කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මංගල්‍යය වෙනුවෙන් අද රාත්‍රී වනවිට තමිල්නාඩුවෙන් පන්දහසක් ද ශ්‍රී ලංකාවෙන් දෙදහසක් ද බැතිමත්හු පැමිණ සිටිති.
මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙය ඉරිදා උදේ 7.00 ට පැවැත්වීමට සියල්ල සූදානම්කැර ඇත.
තමිල්නාඩුවෙන් තවත් 7000 ක් පමණ එතියි නාවික හමුදාව කියයි. තමිල්නාඩුවේ වන්දනාකරුවන් ඇතුළු සියළුදෙනාට නාවික හමුදාව ආහාර නවාතැන් සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් සලසයි.
උතුරු නාවික හමුදාව භාර රියර් අද්මිරාල් ඩී.එස්.දළුවත්ත මහතාගේ අධීක්ෂණයෙන් මෙම කටයුතු සිදුවේ.
යාපනයේ දූපත් සමූහයේ ශ්‍රී ලංකාවට වඩාත් ඈතින් සහ ඉන්දියාවට වඩාත් සමීපව පිහිටි දූපත වන්නේ කච්චතිව් දූපතයි. වර්ග සැතපුම් 1.5 ක් පමණ විශාලත්වයකින් යුතු මෙම දූපත ඩෙල්ෆ්ට් දූපතට සමීපව පිහිටා ඇත. වසර 200 ක් පමණ පැරණියැයි විශ්වාස කැරෙන ශාන්ත අන්තෝනි දේවස්ථානය මෙහි පිහිටා තිබේ. ස්ථිර වාසස්ථාන නොමැති දූපතේ සිටින්නේ ධීවර ප්‍රජාව පමණි. අතීතයේ ඉන්දීය සහ ශ්‍රී ලාංකික ධීවරයන් විසින් තම කටයුතු සඳහා මෙම දූපත භාවිතා කැර ඇත.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලෝ අපිව හැපුවත් අපි බල්ලන්ව හපන්නේ නැහැ. (නි)
ඇත්තටම සැදැහැවත් සිතින් ආවා නම් හොදයි. (නි)
බල සේනාවට අපි මේක කියමු. (නි)
මෙවන් ක්‍රියාවන් ජාතික අවශ්‍යතාවයන් වේ. (නි)
අපිට මෙවන් වටිනා වූ සංස්කෘතියක් තිබීම පිළිබදව සිංහලයින් වශයෙන් අපි ආඩම්බර වියයුතුයි. (නි)
අපේ බොදු බල සේනාව මේ ගැන මොකද කියන්නේ? (නි)
අනුන්ගේ වැරදි හොය හොයා විවේචන කර කර ඉන්නවට වැඩිය තමන් හරි දේ කරන එකයි මේ වෙලාවේ කළ යුත්තේ. (නි)
ජීවක මේකටත් ආගම්වාදේ ගාවන්නද යන්නේ (ස)
බල සේනාවට බැරිද මේ වෙනුවෙන් යමක් කරන්න? නිකන් හරියට උද්ඝෝෂණයක් වගේ. (නි)
මේවා බලලාවත් අපිට කරන කෙණෙහිලිකම් අඩු කරනවා නම් කොච්චර හොදද? (නි)
මෙම ස්ථානයේ පන්සලකුත් ඉදිකළා නම් හොද නැද්ද? (නි)
මේක කොච්චර අමාරු වැඩක්ද කියලා මම අත්දැකීමෙන් දන්නවා..ගිය අවුරුද්දෙ ඔය උත්සවයට මමත් නාවික හමුදාව වෙනුවෙන් සම්බන්ද උනා...හැම දේම ලස්සනට ලන්කාවෙ නම රැකෙන විදිහට සිද්ද උනා..වෙන දෙයක් නෙමේ එහා කොන මෙහා කොන පේන මේ වගේ දුපතක මේ තරම් ජනකායකට බොන වතුර ටික පවා ලබාදෙන1 මාර අභියෝගයක් උනා..එත් නාවික හමුදාවෙන් කෑම ,බීම ඇතුලුව සියලුම පහසුකම් උපරිම විදිහට ලබා දුන්නා..අන්තිමට අපේ නැවුවල පාවිච්චියට තිබුන වතුර ටික පවා දුන්නා.. ආගමික භක්තිය වෙනුවෙන් මේ මිනිස්සු ලොකු ජීවිත අවදානමක් ගන්නවා..පොඩි මාලු බෝට්‍ටුවල ගෑනු,මිනිස්සු ,පොඩි ලමයි 50-60 පුරවගෙන එන්නේ...කච්චතිවු උත්සවය කියන්නේ ලන්කාවෙ මිනිස්සුන්ගෙ ආගන්තුක සත්කාරය පෙන්නන හොදම අවස්තාවක්... (ස)
අපි ආගන්තුක සත්කාර අතින් පෙරමුණේ සිටින රටක්. අපේ ජාතික ධජය ලෙලදෙන්නේ ඒ නිසයි... (ස)
කච්චතිව් ගියා වගේ හිතට දැනෙනවා.. ලංකාදීප පුවත් පතට ස්තුතියි...! (ස)
මේක හොඳ අවස්ථාවක් ලාංකිකයන්ගේ මනුස්සකම එයාලට තේරුම් ගන්වන්න. උපරිම පහසුකම් දෙන්න. ලංකා මෑණියන්ට ජයම වේවා !! (ස)
හිල්මි, ඇයි ඔයා එහෙම කියන්නේ කච්චතිව් කියන්නේ අපේ උරුමයක් ඔයා ජයලලිතට කඩේ යනවද?? (ස)
අනේ මේ අයට කාගේ පිළිසරණයක්ද? (නි)
එයාලා මෙහේ ආවේ වීසා වලින්ද? දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. (නි)
සංචාරක වීසා ගතයුතුයි නේද? එයයි නීතිය. (නි)
අපි ගහන්නේ නැහැ එන්න (දී)
අපිට නොසැළකුවාට කමක් නැහැ. අපි ඔවුන්ට හොදට සළකන්න ඕනෑ. (නි)
ඉතාම හොද පුවතක්. මෙවැනි පුවත් වලට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් දෙන්න ඕනෑ. (නි)
පේනවා නේද තමිල්ණාඩුවෙයි ලංකාවෙයි වෙනස? (නි)
මෙම දූපතේ අයිතිය මෙසේ තහවුරු වීමට මෙම පල්ලියෙන් ලැබුණේ ලොකු පිටුවහලක්. (නි)
අපිට ඔය සැලකිලි තියනවද ඉන්දියාවට ගියාම ? ලංකාවටම ආවේණික උන අගන්තූක සත්කාර තියන නිසා හොදයි.(නදී)
මේක තමයි ජීවිතය. අපි කවදාහරි මැරෙනවා. කරන හොද පමණයි ගෙනියන්නේ. (නි)
අපේකම ගැන මට හරිම සතුටුයි. (නි)
ආගන්තුක සත්කාර කෙසේ වෙතත් බලාගෙන! කොටි හෙවනැලිත් ඔය අතර ඉන්න පුලුවන්. (නි)
වන්දනාකරුවන් සියළු දෙනා බැතිමත් සිතින් ශ්‍රී ලංකාවට පැමිණි නිසා, වන්දනාකරුවන් සියළු දෙනා ඇතුළු නාවික හමුදාවට ශාන්ත අන්තෝනි පිගිට! (නි)
මේවාට යන වියදම දරන්නේ කවුද, කොහොමද කියලාත් අපි දැනගන්න කැමැතියි. (නි)
කච්චතිවු දූපත තමිල්ණාඩුවට දුන්නොත් නරකද? (නි)
ලංකාවෙන් දඹදිව යන බැතිමතුන්ට මොනතරම් හිරිහැර කළාද? ඒත් මේ තමිල්නාඩු මිනිස්සුම තමයි. මේ එන සේරම නැවත පිටත් වේවි නේද? (නි)
ඇයි අපිට මේ පහසුකම් නැත්තේ ? (නි)
සියලුම දෙනාට ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ පිහිටයි. අපි කණගාටු වෙනවා අපිට යාමට නොහැකිවීම ගැන. (නි)
කෑම බීම ඉදුම් හිටුම් විතරක් නෙවි අතින් ගානක් දුන්නත් පාඩු නෑ . අඩියෙන් අඩිය සිංහ කොඩි ගහල තියෙන හැටි හරිම ලස්සනයි.(නදී)
මටනම් බයක් සැකක් තියෙනවා. සැලසුම් සහගතව 10.000 ක් 15,000 විතර ඇවිත් කච්චතිවි වලින් යන්න බැහැ මේක අපේ කිවිවොත් මොකද කරන්නේ.(නදී)
ජය ලලිතට එන්න කියමු, මේවා බලන්න කියමු, බලලා ඉගෙන ගන්න කියමු.(නදී)
කවුරු කොහොම කිව්වත් අප විදේශිකයින්ට දක්වන සත්කාර ඉතා ඉහලයි. අපි සියළු දෙනා ආගම් භේදයෙන්, ජාති භේදයෙන් තොරව ඒ සම්බන්ධව අවංකව සතුටු විය යුතුයි.(නදී)
ආව ගානම ආපහු යවන්නත් වග බලාගන්න ඕනි. නැත්තම් ලෙඩේ තමා.(නදී)