ශ්‍රී ලංකාවට ආවේනික වූ අතිශ දුර්ලභ මිරිදිය ජීවී කකුළුවන් සහිත පෙට්ටි 29ක් නෝර්වේ රාජ්‍ය වෙත යැවීමට සූදානම් කර තිබියදී කටුනායක ගුවන් බඩු පර්යන්යේදී රේගු ජ්‍යෛව විවිධත්ව ඒකකය විසින් අත්අඩංගුවට ගත්තැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සමාජ ආරක්ෂණ අංශයේ රේගු අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා කියයි.
විසිතුරු මසුන් අපනයනය කරන අයුරින් ඇසුරා තුබූ කකුළුවෝ 125 දෙනෙක් පණපිටින් එහි වූහ. එම කකුළුවන් අපනයනය සපුරා තහනම්ය.
ජෛව්‍ය විවිධ්ව සංස්කෘතික හා ජාතික උරුමයන් සුරකීමේ අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධිකාරී කේ පී ජේ පී ප්‍රනාන්දු, සහකාර රේගු අධිකාරීවරුන් වන අසංක ප්‍රියදර්ශන, සමන්ත පුෂ්පකුමාර මහත්වරු පරීක්ෂණ සිදු කළ අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කේ එස් ඒ ද සිල්වා සහ ඩී විජේසිරිවර්ධන මහත්වරු කකුළළුවන් රාජසන්තක කර දෙහිවල සතුන්වත්තට මුදාහැරීමට නියෝග කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ! මේක නම් දඩුවම් දියයුතු වැරැද්දක්. මිරිදිය කකුළුවන් දැන් ලංකාවේ වද වෙලා. (නි)
මේවා ආරක්ෂා කරන්න විකල්පයක් යොදන්න. අපේ අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරමු (ස)
කොහෙන් අල්ල ගත්ත අයද දන්නේ නෑ නේ ? (ස)
අපේ උරුමය (දී)
සල්ලි වලට ගෙදර ඉන්න මිනිස්සු හරි විකුණාවි මේ අය (ස)
රේගුව ගැන ආඩම්බරයි (දී)
මේ ලංකාවේ වස්තුන් (දී)
ඒපාර මොකාටද මේ එන්න හදන්නේ (ස)
කකුළුවන්ගේ ෆොටෝ දාන්නකෝ (ස)
මට තිබෙන ප්‍රශ්නය තමයි ඔය නෝර්වේත් එක්ක අපේ රට තවමත් ඇයි ගණුදෙණු කරන්නේ කියන එකයි. (නි)