IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


දැරියගේ මව සාක්කි දෙයි

තම දියණියගේ මරණය යටපත් කිරීමට ඉඩ නොදෙන්නැයි කොළඹ පෞද්ගලික රෝහලකදී මියගිය දැරියකගේ මව කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේදී අද සාක්කි දෙමින් පැවැසුවාය. තමා සතු නීතිමය විධිවිධාන අනුව සාධාරණ පරීක්ෂණයක් පවත්වන බව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ප්‍රකාශ කෙළේය.

කොළඹ පෞද්ගලික රෝහලකදී එම්.ආර්.අයි පරීක්ෂණයක් අතරතුරේදි පස් හැවිරිදි දැරියක මියගිය සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව ඒ.එම්. ඉන්දුමතී චම්පා  කුමිරි ඒකනායක (40) මහත්මිය කීවාය.

බුද්ධිකා කෞෂල්‍යා රත්නායක දැරියයි. කොම්පඤ්ඤවීදිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාපති  නාලක ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන් සාක්කි දුන් චමිලා කුමාරි ඒකනායක මහත්මිය මෙසේ ද කීවාය.

මට දරුවන් තිදෙනකු සිටිනවා. මියගියේ බාලම දියණියයි. ඇයට ඇඟ තදවීමේ තත්ත්වයක් තිබුණා. මෙය වැඩිවෙලාවක් පවතින්නේ නැහැ. තත්තපර 10කින් පමණ සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා. මෙය මොකක්දැයි බලාගන්නයි දුව පසුගිය 31 වැනි දා රෝහලට ඇතුළත් කෙළේ.

බබා ගැන පරීක්ෂණ කිහිපයක් තියෙනවා කීවා. ඊ.ඊ.ජී. පරීක්ෂණයක් සහ එම්.ආර්.අයි. පරීක්ෂණයක් ද අවශ්‍යයැයි කීවා.  ගමන් අපහසුව නිසා මමත් රෝහලේ නැවතුණා.

පසුවදා සවස 3.30ට පමණ එම්.ආර්.අයි. පරීක්ෂණයට ගත්තා. බබා නිර්වින්දන මැෂිම මත තබන්නැයි මට කීවා. මම බලාගෙන ඉදිද්දි දුව නිදාගත්තා දුවට ඔක්ෂිජන් මුහුණක් සවි කළා.

මගේ දුව සුදුයි. මැෂින් එකෙන් එළියට ගත්තේ නිල්පාට වෙච්චි දරුවෙක්. අම්මා කෙනෙක් කොහොමද මේවා දකින්නේ. මගේ දරුවා මැරුවද කියලා මම කෑගැසුවා. විනාඩි පහක් විතර ගියාට පසුවයි අනෙක් දොස්තරලා ආවේ.

හදිසියකට දෙන්න ඔක්සිජන් එළියේ තිබුණේ නැහැ. පසුව ඔක්සිජන් හතරක් විතර තල්ලුකරගෙන ආවා. ඒ වෙලාවේ මට තේරුණා දරුවා මිය ගොස් ඇති බව. දරුවාගේ අතපය දරදඩු වෙලයි තිබු‍ණේ.

දරුවා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනවා කීවා. මම දරුවා එහෙ ගෙනියන්න නොවෙයි ගෙනාවේ කියා. එහි ඇඳක තියාගෙන දුව අපිට පෙන්නුවා. දරුවා නිල් පැහැ ගැන්විලා සිටියා. තුවැනි දවසේ මම දැක්කා දරුවාගේ නාසයට කුහුඹියන් යනවා.

හතරවැනි දවසේ රෝහල් පාලකයන් අපිට කතා කළා. ‘අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද‘ කියා ඒ අය අපෙන් ඇසුවා. එයාල උත්සාහයක් ගත්තේ අපේ හිත හදන්නයි.

දරුවා රෝහලෙන් පිටතට ගන්නා විට මල් ශාලාවකින් හර්ස් එකක් ඇවිත්. එය අපි නෙවෙයි ගෙනාවේ. රෝහලෙන් ගෙනත්. අම්මා කෙනෙකුට මේවගේ දේ බලන්න පුළුවන්ද. මගේ දරුවට වෙච්ච දේ වගේ දෙයක් වෙනත් දරුවකුට සිදු වෙන්න ඉඩ තියන්න එපා.‘

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතීඥ ජයන්ත ඩයස් නානායක්කාර, නීතීඥ රවිනාත් දාබරේ සහ නීතීඥ කෘෂන්තා සමරනායක යන මත්ම මහත්මීහු පෙනී සිටියහ.

වැඩිදුර සාක්කි විමසුම ලබන මස 28 වැනිදාට කල් තැබුණු අතර අදාළ සාක්කි සියල්ල සටහන් කර ගැනීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උපදෙස්  ලබා ගැනීමට නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව අධිකරණයෙන් දැනුම් දුන්නේය.



අදහස් (0)

දැරියගේ මව සාක්කි දෙයි

දිසානායක Tuesday, 12 February 2013 07:45 PM

මම ඔය දොස්තර ගැන දන්නවා. (නි)

:       0       0

ගාල්ලේ සමන් Tuesday, 12 February 2013 07:05 AM

මේ වාගේ දේවලට වන්දි ගෙව්වා මිසක් චුදිත පාර්ශ්වයක් වරදකරුවන් කරලා දඩුවම් නියම කරපු බවක් නම් අපට මතක නැහැ. නීතිය හරියට ක්‍රියාත්මක නොවුණාම දිගින් දිගටම මේ වාගේ දේවල් සිදු වෙනවා. (නි)

:       0       0

දිසානායක Tuesday, 12 February 2013 07:44 PM

අම්මේ සාක්කි දීලා වැඩක් නැහැ.(නදී)

:       0       0

උපාලි Tuesday, 12 February 2013 07:19 AM

අසාමාන්‍ය නව ලෝකය... (නි)

:       0       0

පෙරේරා Tuesday, 12 February 2013 07:31 AM

කාලයක් ගියහම මේකත් හැමෝටම අමතක වේවි. (නි)

:       0       0

වරුණ Tuesday, 12 February 2013 07:52 AM

මම නම් හිතන්නේ නැහැ මේ දැරියගේ දෙමවුපියන්ට සාධාරණයක් ඉටුවේවි කියලා. (නි)

:       0       0

පෙරේරා Tuesday, 12 February 2013 02:30 PM

ජනාධිපතිතුමනි, රෝහල් බලපත්‍රය අහෝසි කරන්න. අම්මා කෙනෙකුගේ පැහැදිලි සාක්ෂි තියෙනවා. (නි)

:       0       0

සංජය පෙරේරා Tuesday, 12 February 2013 02:32 PM

ජනාධිපතිතුමනි, ඔබ කවදත් සාධාරණ තීරණ ගත්තා. මෙන්න ඔබට අවස්ථාවක්. (නි)

:       0       0

සදුන් Monday, 11 February 2013 08:39 PM

තරාතිරම නොබලා දඩුවම් දෙයිද? නැත්නම් ළමයා සියදිවි නසාගත්තා කියයිද?

:       0       0

කෝසල හසිත Tuesday, 12 February 2013 02:40 PM

මම නම් හිතන්නේ මේ රෝහල සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරයි කියලා. මොනවා වුණත් නැති වුණේ අහිංසක මල් කැකුළක්. ඒක මේ රෝහලට තවත් එක් රෝගියෙක් පමණයි. (නි)

:       0       0

රිස්වාන් Monday, 11 February 2013 08:41 PM

කොම්පඥවීදිය නම් අරක වෙන්න ඕනා.(නදී)

:       0       0

දිසානායක Tuesday, 12 February 2013 08:16 AM

දුවේ , ඔබට නිවන් සුව! මතු සංසාරයේ මෙවන් අකල් විපත් නොවේවා! ඔබ වෙන රටක ඉපදේවා! (නි)

:       0       0

රොෂාන් Monday, 11 February 2013 08:52 PM

මේක නම් සාමාන්‍ය දෙයක් නෙමෙයි. එම්.ආර්.අයි ස්කෑන් කරනකොට සිහි නැති කරනවද?(නදී)

:       0       0

ජෝති Monday, 11 February 2013 08:53 PM

රෝහලේ නම? (නදී)

:       0       0

ජයතිස්ස Tuesday, 12 February 2013 08:37 AM

පෙරේරා හරි. (නි)

:       0       0

පිටිගල Monday, 11 February 2013 09:00 PM

එම රෝහලේ මෙම යන්ත්‍රය නිසි පරිදි සර්විස් කර නොමැති බවයි ජනමාධ්‍ය පෙන්වා දෙන්නේ.(නදී)

:       0       0

දිසා Tuesday, 12 February 2013 08:43 AM

ලංකාවේ පෞද්ගලික රෝහලුත් මෙහෙම නම්??? (නි)

:       0       0

පිට්ගල Monday, 11 February 2013 09:02 PM

යන්ත්‍රය නඩත්තු නොකර යමලෝත රෝහලේ රැකගත් මුදල් අහිංසක දරුවෙකුගේ ජීවිතයෙන් ගෙවා දැම්මා.(නදී)

:       0       0

කුමාර Wednesday, 13 February 2013 09:54 AM

කියලා වැඩක් නැහැ. මගේ දරුවෙක් වුනානම් මරාගෙන මැරෙනවා දෙකෙන් එකක් නැහැ. මොනවා වුනත් නීතියෙන් නමි බේරෙයි. ඒත් හෘද සාක්ෂියෙන්වත් ස්වභාවදර්මයෙන්වත් බේරෙන්න බැහැ.(නදී)

:       0       0

ප්‍රියා Thursday, 14 February 2013 01:34 PM

මගේ දරුවාටත් 3 වරක් එම්.ආර්.අයි. පරීක්ෂණ කළා. හැබැයි සිහි නැති කළේ නැහැ. නින්ද යන්න බෙහෙත් දුන්නා පමණයි. ඒ තුන් වාරයේම ගාල්ල කරාපිටිය රෝහලේ කැපවීම හද පිරි බැතින් සිහි කරන්න ඕනෑ. ඇත්තටම ඒ අතින් ඒ වෛද්‍යවරු දෙවිවරු වගේ. ගාල්ල කරාපිටිය රෝහලේ 24 වාට්ටුවේ කාර්ය මණ්ඩලය‍ ඇතුලු සෙසු කාර්ය මණ්ඩලයට උපහාරයක් වේවා! හැබැයි ප්‍රශ්නයක් තියෙනවා ඒ පරීක්ෂණ වාර්තා පුද්ගලික රෝහල්වල පැහැදිලි නැහැ කියනවා. (නි)

:       0       0

සංජීව Tuesday, 12 February 2013 09:00 AM

දුවේ ඔබට නිවන් සුව........ මේ සිද්ධි සුළුකොට තකන්න එපා කරුණාකර රෝහලේ නම් ප්‍රසිද්ධ කරන්න එසේම අපි දන්නවා රෝහල මොකද්ද කියලා කියන්න බෑ(ස)

:       0       0

ජයතිස්ස Tuesday, 12 February 2013 09:01 AM

මිනිස් ජීවිතත් එක්ක සෙල්ලම් කරන දොස්තරලා සහ රෝහල් වලට නිසි දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

සිසිර Monday, 11 February 2013 09:18 PM

දැන් දොස්තරවරුත් හරියට කොන්දොස්තරවරු වගේ (ස)

:       0       0

පසන් Tuesday, 12 February 2013 09:02 AM

මාතෘකාව අසම්පූර්ණයි නේද?(නු)

:       0       0

ක්‍රිෂාන් Monday, 11 February 2013 09:20 PM

මේ අසාධාරණය දේශපාලන හස්තයන් මැදිහත්වෙලා යට ගහන්න දෙන්න එපා. මේකට දැඩි දඩුවම් දෙන්න. රෝහලෙන් වන්දි ගානක් අරන්දුන්නත් කම් නැහැ.(නදී)

:       0       0

අංජන Tuesday, 12 February 2013 09:03 AM

ප්‍රසන්න, ඔයා නොදන්නා දේවල් කියන්න එන්න එපා. (නි)

:       0       0

රොහාන් Monday, 11 February 2013 09:21 PM

මිය ගිය දරුවගේ නාමයෙන් මේ දරුවට සාදාරණයක් කරන්න. එය විනිසුරුතුමාට බාරයි.(නදී)

:       0       0

රාජා Tuesday, 12 February 2013 09:07 AM

අවසානයේ ආරම්භය... (නි)

:       0       0

භාතිය Monday, 11 February 2013 09:21 PM

ජනාධිපතිතුමනි! රටේ භාරකරු ඔබ නේද? රෝහල් බලපත්‍රය අහෝසි කරන්න. අම්මා කෙනෙකුගේ පැහැදිලි සාක්ෂි තියෙනවා. නීතියට වෙන මොනවද අවශය? (නදී)

:       0       0

උදාර Tuesday, 12 February 2013 09:08 AM

රෝහලේ නම දාන්න ලැජ්ජද? නැත්නම් බයද? (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 12 February 2013 09:15 AM

ප්‍රසන්න, එම.ආර්.අයි. පරීක්ෂණය කිරීමට හේතුව කුමක් වුවත් , මෙම දරුවා එම පරීක්ෂණයට එන විට මරණාසන්න තත්වයේ සිටි අයෙක් නොවේ. එම නිසා මෙසේ හදිසියේ මිය යාමට හේතුව මොලයේ ගෙඩියක් හෝ මොලයේ පටක වල අසාමාන්‍යතාවයක් යයි සිතීම සහේතුක නොවේ. (නි)

:       0       0

ප්‍රසාද් Tuesday, 12 February 2013 09:15 AM

මොනතරම් නම් දුක්බර පුවතක්ද? මෙවන් දුකක් යළි කිසිදු දරුවෙකුට නොවේවා! (නි)

:       0       0

චරිත් Tuesday, 12 February 2013 09:19 AM

නවලෝක රෝහල

:       0       0

හිල්මි Monday, 11 February 2013 09:23 PM

ඔය හොරලෝකේ එක්කගෙන ගිහින් තමයි මගේ පියාත් මැරුණේ. (නි)

:       0       0

නන්දන Tuesday, 12 February 2013 09:20 AM

මෙවන් දුකක් මවක් කෙසේ දරා ගනීද... ! (ස)

:       0       0

නීල් Monday, 11 February 2013 09:24 PM

ඒ ළමයගේ ජීවිතය නැවත දෙන්න පුළුවන්ද? (නදී)

:       0       0

අශෝක Monday, 11 February 2013 09:27 PM

ලංකාවේ ඉස්පිරිතාලෙකට යන්නත් බයයි (දී)

:       0       0

වරුණ Tuesday, 12 February 2013 09:25 AM

ප්‍රසන්නටත් ‍මොකක්හරි රෝගයක් තියෙන පාටයි. (නි)

:       0       0

රංජිත් Tuesday, 12 February 2013 09:27 AM

අපිට දැනගන්න ඕනෑ රෝහල පැත්තෙන් කතාකරන නීතිඥයින්ගේ නම්... (නි)

:       0       0

නිමල් කරුණාරත්න දෝහා කටාර් Tuesday, 12 February 2013 09:30 AM

මම ගියා දිනක් නවලෝක රෝහලට මගේ පාදයක ලෙඩකට බෙහෙත් ගන්න. වෛද්‍යවරු මගේ කකුල බලලා කිව්වෙ ඔබගේ කකුල සැත්කමක් කරන්න ඕන කියලා.. මම ලයවෙලා ගෙදර ඇවිත් සිංහල වෙද මහත්තතයෙකුට පෙන්නුවා.. අනේ මේ වෙදමහතා කිව්වා කකුලේ රක්තවාතය නිසයි කියලා බෙහෙත් දුන්නා පස්සෙ හොද උනා.. (නු)

:       0       0

සේන Tuesday, 12 February 2013 09:35 AM

මුදලාලි නම් හොඳ මනුස්සයෙක් කියලා තමා ප්‍රසිද්ධ....ඒත් පුතාලා නම් එහෙම නෑ වගේ (ස)

:       0       0

වෑගුරේ Monday, 11 February 2013 09:42 PM

භාතිය උඹට පිස්සුද? කරයි මේන් කියලා.(නදී)

:       0       0

අනුර Tuesday, 12 February 2013 09:39 AM

නම ප්‍රසිද්ධ නොකලාට අපි දන්නවා.!(නු)

:       0       0

තුෂාර Monday, 11 February 2013 09:45 PM

මගේ දරුවාටත් එම්.ආර්.අයි ස්කෑන් එකක් කරන්න කිව්වා ඔය කියන රෝහලේ. මගේ ජිවිතේට ඔය කියන රෝහලේ නන් කරන්නෙ නෑ. නෑතිවෙච්ච දරුවගෙ අම්ම,තාත්ත,පුංචි අක්කල දෙන්න ව්දින දුක මටත් ව්දින්න බෑ. නඩුකාරතුමනි මේ වගේ දේවල් ආයෙත්,අහන්න,දකින්න ලෑබෙන්න නෑතිවෙන්න වගකිව යුත්තන්ට උපරිම දඩුවම් දෙන්න කියලා මාත් විදේශ රටක ඉදලා ඉල්ලා සිටිනවා. මේ කාලේ දොස්තරලා වගේම පුද්ගලික රෝහලුත් අහින්සක ජිවිතත් එක්ක සෙල්ලන් කරන්න පටන් අරගෙන.සල්ලි විතරයි ඒ අයට ඕනි. අර අම්ම,තාත්ත,පුන්චි අක්කල දෙන්න කොහොම උහුලනව ඈත්ද? (නදී)

:       0       0

තිලක් Tuesday, 12 February 2013 09:53 AM

මෙවැනිම සිද්ධියක් මගේ ප්‍රදේශයේ පවුලේ එකම දරැවටත් සිද්ද වුණා. මැරුණු දරුවට දැඩි සත්කාර ඒකකයේ තියන් ඉඳලා මෘත දේහය ගන්න ලක්ෂ 20ක් ඉල්ලුවා. කථා කරලා ලක්ෂ 10ක් ගෙවලා ගත්තා. (ස)

:       0       0

සෙනවිරත්න Tuesday, 12 February 2013 09:56 AM

කොහොමත් පුද්ගලික රෝහල්වල මුදල් මත මයි සේවය. රජයේ රෝහල් හොඳ උනාට සේවයත් බෙහෙතුත් නැහැ. (ස)

:       0       0

සෙනවි Monday, 11 February 2013 09:53 PM

අල්ලපු ගෙදර සිරිපාලට මම ගැහුවොත් මගේ නමයි පවුලගේ නමයි හත් මුතු පරම්පරාවෙ නම් දානවා පත්තරේ. මේකේ මොකද රෝහලේ නම නැත්තේ.(නදී)

:       0       0

තිලක් Tuesday, 12 February 2013 09:56 AM

ඩුබායි වල පෞද්ගලික රෝහලක් එම්.ආර්.අයි එකක් මම දන්න දෙන්නකුත් කළා.. පැය එක හමාරක් ඒක ඇතුලෙ හිටියා.. අපට බලන්න යන්න දෙන්නෙ නැහැ.. ඒත් එම්ආර්.අයි එකට යවන්න සිහි නැතිකරනවා කියලා මම ඇහැව්වමයි..!(නු)

:       0       0

තිනුගා Monday, 11 February 2013 09:57 PM

දැරියව නව ලෝකයකට ඇරලා නේද? (නි)

:       0       0

කීර්ති Tuesday, 12 February 2013 09:58 AM

කොස්වත්තෙ හීනයක්වත් දැකලා බය උනාද ? (ස)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 12 February 2013 10:00 AM

නම ප්‍රසිද්ධ කරන්න.. (නු)

:       0       0

ප්‍රසන්න Tuesday, 12 February 2013 10:01 AM

මම කියන්නේ නැහැ රෝහල හරි කියලා.. නිසි සූදානමක් නැතිව වැඩ කිරීමට ඔවුන් වැරදිකරුවන්... ඒ උනත් එම්.ආර්.අයි සදහා සිහි නැති කරන්නේ නැහැනේ.. සිහි මද කිරීම පමණයි නෙ කරන්නෙ... මට තීරනේ විදියට දරුවට වලිප්පුවට වගේ ඇවිත් වෙන්න පුළුවං.. නමුත් රෝහල එයට සූදානමින් හිටියෙ නැහැ.. ඒ නිසා ඔක්සිජන් නොලැබී යාමෙන් දරුවා නිල් පාට වෙලා..!(නු)

:       0       0

තිලක් Tuesday, 12 February 2013 10:04 AM

ඔබගේ දරැවාටත් මෙවැනි දෙයක් උනොත් ඔබ මොනවද කරන්නේ ප්‍රසන්න.MRI ස්කෑන් යන්ත්‍රයේ බටයක් පිපුරැණු සද්ධය දරැවගේ මවටත් ඇහිලා තියෙනවා. MRI ස්තෑන් එකේ බට පුපුරන්නෙත් මොළේ ගෙඩියක් නිසාද ? (ස)

:       0       0

අසන්ත Monday, 11 February 2013 10:03 PM

දැන් භාතිය මොනවද එතුමාට කියන්න යන්නේ? (නි)

:       0       0

දේශාන් Tuesday, 12 February 2013 10:04 AM

රෝහල වසා දමනු! (නි)

:       0       0

ශාන්ත ලාල් Tuesday, 12 February 2013 10:04 AM

පොඩි අයත් එම් ආර් අයි ස්කෑන් කරනවා . මෙතන රෝගියාගේ ආරක්ෂාව සපයලා නැහැ. (ස)

:       0       0

සිසිර Monday, 11 February 2013 10:10 PM

මෙම රෝහල වහාම වසා දමන්න. (නි)

:       0       0

ගජබා Tuesday, 12 February 2013 10:13 AM

මෙය රෝහලේ වරදක් නොව එහි කළමනාකාරීත්වයේ සහ වෛද්‍යවරුන්ගේ වරදක්. (නි)

:       0       0

සුප්රා Monday, 11 February 2013 10:16 PM

මෙයාලට වැහි නැති හෙණ පහත් නූනොත් මේ ලෝකේ පවු පළදෙනවා කියන කතාව බොරු වෙනවා. (නි)

:       0       0

නිහාල් Monday, 11 February 2013 10:16 PM

නඩුත් හාමුදුරැවන්ගේ බඩුත් හාමුදුරැවන්ගේ අහිංසක ළමයා පව්. දෙවියොම බලාගන්න ඕන මේවා...!!!(ස)

:       0       0

ඩයස් Monday, 11 February 2013 10:19 PM

දන් හෑම තෑනකම එක එක සංගම් තියෙනවානේ. රෝගින්ගේ සංගමයක් තාම හදලා නෑ වගේ. කෝකටත් පුද්ගලීක රොහලක දිගුදුර පරීෂණයකට යන්න කලින් අඩුම ගානේ ඒ අයවත් කියාවි රක්ෂණයක් වත් ලබා ගන්න කියලා. මොකද අත්දෑකීම් තියෙන්නේ රෝගින්ටනේ.(නදී)

:       0       0

අශෝක Monday, 11 February 2013 10:23 PM

හැම ඇත්තක්ම රටට කියන මාධ්‍යය ඇයි රෝහලේ නම නොදාන්නේ? (නි)

:       0       0

පාලිත Monday, 11 February 2013 10:25 PM

මේක ආණ්ඩුවේ රෝහලක වුණා නම් නම දානවා.... නැද්ද මම අහන්නේ? (නි)

:       0       0

කුමාරි Tuesday, 12 February 2013 10:24 AM

සියල්ල කතාවට සීමාවී ඇත. හෙට තවත් අලුත් නිව්ස් එකක් ආවම අපි ඒ ගැන ඇට්ටි හැලේන්න, පොර ටෝක් දෙමු. දැන් මොකද වෙන්නේ අත කපපු නීති ශිෂ්‍යය ගැන. එක ඇන්ටික්, රත්නපුර මරණ ඇන්ටික්,කැලණියේ මන්ත්‍රී මරණය ඇන්ටික් මනුස්සයෙක් මැරුණම, අතක් කැපුවම ඒ මනුස්සයට සාධාරණය කියල ප්‍රශ්නේ යටයන්න හම්බානට අනුග්‍රාහකයෝ. ඒ අය තමයි රටේ ගැටළු ප්‍රවර්ධකයෝ. (දැන හෝ නොදැන) එත් නැවත ඒ වගේ සිදුවීම් නැවත ඇතිවීම නතර කරන්න වැඩ පිළිවෙලක් කා ලගවත් නැත. මේ වෙනුවට විහිළු ටිකක් පත්තරේ පුරාම දානවනම් ...ප්ලීස් (ස)

:       0       0

ෂාන් Tuesday, 12 February 2013 10:33 AM

ඔබලා හිතනවද සාදාරණයක් ඉටු වෙයි කියලා ? (ස)

:       0       0

ප්‍රියන්ත Monday, 11 February 2013 10:36 PM

පරලෝකයට යන පහසුම මග මෙය තුලින් ගමන් කිරීමයි.(නදී)

:       0       0

රංග Monday, 11 February 2013 10:39 PM

අල්ලපු ගෙදර සිරිපාලට මම ගැහුවොත් මගේ නමයි පවුලගේ නමයි හත් මුතු පරම්පරාවේම නම් දානවා පත්තරේ. මේකේ මොකද රෝහලේ නම නැත්තේ. (නි)

:       0       0

පහන් Tuesday, 12 February 2013 10:50 AM

මේ රෝහලේ අයිති කාරයවයි අර පොල් මුදලාලියවයි කොටියම කාපිය . (ස)

:       0       0

ගලබඩ Monday, 11 February 2013 10:39 PM

තවමත් අපරාධකරුවන් නිදැල්ලේ. (නි)

:       0       0

බන්දුල Monday, 11 February 2013 10:42 PM

දරුවාව මරාගත්තා මදිවට තව ලක්ෂ ගාණක බිලකුත් ගෙවන්න කියලා. මීට සාධාරණයක් ඉටුවිය යුතුයි. (නි)

:       0       0

තිසල් Tuesday, 12 February 2013 04:31 PM

අසරණ කමක මහත (දී)

:       0       0

ගුනවර්දන Friday, 15 February 2013 02:27 PM

අන්තිමේ ඒ අම්මට දරුවා නැති උනා එච්චරයි (දී)

:       0       0

බණ්ඩාර Monday, 11 February 2013 11:07 PM

මරණයට හේතුව සෙවීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් මෙහිදී කළ බවක් වාර්තා වල සඳහන් නොවේ. වෛද්‍යවරුන් වයසට යනවිට ඔවුන්ගේ කුසලතාවන්,මතකය, ශාරීරික ශක්තිය වැනි කරුණු පහත තත්වයකට පත් වීමට ඉඩ ඇත. බොහෝ පුද්ගලික රෝහල්වල සේවය කරන්නේ විශ්‍රාමික වෛද්‍යවරුන් බව රහසක් නොවේ. මෙවන් වයසක වෛද්‍යවරුන්ගෙන් සිදුවන සේවාවන් වල ගුණාත්මක බවට රෝගීන්ට ඇති සහතිකය කුමක්ද? එවන් වෛද්‍යවරුන් අධික්ෂණයට සහ පාලනයට ක්‍රමවේදයක් අප වෛද්‍ය කවුන්සිලයට තිබේද? (නි)

:       0       0

පහන් Tuesday, 12 February 2013 11:25 AM

ප්‍රසන්න ඔයා ඔයාට දෙයක් වෙනකම් තේරුම් ගන්නේ නැති කෙනෙක් .මෙතන ගොඩදෙනෙක් අනුන්ගේ දුක තමන්ගේ කරගෙන තියනවා .ඒ අතරේ ඔයාල වගේ එක්කෙනෙක් දෙන්නෙකුත් ඉන්නවා . (ස)

:       0       0

අනුර Monday, 11 February 2013 11:08 PM

පවු අසරණ අහිංසක දරුවා. (නි)

:       0       0

ගුනේ Friday, 15 February 2013 02:31 PM

දුවේ ඔබට නිවන් සුව (දී)

:       0       0

අජිත් Monday, 11 February 2013 11:14 PM

රෝහලේ ලොක්කන්ගෙ පම්පෝරි නම් අඩුවක් නැහැ. ළමයා මැරුවා මදිවට ලක්ෂ ගානක බිලකුත් දීලා. හිතක් පපුවක් නැති අය. (නි)

:       0       0

සෑම් Friday, 15 February 2013 10:15 PM

මොනවාද මේ අපිට දැන් අහන්න ලැබෙන්නේ? (නි)

:       0       0

අසංක Tuesday, 12 February 2013 04:52 PM

පව් අන්තිමේ අසරණ උනේ අර දෙමව්පියෝ (දී)

:       0       0

චන්දන Tuesday, 12 February 2013 11:38 AM

දුක තියෙන්නේ ඒ අම්මටයි (දී)

:       0       0

හිම Tuesday, 12 February 2013 04:52 PM

මේකෙ නම පුද්ගලික රෝහලද? (නු)

:       0       0

කටුවන Monday, 11 February 2013 11:35 PM

ඔය කිව්වේ රෝහලෙන් කිසි වරදක් වෙලා නැහැ කියලා.(නදී)

:       0       0

අසංක Tuesday, 12 February 2013 05:01 PM

මේ වගේ බරපතල සිද්ධීන් ගැන ක්රෝහල වග කියන්න ඕනේ (දී)

:       0       0

සංජීව Monday, 11 February 2013 11:45 PM

දන්න කියන කිසිම දරුවෙක් මෙතනට නම් ගෙනියන්න එපා. (නි)

:       0       0

පහන් Monday, 11 February 2013 11:48 PM

එම්.ආර්.අයි, සී.ටී, පෙට් සී.ටී වැනි ස්කෑන් කිරීමට පෙර පියවර රාශියක් තිබෙනවා. පළපුරුදු හෙදියක විසින් රෝගියා සුදානම් කිරීම සංකීර්ණ ක්‍රියාවක්(එන්නත් කිරිමක් පවා සමහර රෝගීන්ට කරනවා කැනියුලා එක අතේ සුදානම්ව තබනවා ) ,මුදු ,මාල ,වළලු දත් කුට්ටම් ඔරලෝසු අගේ ඇති යන්ත්‍ර පවා ඉවත් කරනවා (යන්ත්‍ර ක්‍රියාකරු විසින් )මේ රෝහලේ මේ ඔක්කොම වැඩ ටික කරන්න එක්කෙනයිනේ ඉදල තියෙන්නේ. අසරණ දරුවා වෙනුවෙන් දෙමාපියන්ට සාධාරණයක් කරන්න. කරන මෙහෙවරට ලංකාදීපයට ස්තුතියි. (නි)

:       0       0

සමන්ත Tuesday, 12 February 2013 12:05 AM

ගරු නීතිඥවරුනි ,මුදල් වෙනුවෙන් චරිතය පාවා නොදී රෝහල වෙනුවෙන් පෙනි නොසිටින්න. (නි)

:       0       0

තරංගා Tuesday, 12 February 2013 11:47 AM

‍‍ෙහාඳක් නම් වෙන්නේ නැහැ මේ කළ අපරාදෙට (ස)

:       0       0

කෙවින් Tuesday, 12 February 2013 12:11 AM

සරත් ෆොන්සේකා මහත්තයා හිටියා නම් මෙලහකට මේ රට යහමගට ගිහිල්ලා. (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 12 February 2013 05:12 PM

මොකද්ද මේ පෞද්ගලික රෝහල? (නි)

:       0       0

චතූ Tuesday, 12 February 2013 11:52 AM

මෙම පුද්ගලික රෝහල සම්බන්ධයෙන් අනිවාර්යයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ගයක් ගතයුතුයි. (නි)

:       0       0

නලින්ද Tuesday, 12 February 2013 12:43 AM

කෙනෙක් මියගියාට පස්සේ දොස්තරලාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ. (නි)

:       0       0

සමන් Wednesday, 13 February 2013 07:23 PM

මේ අහිංසක දරුවගේ මරණයට වගකිවයුතු අය සියලුම දෙනා දඩුවම් ලැබිය යුතුයි.(නදී)

:       0       0

ලාල් Tuesday, 12 February 2013 01:05 AM

මේක මෙහෙම වෙච්ච පළවැනි එක නෙමෙයි. (නි)

:       0       0

සරත් Tuesday, 12 February 2013 06:04 PM

මුදලට යුක්තිය යට නොවේවා..!(නු)

:       0       0

තුෂ්මි Tuesday, 12 February 2013 12:27 PM

ඕක පොඩි අත් වැරදීමක් කියලා දොස්තර කෙනෙක් කියලා තිබුනේ (දී)

:       0       0

තුෂාන් Tuesday, 12 February 2013 12:29 PM

ඔබට නිවන් සුව දුවේ (දී)

:       0       0

මුතුකුඩ Tuesday, 12 February 2013 01:29 AM

රෝහලට ගියොත් රෝගියාට දක්වන සැළකිල්ල වෙනුවට දක්වන්නේ නොසැළකිල්ල. නයතුරැස් ෙවලා මිලමුදල් ටිකක් හොයාගෙන පෞද්ගලික රෝහලකට ගියහම මුදල් වලට සැළකිල්ල දක්වනවා. නමුත් එතනත් තියෙන්නේ වෛද්‍යවරුන්ගේ නොසැළකිල්ල. මිල මුදලට යටවු බලධාරින්ගේ ඇස් දැන්වත් ඇරේවා! (නි)

:       0       0

ගලබඩ Wednesday, 13 February 2013 03:59 AM

මිනීමරුවෝ නම් තවම නිදැල්ලේ. (නි)

:       0       0

තිසල් Tuesday, 12 February 2013 01:31 AM

ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ. හිතන්නවත් එපා. (නි)

:       0       0

පනාගොඩ මිලානෝ Tuesday, 12 February 2013 06:13 PM

රෝහලේ නම දාන්න..!(නු)

:       0       0

අමිල Tuesday, 12 February 2013 01:40 AM

සල්ලි වලින් ඕක යට ගහන්න නම් දෙන්න බැහැ. (නි)

:       0       0

බුද්ධික Tuesday, 12 February 2013 12:40 PM

යලිත් මෙවන් විපතක් අසන්නටවත් නොලැබේවා (දී)

:       0       0

භක්ති Tuesday, 12 February 2013 01:45 AM

රජයේ රෝහල් තියෙද්දී මොකටද පෞද්ගලික රෝහල් වලට යන්නේ? (නි)

:       0       0

සම්පත් Thursday, 14 February 2013 03:53 PM

නොවේවා යලිත් මවන් විපත් (දී)

:       0       0

පහන් Tuesday, 12 February 2013 12:50 PM

මේ,, කුමාරි අදහස් පලකිරීමේ අයිතිය මිනිස්සුන්ට තියනවා මේ තීරයෙන් පේනවා ලංකාවේ මිනිස්සු නිදි නැතිවග .ඇත්තම කියනවනම් ප්‍රධාන ලිපිය වගේම දාල තියන කමෙන්ට් කියවන්නත් මිනිස්සු කැමතියි .ඒවායින් මිනිස්සු දැනුවත් වෙනවා .ලංකාදීපය මේ තීරය ආරම්භ කරලතියෙන්නෙ .කුමාරි වගේ අයට නෙමේ .ඔය හිතනවානම් මේකේ තියෙන්නේ අවැදගත් කතා කියල ඔය මේ පැත්ත පළාතේ එන්න එපා .වෙන වැඩක් කරගන්න (දී) .

:       0       0

සුභාෂිණි Saturday, 16 February 2013 04:20 AM

භාතිය, මට ඔයා ගැනත් දුකයි. (නි)

:       0       0

ඉන්දරේ Tuesday, 12 February 2013 06:54 PM

දුවේ ඔබට නිවන් සුව (දී)

:       0       0

මහානාම Tuesday, 12 February 2013 01:28 PM

අන්තිමේ මොකද්ද උනේ , අම්මා කෙනෙක්ට දරුවෙක් නැති උනා (දී)

:       0       0

කපිල Tuesday, 12 February 2013 02:53 AM

බබාට තුණුරුවන්ගේම පිහිටයි! (නි)

:       0       0

කොස්වත්ත Tuesday, 12 February 2013 03:10 AM

අතිගරු ජනාධිපතිතුමනි, ඔබ කවදත් සාධාරණ තීරණ ගත්තා. මෙන්න ඔබට අවස්ථාවක්. (නි)

:       0       0

නිමල් Tuesday, 12 February 2013 03:22 AM

පුද්ගලික රෝහල් සල්ලි වෙනුවෙන් තව කොච්චර නම් දේවල් කරලා තියෙනවද? (නි)

:       0       0

දිසා Tuesday, 12 February 2013 07:07 PM

අපිට තියෙන යන්ත්‍ර පරණ ඒවාද (දී)

:       0       0

ඩේවිඩ් Tuesday, 12 February 2013 04:00 AM

මොකද රෝහලේ නම නොදාන්නේ? (නි)

:       0       0

දිසානායක Tuesday, 12 February 2013 07:11 PM

ළමා රෝහල බොරැල්ලෙ තියෙද්දි මේ වගේ පෞද්ගලික රෝහල්වලට ගියේ ඇයි කියලා.. අහන්න ඕන.. (නු)

:       0       0

දිසානායක Tuesday, 12 February 2013 07:13 PM

බොරැල්ලේ ළමා රෝහල තියෙද්දී මොන එහෙකටද මේකට ගෙන ගියේ. ලංකාවේ හොදම පහසුකම් තියෙන්නේ ලේඩි රිජ්වේ එකේ. අනිත් අයටත් මේවා හොද පාඩම්.(නදී)

:       0       0

දිසානායක Tuesday, 12 February 2013 07:14 PM

රට වැසියනි දැංවත් පෞද්ගලික අංශයේ ලණු කන්න එපා..!(නු)

:       0       0

ඉන්දික Tuesday, 12 February 2013 07:19 PM

ආයෙත් මෙවැනි දේ නොවෙන්න ක්‍රියා කරන්න (දී)

:       0       0

දිසානායක Tuesday, 12 February 2013 07:20 PM

මේක පොඩි වැරදිමක් කියලා වෛද්‍යවරයෙක් කියලා තියෙනවා.. (නු)

:       0       0

දිසානායක Tuesday, 12 February 2013 07:22 PM

මෙයාලට ඒවා ගානක් නැහැ.. දරුවාගේ දෙමාපියන්ටනේ දුක..!(නු)

:       0       0

මනෝ Tuesday, 12 February 2013 04:44 AM

ගමේ කොල්ලෙක් අතින් වරදක් වුනානම් පෙලපත් නාමයත් එක්ක ප්‍රසිද්ද කරයි. කරුණු කාරනා දැනගෙන අනිත් අයට පරිස්සම් වෙන්න පත්තරේ නම දාන්න.(නදී)

:       0       0

සේනානායක Tuesday, 12 February 2013 07:23 PM

මෙය අවසාන සිද්දිය වේවා (දී)

:       0       0

දිසා Tuesday, 12 February 2013 07:23 PM

දුකයි මටනම් (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 12 February 2013 05:02 AM

මම හිතනවා මෙම දරුවාගේ මරණයට අපගේ සෞඛ්‍ය බලධාරීන්ද වග කිව යුතුයි කියා. පුද්ගලික රෝහල්වලින් සිදුකෙරෙන සේවාවන්වල කිසිම තත්වපරික්ෂණයක් සිදුවේදැයි රෝගින් නොදනී. වගකියයුතු සෞඛ්‍ය බලදාරීන්ට එරෙහිවද නීති ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව සොයා බැලිය යුතුය. මෙම දරුවා නිර්විදනයට ලක් කිරීම එම් . ආර්.අයි පරීක්ෂණය පහසු කිරීමට සිදුවූවා විය හැක. මෙහිදී මතුවී පෙනෙන බරපතල ඌනතා රැසකි. නිර්වින්දන දොස්තරට සහයට පුහුණු හෙදියක් හෝ සහායකයෙක් නොමැත. නිර්වින්දයට ලක් වන රෝගියකුට ඇතිවිය හැකි සන්කුලතාවයන්ට ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට රෝහල හෝ අදාළ වෛද්‍යවරයාගේ කිසිම පුර්ව සුදානමක් නොමැත. අඩු තරමේ අමතර ඔක්සිජන් සිලින්දරයක්වත් අහලක නොමැත. වෛද්‍යවරයාගේ වෘත්තිමය නොසැලකිල්ල සහ වෘත්තිමය අයොග්‍යතාව මෙම මරණයට කොපමණ දායකවිද? මෙම දරුවාගේ බඩ පිම්බි මුහුණ නිල්පාටවී තිබුබව මව දැක ඇත. මෙයට හේතුව කුමක්ද? වැරදි ආකාරයට එන්ඩෝ ට්‍රැකියල් ටි යු බ ය අන්නස්‍රෝතයට දැමුවිට මෙය සිදුවනබව හෙද සිසුවෙක් පවා දනිති. මරණයට හේතුව සෙවීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් මෙහිදී කලබවක් වාර්තා වල සඳහන් නොවේ.. වෛද්‍යවරුන් වයසට යනවිට ඔවුන්ගේ කුසලතාවන්,මතකය, ශාරීරිකශක්තිය වැනි කරුණු පහත තත්වයකට පත් වීමට ඉඩ ඇත.බොහෝ පුද්ගලික රෝහල්වල සේවය කරන්නේ විශ්‍රාමික වෛද්‍යවරුන් බව රහසක් නොවේ.මෙවන් වයසක වෛද්‍යවරුන්ගෙන් සිදුවන සේවාවන් වල ගුණාත්මක බවට රෝගීන්ට ඇති සහතිකය කුමක්ද? එවන් වෛද්‍යවරුන් අධික්ෂණයට සහ පාලනයට ක්‍රමවේදයක් අප වෛද්‍ය කවුන්සිලයට තිබේද?(නදී)

:       0       0

දිසානායක Tuesday, 12 February 2013 07:27 PM

එක අතකින් ලංකාවේ ජනමාධ්‍ය ඇත්ත ලියන්නේ කොහොමද? රෝහලේ නම ලිව්වා නම් ප්‍රශ්න ගොඩයි.(නදී)

:       0       0

තස්මි කුවෙයිට්‍ Tuesday, 12 February 2013 01:55 PM

නිර්භීත දෙමළ වෙබ්‍ අඩවියකින් මා දුටුවා ඒ රෝ හලේ නම....(ස)

:       0       0

දිසා Tuesday, 12 February 2013 07:28 PM

මොකද්ද මේ රෝහල..!(නු)

:       0       0

එරංග Tuesday, 12 February 2013 02:00 PM

පව්, ඒ අහිංසක ළමයා, කාටවත් මේ ප්‍රශ්නෙන් නම් බේරෙන්න බැහැ (දී)

:       0       0

දිසානායක Tuesday, 12 February 2013 07:33 PM

මානව හිමිකම් ප්‍රශ්ණ මාර්තු මාසේ එනවා.. තමන්ගෙ රටේ මේ සිද්දවෙන දේවල් යට ගහලද මේවට මුහුණදෙන්නේ ?(නු)

:       0       0

ඩේවිඩ් Monday, 18 February 2013 10:23 PM

බබාගේ අම්මා කියන්නේ ඇත්ත. (නි)

:       0       0

විලේගොඩ Tuesday, 12 February 2013 06:21 AM

සල්ලි දෙයියන්ගේ මල්ලි.(නදී)

:       0       0

ප්‍රසන්න Tuesday, 12 February 2013 06:21 AM

මම හිතන්නේ මේ ගැන හිතන්න තව පැත්තක් තියෙනවා. කුඩා ළමයෙකුට එම්.ආර්.අයි පරීත්ෂන නිකන් කරන්නේ නැහැ. ඒක නියම කල දොස්තර මහත්තයා මොලයේ පටක වල අසාමානය තාවයක් ගැන සැකකරලා තියෙනවා. සමහරවිට ගෙඩියක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 1 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 155 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 378 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 228 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 538 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 395 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site