තම දියණියගේ මරණය යටපත් කිරීමට ඉඩ නොදෙන්නැයි කොළඹ පෞද්ගලික රෝහලකදී මියගිය දැරියකගේ මව කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේදී අද සාක්කි දෙමින් පැවැසුවාය. තමා සතු නීතිමය විධිවිධාන අනුව සාධාරණ පරීක්ෂණයක් පවත්වන බව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ප්‍රකාශ කෙළේය.
කොළඹ පෞද්ගලික රෝහලකදී එම්.ආර්.අයි පරීක්ෂණයක් අතරතුරේදි පස් හැවිරිදි දැරියක මියගිය සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව ඒ.එම්. ඉන්දුමතී චම්පා කුමිරි ඒකනායක (40) මහත්මිය කීවාය.
බුද්ධිකා කෞෂල්‍යා රත්නායක දැරියයි. කොම්පඤ්ඤවීදිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාපති නාලක ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන් සාක්කි දුන් චමිලා කුමාරි ඒකනායක මහත්මිය මෙසේ ද කීවාය.
මට දරුවන් තිදෙනකු සිටිනවා. මියගියේ බාලම දියණියයි. ඇයට ඇඟ තදවීමේ තත්ත්වයක් තිබුණා. මෙය වැඩිවෙලාවක් පවතින්නේ නැහැ. තත්තපර 10කින් පමණ සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා. මෙය මොකක්දැයි බලාගන්නයි දුව පසුගිය 31 වැනි දා රෝහලට ඇතුළත් කෙළේ.
බබා ගැන පරීක්ෂණ කිහිපයක් තියෙනවා කීවා. ඊ.ඊ.ජී. පරීක්ෂණයක් සහ එම්.ආර්.අයි. පරීක්ෂණයක් ද අවශ්‍යයැයි කීවා. ගමන් අපහසුව නිසා මමත් රෝහලේ නැවතුණා.
පසුවදා සවස 3.30ට පමණ එම්.ආර්.අයි. පරීක්ෂණයට ගත්තා. බබා නිර්වින්දන මැෂිම මත තබන්නැයි මට කීවා. මම බලාගෙන ඉදිද්දි දුව නිදාගත්තා දුවට ඔක්ෂිජන් මුහුණක් සවි කළා.
මගේ දුව සුදුයි. මැෂින් එකෙන් එළියට ගත්තේ නිල්පාට වෙච්චි දරුවෙක්. අම්මා කෙනෙක් කොහොමද මේවා දකින්නේ. මගේ දරුවා මැරුවද කියලා මම කෑගැසුවා. විනාඩි පහක් විතර ගියාට පසුවයි අනෙක් දොස්තරලා ආවේ.
හදිසියකට දෙන්න ඔක්සිජන් එළියේ තිබුණේ නැහැ. පසුව ඔක්සිජන් හතරක් විතර තල්ලුකරගෙන ආවා. ඒ වෙලාවේ මට තේරුණා දරුවා මිය ගොස් ඇති බව. දරුවාගේ අතපය දරදඩු වෙලයි තිබුණේ.
දරුවා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනවා කීවා. මම දරුවා එහෙ ගෙනියන්න නොවෙයි ගෙනාවේ කියා. එහි ඇඳක තියාගෙන දුව අපිට පෙන්නුවා. දරුවා නිල් පැහැ ගැන්විලා සිටියා. තුවැනි දවසේ මම දැක්කා දරුවාගේ නාසයට කුහුඹියන් යනවා.
හතරවැනි දවසේ රෝහල් පාලකයන් අපිට කතා කළා. ‘අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද‘ කියා ඒ අය අපෙන් ඇසුවා. එයාල උත්සාහයක් ගත්තේ අපේ හිත හදන්නයි.
දරුවා රෝහලෙන් පිටතට ගන්නා විට මල් ශාලාවකින් හර්ස් එකක් ඇවිත්. එය අපි නෙවෙයි ගෙනාවේ. රෝහලෙන් ගෙනත්. අම්මා කෙනෙකුට මේවගේ දේ බලන්න පුළුවන්ද. මගේ දරුවට වෙච්ච දේ වගේ දෙයක් වෙනත් දරුවකුට සිදු වෙන්න ඉඩ තියන්න එපා.‘
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතීඥ ජයන්ත ඩයස් නානායක්කාර, නීතීඥ රවිනාත් දාබරේ සහ නීතීඥ කෘෂන්තා සමරනායක යන මත්ම මහත්මීහු පෙනී සිටියහ.
වැඩිදුර සාක්කි විමසුම ලබන මස 28 වැනිදාට කල් තැබුණු අතර අදාළ සාක්කි සියල්ල සටහන් කර ගැනීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව අධිකරණයෙන් දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරාතිරම නොබලා දඩුවම් දෙයිද? නැත්නම් ළමයා සියදිවි නසාගත්තා කියයිද?
කොම්පඥවීදිය නම් අරක වෙන්න ඕනා.(නදී)
මේක නම් සාමාන්‍ය දෙයක් නෙමෙයි. එම්.ආර්.අයි ස්කෑන් කරනකොට සිහි නැති කරනවද?(නදී)
රෝහලේ නම? (නදී)
එම රෝහලේ මෙම යන්ත්‍රය නිසි පරිදි සර්විස් කර නොමැති බවයි ජනමාධ්‍ය පෙන්වා දෙන්නේ.(නදී)
යන්ත්‍රය නඩත්තු නොකර යමලෝත රෝහලේ රැකගත් මුදල් අහිංසක දරුවෙකුගේ ජීවිතයෙන් ගෙවා දැම්මා.(නදී)
දැන් දොස්තරවරුත් හරියට කොන්දොස්තරවරු වගේ (ස)
මේ අසාධාරණය දේශපාලන හස්තයන් මැදිහත්වෙලා යට ගහන්න දෙන්න එපා. මේකට දැඩි දඩුවම් දෙන්න. රෝහලෙන් වන්දි ගානක් අරන්දුන්නත් කම් නැහැ.(නදී)
මිය ගිය දරුවගේ නාමයෙන් මේ දරුවට සාදාරණයක් කරන්න. එය විනිසුරුතුමාට බාරයි.(නදී)
ජනාධිපතිතුමනි! රටේ භාරකරු ඔබ නේද? රෝහල් බලපත්‍රය අහෝසි කරන්න. අම්මා කෙනෙකුගේ පැහැදිලි සාක්ෂි තියෙනවා. නීතියට වෙන මොනවද අවශය? (නදී)
ඔය හොරලෝකේ එක්කගෙන ගිහින් තමයි මගේ පියාත් මැරුණේ. (නි)
ඒ ළමයගේ ජීවිතය නැවත දෙන්න පුළුවන්ද? (නදී)
ලංකාවේ ඉස්පිරිතාලෙකට යන්නත් බයයි (දී)
භාතිය උඹට පිස්සුද? කරයි මේන් කියලා.(නදී)
මගේ දරුවාටත් එම්.ආර්.අයි ස්කෑන් එකක් කරන්න කිව්වා ඔය කියන රෝහලේ. මගේ ජිවිතේට ඔය කියන රෝහලේ නන් කරන්නෙ නෑ. නෑතිවෙච්ච දරුවගෙ අම්ම,තාත්ත,පුංචි අක්කල දෙන්න ව්දින දුක මටත් ව්දින්න බෑ. නඩුකාරතුමනි මේ වගේ දේවල් ආයෙත්,අහන්න,දකින්න ලෑබෙන්න නෑතිවෙන්න වගකිව යුත්තන්ට උපරිම දඩුවම් දෙන්න කියලා මාත් විදේශ රටක ඉදලා ඉල්ලා සිටිනවා. මේ කාලේ දොස්තරලා වගේම පුද්ගලික රෝහලුත් අහින්සක ජිවිතත් එක්ක සෙල්ලන් කරන්න පටන් අරගෙන.සල්ලි විතරයි ඒ අයට ඕනි. අර අම්ම,තාත්ත,පුන්චි අක්කල දෙන්න කොහොම උහුලනව ඈත්ද? (නදී)
අල්ලපු ගෙදර සිරිපාලට මම ගැහුවොත් මගේ නමයි පවුලගේ නමයි හත් මුතු පරම්පරාවෙ නම් දානවා පත්තරේ. මේකේ මොකද රෝහලේ නම නැත්තේ.(නදී)
දැරියව නව ලෝකයකට ඇරලා නේද? (නි)
දැන් භාතිය මොනවද එතුමාට කියන්න යන්නේ? (නි)
මෙම රෝහල වහාම වසා දමන්න. (නි)
මෙයාලට වැහි නැති හෙණ පහත් නූනොත් මේ ලෝකේ පවු පළදෙනවා කියන කතාව බොරු වෙනවා. (නි)
නඩුත් හාමුදුරැවන්ගේ බඩුත් හාමුදුරැවන්ගේ අහිංසක ළමයා පව්. දෙවියොම බලාගන්න ඕන මේවා...!!!(ස)
දන් හෑම තෑනකම එක එක සංගම් තියෙනවානේ. රෝගින්ගේ සංගමයක් තාම හදලා නෑ වගේ. කෝකටත් පුද්ගලීක රොහලක දිගුදුර පරීෂණයකට යන්න කලින් අඩුම ගානේ ඒ අයවත් කියාවි රක්ෂණයක් වත් ලබා ගන්න කියලා. මොකද අත්දෑකීම් තියෙන්නේ රෝගින්ටනේ.(නදී)
හැම ඇත්තක්ම රටට කියන මාධ්‍යය ඇයි රෝහලේ නම නොදාන්නේ? (නි)
මේක ආණ්ඩුවේ රෝහලක වුණා නම් නම දානවා.... නැද්ද මම අහන්නේ? (නි)
පරලෝකයට යන පහසුම මග මෙය තුලින් ගමන් කිරීමයි.(නදී)
අල්ලපු ගෙදර සිරිපාලට මම ගැහුවොත් මගේ නමයි පවුලගේ නමයි හත් මුතු පරම්පරාවේම නම් දානවා පත්තරේ. මේකේ මොකද රෝහලේ නම නැත්තේ. (නි)
තවමත් අපරාධකරුවන් නිදැල්ලේ. (නි)
දරුවාව මරාගත්තා මදිවට තව ලක්ෂ ගාණක බිලකුත් ගෙවන්න කියලා. මීට සාධාරණයක් ඉටුවිය යුතුයි. (නි)
මරණයට හේතුව සෙවීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් මෙහිදී කළ බවක් වාර්තා වල සඳහන් නොවේ. වෛද්‍යවරුන් වයසට යනවිට ඔවුන්ගේ කුසලතාවන්,මතකය, ශාරීරික ශක්තිය වැනි කරුණු පහත තත්වයකට පත් වීමට ඉඩ ඇත. බොහෝ පුද්ගලික රෝහල්වල සේවය කරන්නේ විශ්‍රාමික වෛද්‍යවරුන් බව රහසක් නොවේ. මෙවන් වයසක වෛද්‍යවරුන්ගෙන් සිදුවන සේවාවන් වල ගුණාත්මක බවට රෝගීන්ට ඇති සහතිකය කුමක්ද? එවන් වෛද්‍යවරුන් අධික්ෂණයට සහ පාලනයට ක්‍රමවේදයක් අප වෛද්‍ය කවුන්සිලයට තිබේද? (නි)
පවු අසරණ අහිංසක දරුවා. (නි)
රෝහලේ ලොක්කන්ගෙ පම්පෝරි නම් අඩුවක් නැහැ. ළමයා මැරුවා මදිවට ලක්ෂ ගානක බිලකුත් දීලා. හිතක් පපුවක් නැති අය. (නි)
ඔය කිව්වේ රෝහලෙන් කිසි වරදක් වෙලා නැහැ කියලා.(නදී)
දන්න කියන කිසිම දරුවෙක් මෙතනට නම් ගෙනියන්න එපා. (නි)
එම්.ආර්.අයි, සී.ටී, පෙට් සී.ටී වැනි ස්කෑන් කිරීමට පෙර පියවර රාශියක් තිබෙනවා. පළපුරුදු හෙදියක විසින් රෝගියා සුදානම් කිරීම සංකීර්ණ ක්‍රියාවක්(එන්නත් කිරිමක් පවා සමහර රෝගීන්ට කරනවා කැනියුලා එක අතේ සුදානම්ව තබනවා ) ,මුදු ,මාල ,වළලු දත් කුට්ටම් ඔරලෝසු අගේ ඇති යන්ත්‍ර පවා ඉවත් කරනවා (යන්ත්‍ර ක්‍රියාකරු විසින් )මේ රෝහලේ මේ ඔක්කොම වැඩ ටික කරන්න එක්කෙනයිනේ ඉදල තියෙන්නේ. අසරණ දරුවා වෙනුවෙන් දෙමාපියන්ට සාධාරණයක් කරන්න. කරන මෙහෙවරට ලංකාදීපයට ස්තුතියි. (නි)
ගරු නීතිඥවරුනි ,මුදල් වෙනුවෙන් චරිතය පාවා නොදී රෝහල වෙනුවෙන් පෙනි නොසිටින්න. (නි)
සරත් ෆොන්සේකා මහත්තයා හිටියා නම් මෙලහකට මේ රට යහමගට ගිහිල්ලා. (නි)
කෙනෙක් මියගියාට පස්සේ දොස්තරලාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ. (නි)
මේක මෙහෙම වෙච්ච පළවැනි එක නෙමෙයි. (නි)
රෝහලට ගියොත් රෝගියාට දක්වන සැළකිල්ල වෙනුවට දක්වන්නේ නොසැළකිල්ල. නයතුරැස් ෙවලා මිලමුදල් ටිකක් හොයාගෙන පෞද්ගලික රෝහලකට ගියහම මුදල් වලට සැළකිල්ල දක්වනවා. නමුත් එතනත් තියෙන්නේ වෛද්‍යවරුන්ගේ නොසැළකිල්ල. මිල මුදලට යටවු බලධාරින්ගේ ඇස් දැන්වත් ඇරේවා! (නි)
ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ. හිතන්නවත් එපා. (නි)
සල්ලි වලින් ඕක යට ගහන්න නම් දෙන්න බැහැ. (නි)
රජයේ රෝහල් තියෙද්දී මොකටද පෞද්ගලික රෝහල් වලට යන්නේ? (නි)
බබාට තුණුරුවන්ගේම පිහිටයි! (නි)
අතිගරු ජනාධිපතිතුමනි, ඔබ කවදත් සාධාරණ තීරණ ගත්තා. මෙන්න ඔබට අවස්ථාවක්. (නි)
පුද්ගලික රෝහල් සල්ලි වෙනුවෙන් තව කොච්චර නම් දේවල් කරලා තියෙනවද? (නි)
මොකද රෝහලේ නම නොදාන්නේ? (නි)
ගමේ කොල්ලෙක් අතින් වරදක් වුනානම් පෙලපත් නාමයත් එක්ක ප්‍රසිද්ද කරයි. කරුණු කාරනා දැනගෙන අනිත් අයට පරිස්සම් වෙන්න පත්තරේ නම දාන්න.(නදී)
මම හිතනවා මෙම දරුවාගේ මරණයට අපගේ සෞඛ්‍ය බලධාරීන්ද වග කිව යුතුයි කියා. පුද්ගලික රෝහල්වලින් සිදුකෙරෙන සේවාවන්වල කිසිම තත්වපරික්ෂණයක් සිදුවේදැයි රෝගින් නොදනී. වගකියයුතු සෞඛ්‍ය බලදාරීන්ට එරෙහිවද නීති ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව සොයා බැලිය යුතුය. මෙම දරුවා නිර්විදනයට ලක් කිරීම එම් . ආර්.අයි පරීක්ෂණය පහසු කිරීමට සිදුවූවා විය හැක. මෙහිදී මතුවී පෙනෙන බරපතල ඌනතා රැසකි. නිර්වින්දන දොස්තරට සහයට පුහුණු හෙදියක් හෝ සහායකයෙක් නොමැත. නිර්වින්දයට ලක් වන රෝගියකුට ඇතිවිය හැකි සන්කුලතාවයන්ට ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට රෝහල හෝ අදාළ වෛද්‍යවරයාගේ කිසිම පුර්ව සුදානමක් නොමැත. අඩු තරමේ අමතර ඔක්සිජන් සිලින්දරයක්වත් අහලක නොමැත. වෛද්‍යවරයාගේ වෘත්තිමය නොසැලකිල්ල සහ වෘත්තිමය අයොග්‍යතාව මෙම මරණයට කොපමණ දායකවිද? මෙම දරුවාගේ බඩ පිම්බි මුහුණ නිල්පාටවී තිබුබව මව දැක ඇත. මෙයට හේතුව කුමක්ද? වැරදි ආකාරයට එන්ඩෝ ට්‍රැකියල් ටි යු බ ය අන්නස්‍රෝතයට දැමුවිට මෙය සිදුවනබව හෙද සිසුවෙක් පවා දනිති. මරණයට හේතුව සෙවීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් මෙහිදී කලබවක් වාර්තා වල සඳහන් නොවේ.. වෛද්‍යවරුන් වයසට යනවිට ඔවුන්ගේ කුසලතාවන්,මතකය, ශාරීරිකශක්තිය වැනි කරුණු පහත තත්වයකට පත් වීමට ඉඩ ඇත.බොහෝ පුද්ගලික රෝහල්වල සේවය කරන්නේ විශ්‍රාමික වෛද්‍යවරුන් බව රහසක් නොවේ.මෙවන් වයසක වෛද්‍යවරුන්ගෙන් සිදුවන සේවාවන් වල ගුණාත්මක බවට රෝගීන්ට ඇති සහතිකය කුමක්ද? එවන් වෛද්‍යවරුන් අධික්ෂණයට සහ පාලනයට ක්‍රමවේදයක් අප වෛද්‍ය කවුන්සිලයට තිබේද?(නදී)
සල්ලි දෙයියන්ගේ මල්ලි.(නදී)
මම හිතන්නේ මේ ගැන හිතන්න තව පැත්තක් තියෙනවා. කුඩා ළමයෙකුට එම්.ආර්.අයි පරීත්ෂන නිකන් කරන්නේ නැහැ. ඒක නියම කල දොස්තර මහත්තයා මොලයේ පටක වල අසාමානය තාවයක් ගැන සැකකරලා තියෙනවා. සමහරවිට ගෙඩියක්.(නදී)
මේ වාගේ දේවලට වන්දි ගෙව්වා මිසක් චුදිත පාර්ශ්වයක් වරදකරුවන් කරලා දඩුවම් නියම කරපු බවක් නම් අපට මතක නැහැ. නීතිය හරියට ක්‍රියාත්මක නොවුණාම දිගින් දිගටම මේ වාගේ දේවල් සිදු වෙනවා. (නි)
අසාමාන්‍ය නව ලෝකය... (නි)
කාලයක් ගියහම මේකත් හැමෝටම අමතක වේවි. (නි)
මම නම් හිතන්නේ නැහැ මේ දැරියගේ දෙමවුපියන්ට සාධාරණයක් ඉටුවේවි කියලා. (නි)
දුවේ , ඔබට නිවන් සුව! මතු සංසාරයේ මෙවන් අකල් විපත් නොවේවා! ඔබ වෙන රටක ඉපදේවා! (නි)
පෙරේරා හරි. (නි)
ලංකාවේ පෞද්ගලික රෝහලුත් මෙහෙම නම්??? (නි)
දුවේ ඔබට නිවන් සුව........ මේ සිද්ධි සුළුකොට තකන්න එපා කරුණාකර රෝහලේ නම් ප්‍රසිද්ධ කරන්න එසේම අපි දන්නවා රෝහල මොකද්ද කියලා කියන්න බෑ(ස)
මිනිස් ජීවිතත් එක්ක සෙල්ලම් කරන දොස්තරලා සහ රෝහල් වලට නිසි දඩුවම් දියයුතුයි. (නි)
මාතෘකාව අසම්පූර්ණයි නේද?(නු)
ප්‍රසන්න, ඔයා නොදන්නා දේවල් කියන්න එන්න එපා. (නි)
අවසානයේ ආරම්භය... (නි)
රෝහලේ නම දාන්න ලැජ්ජද? නැත්නම් බයද? (නි)
ප්‍රසන්න, එම.ආර්.අයි. පරීක්ෂණය කිරීමට හේතුව කුමක් වුවත් , මෙම දරුවා එම පරීක්ෂණයට එන විට මරණාසන්න තත්වයේ සිටි අයෙක් නොවේ. එම නිසා මෙසේ හදිසියේ මිය යාමට හේතුව මොලයේ ගෙඩියක් හෝ මොලයේ පටක වල අසාමාන්‍යතාවයක් යයි සිතීම සහේතුක නොවේ. (නි)
මොනතරම් නම් දුක්බර පුවතක්ද? මෙවන් දුකක් යළි කිසිදු දරුවෙකුට නොවේවා! (නි)
නවලෝක රෝහල
මෙවන් දුකක් මවක් කෙසේ දරා ගනීද... ! (ස)
ප්‍රසන්නටත් මොකක්හරි රෝගයක් තියෙන පාටයි. (නි)
අපිට දැනගන්න ඕනෑ රෝහල පැත්තෙන් කතාකරන නීතිඥයින්ගේ නම්... (නි)
මම ගියා දිනක් නවලෝක රෝහලට මගේ පාදයක ලෙඩකට බෙහෙත් ගන්න. වෛද්‍යවරු මගේ කකුල බලලා කිව්වෙ ඔබගේ කකුල සැත්කමක් කරන්න ඕන කියලා.. මම ලයවෙලා ගෙදර ඇවිත් සිංහල වෙද මහත්තතයෙකුට පෙන්නුවා.. අනේ මේ වෙදමහතා කිව්වා කකුලේ රක්තවාතය නිසයි කියලා බෙහෙත් දුන්නා පස්සෙ හොද උනා.. (නු)
මුදලාලි නම් හොඳ මනුස්සයෙක් කියලා තමා ප්‍රසිද්ධ....ඒත් පුතාලා නම් එහෙම නෑ වගේ (ස)
නම ප්‍රසිද්ධ නොකලාට අපි දන්නවා.!(නු)
මෙවැනිම සිද්ධියක් මගේ ප්‍රදේශයේ පවුලේ එකම දරැවටත් සිද්ද වුණා. මැරුණු දරුවට දැඩි සත්කාර ඒකකයේ තියන් ඉඳලා මෘත දේහය ගන්න ලක්ෂ 20ක් ඉල්ලුවා. කථා කරලා ලක්ෂ 10ක් ගෙවලා ගත්තා. (ස)
කොහොමත් පුද්ගලික රෝහල්වල මුදල් මත මයි සේවය. රජයේ රෝහල් හොඳ උනාට සේවයත් බෙහෙතුත් නැහැ. (ස)
ඩුබායි වල පෞද්ගලික රෝහලක් එම්.ආර්.අයි එකක් මම දන්න දෙන්නකුත් කළා.. පැය එක හමාරක් ඒක ඇතුලෙ හිටියා.. අපට බලන්න යන්න දෙන්නෙ නැහැ.. ඒත් එම්ආර්.අයි එකට යවන්න සිහි නැතිකරනවා කියලා මම ඇහැව්වමයි..!(නු)
කොස්වත්තෙ හීනයක්වත් දැකලා බය උනාද ? (ස)
නම ප්‍රසිද්ධ කරන්න.. (නු)
මම කියන්නේ නැහැ රෝහල හරි කියලා.. නිසි සූදානමක් නැතිව වැඩ කිරීමට ඔවුන් වැරදිකරුවන්... ඒ උනත් එම්.ආර්.අයි සදහා සිහි නැති කරන්නේ නැහැනේ.. සිහි මද කිරීම පමණයි නෙ කරන්නෙ... මට තීරනේ විදියට දරුවට වලිප්පුවට වගේ ඇවිත් වෙන්න පුළුවං.. නමුත් රෝහල එයට සූදානමින් හිටියෙ නැහැ.. ඒ නිසා ඔක්සිජන් නොලැබී යාමෙන් දරුවා නිල් පාට වෙලා..!(නු)
ඔබගේ දරැවාටත් මෙවැනි දෙයක් උනොත් ඔබ මොනවද කරන්නේ ප්‍රසන්න.MRI ස්කෑන් යන්ත්‍රයේ බටයක් පිපුරැණු සද්ධය දරැවගේ මවටත් ඇහිලා තියෙනවා. MRI ස්තෑන් එකේ බට පුපුරන්නෙත් මොළේ ගෙඩියක් නිසාද ? (ස)
රෝහල වසා දමනු! (නි)
පොඩි අයත් එම් ආර් අයි ස්කෑන් කරනවා . මෙතන රෝගියාගේ ආරක්ෂාව සපයලා නැහැ. (ස)
මෙය රෝහලේ වරදක් නොව එහි කළමනාකාරීත්වයේ සහ වෛද්‍යවරුන්ගේ වරදක්. (නි)
සියල්ල කතාවට සීමාවී ඇත. හෙට තවත් අලුත් නිව්ස් එකක් ආවම අපි ඒ ගැන ඇට්ටි හැලේන්න, පොර ටෝක් දෙමු. දැන් මොකද වෙන්නේ අත කපපු නීති ශිෂ්‍යය ගැන. එක ඇන්ටික්, රත්නපුර මරණ ඇන්ටික්,කැලණියේ මන්ත්‍රී මරණය ඇන්ටික් මනුස්සයෙක් මැරුණම, අතක් කැපුවම ඒ මනුස්සයට සාධාරණය කියල ප්‍රශ්නේ යටයන්න හම්බානට අනුග්‍රාහකයෝ. ඒ අය තමයි රටේ ගැටළු ප්‍රවර්ධකයෝ. (දැන හෝ නොදැන) එත් නැවත ඒ වගේ සිදුවීම් නැවත ඇතිවීම නතර කරන්න වැඩ පිළිවෙලක් කා ලගවත් නැත. මේ වෙනුවට විහිළු ටිකක් පත්තරේ පුරාම දානවනම් ...ප්ලීස් (ස)
ඔබලා හිතනවද සාදාරණයක් ඉටු වෙයි කියලා ? (ස)
මේ රෝහලේ අයිති කාරයවයි අර පොල් මුදලාලියවයි කොටියම කාපිය . (ස)
ප්‍රසන්න ඔයා ඔයාට දෙයක් වෙනකම් තේරුම් ගන්නේ නැති කෙනෙක් .මෙතන ගොඩදෙනෙක් අනුන්ගේ දුක තමන්ගේ කරගෙන තියනවා .ඒ අතරේ ඔයාල වගේ එක්කෙනෙක් දෙන්නෙකුත් ඉන්නවා . (ස)
දුක තියෙන්නේ ඒ අම්මටයි (දී)
ෙහාඳක් නම් වෙන්නේ නැහැ මේ කළ අපරාදෙට (ස)
මෙම පුද්ගලික රෝහල සම්බන්ධයෙන් අනිවාර්යයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ගයක් ගතයුතුයි. (නි)
ඕක පොඩි අත් වැරදීමක් කියලා දොස්තර කෙනෙක් කියලා තිබුනේ (දී)
ඔබට නිවන් සුව දුවේ (දී)
යලිත් මෙවන් විපතක් අසන්නටවත් නොලැබේවා (දී)
මේ,, කුමාරි අදහස් පලකිරීමේ අයිතිය මිනිස්සුන්ට තියනවා මේ තීරයෙන් පේනවා ලංකාවේ මිනිස්සු නිදි නැතිවග .ඇත්තම කියනවනම් ප්‍රධාන ලිපිය වගේම දාල තියන කමෙන්ට් කියවන්නත් මිනිස්සු කැමතියි .ඒවායින් මිනිස්සු දැනුවත් වෙනවා .ලංකාදීපය මේ තීරය ආරම්භ කරලතියෙන්නෙ .කුමාරි වගේ අයට නෙමේ .ඔය හිතනවානම් මේකේ තියෙන්නේ අවැදගත් කතා කියල ඔය මේ පැත්ත පළාතේ එන්න එපා .වෙන වැඩක් කරගන්න (දී) .
අන්තිමේ මොකද්ද උනේ , අම්මා කෙනෙක්ට දරුවෙක් නැති උනා (දී)
නිර්භීත දෙමළ වෙබ් අඩවියකින් මා දුටුවා ඒ රෝ හලේ නම....(ස)
පව්, ඒ අහිංසක ළමයා, කාටවත් මේ ප්‍රශ්නෙන් නම් බේරෙන්න බැහැ (දී)
ජනාධිපතිතුමනි, රෝහල් බලපත්‍රය අහෝසි කරන්න. අම්මා කෙනෙකුගේ පැහැදිලි සාක්ෂි තියෙනවා. (නි)
ජනාධිපතිතුමනි, ඔබ කවදත් සාධාරණ තීරණ ගත්තා. මෙන්න ඔබට අවස්ථාවක්. (නි)
මම නම් හිතන්නේ මේ රෝහල සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරයි කියලා. මොනවා වුණත් නැති වුණේ අහිංසක මල් කැකුළක්. ඒක මේ රෝහලට තවත් එක් රෝගියෙක් පමණයි. (නි)
අසරණ කමක මහත (දී)
පව් අන්තිමේ අසරණ උනේ අර දෙමව්පියෝ (දී)
මේකෙ නම පුද්ගලික රෝහලද? (නු)
මේ වගේ බරපතල සිද්ධීන් ගැන ක්රෝහල වග කියන්න ඕනේ (දී)
මොකද්ද මේ පෞද්ගලික රෝහල? (නි)
මුදලට යුක්තිය යට නොවේවා..!(නු)
රෝහලේ නම දාන්න..!(නු)
දුවේ ඔබට නිවන් සුව (දී)
අපිට තියෙන යන්ත්‍ර පරණ ඒවාද (දී)
ළමා රෝහල බොරැල්ලෙ තියෙද්දි මේ වගේ පෞද්ගලික රෝහල්වලට ගියේ ඇයි කියලා.. අහන්න ඕන.. (නු)
බොරැල්ලේ ළමා රෝහල තියෙද්දී මොන එහෙකටද මේකට ගෙන ගියේ. ලංකාවේ හොදම පහසුකම් තියෙන්නේ ලේඩි රිජ්වේ එකේ. අනිත් අයටත් මේවා හොද පාඩම්.(නදී)
රට වැසියනි දැංවත් පෞද්ගලික අංශයේ ලණු කන්න එපා..!(නු)
ආයෙත් මෙවැනි දේ නොවෙන්න ක්‍රියා කරන්න (දී)
මේක පොඩි වැරදිමක් කියලා වෛද්‍යවරයෙක් කියලා තියෙනවා.. (නු)
මෙයාලට ඒවා ගානක් නැහැ.. දරුවාගේ දෙමාපියන්ටනේ දුක..!(නු)
මෙය අවසාන සිද්දිය වේවා (දී)
දුකයි මටනම් (දී)
එක අතකින් ලංකාවේ ජනමාධ්‍ය ඇත්ත ලියන්නේ කොහොමද? රෝහලේ නම ලිව්වා නම් ප්‍රශ්න ගොඩයි.(නදී)
මොකද්ද මේ රෝහල..!(නු)
මානව හිමිකම් ප්‍රශ්ණ මාර්තු මාසේ එනවා.. තමන්ගෙ රටේ මේ සිද්දවෙන දේවල් යට ගහලද මේවට මුහුණදෙන්නේ ?(නු)
මම ඔය දොස්තර ගැන දන්නවා. (නි)
අම්මේ සාක්කි දීලා වැඩක් නැහැ.(නදී)
මිනීමරුවෝ නම් තවම නිදැල්ලේ. (නි)
කියලා වැඩක් නැහැ. මගේ දරුවෙක් වුනානම් මරාගෙන මැරෙනවා දෙකෙන් එකක් නැහැ. මොනවා වුනත් නීතියෙන් නමි බේරෙයි. ඒත් හෘද සාක්ෂියෙන්වත් ස්වභාවදර්මයෙන්වත් බේරෙන්න බැහැ.(නදී)
මේ අහිංසක දරුවගේ මරණයට වගකිවයුතු අය සියලුම දෙනා දඩුවම් ලැබිය යුතුයි.(නදී)
මගේ දරුවාටත් 3 වරක් එම්.ආර්.අයි. පරීක්ෂණ කළා. හැබැයි සිහි නැති කළේ නැහැ. නින්ද යන්න බෙහෙත් දුන්නා පමණයි. ඒ තුන් වාරයේම ගාල්ල කරාපිටිය රෝහලේ කැපවීම හද පිරි බැතින් සිහි කරන්න ඕනෑ. ඇත්තටම ඒ අතින් ඒ වෛද්‍යවරු දෙවිවරු වගේ. ගාල්ල කරාපිටිය රෝහලේ 24 වාට්ටුවේ කාර්ය මණ්ඩලය ඇතුලු සෙසු කාර්ය මණ්ඩලයට උපහාරයක් වේවා! හැබැයි ප්‍රශ්නයක් තියෙනවා ඒ පරීක්ෂණ වාර්තා පුද්ගලික රෝහල්වල පැහැදිලි නැහැ කියනවා. (නි)
නොවේවා යලිත් මවන් විපත් (දී)
අන්තිමේ ඒ අම්මට දරුවා නැති උනා එච්චරයි (දී)
දුවේ ඔබට නිවන් සුව (දී)
මොනවාද මේ අපිට දැන් අහන්න ලැබෙන්නේ? (නි)
භාතිය, මට ඔයා ගැනත් දුකයි. (නි)
බබාගේ අම්මා කියන්නේ ඇත්ත. (නි)