තිස්සමහාරාම බෝගහපැළැස්සේ ළමා නිවාසයක මුවාවෙන් ඌරු කොටුවක ඌරන් ළමයින් ලවා මසට මැරීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එහි කේ ඒ දයාරත්න පාස්ටර්වරයා අත්අඩංගුවට ගැනීමට ළමා රක්ෂණ අධිකාරිය තිස්සමහාරාම පොලීසිය සමග එහි ගොස් ඔහුගේ කටඋත්තර ලියා ගනිමින් සිටියි.
ළමා රක්ෂණ අධිකාරියෙන් එන බව සැලවීමත් සමග ළමයින් වෙනත් තැන්වලට යවා ඇති බවත් කියති.
ළමා රක්ෂණ අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය මේ වැටලීමට පොලීසියේ සහාය ලබා ගත්තාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක් (ද)
උසස් නිළධාරීන් මේ ගැන මුකුත් කරන්නෙ නැද්ද? (නි)
හුගක් පුද්ගලයින්ගේ ඇතුලාන්තයේ සත්‍යතාව මෙයයි. (නි)
එතුමා පාස්ටර්වරයෙක් වුණේ ඔය ඌරු කොටුව දාගන්නමද දන්නෙ නැහැ. (නි)
කරන කලට පව් මිහිරිය මි සේ (දී)
සුළු දෙයක්නේ. එයාලට පවු සමාකරගන්න පුළුවන්නේ. ඉතින් ඇයි බය වෙන්නේ? (නි)
මොහු මුදල් වලට ආගම මාරු කළ කෙනෙක්ද? (නි)
මෙම පුද්ගලයා සල්ලි හම්බ කරන්න ආගම මාරු කළ කෙනෙක් වගෙයි. නම කියවනකොට එහෙම තමා පෙනෙන්නෙ. (නි)
ඔය පාස්ටර්ව ඌරොත් එක්කම ඌරු කොටුවේ දාලා තියන්න ඕනෑ. (නි)
සිරානි කියලා තියෙන දේ ඇත්ත. (නි)
කරන කොට නම් හිතුවේ නැහැ මෙවන් දෙයක් වේවි කියලා (දී)
බුදුන් සරණ යන්නට සැමටම ආරාධනා! (නි)
සිරානි , අපරාධයක් වෙනවා කියල ඔප්පු කරන්නත් සාක්ෂි ඕනෑ. කරුණු නොදැන අපහාස කිරීමෙන් කරුණාකර වළකින්න. (නි)
ළමා නිවාස වල කටයුතු අයිති පරිවාස නිළධාරීන්ටයි. (නි)
ළමයින්ට නවාතැන් දීමක් පමණයි මෙතනින් වෙන්නේ, ළමයින් හොද මගට ගැනීමක් සිද්ද වෙන්නේ නැහැ (දී)
බෞද්ධ නමක් කොහොමද පාස්ටර් කෙනෙකුට වැටෙන්නේ? (නි)
මිනිසුන් රවටලා ඒ අයගේ සල්ලි මංකොල්ලකන පාස්ටර්වරුත් ඉන්නවා. (නි)
අපෝ මේ මොන අපරාධයක්ද (දී)
කොහොමටවත් අනුමත කරන්න බැරි වැඩක් (දී)
පාස්ටර් ඌරෝ මරන්න ඇත්තේ ලංකාවේ පන්සිල් නොරකින හාමුදුරුවරුන්ටයි බෞද්ධයින්ටයි කන්නද දන්නෙ නැහැ. (නි)
සිවුරට මුවාවෙන් ස්ත්‍රී දූෂණ කරන අපේ කට්ටියත් එක්ක බැලුවහම පාස්ටර් කරලා තියෙන්නේ සුළු දෙයක්. (නි)
සිරානි, ඔයා ලංකාවේ හිටියා නම් ඒ සිද්ධිය ගැන ඔහොම කතා කරන්නේ නැහැ. ඔයා කියනවා රාවතාවත්තේ සිද්ධිය යට ගැහුවලු පරීක්ෂණ වලට වෙච්චි දෙයක් නැහැලු. එතකොට 2011 දෙසැම්බර් 15 වෙනිදා නඩුවක් විභාග කරලා ඒකෙ විත්තිකරුවන් නිදොස් කර නිදහස් කළා කියලා ඔය දන්නේ නැද්ද? නොදන්න දේවල් ගැන දැනගෙන කතා කරන්න පුරුදු වෙන්න. (නි)
නම බැලුවහම හිතෙන්නෙ ආගම පස්සෙ මාරු කළ කෙනෙක් වගෙයි. (නි)
පාස්ටර් කෙනෙක් වෙලත් තියෙන්නේ සිංහල නමක්නේ. අපිට මෙහෙම නිගා කරන්න එපා. (නි)
මේ පාස්ටර්ගේ පශ්චාත් ප්‍රදේශයේ ප්ලාස්ටරයක් අලවලා බඩ සුද්ධ වෙන්න බෙහෙත් දෙන්න කියලා මම යොජනා කරනවා. (නි)
අන්න හරි....අන්න හරි.... (දී)
ආත්ම ගානකට පව් කරගෙන (දී)
නිතිය ක්‍රියාත්මක කරන්න, නැවත මෙවන් දේවල් නොකරන්න (දී)
වරදට නිසි දඩුවම් දෙන්න (දී)
ළමයි තමයි අසරණ වෙන්නේ හැමතැනින්ම (දී)
ගොනා හැරෙනකොට කියන්න පුළුවන් මොකටද හැරෙන්නේ කියලd ඔහොම යමු ඔහොම යමු.(නදී)
කළා මදිවට බොරුත් කියන එකනේ ඉවසන්න බැරි (දී)
ඒකනම් හොද වැඩක්, මෙතන වැරැද්ද තියෙන්නේ ළමයින් මේකට සභාගි කර ගත එක (දී)
වැරදිකරුවන්ව දහ අට මාසයකට ඌරු කොටුවකට යවන්න ඕනෑ. (නි)
වැරදිලාවත් හාමුදුරු කෙනෙක්ගෙන් වරදක් වුණා නම් අද ඉතින් හැම මාධ්‍යයකින්ම කියාවි. හාමුදුරුවන්ගේ පින්තුරේ පවා පළකරාවි. පුලුවන්නම් දන්න ඔය කියන පාස්ටෙර්ගේ ෆොටෝ එකක් ලෝකෙටම පෙන්නන්න. (නි)
නීතියෙන් සැගවී ආගමට මුවා වූ මෙවැනි ආයතන කොතොකුත් ඇත.(නදී)
දවල්ට ඌරෝ මැරුවට එයාලා රෑට පවු සමාකර ගන්නවානේ. (නි)
මතකද මොරටුව පැත්තේ ළමා නිවාසයක් වටලලා වෙච්ච දේ. අරකට්ටිය සියල්ල වර්ජනය කරනවා කිවුවා පරීක්ෂණ එහෙම පිටින්ම යට ගියා. බාලවයස්කාර බඩදරු අම්මල හෙමත් හිටිය කියලයි කිවුවේ. ඒ වගේම කිරිකැටි දරුවොත් හිටියාලු. කිසිදු දෙයක් උනේ නැහැ පරීක්ෂනත් තැනැ.(නදී)
ඕක මොකද්ද? පාප් වහන්සේටත් විරුද්ධව චෝදනා තියෙන්නෙ.... (නි)
කොහොමද කට්ටියගේ වැඩ? අපිට තමයි බණ දේශනා කරන්න එන්නේ. (නි)
කුමාරගේ යෝජනාවට මමත් කැමැත්ත ප්‍රකාශ කරනවා. (නි)
මේවට මුල ලංකාවේ නීතිය දේශපාලකයින් විසින් හැසිරවීම.(නදී)
සත්තු මරන්න ළමයින්ව යොදා ගත්තේ මොකද (දී)
අපි අහන දේවල් දකින දේවල්වලට වඩා වෙනස්.(නදී)
හා හා දිනේෂ්, එහෙම කියන්න එපා. අපි දකින දේවල් අහන දේවල් වලට වඩා වෙනස්. (නි)
"ළමා රක්ෂණ අධිකාරියෙන් එන බව සැලවීමත් සමග ළමයින් වෙනත් තැන්වලට යවා ඇති බවත් කියති" මේක කොහොමද වෙන්නේ? ඉස්සෙල්ලාම මේ ව්ස්තර ටික ගියේ කොහොමද කියලා හොයන්න. පාස්ටර්ට ප්‍රථම මේ අයට දඩුවම් දෙන්න (නි)