඔයා හරියටම හරිත අද ලංකාවේ සත්‍ය කතා කරන්නවත නිදහසක් නැහැ. (නි)
අතිගරු ජනාධිපති තුමා ප්‍රකාශ කර ඇති පරිදි ඉතා ඉක්මනින් මේ මගඩි ක්‍රියාව නැතිවෙලා යාවි. ඒ මදිවට පරණ පත්තර, ප්‍රශ්ණ පත්තරවලටත් කියා මාස් පතා මුදල් එකතු කරනවා. පත්තර මොකටද? ආන්ඩුවෙන් නොමලේ දෙන පොත ගැන විශ්වාසයක් නැද්ද? (නදී)
කමක් නැහැ. අධ්‍යාපනයට 6%ක් වෙන් කරලානෙ තියෙන්නේ. (නි)
තීන්ත ගාන්න මුදල් එකතු කරණව විතරක් නොවෙයි, එයට අමතරව තීන්ත ගාන්නත් දෙමව්පියොත් යන්න ඕනෙ. මේක පාසල් තුල සිදුවන විසාල වංචාවක්. නමුත් කවදාවත් ඔප්පු කරණ්න බැහැ. මොකද මේ කිසිම මුදලකට රිසිට් පතක් ලබානොදෙන නිසා. එයට අමතරව පාසල් තුල සිදුවන මානුසික හිරිහැර කිරීම් වන, ගවුම ටිකක් කොට නම් ගවුම ඉරීම, කොන්ඩය ටිකක් වැඩිනම් කතුරක් අරගෙන කොන්ඩය අතනින් මෙතනින් කැපීම, බලෙන් අල්ලා දැලි රැවුල කැපීම වැනි නොයෙකුත් දේ සිදුවුනත් දෙමව්පියෝ නිස්සබ්දව විඳ දරාගන්නවා. මොකද මේවට කතා කළොත් තම දරුවන්ට හිරිහැරයක් සිදුවෙයි කියලා. රජය මේ සම්බන්දයෙනුත් සොයා බැලිය යුතු බවයි මගේ හැඟීම.(නදී)
රුපියල් දාහා ගානේ ගේන්න කිව්වා කම් ගුරුවරයගේ ගෙදරත් ගාල ඇති. ගිහින් බලන්නකෝ.(නදී)
මගේ දරුවෝ දෙන්නත් යන්නේ ඒකට. හැබැයි බිත්තිවල, ඩෙස්ත් බංකුවලට තින්ත ගාන්න කියලා සල්ලි ගන්නවා හැම අවුරුද්දකම.(නදී)
නොමිලේ දෙනවයි නියූ අධ්‍යාපනය දැන් විකුනාගෙන කනවා.(නදී)
මම දන්න තරමින් මොනම පාසලකටවත් සල්ලි හම්බවෙලා නැහැ. (නි)
ලබන අවුරුද්දේ ඉදලා සල්ලි එකතු නොකර කුණු පිරිච්ච ඩෙස් බංකු පාවිච්චි කරන්න. (නි)
මේවට කතාකලොත් සුදු වෑන් එයි අපිව හොයාගෙන.(නදී)
විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 6%ක් අධ්‍යාපනයට වෙන්කරන්න කියලා තියෙද්දී පොළවේ පස් කාලා ඒවා එපා කියපු කට්ටියට දැන් මොකද දන්නෙ නැහැ හිතෙන්නේ? (නි)
සමහරක් දෙමාපියොත් ඉන්නවා කැපී පෙනෙන අදහසින් මේ වගේ දේට සහය දෙන, කිවත් වගේ අනෙක් දෙමාපියෝ අසරන වෙලා ඉන්නේ මුකුත් කර කියා ගන්න බැරිව.(ස)
මීගමුවේ නගරයේ තියෙන පාසැලකත් හැම අවුරුද්දෙම සල්ලි එකතු කරනවා. 2013-01-24 මම ගෙවිවා රුපියල් අටසීයේ ඒවා දෙකක්.(නදී)
කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලට මම තීන්ත වලට රුපයල් දාහත් ගෙව්වා.(නදී)
මමත් ගෙවුවා රුපිය්ල 500ක්. (නි)
මම රුපියල් 950 ක් දුන්නා මීගමුව පැත්තේ විදුහලකට. (නි)
පාසල් වලට දෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවෙනකොට විදුහල්පතිගේ ගෙදරින් ගෙනැල්ලා වියදම් කරන්නද අපේ කට්ටිය කියන්නේ? (නි)
මෙවන් රටක නිදහස් අධ්‍යාපනය ගැන කතා කරලා ඵලක් නැහැ. (නි)