ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ සංචාරය නොකරන ලෙස රජය ශ්‍රී ලාංකිකයනට නිකුත් කළ උපදේශනය අද (9) සිට ඉවත් කළ බව විදේශ අමාත්‍යාංශය කියයි මේ වන විට ලාංකිකයින්ට සංචාරය කළ හැකි සුදුසු හා ආරක්‍ෂාකාරී වටපිටාවක් තමිල්නාඩුවේ පවතින බවත්, තමිල්නාඩුවට පැමිණෙන ලාංකිකයින්ගේ ආරක්‍ෂාව සුරැකීමට මිල්නාඩු ප‍්‍රාන්ත රජය හා තමිල්නාඩු මහ ඇමැතිනිය දුන් සහතිකය හේතුවෙන් එම සංචාරක උපදේශනය ඉවත් කළ බව එම අමාත්‍යාංශය කියයි. තමිල්නාඩු ප‍්‍රාන්තයේ තාන්ප්වුර් හි පූර්ණිමාතා පල්ලිය නැරඹීමට ගිය ලාංකික බැතිමතුන් 184 ක් යුතු නඩයකට එල්ල වූ ප‍්‍රහාරයක්, ඇතුළු තමිල්නාඩුවේ සංචාරය කළ ලාංකිකයින් කීප අවස්ථාවකදීම මුහුණ පෑ අප‍්‍රසන්න සිදුවීම් සැලකිල්ලට ගනිමින් ඉකුත් සැප්තැම්බර් 03 වැනිදා සිට විදේශ අමාත්‍යාංශ කියා සිටියේ එහි නොයන ලෙසයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාමට මෙන්ම ගුටිකෑමටද අවශ්‍ය වේ. (නි)
ඔව් ඉතින් අපේ අයටත් එහෙ නොගිහින් ඉන්න බැහැනේ (නි)
මේ පින් බලයෙන් ජයලලිතාට ඉක්මන් සුවය ලැබේවා! (නි)
යන්න එපා (ස)
ඔවුන් අපිව ආරක්ෂා කරනවා කියන්නේ අපිට ආදරේට නෙවෙයි චෙන්නයි වල අයට වැඩිපුරම ලාභ ලබන්න පුළුවන් ලාංකික වන්දනා නඩ වලින්. දැන් කට්ටිය චෙන්නයි යන්නේ නැති නිසා පාඩුව ඔවුන්ටමයි. අපි පුළුවන් තරම් තමිල් නාඩුවට යාමෙන් වැලකි සිටිය යුතුයි (ස)
අපේ කට්ටිය කියයි, ගුටිකන්නේ අසරණ වන්දනාකරුවෝනේ .ඊට පස්සේ කියයි ආපහු යන්න එපා කියලා (ස)
ඇත්ත ඇත්ත. යන්න නම් එපා. එයාලව තඹ දොයිතුවකටවත් විශ්වාස කරන්න එපා. (නි)
මොන නාඩුව විශ්වාස කලත් ඔය නාඩුව විශ්වාස කරන්න ටිකක් අමාරුයි මොකද?.ලංකාව කී වතාවක් අමාරුවේ දැම්මාද ඔය නාඩුවේ කට්ටිය.දුන්නාට වඩා හොද ගුටි මුරයක් දෙන්න මාන බලනවාද සැකයි.යන්නම උවමනානං යන්න හැබැයි කාල නං එන්නත් එපා. කන්න යන්නත් එපා.(නු)
යන්න එපා. ඒ අයට දැනෙන්න අරින්න ඕනෑ අපිත් කොන්දක් තියෙන සිංහලයින් බව. (නි)
තහනම ඉවත් කළ තැනැත්තා පළමුව ගොස් පැමිණිය යුතුයි. (නි)
ලක් මවගේ අගය දැනෙන්න නම් සියලු ලාංකිකයෙක්ම වෙනත් රටකට ගොස් බැලිය යුතුයි. (නි)
ඒ උනාට කමක් නැහැ යන්න එපා.. ගුටිකෑවට පස්සෙ කියයි අපට හරි කණගාටුයි කියලා.. ඉන්දියාවට යන්න ඕන ම නං යන්න දිල්ලි ගයා වගේ තැන් වලට..! (නු)
තමිල්නාඩුව අපිට ඕනෑම නැහැ. දැන් කරන්න තියෙන්නේ මිහින් ලංකා හරහා ජෙරුසලමට අඩු වියදමකින් පැකේජ් එකක් හදන එක. (නි)
ඒ වුනාට හේතුව ඉවත් කරලා නෑ නේද? තමිල්නාඩුවේ කොටි තවම එහෙ ඉන්නවා. ගිහින් ගුටි කාලම බලන්න. (නු)
ආණ්ඩුව එහෙම කිව්වට තව දැනෙන්න අරිමු.. (නු)
එහෙම කිවුවට ඒ අයට තව ටිකක් දැනෙන්න අරින්න ඕනෑ. (නි)
තවදුරටත් ඒ තහනම තිබුණොත් හොඳය. වෛකෝ ඉන්නකම් යන්න එපා කියලයි මම නම් කියන්නේ. (නි)
කොහොම වෙතත් ඒක හොද දෙයක්. (නි)
සෑම් හරි. සියල්ල අවසානයේ දෙපස නායකයින් කියාවි කණගාටුයි කියලා. (නි)
යන්තම් ඇති. මම මේ කරවල ටිකක් ගන්න තැනක් නැතුව හිටියෙ. (නි)
මට එයාගේ වචන එච්චර ෂුවර් නැහැ. (නි)
මේක විශ්වාස කරන්නත් අමාරුයි. (නි)