(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)
මේ වසරේ පැවැත්වීමට යෝජනා වී ඇති දළදා දැක්ම අප්‍රේල් මස 18 සිට 27 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
මල්වතු - අස්ගිරි මහනාහිමිවරුන්ගේ එකඟතාවයවය පරිදි මෙම දින නියම කර ඇත.
පළමු දිනයේදී දළදා දැක්ම සවස 3.00 ට ආරම්භ වීමට නියමිත අතර සෙසු දිනවලදී දහවල් 12.30 සිට සවස 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී දළදා මාලිගාවේ පිහිටි ඒ මහතාගේ නිල කාමරයේදී විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අද දහවල් ඒ බව ප්‍රකාශයට පත් කළේය.
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු දුම්රියට අද(03 ) මනම්පිටිය මහවැලි පාලම ආසන්නයේදි වන අලියෙකු ගැටීමෙන් අලියා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව මනම්පිටිය
සිය කුඹුරේ පැල් රකිමින් සිටි 51 හැවිරිදි ගොවියෙකු වන අලියෙකුගේ පහර කෑමට ලක්ව එම ස්ථානයේදිම මිය ගොස් ඇතැයි තන්තිරිමලය පොලිසිය කියයි.
පාසල් ළමයින් ප්‍රවාහනය කළ වැන් රියක් එරත්න ලස්සකන්ද වංගුව ප්‍රදේශයේදි අද (03) අනතුරකට ලක්වීමෙන් දොළොස් දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවත් කුරුවිට පොලිසිය ප
පැමිණිල්ලක් විභාග කිරීමට තිස්සමහාරාම ප්‍රදේශයේ නිවසකට ගොස් එහි සිටි 16 හැවිරිදී දැරියකට කාමරයක් තුළද ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලි
ගලෙන් බිඳුණුවැව පොලිස් ස්ථානයේ කොස්තාපල් වරයෙකු පදිංචිව සිටි විවාහක නිල නිවසක භූමියේ සඟවා තිබූ විවිධ වර්ගයේ ගිනි අවි වලට යොදන උණ්ඩ 341ක් සහ අත් බෝම්බ දෙ
යපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වු ටිපර් රථයකට පොලීසිය විසින් සිදුකරන ලද වෙඩිතැබීමකදී එක් අයෙකු තුවාල ලබා ඇතැයි පේදුරුතුඩුව පොලී
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
දළදා දැක්මට දින නියම වේ
Sediris Sunday, 02 March 2025 04:13 PM
සාධු! සාධු!! සාධු!!! දේවෝ වස්සතු කාලේන, සග්ග සම්පත්ති හේතුච, ඵීතෝ භවතු ලොකෝ ච, රාජා භවතු ධම්මිකෝ.
Nissanka Sunday, 02 March 2025 04:17 PM
උතුම් දළඳා වහන්සේගේ සරණින් අපේ රටට ජයම වේවා, බුදු සසුන සිරිලක් දිව බොහෝ කල් පවතීවා...!
Wijesekara Sunday, 02 March 2025 04:25 PM
කල්ප ගණනකින් ලොව පහළ වන, අති දුර්ලභ උත්තරීතරම මනුෂ්‍ය රත්නය වූ, බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට සියලු දෙනාට හැකියාව ලැබෙත්වා. මේ අවස්ථාව සලසා දුන් අති පූජනීය මල්වතු අස්ගිරි මහනායක හිමිපාණන් වහන්සේලා ප්රමුඛ මහා සංඝරත්නයටත්, ගරු ජනාධිපතිතුමන්ටත්, දියවඩන නිලමේ තුමන් ප්රමුඛ මාලිගාවේ කාර්ය මණ්ඩලයටත් අපගේ ගෞරවනීය ස්තූතිය...!
Sanath Sunday, 02 March 2025 05:36 PM
මාත් දළදා වහන්සේ අතේ දුරින් දැකලා තියෙනවා. හැමෝටම උන්වහන්සේ දැකගැනීමට අවස්ථාව ලැබෙනවා නම් ගොඩක් හොඳයි...!
මැක්ස් Sunday, 02 March 2025 06:27 PM
දළදා වහන්සේට නිග්‍රහ කළ, උසුළු විසිළු කළ පාපිෂ්ටයන්ගෙන් සැදුම් ලත් මාලිමාන්ඩුවට, පළාත් පාලන ඡන්දය කට ළඟ තියා ගෙන හෝ දළදා හාමුදුරුවන්ගේ වටිනාකම කපටිකමට හෝ මතක් වීමත්, දුෂ්ටයාගේ අවසන් නවාතැන ආගමයි කියූ ජනාධිපතිටම දළදා පෙරහරක් පවත්වමුයි යෝජනා කරන්නට වීමත් දෛවයේ සරදමක් විනා වෙන කුමක්ද?
AB Sunday, 02 March 2025 07:40 PM
මේ වසරේ පැවැත්වීමට යෝජනා වී ඇති දළදා දැක්ම අප්‍රේල් මස 18 සිට 27 වැනි දින දක්වා දින 10 පැවැත්වීමට නියමිතයි. දළදා දැක්ම දින 10 පැවැත්තුවද පැය 47.5කි සම්පුර්ණ දින 2කි.
රනේ Monday, 03 March 2025 10:48 AM
රට මේ තරමටවත් රැකිල තායෙන්නෙ දළඳා වහන්සේ නිසා.. සාදූ.. සාදූ.. සාදූ..!!!