මානසික රෝගයකින් පෙළෙන තම පුතා 11 වසරක් තිස්සේ යකඩ කූඩුවක රදවා රැක බලා ගන්නා මවක් ගැන චීනයෙන් වාර්තා වේ.
අනුවේදනීය කතාවක් වු මෙහි මව ඉතාම අසරණ දුප්පත් මහලු කාන්තාවකි. ඇගේ වයස අවුරුදු 74කි. පුතාගේ වයස අවුරුදු 40 කි.ජීවත් වන්නේ චීනයේ ජියැන්සි ප්‍රදේශයේය.
මානසික රෝගය උත්සන්න වීම නිසාම ඔහු අතින් අනෙක් ප්‍රදේශයේම 13 හැවිරිදි දරුවෙක් මරණයට පත් විය. ඔහු මානසික රෝගියකු නිසා නඩු විභාගයේදී නිදහස් කැරිණි.
මවට ඔහු සමඟ ජීවත් වීමටද නොහැකිය. තම එකම දරුවා නිසා ඔහු අතහැර දැමීමටද නොහැකිය. ඒ නිසා ඇයකම්මල්කරුවකු ලවා කූඩුවත් තැනෙව්වාය.
සිය පුතා වන යුවැන්හෝ එහි රඳවා වසර 11 තිස්සේ ඔහු රැක බලා ගන්නීය. ඔහු වැසිකිළි යන්නේත් මේ වැසිකිළියේමය. ස්නානය සදහා පමණක් එළියට ගනී. ඒ දෑතට දෙපයට විලංගු දැම්මේය.
උදේ ,දවල්, රෑ කෑම වේල මව ඔහුට දෙන්නීය. එසේ කෑම දෙනු ලබන සෑම වේලාවකමදීම ඇය හඩා වැළපෙනීය. දැන් මට අඬන්න කදුළුත් නෑ. එච්චරටම මං මේ වයසට අඩලා තිබෙනවා ඇය පවසන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට දෙවියන්ගේම පිහිටයි අම්මේ! (නි)
මවකට කළ නොහැකි දෙයක් නැත. තම දරුවා ආදරයෙන් රැකබලා ගැනීමට මෙවන් ක්‍රියාදාමයක් අනුගමනය කිරීම දැකීම මහත් සේ කණගාටුදායකයි. නමුත් තම දරුවා පවා බාහිර පිරිසට හිංසාකාරී වීම හේතුවෙන් මෙම මව ගත් ක්‍රියාව ගතහැකි එකම කියාවද? මෙය සාධාරනිකරණයට අපහසුය. මෙවන් මහලු මවකගේ ධෛර්ය ගැන සතුටු විය හැකියි (නි)
දුක්බර දෙයක් . එහෙත් අම්ම බුදු බව ලබා ගනීවි . මේ කරන දෙයට . මේ සිද්දිය අපේ සමහර දෙමව් පියන්ට උදාහරණයක් . ලංකාවේ දැන් බොහෝ මව් වරුන් තම දරුවා උපන් ගමන් වැසිකිලි වලට දමා කුණු ගොඩට විසිකර හෝ වෙනත් ක්‍රමයකට මරල දාන සමාජයක් . මේවා වෙනුවෙන් හඬක් නගන්න කිසි කෙනෙක් නැහැ මේ අම්ම නම් දෙවි කෙනෙක් . (දී)
කොහොම වුණත් මේ පුතා දුකක් නම් විදලා නැති බව පේනවා.දරුදුක දන්නා අම්ම කෙනෙක්. (නි)
අම්මා කෙනෙක් කොහොම ඉවසන්නද
මේවා මවත් පුතාත් දෙදෙනාම පෙර කළ අකුසල කර්ම. කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ ... සතුන් කූඩුවල දාගෙන විනෝද වෙන අයට මේ වගේ විපාක දෙනවද දන්නේ නැහැ. (නි)
නෙතුමි ඔයාට පිස්සුද ? එයාගේ වයසට වෙන කරන්න දෙයක් නැහැ. මේක සාදාරනයි .. (නි)
ඔයාගෙන් පස්සේ මේ දරුවට යන කල කුමක්ද අම්මේ ?....මේවන් දුකක් හතුරෙකුටවත් නොම වේවා....ඹයාගේ ආයුෂ වැඩි වි මේ දරුවා වෙනුවෙන් ශක්තිය ලැබි දිර්ඝ කාලයක් ජිවත් වේවා කියා දෙව් පියාණන්ට යාඥ කරන්නම්. (ස)
අනේ කියවෙනවා (දී)
නෙතුමි ඔයාගේ පෙත්තෙන් හිතල බලන්න ඔයාලට මෙහෙමෙ වුණොත් මොකද කරන්නේ කියලා (නි)
චීනය දියණු වෙලා තියන්නේ ආර්ථිකයයෙන් විතරයි. (ස)
චීනය දියණු වෙලා තියන්නේ ආර්ථකය යෙන් විතරයි . (ස)
වෙන කරන්න දෙයක් නේ මේක තමයි විසඳුම. (ස)
වෙන කරන්න දෙයක් නේ මේක තමයි විසඳුම. (ස)
ලකී,මෙවන්, ඔබ දෙදෙනාට මගේ අදහස අපැහැදිලි බව තේරුම් ගොස් ඇත. මැය මෙතරම් වයස නිසා තමා ඇගේ ධෛර්ය අගය කලේ. මෙය සාධාරනිකරණයට අපහසු කිවුවා මිසක් වැරදි කිවුවේ නැහැ. එය මට අසාධාරන නම් මම අසාධාරණයි කියනවනේ, (නි)