ගෙදරදී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ නීති ශිෂ්‍යාවක වන අචලා ප්‍රියදර්ශනීගේ අතක් වැලමිට ළගින් කපා ඉවත්කිරීමට සිදුවූ බව කොළඹ ජාතික රෝහල කියයි. ඇට බිදීමකට ලක්ව මාතර රෝහලට ඇතුළත්කළ මෙම ශිෂ්‍යාව කොළඹට එවා තිබූ බවත් අත කැපීම හැර කළ යුතු අන් දෙයක් නොවූ බවත් වෛද්‍යවරු කියති. මාතර රෝහලේදී කිසියම් ප්‍රමාදයක් හෝ අඩුපාඩුවක් සිදුවී දැයි සොයා බැලීම සදහා සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අණින් පරීක්ෂණයක්ද පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශේෂයෙන්ම් කිවයුතු දෙයක් ඇත. මා පූද්ගලිකවම ලෑබූ අත්දැකීමකි. දිනක් මා ලංකාවට ආ දිනක රෝගියෙක් බෑලීමට ආරෝග්‍ය ශාලාවකට ගියෙමි. රෝගියාගේ ඇද ඉහළ වාර්තව අතට ගෙන බැලුවෙමි. නමුත් මම එම වාර්තාව අතට ගත්තා පමණි. හෙදියක් එක්වරම පැමිණ ඕක තියන්න, ඔයාලා දොස්තරලා නෙමෙයිනෙ කියා මට තර්ජනය කළේය. මම වහා තෑබුවෙමි. නමුත් කිවයුතු එක් දෙයක් ඈත. යුරෝපයේ කිසිම ආරෝග්‍ය ශාලාවක එසේ කරන්නේ නැත. ලෙඩාගේ තොරතුරු ඈසීමට දොස්තර මහතා නිතරම සැදී පැහැදී සිටී. ලෙඩාගේ නියම තත්වය පැහැදිලි කරයි. හෙදියන් හරිම කාරුණීකය. නමුත් අපේ හෙදියන් දොස්තරලාටත් වඩා ඉහළය. ලෙඩ්ඩුන්ට සළකන්න දන්නේම නැත. නමුත් වැඩවර්ජන වලට දක්ෂය. මේ දරුවාට වෙලුම් පටිය ඔතපු කෙනා අත තමයි වරද. එයාව වසන් කරන්න ඉඩ දෙන්න එපා. එයාව නීතිය ඉදිරියට ගේන්න . බේත් ගෙන්නුවාට ,ඉස්පිරිතාල හැදුවාට වැඩක් නැත. ගුණාත්මක සුව සේවයක් රටට අවශ්‍යයි. අනෙක නිහතමානිකම හෙද සේවය තුල ඇති කළ යුතුයි. අඩුම ගානෙ ලෙඩ්ඩු බලන්න එන වෙලාවට මහජන සම්බන්ධතාවයට දොස්තර කෙනෙක් වාට්ටුවක සිටිය යුතුයි. මේවා ලියන්නෙ විවේචනයට නොවේ. අපේ රටේ සුව සේවය අනෙකුත් දියුණු රටවල සුව සේවයට සමාන වෙනවාට ශ්‍රී ලාංකිකයන් හටියට අපත් කැමති නිසාවෙනි (නි)
කරාපිටියේ නව හදිසි ඒකකයට ලෙඩ්ඩු ගැන කිසි හදිසියක් නැහැ. ගමගේ ඉස්සෙල්ලා කියලා තියෙන කතාවට සමාන දේවල් මමත් ඔතනදි දැකලා තියෙනවා. ස්ටාෆ් එකේ මා දන්නා අය නම් කියන්නේ හදිසි ලෙඩෙක් ගෙනාවම සිදුවන දේවල් නිසා දැන් මේ රෝහලේ වැඩකරනවා කියා පිට තැනකදී කියන්නත් ලැජ්ජයි කියලා. (නි)
මේකට නීතිමය පියවර ගත යුතුමයි (දී)
මේවා ඇස් අදහා ගන්න බැරි වැඩ (දී)
අයියෝ සල්ලි (දී)
අසාධාරණය වෙනුවෙන් අපි නැගී සිටිය යුතුයි (දී)
පෙරේරා උන්නැහැ, මොනවද මේ කියන කතා ? මෙතන බරපතල වැරැද්දක් වෙලා කියන එක පෙනෙන්නෙ නැද්ද? සමහර රෝහල් වල හෝ වාට්ටු වශයෙන් ගත්තත් වැඩ ඉතා හොඳ මෙන්ම ඉතා නරක තත්වයන්ද තියෙනවා. මතකනේ අර අලුත උපන් ගෑනු දරුවෙකුගෙ ඇගිල්ලක් කපා දාලා මදිවට ඒක එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි කියලා සමහර හෙදියො කියන්නත් හැදුවා. (නි)
ගාල්ලයි මාතරයි කියලා වෙනසක් නෑ වගේ (ස)
දැන් ඉතින් වෙච්ච දේ වුණා. අපි මෙයාට අතක් දාගන්න උදවු කරමු. (නි)
ගමගේ මහත්මයා කියන කතාව ලංකාවේ ගොඩක් රෝහල් වලට අදාලයි. විශේෂයෙන්ම සේවාමුර මාරුවන හවස 6.00-7.00 කාලයේදී මෙවන් සිදුවීම් දැකගන්න පුළුවන්. (නි)
සියලු දෙනාගේම දැනගැනීම පිණිස මරදන්කඩවල වෙද මහත්මයාගේ ලිපිනය දන්වන්න. (නි)
මරදන්කඩවල වෙද මහත්මයා ලෙඩුන් පරීක්ෂා කරන්නේ කොහේද අජිත්? (නි)
මරදන්කඩවල වෙද මහත්තයා ඉතා හොද කෙනෙක්. බොහෝ දුර පළාත් වල අය මෙතැනට එනවා. (නි)
ගාල්ලේ රෝහල ගැන විශ්වාසයෙන් අදහස් පළ කළ අයට ගාලු වැසියෙක් හැටියට ස්තුති කරන ගමන් අනතුරු ඇඟවීමක් කරන්න කැමතියි. කරාපිටියේ නව හදිසි ප්‍රතිකාර ඒකකය හදපු දවසේ ඉඳන් රෝගීන් ඉන්නේ ලොකු අවදානමක. මෙතන කිසිම කෙනෙක් ලෙඩුන්ගේ ජීවිත ගැන වගකියන්නේ නැහැ. මම හොඳටම ඒ ගැන දන්නා කෙනෙක්. කීප වරක්ම මෙතනට රෝගීන් ගෙන ආ රියදුරෙක් මම. එක වතාවක් ගෙනාවේ වහළයකින් වැටුන මහලු මනුස්සයෙක්. තුනටියට අනතුරක් වෙලා කියලා සෙළවීම වළක්වන උපකරණයක් ගෙනෙන කල් එක්ස්රේ ගන්න ගෙනියන්න එපා කිවූ නිසා පැයකට වඩා කෙඳිරිගාමින් සිට, අවසානයේ සේවකයින් කීපදෙනෙක් බෝඩ් එකක් වගේ දෙයක් ගෙනාවා. එක හරි නැහැ කියූ නිසා ඒ අය වැඩේ අතහැරලා වෙන වැඩ වලට ගියා. ඔය අතරේ මිසීලා ඕෆ් වෙන වෙලාව ආවා. සේරම ගියා යන්න. අලුත් කට්ටිය ඇවිත් කිසිවක් නොසොයා ලෙඩා ඔසවලා ට්‍රොලියක දමා ඇරියා. වරද කාගේ වුණත් අද ඒ මනුස්සයා එකතැන් වෙලා. වෛද්‍යවරු කිසි දෙයක් ලෙඩාට කියන්නෙත් නැහැ. කාටවත් ඒවා අසන්න ළඟ ඉන්න දෙන්නෙත් නැහැ. මිස්ලා මොනවත්ම දන්නෙත් නැහැ. සතියක්ම හිටියට පස්සේ මොනවා හරි ඇහුවාම 'ආ...ඔය අර ඊයේ ආපු ලෙඩා ද?..' කියලා කොළ පෙරළමින් සොයනවා. අන්තිමේදී බාරකාරයෝ ලෙඩා අරන් ගියේ දෙස් දෙවොල් තියමින්. මෙය මා දන්නා එක සිදුවීමක් පමණයි. (නි)
ලෙඩේ ඔඩු දුවනවා නෙමෙයි, අපේ බොහෝ වෛද්‍යවරුන් අද දුවන්නේ සල්ලි පස්සේ. (නි)
බොහෝ දෙනෙකුගෙ නොදන්නාකම පෙනේ. මගෙ පුතාට මෙවැනිම අනතුරක් වුණා ඕස්ට්‍රේලියාවෙදි. වැලමිට ඉතා භයානක තැනක්. ඊට හේතුව අස්ථි බිදීමකදී කැඩුනු අස්ථි කැබලි පිහි වැනි නිසා ඒවා මගින් වැලමිට අසල ඇති ධමනියට හානි වීම. මෙහේ අය පළමුව බැලුවෙ එතෙනට හානියක් වී ඇද්ද කියායි. එසේ වී නම් වහාම ශල්‍යකර්මයක් කොට ධමනිය නැවත සකස් කිරීම හැර වෙන කළ හැකි දෙයක් නැත. සිංහල වෙදකමේ තෙල් වලින් මෙය කළ නොහැක. (නි)
ගෙදර අයගේ අනුමැතිය අවශ්‍යයි නේද මෙහෙම දේවල වලදී? (නි)
ලෙඩේ ඔඩු දුවලා ඒකයි මේ දේ වෙලා තියෙන්නේ..!(නු)
අපරාදෙ තරුණ ජීවිතය.!(නු)
ඕකට හොදම තැන මරදන්කඩවල, හොරිවිල, වෙදගම, පල්ලෙවෙල, මේ කවුරුත් දැනගත යුතු කරුණක්.. අපරාදෙ තරුණ ජීවිතයක්.. වැඩිහිටියන් මීට වඩා දැනුවත් විය යුතුයි.. අස්ථි බිදුන අතක් ඇදෙන්නට දෙන්න එපා ඒකයි කැපීමට මූලික හේතුව..(නු)
මාතර රෝහලේ වැඩ ඔහොමමයි. දන්න අය ලෙඩේ ටිකක් බරපතල නම් ගාල්ලෙ ඉස්පිරිතාලෙට යනවා.මගේ අදහසනම් දන්න කියන අය දැනුවත් කරන්න ඕනි ගාල්ලට යන්න. මොකද ඔය ඉස්පිරිතාලෙ කවදාවත් හැදෙන එකක් නෙමෙයි.(නු)
මෙම සිසුවියට සිදුවූ දෙය ගැන ඉතාම කණගාටුයි.. (නු)
අයියෝ අත කපලා ඉවරයිනේ..!(නු)
අයියෝ අත කපලා ඉවරද? මම හිතුවෙ සිංහල බෙහෙතක් කරලා බලලාම කපන්න කියලා කියන්න..!(නු)
මොනවා උනත් සිංහල වෙද මහතකුට පෙන්නුවානම් අත නොකපන්නත් තිබුණා..!(නු)
.මෙම අනතුර සිද්දවුන දවස 17... ග්‍රාමීය රෝහලට රෝගියා අරගෙනයනව.. එතනින් මාතර මහා රෝහලට යවනවා. 18 වැනිදා මාතර රෝහලේදී අතට බැන්ඩේජ දමනවා... රෝගියා බැන්ඩේජය හිර වැඩි කියල වේදනාවෙන් කෑගසනවා. වේදනාව කියන්නේ මෙම රෝගියාට තිබුන හොඳ අනතුරු හැඟවීමේ රෝගලක්ෂණයක්.. වේදනාවට හේතුව හොයන්නේ නැතුව, එම වේදනාව පලනයකිරීම සඳහා බෙහෙත් විදීමනිසා මෙම රෝගියාට නින්ද ගියා.වේදනාවෙන් පෙන්නුම් කලේ ශරීරයේ එම කොටසට අවශ්‍ය තරමට රුධිර සංසරණයක් නොමැතිබව..ඉක්මනට රෝගියාට ඇහුම්කන්දී සැලකිලිමත් වුනානම් වේදනාවට හේතුව අත ඉදිමීම නිසා ස්නායු සහ රුධිර වාහිනී වලට අවහිරවීමක් වෙලා කියල හොයාගන්න තිබුන.අවශ්‍ය වෙලාවට බැන්ඩේජය ඉවත් කලානම් ප්‍රතිපලය මෙයට වඩා වෙනස්වීමට ඉඩතිබ්බ කියල මට හිතෙනවා...මෙවනිදේවල් වලට සාපරාධී නොසැලකිල්ල කියල කියන්න පුලුවන්ද ??(නු)
ගොඩක් ලෙඩ බටහිර වෙදකමට වැඩිය සිංහල වෙදකම නිසා සුව වෙලා තියෙනවා..!(නු)
ඇත්තෙන්ම සිංහල වෙදකමක් කරලා බැලුවානම් මොකද අත කපන්න කලිං..!(නු)
මාතර ඉස්පිරිතාලෙ වෛද්‍යවරියන් ලෙඩ්ඩු දිහා බලන්නේ කතාරකන්නේ තරහා කරුවන් දිහා බලනවා වගේ.. ලෙඩුන් ගැන තැකීමක් නැහැ.. (නු)
පූරුවේ පිනකට ඇති ඔයින් බේරුණා. බෙල්ල නොකපා (ස)
අපේ නංගිටත් මෙහෙම දෙයක් වෙලා අපි සිංහල වෙදකම් කරලා අත සනීප කරගත්තා. (නි)
මම දන්න නිසයි කියන්නේ. ඔය රෝහල ඔහොම්මමයි. (නි)