භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ තවත් සැකකරුවෝ තිදෙනෙක් කොළඹ මහාධිකරණයෙන් අද ඇප ලැබූහ. මේ තිදෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ පෞද්ගලික ආරක්ෂකයෝය.
රුපියල් 50000 ක් හා රුපියල් පන්ලක්ෂය බැගින් වූ ඇප දෙකක් මත චන්දන ජගත් කුමාර, චමින්ද සමන්කුමාර සහ සුරංග ප්‍රේමලාල් එසේ මුදා හළ දෙදෙනාය.
උසාවියේ අවසරයක් නොමැතිව ඔවුනට රටින් පිටවීම තහනම් කළ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ඔවුන්ගේ ගමන් බලපත් උසාවිය භාරයට ගත්තේය.
හැම මාසයකම අවසන් සෙනසුරාදා රහස් පොලීසියේ පෙනී සිටින ලෙසද, සාක්කිකරුවනට බලපෑම් නොකරන ලෙස ද, එසේ කළහොත් ඇප අවලංගු කරන්නේයැයි ද විනිසුරු ඔවුනට අවවාද කළේය.
මේ සැකකරුවෝ වසරකට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ සිටියහ.
2011 ඕතෝබර අට වැනිදා කොළොන්නාවේදී ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකු ඝාතනය කළැයි දුමින්ද සිල්වා ද ඔවුහු ද සැකකරුවෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නඩුවත් ඉක්මනටම ඉවර වෙන පාටයි. ඇඩෙනව තනි ඇහැට.(නදී)
තුන් දෙනෙක්ගෙ නම් දාල, දෙදෙනෙක් කියන්නේ කොහොමද? එතකොට අනිකට මොකද උනේ.?(නදී)
ඒ කියන්නේ දැන් ඇප නැතිව ඉන්න කෙනාටත් ඊලග නඩු වාරෙදි ඇප ලැබෙනවා. ආයේ නිමාඩු අනුමත කරන්න ඕනේ නැහැ.(නදී)
බොඩි ගාඩ්ලට බැරි උනානේ හෙඩ් එක ගාඩ් කරන්න.(නදී)
නිදහස් කාහලනාදය රැවුදේ හෙලබිම දෙරණ පුරා ලගදීම බලාපොරොත්තු වෙන්න ප්‍රධානියාද නිදහස්.(නදී)
අළුත් සී .ජේ ආපු එකෙන් තියෙන හොදම දේ තමයි අවුරුදු ගනන් පල් වෙවී තියෙන මිනී මැරුම් නඩු ඉක්මනින් ඉවර කරලා දාන එක.(නදී)
අමිලගේ කතාව ඇත්ත. (නි)
පියවරෙන් පියවර (ස)
ඉදිරි පියවර කුමක්ද ? (ස)