ස්වභාවික සෞදර්යෙන් හා සංස්කෘතික උරුමයන්ගෙන් පිරී ගිය දක්ෂිණ ලංකාවේ මත්තල ගුවන්තොට මහින්ද රාජපක්ෂ ජනපති අතින් ලබන 18 වැනිදා විවෘත වේ.
වනෝද්‍යාන, කෙත්වතු, ඉපැරණි වෙහෙර විහාර හා මුහුදු වෙරළින් සුසැදි පෙදෙසක ඉදි කළ මේ ගුවන්තොටේ මුල් අදියරදී වසරකට දස ලක්ෂයක් මගීන්ද, ටොන් 45000ක ගුවන් බඩුද ප්‍රවාහනය කෙරෙතියි ඇස්තමේන්තු කර ඇත.
මත්තල ගුවන් පථය මීටර 3500ක් දිගය. මීටර 60ක් පළලය. ගුවන් ගමන් පාලක මැදිරිය ගුවන්තොටේ ඉහළම උසකින් මීටර් 41ක් උසට ඉදි කර ඇත.
ගුවන්යානා 10ක් නතර කිරීමේ ඉඩකඩ ඇත.
දෙවැනි අදියරේදී ගුවන් මගීන් පන් ලක්ෂයකට ද පහසුකම් ද, ගුවන් යානා 20ක් නතර කිරීමට පහසුකම් ද කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ සිට මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළට ගුවණින් දුර නාවික සැතපුම් 90.8 කි.
කටුනායකට ගිනිකොන දිගින් මේ ගුවන්තොට පිහිටියේය.
තෝරාගත් පාසල් අසූවක සිසුනට ද මහජනයාට ද ලබන සිකුරාදා පස්වරු 12 වන තෙක් ගුවන්තොටුපළ නැරඹීමේ ඉඩකඩ ලැබෙන බව ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගම කියයි.
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි නියමයි (දී)
මෙය ඉතා ලස්සනයි නම් තමයි. නමුත් රටේ එක පැත්තකට සීමා වී ඇති නිසා දුර ගැටලු සහගතයි. (නි)
ඉන්දියාව වැනි විශාල ප්‍රාන්ත ඇති රට වල පවා එක ප්‍රාන්තයකට ඇත්තේ එක් ගුවන්තොටුපලක් පමණි. ලංකාව වැනි කුඩා රටකට අවශ්‍ය වී ඇත්තේ පවතින ගුවන්තොටුපොළ සංවර්ධනය කරනු විනා මෙවැනි ගුවන් තොලුපොලවල් හැදීම නොවන බව මගේ අදහසයි. (නි)
මේක තමා ආශ්චර්ය.... මේවා හැදෙන්න ඕනෑ සුදුසු තැන් වලයි. සංවර්ධන ව්‍යාප්ති සැලසුම් කිරීමේදී බලන්න ඕනෑ මූලික සුදුසුකම හා යෝග්‍යතාවයන් අද වෙද්දි වෙනස් වෙලා. යාපනය,මහනුවර, අනුරාධපුරය මෙන්න මේවයි ප්‍රධානතම නගර. (නි)
හැමදේම හම්බන්තොටටම දීලා හරියන්නෙත් නැහැනේ. (නි)
ඇත්තෙන්ම ඉතාම අගය කළ යුතු විශිෂ්ට කාර්යයක්. (නි)
ජයෙන් ජයම වේවා! (නි)
ගුවනේ දුර මනින්නේ කුමන ඒකකයකින්ද ? පිළිතුරක් බලාපොරොත්තු වෙමි. (නි)
පියාසර සැතපුම් වලින් කියලයි මම අහලා තියෙන්නේ සෑම්. දන්න කෙනෙක් ඉන්නව නම් තව පැහැදිලි කරාවි. සුභ පැතුම් මගේ උපන්දිනෙත් එදාටමයි.(නදී)
මගේ පුංචි රට ඔදතෙදින් බැබලේවා (දී)
ලංකාව වැනි සංචාරක කර්මාන්තය ප්‍රමුඛ ආදායම් ඉලක්කයක් උන රටකට අත්‍යාවශ්‍ය දෙයක්.(නදී)
ඇත්තමයි ඇයි නාවික සැතපුම් වලින් කතා කරන්නේ?(නදී)
කාටද ආඩම්බර (දී)
වැඩේ නම් හොදයි. හැබැයි ලෝකයට ණය නොවී මේවා හදනවා නම් තමා අපට ගොඩක් ආඩම්බර. මොකද කවදා හරි මේ ඔක්කොම විකුණන්න වෙයිද දන්නෙ නැහැ ගන්න ණය ගෙවන්න? (නි)
මට හරිම ආඩම්බරයි (දී)
අයියෝ සල්ලි, කියන්න එපා මේ වැඩේ වටිනා වැඩක් (දී)
ලංකාවට ජයවේවා (දී)
සුභ පැතුම් (දී)
මට මතක තියෙන කලේ හදපු ගුවන්තොට මේක (දී)
කටුනායක ගුවන් තොටුපළ වහලා දාපු දවසක් ආවොත් එදාට තමයි සමහරුන්ට නින්ද යන්නේ. (නි)
තව දවස් කියක් තියෙනවාද (දී)
අපි ඩුබයි වල ඉඳලා පැය 4න් ලංකාවට ඇවිත් මත්තල ඉඳලා පැය 10 යකින් තමයි ගෙදර යන්න වෙන්නේ (ස)
දෙවැනි මහ ගුවන්තොට මත්තල නැතුව ලංකාවේ ලොකුම ගුවන්තොට මත්තල කියලා කියන්න පුලුවන් වුණා නම් කොච්චර හොදද? (නි)
මගේ රට තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා (දී)
ණය වෙලා කරන සංවර්ධනයෙන් ඇති ඵලය කුමක්ද? (නි)
මා ජනාධිපති තුමාට හරි කැමතියි (දී)
මේවා හැදෙන්න ඕන තැන්වල නෙමේ හැදෙන්නේ. ඒක තමයි මේකේ තියෙන ආශ්චර්යය. අනුරාධපුරේ පොළොන්නරුවේ ඉන්න මනුස්සයෙක් මැදපෙරදිග යනවා නම් මත්තලට එන්න දවසක් යනවා. ගුවන් කාලය පැය 4කට පොඩ්ඩක් වැඩියි. (නි)
යුද්දෙත් ඉවරයි.. මේවා තමයි ආශ්චර්යය.!(නු)
අවංකවම අපිට සතුටුයි. (නි)
යාල කොටි ඉන්නවද?(නදී)
අනුරාධපුර, ත්‍රිකුනාමලය, යාපනය තව තුනක් ඇරියානම් හැමදේටම ලේසියි.(නදී)
හම්බන්තොටට විතරක් මේවා ඔක්කොම වැඩි නැද්ද? (නදී)
වනෝද්‍යාන, කෙත්වතු, ඉපැරණි වෙහෙර විහාර හා මුහුදු වෙරළින් සුසැදි පෙදෙසක ගුවන් තුටු පොලක් ඉදි කලාම ඒ තියෙන පරිසරයට හානියක් වෙනවා කියල තමයි මට හිතෙන්නේ.(නදී)
බඩු මිළ මෙහෙම ඉහළ ගියොත් වෙන්නේ අපිටත් මේ ගුවන්තොටුපොළෙන් ගුවන් යානයක නැගලා ගිහින් ඩුබායි වල හරි අබුඩාබි වල හරි පදිංචි වෙලා ජීවත් වෙන්නයි. එතකොට සල්ලි තියෙන විදේශිකයෝ ඇවිත් අපේ රටේ පදිංචි වෙයි. (නදී)
හොදයි. අපේ මව්බිම දියුණු වෙනවා. හරිම ආඩම්බරයි. සල්ලිකාරයන්ට විතරක් බලන්නේ නැතිව දුප්පතුන්ටත් බලන්න.(නදී)
කටුනායකට මොකද වෙන්නේ.(නදී)
හම්බන්තොට වගේ නම් නොවේවා! (නි)
මම නම් අකමැතියි ගුවන් තොටුපළවල් වලට පුද්ගල නාම යොදනවට. (නි)
හොදටම හොදයි. ඒත් මීට පෙර කරන්න වැඩ තියෙනවා නේද? (නි)
අපිට තියෙන ප්‍රශ්නය සංචාරකයෝ යන තැන්වත් ටොන් කීයක් මත්තලට බානවාද කියන එකවත් නෙමෙයි බඩු මිල බඩුමිල?(නු)
අපෙ රට ටිකෙන් ටික දියුණු වෙනවා (දී)
අගනගරෙත් එහාටම අරගෙන ගියා නම් අපිට ලේසියි. (නි)
නරකද යාපනයෙත් ගුවන්තොටක් දැම්මා නම්.(නදී)
හම්බන්තොට වරාය මෙන් නොවේවායි පතමි. (නි)
මේ ගුවන්තොටුපොල තවත් හම්බන්තොට වරායක් නොවේවා!(නදී)
මේවා අපේ රටේ වැරදි. මේවට කලින් බඩු මිළ අඩුවෙන්න ඕනෑ. (නි)
හැබැයි, සිංගප්පූරුව - මත්තල - පැය 3.5 මත්තල - කොළඹ - පැය 5.5 (නි)
ජය ශ්‍රී ලංකා මාතා! (නි)
ලුමිබිණි හරි. තව ගුවන් තොටුපළක අවශ්‍යතාවයක් අපිට තිබුණා. (නි)
ලුමිබිණිගේ අදහස හරි තමයි. (නි)
ලංකාව සංවර්දිත මාර්ගයට (දී)