අනුරාධපුර රෝහලේ වෛද්‍ය චමල හේරත් මහතාට පහර දී බරපතල තුවාල සිදුකොට ඔහුගේ මෝටර් රියට අලාභහානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සංධාන ආධාරකරුවෝ තිදෙනෙක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය විසින් ලබන 11 වැදා තෙක් අද සවස රිමන්ඩ් කරනු ලැබූහ. අනුරාධපුර නගරයේ පදිංචිකරුවන් වන බී.එම්. ප්‍රසන්න කුමාර බස්නායක, ආර්.ඒ. ටිරෝන් රණසිංහ සහ තාජුල් ලතිෆ් අමීර් හසර් එම තිදෙනාය. බස්නායක, වෛද්‍ය රාජා ජෝන් පුල්ලේගේ නිවසට ගිනි තබා රුපියල් ලක්ෂ 500ක් පමණ වටිනා දේපොළ හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණයේ දැනට පවතින නඩුවක අධිචෝදනා ද ලැබ සිටී. උතුර මැද පළාත් සභාවේ සභා ඡන්දය වෙනුවෙන් අනුරාධපුර දහයියා ගම සංගීත සන්ධ්‍යාවක් පැවැත්වෙන ස්ථානය අසල වෛද්‍යවරයාගේ මෝටර් රථය නතර කර තබීමේ සිද්ධියක් මත ඇති වූ බහින් බස් වීමක දී ඔහුට පහර දී වාහනයට අලභහානි කර ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය. තවත් සැකකරුවන් අත්අඩංගවට ගැනීමට සිටින බව ද පොලිසිය අධිකරණයට දැන්වීය.මේ තිදෙනා හඳුනාගැනිමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කැරිණි. සෙසු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත් නියෝග කළාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරු මැද පලාතට වර්ෂාව මෙන්ම මහජනතාවට මොලෙත් පහළ වේවා..!!(නු)
දොස්තරලාට වැඩියෙන් දේශපාලකයන්ට සළකන රටකනේ අපි ඉපදිලා තියෙන්නේ. (නි)
ලංකාවේ දොස්තරලයි කොන්දොස්තරලයි අතර වැඩි වෙනසක් නැහැ. (නි)
ඔය රජරට නමින් ඉන්න මහත්තයා කවුද? (නි)
ඔය බාරවුනා යැයි කියන අය ඇතත්මට මේකට සම්බන්ධ අයද දන්නෙත් නැහැ.. (නු)
දෙන්න නම් එපා ඡන්දේ. (නි)
මේ දේශපාලන සංස්කෘතිය රටින් අතුගා දැමිය යුතුයි (නි)
මොකද දොස්තර කියන්නේ රජ්ජුරුවෝද (දී)
වරුණ හරි මේ අයට ඡන්දෙ දෙන අය ඇත්තටම මොලේ උඩද ඉදගෙන ඉන්නෙ කියලා බලන්න..!(නු)
මේ මැරයෝ හිතන්නේ නැහ තමන්ට ලෙඩක් දුකක් අනතුරක් සිදුවෙලා දොස්තර කෙනෙකු ළගට යන්න වෙයි කියලා.. චණ්ඩිකම් කලෝ ගස් යට මලෝ..!(නු)
හොද වැඩේ. (නි)
කව්ද මේවට වග කියන්න ඕන..? (නු)
නිවැරදි තීරණයක් ගැනීමට මිනිසුන් වගබලා ගත යුතුයි. (නි)
කාගේ අයද මේ නරක වැඩේ කළේ? (නි)
දොස්තර මොකට මේ අයත් එක්ක කතාවට ගියාද මන්දා?(නු)
නියමයි නේද? (නි)
රජරට අනෙක් පැත්තේ ඉන්නේ සිල් ගත්ත අයද දන්නේ නැහැ. (නි)
නූතන වැඩ වසම් සමාජයක් ගොඩ නැගෙමින් පවතී. මැරයන් හාම්පුතුන් වන අතර ජනයා වහලුන්ය. (නි)
අනේ මෙයා මේ අයව යට කරනගෙන යන්නත් තිබුණා (අ)
මේගොල්ලේ පරද්දන්න ඕනේ නැත්නම් තවත් නටනවා (අ)