දින කිහිපයකට පසු දඹුල්ලේ එළවළුවල තොග මිල අද පහත වැටුණේය. අතරමැදියන් පසුබැසීම ඊට හේතුව බව දඹුළු ආර්ථික මධ්‍යස්ථාන ආරංචි කියයි.සිල්ලර මිල පහත වැටී නැත.
අද කිලෝවක මිල මෙසේය.
අමුමිරිස් රුපියල් 180-200, වට්ටක්කා 18-25, කරවිල 60-75, වම්බටු 110-140, මෑ කරල් 80-140, ගෝවා 50-60, බීට් 100-150, කැරට් 90-110, ලීක්ස් 90-110, මාළුමිරිස් 110- 180, බෝංචි 190-200,
වැටකොළු 90-100, බණ්ඩක්කා 80-100
මේ අතර තඹුත්තේගම අමු මිරිස් කිලෝව රුපියල් 300 දක්වාද, වම්බටු කිලෝව රුපියල් 250 දක්වා ද, මාළුමිරිස් කිලෝව රුපියල් 350 දක්වාද, මෑරල් කිලෝව 160 දක්වා ද ඉහළ නැග තිබුණේය. රාබු කිලෝව එහි රුපියල් 100ක් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වට්ටක්කා තමා ඉතිං කන්ට තියෙන්නේ.. නේද..? (ස)
පැත්ත පළාතේ එන්නේ නෑ.........(ස)
මිනිස්සුන්ට ඕනේ අසහන නොවෙයි, සහන (දී)
වට්ටක්කා හොද වුණත් හැමදාම කන්නත් බැහැනේ. ඒත් නොකාත් බැහැ, අනෙක් ඒවායේ ගණන් බලද්දී. (නි)
වට්ටාක්කාවත් තම්බාගෙන කමු (අ)
වහ කෑවා නම් මීට වැඩිය ලාභයි. (නි)
මෙහෙ ග්‍රෑම් 100ක මිල 40,50 තමයි. එතකොට කිලෝව 400,500යි. කවදා හැදෙයිද මේ රට! (ස)
වට්ටක්කා විතරයිනේ ලාභ (ස)
මෙහේ එනකොට ඔය ගාණ දෙගුණයක් වෙලා තමයි එන්නේ. අපිට කන්න වෙන්නේ ඒවා (ස)
දැන් නම් හිතෙනවා අර ඒ දවස්වල එළවළු විකුණුව හමුදා දරුවෝ ආයෙමත් එනවනම් කියලා (ස)
පාලකයිනි ... වෙන රටවල්වල වගේ එළවළු වලින් අතුරු නිශ්පාධන කරන්න .අධි ශීතකරණ කාමර තන්න. පසු අස්වනු තාක්ෂණය දියුණු කරන්න (ස)
එහෙනම් දැන් පොලේ යන්න බෑ (ස)