විල්ගමුව අධ්‍යාපන කලාපයේ හඳුන්ගමුව නවෝද්‍යා පාසලට දින පහක් තිස්සේ දරුවන් නොඑවන මවුපියෝ එහි විදුහල්පති වසන්ත ඒකනායක මහතා ඉල්ලා අදත් උද්ඝෝෂණයක් කළහ.
පාසල ඉදිරිපිටට වී දෙමාපියෝ දින පහ තුළදීම පාසලේ ගුරු හිඟයට විසඳුම් හා දරුවන්ට පෙළ පොත් ඉල්ලා සිටිමින් රැඳී සිටිති. දරුවන් පාසල් එවීම නවතා දැමූ බවත්, විසඳුම් ලැබෙන තුරු පාසල අසල රැඳී සිටින බවත් දෙමාපියෝ කියති.
දේශපාලන අතපෙවීම නිසා පාසලට රජයෙන් ලැබිය යුතු වරප‍්‍රසාද රැසක් අහිමි කැර ඇතැයි දෙමාපියෝ කියති. විදුහල්පතිවරයා පාසලේ විදුහල්පති තනතුරින් ඉල්ලා අස්වී ගොස් ඇති බවත්, නැවත එම විදුහල්පතිවරයා ද පාසලට ලබාදෙන ලෙස ද දෙමාපියෝ ඉල්ලා සිටිති.
විල්ගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ කාර්යාලයෙන් විමසීමට ගිය ද අධ්‍යක්‍ෂකවරයා නියෝජ්‍ය ඇමැතිවරයකු පැමිණෙන බව පවසා පිටව ගොස් ඇති බව එහි නිලධාරියෙක් පැවසීය.
මෙම පාසලේ විදුහල්පති වසන්ත ඒකනායක මහතා ස්වාධීන කණ්ඩායමකින් විල්ගමුව ප‍්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත‍්‍රීවරයෙකි. ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා සහ විදුහල්පතිවරයා අතර ඇති ප‍්‍රශ්න මත විදුහලට ලැබෙන පහසුකම් කප්පාදු කැර ඇතැයි දෙමාපියෝ කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද වැඩකාරයා කියලා දැනගන්න නමත් දැම්මා නම්... පවු අසරණ ළමයි ටිත. (නි)
ජාත්‍යන්තර පාසල් නම් තියෙනවා සල්ලි දෙන්නේ ඔයාද ටෙනිසන්(ස)
අහිංසක දෙමවුපියන්ගේ අහිංසක දරුවෝ... (නි)
පවුකාරයන්ට ශාපවේවා! (නි)
අවශ්‍ය අනවශ්‍ය හැම් තැනකම් දේශපාලනය (දී)
ඉතින් මොකෝ? ඉන්ටනැෂනල් පාසල් තියෙන්නේ ඒකටනේ. (නි)
අනාගත පරපුරේ උරුමයට ගරු කර වැඩිහිටි අපි සතු යුතුකම ඉටු කරමු . එය අපි යන සාර්ථක ගමනේ පළමු පියවරයි . (ස)
තව ඇමතිලා පහක් විතර පත් කරමු. (ස)
නොදන්නා නිසයි අහන්නේ. විදුහල්පතිකමක් කරන ගමන් පළාත් සභාවේ මන්ත්‍රී කෙනෙක් විදියටත් ඉන්න පුලුවන්ද? (නි)
මතක තියාගන්න. අධ්‍යාපන ඇමතිලා පහක් ඉන්නවා. හැබැයි මේ ප්‍රශ්නේ විසදන්න තව දෙන්නෙක්වත් දාන්න වෙයි. (නි)
අපේ දුම්කුඩු අපිටම දුම් දානවා.. (නි)
අධ්‍යාපන ඇමතිතුමනි, කරුණාකර පාසැල්වලින් දේශපාලනය අයින් කරන්න. එහෙම නොවුනොත් මීලග පරමිපරාවට මොකද වෙන්නේ.(නදී)
දේශපාලුවෝ තව ටික දවසකින් රටම වනසාවි. (නි)
ස්වාධීනව හෝ රාජ්‍ය නිලධරියකුට දේශපාලනය අකැප බව මේ ගැටළු වලින් පැහැදිලි වෙනවා. (නි)
මේක හිතාමතාම කරන ලද කුමන්ත්‍රණයක් වගෙයි. (නි)
දුප්පතාට කෝ සැප ලෝකේ? (නි)
ආසියාවේ ආශ්චර්යය... දරුවෙකුට උපදින්න නුසුදුසුම රටක් තමයි මේක. (නි)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්... (නි)
සභාපතිතුමෝ, දරුවන්ගෙන් පළිගන්න එපා මගෙ දෙයියා (නි)
ඊළග පරම්පරාවටත් කරන්න වෙන්නෙ මේ දෙමවුපියන් කරන දේවල්ම තමයි. (නි)
ඇත්තටම මේක අපේ රටේ ජනතාවගේ මහ කරුම කාලයක්. කවදාවත් නොවූ විරූ ලෙස දේශපාලනය අසාදාරන ලෙස හරස්වෙලා. පුංචි ලාබෙකට අපේ අනාගත පරමිපරාව ගෙවන්න බැරි තරමි වන්දි ගෙවනවා.(නදී)