2011 ඔක්තෝබර අට වැනි දා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුම්න්ද සිල්වා අද අලුයම එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය.
ඔහු රැගෙන යෑම සදහා ප්‍රාඩෝ වර්ගයේ වාහන හතරක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අංගනයට පැමිණ ඇති බවත්, ඔහු එම වාහන වලට ගොඩවී ඇත්තේ රෝද පුටුවක ආධාරයෙන් බවත් දැනගන්නට ඇත.
අසාධ්‍ය තත්ත්වයෙන් විශේෂ ගිලන් ගුවන්යානයකින් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට රැගෙන ගිය දුමින්ද සිල්වා පසුගිය ජනවාරි තෙක් රෝහලේ ප්‍රතිකාර ලැබීය. සැත්කම් කිහිපයකට ලක්වූ ඔහු ඉන් පසු වෙනම විවේක ස්ථානයක කල් ගත කළේය.
ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනයට ලක්වූ වෙඩිතැබීමේදී ඔහුට ද වෙඩි වැදී බරපතල තුවාල සිදු විය.
ඝාතන පිළිබඳ නඩු විභාගයේදී රහස් පොලීසිය අධිකරණයට දැන්වූයේ එදා මුල්ලේරියාවේදී සිදුවූ කිසිවක් මතක නැති බව දුමින්ද සිල්වා කියා ඇති බවයි.
ඔහු මුලින්ම ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කරනු ලැබීය. සිංගප්පූරු රෝහලට ඇතුළු කැරුණේ 2011 නොවැම්බර් පළමුවැනිදා ය.
දුමින්ද සිල්වා ඇතුළු සැකකරුවන් 13න් දෙනකුට එරෙහිව නඩු පවරණ ලෙස නීතිපති පසුගිය 19 වැනිදා රහස් පොලීසියට උපදෙස් දුන්නේය.
මිනීමැරීම, කුමන්ත්‍රණය කිරීම, මිනීමැරීමට තැත් කිරීම හා නීති විරෝධී ජනරාශිය යන චෝදනා යටතේ රහස් පොලීසිය ඔවුනට එරෙහිව නඩු පැවරීය.
භාරත ලක්ෂ්මන් වෙඩි තබා ඝාතනය කරයි
දුමින්ද බලන්න රට වෛද්‍යවරු එති
දුමින්ද ගැන අදත් ප්‍රශ්න මතුවෙයි
භාරත ලක්ෂ්මන් මිනී මැරුමේ පහකට ඇප
”දුමින්ද මාසේ අන්තිමට උසාවි එනවා”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුන්දේ කාලා වෙන දේ බලාගෙන ඉමු.(නදී)
වැඩක් නැහැ මොකුත් මතක නැහැනේ (දී)
මටනම් මොකුත් මතක නැහැ (දී)
ඉක්මන් සුවය ලැබේව (දී)
ගොඩාක් කාලෙකට පස්සේ (දී)
අපේ මිනිහෙක්නේ. ඔන්න ඕක අයින් කරලා දාන්න.(නදී)
කාලෙකට පස්සේ නැවත කතා කරන්න මාතෘකාවක් (දී)
එතකොට අර හිසෙහි කොටසක් නැහැ කියලා එයාගේ නීතිඥ මහත්තයා කිව්වා නේද? දැන් කොහොමද දන්නේ නැහැ.(නදී)
නඩු තීන්දුව දැනටමත් හැමෝම දන්නවා ඇත.(නදී)
දැන් මෙයාට මොන ඇමතිකම දෙයිද දන්නේ නැ .මෙච්චර කල් සිංගප්පුරුවේ හෝටලේ හිටියට ගෙදරින් ගෙනිච්ච සල්ලි හොඳ ගානක් ඉවර වෙලා ඇතිනේ.(නදී)
දැන් ආයෙත් හොද හොද සෙල්ලම් බලන්න පුලුවන්. (නදී)
හරිම ලේසි වැඩේ මතක නැහැ කියන එක විතරයි තියෙන්නේ (දී)
මෙයා ආපු එක නෙමෙයි ප්‍රශ්නේ. මහජනතාවගේ බදුවලින් ගෙවන පඩි, ලැබෙන වරප්‍රසාද ඒ විදියටම ලැබෙන්න සලස්වන්න. අපි වෙනුවෙන් තමයි ඔහු වෙඩ්කෑවේ. (නදී)
තවම පැම්පර්ස් අන්දනවා.(නදී)
කිසි දෙයක් මතක නැත්නම් කට උත්තර ගන්නේ කොහොමද? අහිංසකයින්ට කරදර කරන්න එපා. මෙය ආසියාවේ ආස්චර්යයි.(නදී)
අළුත් මොලයක් මාරු කරලද දන්නේ නැහැ.(නදී)
උදේ පාන්දර ලේ කෝප වෙනවා.(නදී)
ඉක්මනටම මන්ත්‍රීකම අහෝසි කරලා දාන්න. මෙයාට කිසිම දෙයක් මතක නැහැ.(නදී)
පොලිසීයේ මහත්තයෙක් පැත්ත පළාතේවත් ඉන්නේ නැතුව ඇති.(නදී)
දන්නැති නිසයි අහන්නේ මතක නැති වෙන, මෙඩිකල් කන්ඩෙම් අයට රජයේ රැකියා, පාර්ලිමේන්තු මන්ත්‍රීධූර දරන්න පුළුවන්ද?(නදී)
දැන් සරියා නීතියනේ ඒ නිසා ටිකක් පරිස්සමින්.(නදී)
මතකද ලංකාව කියන්නේ මොකද්ද කියලා (දී)
හොරෙන්ම ඇවිල්ලනේ (දී)
මම කියන්න ඕනෙද ඊළගට කරන්න ඕන දේ (දී)
ඔහු දැන් සැක කරුවෙක්. අත්අඩංගුවට ගන්න (දී)
මොකද්ද එදා උනේ කියලා අහල බලන්න (දී)
අත්අඩංගුවට ගන්න (දී)
අළුත් මොළයක් මාරු කරලද දැන්? (නි)
අපි දන්නව ඊළගට වෙන දේත්. ජයවේවා! (නි)
මම ඉතින් කියන්න ඕනේ නැහැනේ කරන්න ඕන දේ (දී)
ආපහු යයි කියලා පුවතක් පලවෙයිද දන්නේ නැහැ හෙට අනිද්දට (දී)
කරපු බිස්නස් ගැන මතකද?(නදී)
දූෂණ, භීෂණ කියන කොටස් මොළයෙන් ඉවත්වෙලා නම් හොදයි. (නි)
දැන් මෙයා සැක කරුවෙක් නේද (දී)
බලන්නත් ආසයි (දී)
කෝ බලන්න මාව අදුරනවාද (දී)
මගේ සුන්දර මවුබිමට පිළිගන්නවා! (නි)
කවුරු උනත් මිනිහෙක්නේ, ඉක්මන් සුවය ලැබේවා (දී)
අමතක උනාට කරන්න දෙයක් නැහැ, නිතිය ක්‍රියාත්මක කරන්න (දී)
කලින් කියුවේ නැහැ නේද (දී)
නීතියෙන් බේරුනත් කවදා හෝ කල කම් පල දේවි. ඒක මෙතුමට පමණක් නොවේ කාටත් සිදුවන ස්භාවික ධර්මතාවයක්. (දී)
පවු අහිංසකයා.... (නි)
ප්‍රාඩෝ විතරද ආවේ. ලැම්බෝගිනියක් එහෙම ආවේ නැතිද?(නදී)
මට නම් මතක නැහැ මිනිහව. කව්ද ඇත්තටම ඒ.(නදී)
මේ කව්ද? මට නම් මතක නැහැනේ.(නදී)
හිරුනිකා මෙනවිය බලාගෙන. මෙතුමාගෙන් නම් තර්ජන එන එකක් නැහැ. ඒ වෙනුවෙන් පෙනී සිටින වෙනත් අය මාර්ගයෙන් ඔබට බලපෑම් එල්ල කරන්න පුළුවන්.(නදී)
අවශ්‍ය විදියට පරිසරය හදලා මෙයා ලංකාවට ගෙන්නුවා. ඔහොම යං. ඔහොම යං.(නදී)
සැත්කමේදී එලියට ගත්ත උන්ඩ කොටස් උසාවියට ගේන්න කිව්වා මතක නැති වුනාද මන්දා.(නදී)
වෙන කෙනෙක් ආවා නම් සැකකරුවෙක් වෙලා ගුවන්තොටුපොළේදීම හතරවෙනි තට්ටුවට නේද?(නදී)
ඔන්න අගමැති ආවා.(නදී)
දැන් තුවාල සනීපද? (නි)
එක මිනිහේකුට ප්‍රාඩෝ හතරක් ඇයි?(ප‍්‍රශ්නය අදාල ද මන්දා?) (නදී)
ආසියාවේ ආශ්චර්යනේ. (නි)
රෝද පුටුවෙන්ම හිරේට යවන්න ඕනා.(නදී)
ආනේ! ඔයා ආවද? (නි)
ප්‍රශ්ණ ගොඩක් තමයි.(නදී)
ආපු ලංකාවට ගැන එයාට මතක ඇති නේද ? (නි)
මේ රටේ අද පවතින නීතියේ හිඩැස් නිසා මිනී මරුවන්, බාල අපරාද කාරයෝ, කාන්තා හිංසන චෝදනා සහ මත්ද්‍රව්‍ය චෝදනා තියෙන අපරාද කාරයින්ට නිදහසේ ඉන්න පුලුවන්. (නදී)
මේක ලංකාව කියලා මතකලුද? (නි)
ඉන්න තැනක ඉන්නේ නැතුව ඇයි ආපහු ආවේ?(නදී)
ගුවන්යානයට නගින්න ඇත්තේ කකුල් දෙකෙන් විය යුතුයි. ලංකාවට මෙහෙම ආවට අගමැති තුමා බලන්න ගිහින් තියෙන්නේ ඇවිදගෙන කියලා ආරංචියි. මේ සියල්ල රගපෑම් පමණයි.(නදී)
මෙයාට තවදුරටත් අසනීප නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීකම හොබවන්න පුලුවන්ද?(නදී)
කව්ද දුම්න්ද සිල්වා කියන්නේ? අපිට නම් මතක නැහැ.(නදී)
එක්ක යන්න ආවේ ප්‍රාඩෝ හතරයිද? හෙලිකොප්ටර් ආවේ නැද්ද?(නදී)
අපේ රටේ නීතිය ගැන පිටරටවල විද්වතුන්ටත් පුදුමයි. ලොක්කන්ට එක නීතියකුයි, සාමාන්‍ය ජනතාවට එක නීතියකුයි තියෙන්නේ. ඇයි රටේ ජනතාව ඕවට ඉඩ දෙන්නේ.(නදී)
ඇයි අත්අඩංගුවට ගත්තේ නැත්තේ.(නදී)
ඉපදුනේ ලංකාවේ කියලා මතක තියෙන එකම ලොකු දෙයක්. සමහරුන්ට ඒකනේ මුලින්ම අමතක.මෙයාට අමතක මැදින් පොඩ්ඩයි.(නදී)
රටට ගිය කලක්.(නදී)
දැනගන්න අහන්නේ. සැකකරුවන්ට වෙන් කරපු විශේෂ ගුවන් යානා තියෙනවද? (නදී)
මමත් බලාගෙන ඉන්නේ පැය 48 ක් මොකද වෙන්නේ කියලා.(නදී)
රටේ නීතිය කාටත් සම විය යුතුයි. මේ මහත්තයට ඒ නීතිය අදාල නැද්ද? (නදී)
ඇයි අනේ ඔයා ආවේ? (නි)
අපි එහෙම මිනිහෙක් මරලා පිටරට රෝහලක හිටියානම් ලංකාවට එනකොට කටුනායකින් ගෙදරට යන්න පුළුවන්ද? කෙලින්ම සිපිරිගෙට ගිනියන්න වාහන ගුවන්තොටුපොළේ.(නදී)
එයාගේ ව්‍යාපාර ගැන මතකද දන්නේ නැහැ නේද?(නදී)
ආයෙත් කව්රු මරි මරාවිද?(නදී)
ඊලග ප්‍රවෘත්තිය මෙතුමට ඇප දුන්නා කියලා අහන්ට ලැබෙයි. වෙන කෙනෙක් නම් රෝද පුටුවෙන්ම අත්අඩංගුවේ.(නදී)
ගුවන් තොටෙදීම අත්අඩංගුවට ගන්න (දී)
හිරුණිකාට නම් අහුවෙන්න එපා.(නදී)
අනේ එහෙම කියන්න එපා. ගුවන්තොටුපොළේ හිටපු සේරම නිදි නිසා දකින්න නැතුව ඇති.(නදී)
පින්තුර නැද්ද අපිට බලන්න (දී)
මිනීමැරුම් වල සැක කරුවන් වී අයි පී සැලකුම් ඇතුව පිළිගන්නා එකම රට. (නදී)