(උපාලි ආනන්ද)
ජාත්‍යන්තර කරාටි ශුරයකු වූ වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන විත්තිකරු වන එස්.එෆ්. ලොක්කා හෙවත් ඉරොන් රණසිංහ යන අය නාඳුනන පිරිසක් විසින් එල්ල කළ වෙඩි පහරකින් අද (5) මිය ගිය බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය පවසයි.
අනුරාධපුර දහයියාගම හන්දිය දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ වෙඩි තැබීම සිදුකර තිබේ.
අපරාධකරුවන් පලා ගොස් ඇති අතර ඔවුන් සොයා අනුරාධපුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.
එස්.එෆ්.ලොක්කා මෝටර් රථයකින් අනුරාධපුර ප්‍රදේශයට යමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
(ඡායාරූප - දයාරත්න ඇඹෝගම)
තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දීම සඳහා කෙටි සහන කාලයක් ලබාදීමට කටයුතු කර ඇතැයි ජනාධිපති ජනාධිපති
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නාඳුනන වෙඩි පහරකින් එස් එෆ් ලොක්කා මරුට
Kuma Wednesday, 05 August 2020 07:16 AM
තව ගොඩක් ඉන්නවා.
ලුම්බිණි Wednesday, 05 August 2020 07:31 AM
ආරක්ෂක ලේකම් කියපු විදියට මම හිතුවා දැන් මේ වගේ දේවල් ඉවරයි කියලා...
Champa Wednesday, 05 August 2020 07:42 AM
එළියට බහින්න ආරක්ෂිතම දවස අද කියලා හිතුවද දන්නේ නැහැ. පළවෙනි ඡන්ද ප්‍රතිඵලය නම් නරකම නැහැ.
Upali Wednesday, 05 August 2020 08:06 AM
අනේ හොඳයි. පාතාලේ ඉන්න අනිත් උන් තොලොංචි වෙලා යනවා නම් ඒක රටටම ලොකු සෙතක්...
Kamal Koyrala Wednesday, 05 August 2020 08:12 AM
උපාලි මේ වෙඩි තැබීමක්ද? බෝම්බ ගැසීමක්ද?
UpaliWednesday, 05 August 2020 10:27 AM
මොකක් වුණාම මොකද? ඔය මැරිලා ඉන්නෙ පාතාලේ හිටපු කෙනෙක්නේ. අහිංසක මිනිහෙක් නෙමෙයිනේ. රටටම විනයක් වෙච්ච පාතාලෙ ඉන්න ඔක්කොම නැති කරලා දාපු දවසට රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ට තමන්ගෙ පාඩුවේ රස්සාවක්, ව්‍යාපාරයක් කරගෙන් ජීවත් වෙන්න පුලුවන් වෙයි...
සිරිබිරිස් Wednesday, 05 August 2020 08:14 AM
අපි හිතාගෙන හිටියේ, ලංකාවේ ඇතුළේ අද තමයි හොඳටම ආරක්ෂාව තියෙන්නේ කියලා...
[email protected] Wednesday, 05 August 2020 08:24 AM
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති.
siri Wednesday, 05 August 2020 08:46 AM
‘‘ බල පෙර නිමිති පෙර මග නැකතටත් වදී‘‘
Rohana Wednesday, 05 August 2020 08:48 AM
අවි ගත්තෝ අවියෙන්ම නසිති
Raveendra Wednesday, 05 August 2020 09:51 AM
ඡායාරූපවල හැටියට නම් වෙඩි තැබීමක් කෙසේ වෙතත් යුද භූමියක "RPG" ප්‍රහාරයකට ලක්වුණු රථයක් ලෙස නොපෙනේද?
විජිත් Wednesday, 05 August 2020 09:52 AM
අපරාධය සහ දඬුවම - කරත්තය අදින ගොනු පසුපස කරත්ත රෝදය එන්නා සේම , අපරාධය පසුපස දඬුවම පැමිණෙනවා. මේ විශ්ව සාධාරණ නීතිය මේ ලොව සැමදෙනාටම පොදුයි. බලය, ධනය.. වැනි හිස් දේවල් වලින් මේ ධර්මතාවෙන් වැළකිය නොහැකිය. ඔබ අපරාධයක් කළොත් දඬුවම ඔබ පසුපස එනවා එනවාමයි. ඔබට එයින් ගැලවිය නොහැකිය..!!!
Bamunuarachchi Wednesday, 05 August 2020 11:45 AM
ලොක්කන්ට අපල කාලයක් ලබලා... ලොක්කෝ, සොක්කෝ අතින් යනවා...
Bamunuarachchi Wednesday, 05 August 2020 11:47 AM
ලොක්කෝ ලොක්කෝම නැති කරන නිසා පොලිසියට වඩා අඩුවෙයි නේද? අපිට තිබෙන්නේ බලන් ඉන්න එකයි.
kamal Wednesday, 05 August 2020 11:52 AM
හොඳින් අවි ආයුධ ලැබූ කට්ටියකගේ වැඩක් වගේ..
Demuni Uduwara Wednesday, 05 August 2020 12:01 PM
එකෝමත් එක කාලයක මගේ රට සාමකාමීව පැවතුණා. දැන් මොකද සිද්ද වුණේ? ‘‘රාජා භවතු ධම්මිකෝ‘‘...
චන්ද්‍රසේන Wednesday, 05 August 2020 01:35 PM
ඔයාලා පැනික් වෙන්න එපා. මේ පොඩි පෙරහුරුවක් විතරයි. තුනෙන් දෙක ගත්තාම ඉතුරු ටික දෙන්නේ...