පෙට්රල්, ඔටෝ ඞීසල්, සුපිරි ඞීසල් සහ භූමිතෙල් මිල ඉහළ නැංවූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියයි.
විසි දෙවැනිදා මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් තුනකින් ඉහළ නංවා ඇති අතර ඒ අනුව ඔක්ටේන් 90 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් එකසිය පනස් නවයේ සිට රුපියල් එකසිය හැට දෙක දක්වා ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් එකසිය හැට හතේ සිට එකසිය හැත්තෑව දක්වා ද ඉහළ දමා ඇත.
ඔටෝ ඞීසල් ලීටරයක් රුපියල් හයකින් වැඩිකර ඇති අතර එය රුපියල් එකසිය පහලොවේ සිට එකසිය විසි එක දක්වා වැඩි වී තිබේ.
සුපිරි ඞීසල් ලීටරයක් රුපියල් තුනකින් වැඩිකර ඇති අතර එහි නව මිල රුපියල් එකසිය හතලිස් පහකි.
කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් එකසිය එකොළහේ සිට එකසිය පහලොව දක්වාද ඉහළ දමා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනයා අමාරුවේ (දී)
සේනාවට කියලා උද්ඝෝෂනයක් කරන්න. නැතිනම් ජීවන වියදම අඩුකරන්න.(නදී)
සිංහල ජන ගහනය වැඩි කරන්න කියන ආගම් වාදීන් කෝ... (ස)
අර කාන්තාවන්ට රට යන්න එපා කියව උදවිය කෝ.(නදී)
මේ දවස් එක එක දේවල් අල්ලන්න එක එක සංවිධාන කරලියට ඇවිත් තියෙනවා. මේ වගේ යටි අරමුණු වන්නේ රටේ මෙවැනි ප්‍රශ්න අමතක කරවීමයි.(නදී)
තව වැඩිකරන්න. අපිට දැනෙයි.(නදී)
තිලක් ඔයා ඩුබයි වලදි උපයන මුදලුත් එක්ක රුපියල් 35.00 කියන්නේ අතිශයින් සාමාන්‍ය ගානක්. ලංකාවේ වතුර බෝතලයක් රු. 60.00යි (ස)
මිනිස්සු කොහොමද සාදාරණ විදියට ජීවත් වෙන්නේ.(නදී)
දැන් හැම දේම මිල වැඩි වෙයි (දී)
ලෝකේ තියෙන විශාලම ඇමති මන්ඩල, නියෝජ්‍ය ඇමති මන්ඩල නඩත්තු කරන්නත් මේවා ඉහල නොදමා බෑනේ.(නදී)
රට මේචචර දියුණු වෙලා තියෙද්දීත් ඒ දියුණූව දකින්න බැරි කුහකයො කොච්චර නම් ඉන්නවද? (ස)
නියමයි, ඩුබායි, අබුඩාබි වල පෙට්රල් ලීටර් එකක් රුපියල් 32.50 යි වතුර ලීටරයක් රුපියල් 35 යි.(නදී)
රට විරුවනේ. ඔබලා අපේ රටට ගෞරවයක්. ඔබ ශ්‍රෙෂ්ටයි. තවත් චිරාත් කාලයක් රටම ඉන්න ලැබේවා.(නදී)
මේක ඉහල යනවා විතරද? (දී)
ජයවේවා! ඔහොම යමු.(නදී)
යුද්දේ තිබුනා නම් මීට වැඩිය හොදයි.(නදී)
සවුදි වල පෙට්‍රල් ලීටරයක මිල 0.55 . රැපියල් 18 ටත් අඩුයි... වතුර ලීටරයක මිල රියාල් 01 යි. රුපියල් 34 (ස)
ප්‍රභූ මැති ඇමතිවරුන්ගේ වියදම් ගැනත් බලන්න එපැයි. එයාලා නැති වුණොත් මේ රට කරන්නේ කවුද? (නි)
කොහොමද ඉතින් අනාගතය ගැන හිතලා ප්‍රජාව බෝ කරන්නේ. අහස උසට බඩු මිල ඉහල නගිද්දී (ස)
තෙල් මිළ අමතක වෙන්නත් එක්ක කරමුකෝ මොනාවහරි. (නි)
මේකත් ජාත්‍යන්තරයේ කුමන්ත්‍රණයක්... (ස)
වහල් වැඩක් හරි කරගෙන පුළුවන් තරම් කාලයක් කොහේ හරි රටකට වෙලා ඉන්න තමයි වෙන්නේ අපිට (ස)
දැන්නම් ලංකාවේ මිනිසුන්ට සනීපෙට නින්ද යයි (ස)
අයියෝ සල්ලි (දී)
ඔන්න කළා වැඩේ (දී)
ජයවේවා.. ජයවේවා .. නියමයි දැන් ටික දවසකින් බස් ගාස්තුත් ඉහල යයි. නියමයි,.... (දී)
අනේ අහිංසක අපි (දී)
අපේ අයට මේවා මතක සතියයි..!(නු)
නියමයි නේද? අනේ අපේ බඩට විදිනවා.(නදී)
රට දියුණු වුනාට වැඩක් නැහැ. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තරමට වියදමනේ.(නදී)
තව ඉස්සරහට මැරෙන්න තමයි වෙන්නේ.(නදී)
එන්න එන්නම අපි කන බත් වෙල් ගණන අඩු වෙනවා මේ වැඩ නිසා (දී)
ජවිපෙ ට පින්සිද්ද වෙන්න තමයි ඔය රුපියල් තුනකින් හා හයකින් වැඩි කරලා තියෙන්නේ. නැත්නම් අපිට පොලොවෙ පස් කන්න වෙනවා.(නදී)
නියමයි, ඩුබායි, අබුඩාබි වල පෙට්රල් ලීටර් එකක් රුපියල් 20 යි. වතුර ලීටරයක් රුපියල් 35 යි.(නදී)
රට මේචචර දියුණු වෙලා තියෙද්දීත් ඒ දියුණූව දකින්න බැරි කුහකයො කොච්චර නම් ඉන්නවද? (නි)
දැං මේවා සාමාන්‍ය දේවල් වෙලා.. කවුරුවත් මේ ගැන කතා කරන්නෙත් නැහැ.!(නු)
ආණ්ඩුව කියනවා පාඩුයි කියලා.. ඒ උනාට අවුරුද්දෙ ලාභයයි කියලා බෝනස් දෙනවා.. තෙල් විතරක් නෙමෙයි ඔක්කොම පාඩුයි..!(නු)
අනේ පඩිත් වැඩි කරන්නකෝ (දී)
මිට සමගාමිව සියල්ල වැඩි කරන්න (දී)
ලෝකවෙලද පලේ වැඩි වෙලාලු තෙල් මිල (දී)
අනේ හොදයි........ (දී)
බස් ගාස්තු විතරක් නෙමේ හඅම දෙයක්ම ගණන් යාවි. ඇයි දුප්පතාටම මෙහෙම කරන්නේ (ස)
කල් තියලා කියුවෙත් නැහැනේ බොරතෙල් මිල වැඩි වෙලා කියලා (දී)
දැන් ඉතින් බස් ගාස්තුත් නංවයි. (ස)
කාට කියන්නද මේ දුක අපේ පඩිත් පොඩ්ඩකින් හරි කමක් නැහැ වැඩි කරලා දෙන්න (දී)
මක් කොරන්නද ඉතින්. රටට වෙච්ච දෙයක්.(නදී)
මම 2007 ඉදලාම ඉන්නේ කටාර් වල. මෙහේ තෙල් මිළ බැලුවහම මෙහේ මිනිස්සු හරිම වාසනාවන්තයි. (නි)
ඔන්න ඔන්න ආශ්චර්යය... (නි)
දුප්පතාට බුදු සරණයි! (නි)
මේක තමයි හසන්ත මහත්තයෝ ආශ්චර්යය කියන්නේ. (නි)
මේක තමයි හසන්ත මහත්තයෝ ඓස්චර්ය කියන්නේ.(නදී)
දැන් ඉතින් අපිත් තෙල් නිධියක් හොයගන්න එක තමයි හොදම දේ. (නි)
වැඩි කිරීමට හේතු දක්වන්නේ නැතෙයි? (නි)
අලුතෙන් වැඩි කරපු මිළ දාලා කලින් ගාපු තීන්තවත් තවම වේළිලා නැතුව ඇති මගේ හිතේ. (නි)
වහල් වැඩක් හරි කරගෙන පුළුවන් තරම් කාලයක් කොහේ හරි රටකට වෙලා ඉන්න තමයි වෙන්නේ අපිට. (නි)
නියමයි. අපි ලබන සැරේත් මේ අය පත්කරමු. (නි)
අනේ යුද්ධය තිබුණා නම් මීටවැඩිය හොදයි වගේ. දැන් මැරෙන්න වෙන්නේ කන්නේ නැතුව. (නි)
බොහොම හොදයි තව තව වැඩිකරන්න අපට දැනෙයිද කියලා බලන්න.(නදී)
ශ්රී ලංකා ඓස්චර්යය!. එහෙම නේද අපේ හාමුදුරුවනේ.(නදී)
දැන් අධිවේගී මාර්ග හදනවානේ. ඒක වෙන්න ඇති.(නදී)
දියුනු ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට ලබා දිම.(නදී(
අපිට මොකෝ ! වැඩි කරල අපිට දන්නයි!(නදී(
තව වැඩිකරන්න බලන්න අපට දැනෙයිද කියලා බලන්න..!(නු)
අපි තව 250ක් පාර්ලිමේන්තු යවමු..!(නු)
සිංහල අවුරුද්දෙන් පස්සේ තව මොනවා වෙයිද දන්නෙ නැහැ..!(නු)
තව අවුරුදු කීයක් රට ඉන්න වෙයිද අනේ අප්පා..!(නු)
බොහොම හොදයි දියුණුවේ ප්‍රතිඵල අහන්නත් සතුටුයි.!(නු)
යටත් වැසියන් වශයෙන් අපේ රජයට ජය වේවා! (නි)
වාහන පාවිච්චි කරලත් ඉවරයි. අනේ මන්ද, හැම තැනදිම තැවෙන්නේ කුලී වැඩ කරන මනුස්සයා තමා. මේවා ලොකු අයට තේරෙන්නේ නැති එකයි හිතට දුක. (ස)
ලෝක වෙළද පොළේ තෙල් මිළ ඉහළ ගිහින් තියෙනවද? (නි)
ලබන සතියේ විදුලි බිලත් ඉහළ ගියහම කොහොමද සැප? (නි)
වෙනසක් තියෙන්න එපෑ සතියකට සැරයක්වත් (ස)
කොටි බෝම්බයකට එකපාරම මැරිලා ගියා නම් මීට වඩා සැපයි කියලා හිතෙනවා. (නි)
හදවතට දැනෙන සතුට ප්‍රකාශ කරන්න වචන නැහැ මට. (ස)
මම ලංකාවට ඇවිල්ලා බක්කි කරත්ත හදන්නයි හිතාගෙන ඉන්නේ. හරක් නම් ඉතින් ඕනෑතැම් ලංකාවෙන් හොයාගන්න පුලුවන්නේ. (නි)
අනේ යුද්ධය තිබුණා නම් මීටවැඩිය හොදයි වගේ. දැන් මැරෙන්න වෙන්නේ කන්නේ නැතුව(ස)
අර සමහර කාල වලට නම් තෙල් ළිං සමහර පැති වල මතුවෙනවා නේද? (නි)
අපි මේක සේනාවට කියමුද? (නි)
බොහොම හොදයි.,!(නු)
දැන් මේකට එක එක විසදුම් පෙන්වයි. රැවටෙන්න නම් එපා. (නි)
මේක අමතක වෙන්නත් එක්ක මොකක්හරි කරමුකෝ. (නි)
මේකට මොකද දැන් කරන්නේ? (නි)
මෙහෙමත් රටක්! (නි)
මෙහෙම මිළ වැඩිකරන්න නම් ආණ්ඩුවක් මොකටද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ඇයි දන්නෙ නැහැ තෙල් මිළ ඉහළ දාන්නේ? (නි)
අනේ මෙහෙමත් හිතෙන හිතෙන වෙලාවට වැඩි කෙරුවොත් අහිංසක මිනිස්සුන්ට තව මොනවද වෙන්නේ.(නදී)
ඇමතිතුමන්ලාට නම් ඕක දැනෙන්නේවත් නැතුව ඇති. (නි)
ඉන්ධන මිල නැවත වරක් ඉහළ නැංවූ දැමුවාට සැරදේවා ! අපගේ උපහාරය මෙසේ පුද කරමු.(නදී)
ලංකාවට ආපහු එන්න හිතුවා විතරයි. (නි)