IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


තෙල් මිලේ තීන්දුව අද

(අජන්ත කුමාර අගලකඩ)

ඉන්ධන මිල ඉහළ දමන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (24) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී අවසන් තීරණයක් ගනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. ඉන්ධන මිල තීරණය කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් සකස් කරන ලද මිල සූත්‍රය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා අද ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව ඉන්ධන මිල ඉහළ දමන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අද අවසන් තීරණයක් ගනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඉන්දියන් තෙල් සමාගම පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් ලංකා ඛණිජ තෙල් සංස්ථාව දිනකට රුපියල් මිලියන 39 ක පමණ අතිරේක පාඩුවක් ලබන බව ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

මේ තත්ත්වය තුළ සංස්ථාවේ කටයුතු පවත්වාගෙන යාම බරපතළ ගැටලුවක් බැවින් විසඳුමක් ලබාදෙන්නැයි ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා මුදල් අමාත්‍යාංශයෙන්ද ඉල්ලීමක් කර තිබිණි.

එම ඉල්ලීම් සම්බන්ධයෙන් අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තීරණයකට එළැඹෙනු ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

අලුත් අවුරුද්දෙන් පසුව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (24) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්වේ.



අදහස් (11)

තෙල් මිලේ තීන්දුව අද

lalithsjm Tuesday, 24 April 2018 06:26 AM

ඔය සාකච්චා ඔක්කොම කරන්නේ තෙල් මිල ඉහල දාන්න බව කව්රුත් දන්නවා. එහෙම නැතිව ආණ්ඩුවට සුර සැප විදින්න සල්ලි කෝ ??

:       36       202

සතයපාල Tuesday, 24 April 2018 06:34 AM

රටේ ජනතාව ඉතාම අමාරුවෙන් ජීවත්වන මොහොතක තෙල්මිල ඉහල දැමීමෙන් රටේ බඩුමිල තවත් වටයකින් ඉහල ගොස් ජනතාව දැඩි අසීරුතාවයට ලක්වෙනවා. ඒ නිසා ඉන්ධන සදහා පනවා ඇති අධික බදු මුදල් අඩු කිරිම හෝ මහා භාණ්ඩාගාරය විසින් එම මුදල් ප්‍රති පූර්ණය කිරිම කලයුතුයී.

:       1       82

sisira Tuesday, 24 April 2018 06:48 AM

අපි හරි අමාරුවන් ජීත්වන්න ඒ හින්ද ඉන්ධන වැඩිකරන්න මොකද පාර්ලිමේන්තුව අලුත්වැඩියා කරන්නත් සල්ලි ඕනනේ

:       77       30

Hafeel Tuesday, 24 April 2018 06:52 AM

මතකද ඉන්දියන් තෙල් සමාගම එදා මිල ඉහල දැම්ම අවස්ථාවේ අර්ජුන රණතුංග ඇමතිතුමා කිව්වා ඉන්දියන් තෙල් සමාගම මිල ඉහල දැම්මද, ලංකා ඛණිජ තෙල් සංස්ථාව කිසිසේත්ම ඉහල දමන්න නැහැ කියලා. ඒ මොහොතේ මම මෙම පිටුවේ සඳහන් කළා උපරිම සති දෙකකින් හෝ මාසයක්තුල තෙල් සංස්ථාවත් තමන්ට පාඩු කියමින් ඉහල දාවි කියලා. ඕක තමයි මේ රටේ සිරිත.

:       12       219

Mahee Tuesday, 24 April 2018 08:13 AM

අපට ඉස්කෝලෙදි ආර්ථික විද්‍යාව උගන්නපු සර් කිව්වේ අපුර්ණ තරඟයකදී කෙනෙක් මිල ඉහල දානකොට එයාගේ ඉල්ලුම අඩුවෙනවා, එතකොට ඒ වෙළෙන්දාගේ පාරිභෝගිකයෝ අනික් සැපයුම් කරු වෙතට යොමුවෙනවා කියලා. දැන් ඉන්දියන්කාරයෝ මිල ඉහල දැම්මහම වාහන හිමියෝ සංස්ථාව වෙතට යොමුවෙන්නේ නැද්ද, එතකොට සංස්ථාවේ ඉල්ලුම වැඩිවෙලා වැඩි ආදායමක් ලැබෙන්නේ නැද්ද? එහෙම නම් මේ ඉන්දියන් කාරයෝ මිල ඉහල දැම්මහම අපට පාඩුයි කියල සංස්ථාව අඬන්නේ ඇයි? මං නොදන්නා හින්දයි මේ අහන්නේ?

:       0       0

Nuwan Tuesday, 24 April 2018 08:34 AM

සංස්ථාවේ කටයුතු පවත්වාගෙන යාම බරපතළ ගැටලුවක් නම් ඕක වහල දාන්න, සුදුසුකම් ඇති අය වෙන රස්සා හොයගනී , මැති ඇමති හෙන්චයියල පාරට වැටෙයි

:       0       208

rama Tuesday, 24 April 2018 09:11 AM

අනේ වැඩි කරන්න ඕවා මහජනතාවට ප්‍රස්නයක් නෙවේ. 62% ජනතාව මහා බැංකුව කැඩීමත් අනුමත කලානේ. ඔක්කොටම විසදුම පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ තෙල් නිකුතුව අඩු කලා නම් හොඳයි. වාහනත් අඩු කරන්න ඕන.

:       35       100

අසා Tuesday, 24 April 2018 09:56 AM

ඉන්දියන් තෙල් සමාගම මිල ඉහල දැම්ම හේතුවෙන් ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ විකුණුම් ප්‍රමාණය වැඩි විය යුතුය. ඒසේනම් ඛණිජ තෙල් සංස්ථාව පාඩු ලබන්නේ කෙසේද?.

:       0       24

susantha Tuesday, 24 April 2018 11:34 AM

සත්‍යපාල, පිස්සු කතා කරන්න එපා. බදු නොගහ කොහොමද ඇමතිවරුන්, මන්ත්රිවරුන් නඩත්තු කරන්නේ? ඒ අයට සුපිරි වාහන ගන්නේ? අලුත් මැතිවරණ ක්‍රමයෙන් හැටහුටහමාරක් වෙනකන් වැඩිකරපු පළාත් පාලන සභාකයන් නඩත්තු කරන්නේ? අලුත් මැතිවරණ ක්‍රමයෙන් ළඟදීම ඩබල් වෙන පළාත් සබැ මන්ත්රිවරුන් නඩත්තු කරන්නේ? අ මේ උතුමන්ලව නඩත්තු කරන්න බදු වැඩි කරන්නයි ඕනේ - අඩු කරලා කොහොමද?

:       0       217

anil Tuesday, 24 April 2018 11:36 AM

සත්‍යපාල, බදු නොගහ කොහොමද මහා බැංකුවේ මංකොල්ලේ පාඩුව පියව ගන්නේ? ඩොලර් බිලියන ගණන් ණය පිට ණය අරන් කිසි සංවර්ධනයක් නොකර ඒ ණය නිකන් නැති නාස්ති කරලා දාන ඒවායේ පොලිය (ඇහැට නොපෙනෙන සංවර්ධනේලුනේ), ණය වාරික ගෙවන්නේ?

:       0       7

guru Tuesday, 24 April 2018 01:25 PM

තෙල් මිල ඉහළ නැංවීමට උත්සාහ නොකරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අද සවස එකෙන් පසු තද වැසි
2025 අප්‍රේල් මස 22 112 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 2274 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 680 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 228 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 556 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 960 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 516 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 293 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site