IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


දඹුල්ලේ වෙළඳපොලට පාලන මිලට සහල්

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල නගරයේ වෙළඳසැල් කිහිපයකම අද (08) උදෑසන සිට පාලන මිල ගණන් යටතේ නාඩු සහල් සහ අනෙකුත් සහල් අලෙවි කරන අයුරු  දැකගැනීමට හැකි විය.

පොළොන්නරුව අරලිය සහල් තොග ලොරිපිටින් උදෑසනම වෙළඳසැල්වලට ලැබෙන අයුරුද දැකගැනීමට හැකිවු අතර  එහි පාලන මිල පවා මුද්‍රණයකට තිබීම විශේෂත්වයෙකි.

දඹුල්ල නගරයේ සතොස වෙළෙඳ සැලේ නාඩු සහල් එක් අයෙකුට කිලෝ  පහ බැගින්  කිලෝ වක් රුපියල් 220 කට අලෙවි කරන බව සතුට කළමනාකාරිත්වය සඳහන් කළේය.

දඹුල්ල නගරයේම ඇතැම් වෙළඳ සැල්වලින් රුපියල් 225 කටත් 230ටත් සහල් අලෙවිවෙද්දී ඇතැම් වෙළඳසැල් හිමියන් විසින් කියා සිටියේ අනෙකුත් මෝල් හිමියන් තොග මිල අඩු කර නැති නිසා  නාඩු හාල්  කිලෝවක් රුපියල් 250කට අලෙවි කරන බව සඳහන් කිරීමද විශේෂත්වයකි.

දඹුල්ල නගරයේ අද පොල් ගෙඩියක්  රුපියල් 140  සිට 170 අතර මිල ගණන් යටතේ මහ මග සහ තැන තැන අලෙවි කරන අයුරුද දැකගැනීමට හැකි විය.

අරලිය සහල් තොග සහ සිල්ලර අලෙවි කරන වෙළඳසැල් හිමියෙකු සඳහන් කළේ  වැඩි මිලට ඇනවුම් කළ සහල් කිලෝ   විසි දහසක් තමන්ට උදෑසන වන විට වෙළද සැලට ලැබුණු බවයගඑහෙත් උදෑසන අරලියසහල්නියෝජිතයකු දුරකථන ඇමතුම් ලබා දී පාලන මිලට අලෙවී කරන ලෙසත් තොග මිල අඩුකොට ලබාදෙන බව ප්‍රකාශ කළේ යැයි එම වෙළෙන්දෝ පැවසූහ.

සහල් තොග මිලදී ගැනීම සඳහා පැමිණ සිටි කුඩා වෙළෙඳ ව්‍යාපාරිකයන් කියා සිටියේ රටින් සහල් ගැනීම සිදු  නොකළ යුතු බවත් මෝල් වල ඇති සහල් මේ ආකාරයෙන්ම එලියට ගැනීමට ජනාධිපතිවරයාට හැකි බවය.

 

 



අදහස් (19)

දඹුල්ලේ වෙළඳපොලට පාලන මිලට සහල්

Neel Sunday, 08 December 2024 04:06 PM

නැහැ කියපු හාල් නේද මේ එළියට එන්නේ. පරිස්සමට ඔහොම යමු පුතේ.

:       6       77

බකල ජයා Sunday, 08 December 2024 04:57 PM

යං වයිරෝ දඹුලු, තලගොයිත් බලාගෙනම එමු ...

:       4       68

කම්මලේ ආචාර්ය කතානායක Sunday, 08 December 2024 05:29 PM

කොහොමද අපි 69 ලක්ෂය අන්දපු ඇන්දිල්ල? කොලයක් බලාගෙනවත් හරියට කියාගන්න බැරි මම උපාධියක් තියෙනවා කියල කතානායකත් වුණා. ඒ වගේ ඔබලාත් දැන් පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් පොල් අරන් දඹුලු ගිහින් හාල් අරන් කිරිබත් උයාගෙන කාලා අපේ ලොන්ඩරි ටික හරියට රන් කරපල්ලා. මොකද අවුරුදු 60ක් තිස්සේම කඩාකප්පල් වැඩම කරපු අපිට ප්‍රශ්න විසඳන්න පුරුදු නෑ.

:       87       20

ජගත් ලියනගේSunday, 08 December 2024 08:45 PM

ඉදල හිටල හරි මස් කෑල්ලක් කන්න බලන්න. ගැත්තෙක් වෙන්නත් එපා.

:       1       1

janahithaMonday, 09 December 2024 08:48 AM

කම්මලේ ලොක්කත් විජය සමඟ ඉන්දියාවෙන් පන්නපු හොර මුලේ සාමාජිකයෙක් .පාරම්පරික හොරු අපි

:       2       3

සහල්බත් Sunday, 08 December 2024 06:03 PM

මම ඉතාම වගකීමෙන් කියනවා මාතර මැද්දවත්තේ සුපරි ග්‍රොසරි වෙළඳ සලක පහුගිය කාලේ අරලිය සහල්වල ලේබල් ගලවා දමා වැඩිමිලට විකුණුවා. අරලිය නාඩු මුලින් 235 ටත් පසුව 245 ටත් ඊයේ 270 ත් විකුණුවා. ඔවුන් තව උප්පරවැට්ටියකුත් යොදනවා. ඒ සහල් උරවලින් පිටතගෙන බැරලයක දමා වැඩි මිලක් යටතේ විකුණනවා. දැන් ගිහින් බලන්න කීරි සම්බා මිටිවල මිල ගණන් සහිත ලේබල් ගලවලා තියෙනවා තියෙනවා. පාරිභෝගික අධිකාරියේ මාතර භාරව ඉන්න නිලධාරීන්ට ගියා නම් ඉතා පහසුවෙන් මේ වංචාව අල්ලාගන්න පුළුවන්. මාතර කවුරුත් ඔය කඩේ දන්නවා. හැබැයි මේ දවස්වල ඒ ගොල්ලන්ට හරියට නිදිමත තියෙනවා වෙන්න ඕනෑ.

:       3       32

රට වැසියා Sunday, 08 December 2024 07:51 PM

මහා අතීත කෘෂි ශිෂ්ඨාචාරයක් තිබූ රටක හාල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 230 කට කන්න සිද්ධ වෙච්චි එක කොයිතරම් නම් කරුමයක්ද?

:       20       26

අරුන්දතීSunday, 08 December 2024 09:39 PM

ඒ කාලෙ කිලෝ එකක් කීයද?

:       0       6

බකල ජයාMonday, 09 December 2024 11:19 AM

ඒ කාලේ හාල් කිලෝ එකක් කීයද? මේ දෙවනි වතාවට ඇහුවේ...

:       0       7

yan7Monday, 09 December 2024 03:59 PM

රටවැසියා, දැන් තුන්පාරයි. කිලෝ එකක් ඒ කාලේ කීයයිද...?

:       0       4

පිටරැටියා Sunday, 08 December 2024 09:27 PM

එක්තරා මාෆියා හාල් මෝල් අයිතිකරුවෙක් පිට රටකටත් ආවා.ලංකාවේ නැති හාල් පිටරවල නම් තියෙනවා.

:       0       0

sugath Sunday, 08 December 2024 10:23 PM

ලංකාවේ අතරමැදි වෙළෙන්දන් හැමවිටම සිදු කලේ හැකි හැම අවස්ථාවකදීම පාරිභෝගිකයා ගසා කෑමයි. ඔය හංගාගෙන තියෙන හාල් රජයට පවරාගෙන මිනිසුන්ට නොමිලේ බෙදා දුන්නා නම්, ඔය වංචාව නතර කළ හැකියි. ඔය වැඩේ එක මෝල් කාරයෙකුට කළා නම්, අනිත් අය නිකම්ම හාල් එළියට දායි.

:       0       0

sam Monday, 09 December 2024 03:35 AM

මේක තේරුම මුන් කාගේ හරි උවමනාවකට සහල් හංඟගෙන ඉදලා .. අනුර සහෝදරයා කරුණාකරලා කෙවිට අතට ගත්තොත් හොඳයි

:       1       3

ranjith Monday, 09 December 2024 05:03 AM

ජනතාව ගැන කිඹුල් කඳුළු හලලා හැමදාම බලේ ගන්නවා... ඊට පස්සේ පැවති ආණ්ඩුවට බැන බැන දෙනවා කිව්වා.. සහන අමතක කරනවා.

:       4       1

රුවන් Monday, 09 December 2024 08:11 AM

මම කියන්නේ ඉන්දියාවේ වගේ අක්කරකයට නිෂ්පාදිත ලංකාවේ වගේ දෙගුණයක් නිසා අපේ වී පර්යේෂණායතනයට රජය වැඩි බරක් දීලා රජය, කුඩා මධ්‍යම පරිමාණ මොල් හිමයන්ට උදව් කරාම, මේ වී ඒකාධිපතියෝ අවුරුදු 1-2ක් තුල වැටෙනවා. ඒ වගේම ඩඩ්ලි සිරිසෙන වගේ දුෂිතයන්ව හිරේ දාන්න ඕනේ. එතකොට සිරිසේනටයි, ඩඩ්ලිටයි එකට හිරබත් කරන්න පුළුවන්. ඉතා සොච්චම් මුදලකට හාල් කිලෝ එක අරන් අරලිය, රත්න, නිපුන වෙළඳපලට දාන්නේ 200-250ට සමහර වෙලාවට ලාභය රුපියල් 200ක්, කුඹුරු කොටනවා ගොවි මහතුන් ණය වෙලා කරන්නේ, අපේ පුතාගේ යාළුවෙක් ඉන්නවා ජපුරේ කැම්පස් යන ගමන් හවසට ජොබ් එකක් කරනවා, ඒ සල්ලි යවන්නේ තාත්තා කුඹුරු කරන්න ගත්ත ණය බෙරන එක. මේවා කැත වැඩ. ඇමරිකාවේ ගොවියෝ යන්නේ ටෙස්ලා වල, එහේ වුනත් කෘෂිකර්ම නිෂ්පාදන වල ඒකාධිකාරයක් නෑ. ලංකාවේ ගොවියෝන්ට එහෙන් වකුගඩු ලෙඩ, මී උන්, මෙහෙන් ණය, ගෙවල් උගස් කරලා. අරෙහේ මොල් අයිතිකාරයා කැසිනෝ ලයිසන් ඉල්ලනවා අලුත් හෝටලයට. ලංකාවේ නීති පද්ධතිය තියෙන්න ඕනේ සිංගප්පූරුව වගේ. සිංගප්පූරුවේ වගේ නම් ඩඩ්ලි මේ වෙද්දි ජීවිතාන්තය දක්වා හිරගේ.

:       1       9

කෝරළගේ Monday, 09 December 2024 09:17 AM

අඩන්න ඕනනෙ කිරි එරෙන්න...අනේ ඩඩ්ඩි ගොයියො රාජපක්ෂලාගෙන් සහ අයියගෙ ජනාධිපතිකාලේ උපරිම වරදාන ලාභ  ප්‍රයෝජන අරගෙන පිම්බිචිච තරම කොච්චරද කිවිවොත් දැන් නිකම් රටේ රාල වගේ.මේ වංචා වැඩ සදාකාලික නැත.

:       0       6

Indi Monday, 09 December 2024 12:03 PM

අන්න ඒ බය තියාගන්න...

:       1       3

මැක්ස් Monday, 09 December 2024 12:15 PM

220/- ට තිබු සහල් 230/- කිරීම පුනරුදය නම් වේ.

:       4       2

saviMonday, 09 December 2024 03:57 PM

මැක්ස්, මේක කියන්න කිව්වේ ඔයාගේ පක්ෂ නායකද? එතුමාගේ කාලේ බඩුමිල අඩුකරපු එක මොන රුදයද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මාස හතරට සංචාරකයන් ලක්ෂ අටක් පනී
2025 අප්‍රේල් මස 18 27 0

පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්


ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 176 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප


“සිරි දළදා වන්දනාව” ගැන ව්‍යාජ ආරාධනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 18 169 0

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.


සිරි දළදා වන්දනාවට රටවල් 17ක රාජ්‍යතාන්ත්‍රිකයෝ මහනුවරට
2025 අප්‍රේල් මස 18 543 0

සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක


දළදා වන්දනාව lankadeepa.lk වෙබ් අඩවියෙන් සජීවීව
2025 අප්‍රේල් මස 18 558 0

සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.


පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට නොවේ
2025 අප්‍රේල් මස 18 1291 8

පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 205 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1127 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site