තරිදු ජයවර්ධන
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති නිසා ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අනිවාර්ය නිවාඩු යවන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව අද (19) පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට දැනුම් දුන්නේය.
ජාතික පොලිස් කොමිෂන් සභාව එම තීරණය දැනුම් දී ඇත්තේ නීතිය හා සාමය අමාත්‍යංශය ජාතික පොලිස් කොමිෂන් සභාවට ඉදිරිපත් කළ නිර්දේශයක් සැලකිල්ලට ගනිමිනි.
නාලක ද සිල්වා මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති නිසා ඔහු අනිවර්ය නිවාඩු යවන ලෙස ඉල්ලමින් රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා අද(19) ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දුන් බව එම අමාත්‍යංශ උසස් නිලධාරියෙක් පැවසීය.
එම නිර්දේශය අනුමත කරමින් නාලක සිල්වා මහතා අනිවාර්ය නිවාඩු යවන ලෙස දන්වමින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් සමන් දිසානායක මහතා අද (19) සවස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත ලිපියක් යොමු කළ බව කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
මේ අතර නාලක ද සිල්වා මහතා සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද අද (19) පොලිස්පතිවරයා ඉල්ලීමක් කළේය. ඔහු තවදුරටත් සේවයේ සිටියහොත් විමර්ශනවලට සහ සාක්කිකරුවන්ට බලපෑමක් එල්ල විය හැකි බැවින් පොලිස්පතිවරයාගෙන් එම ඉල්ලීම කළ බව රහස් පොලිසියේ ආරංචි මාර්ග කියයි.
ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ඉම ධුරයෙන් ඉවත් කරන ලෙස මීට පෙර රහස් පොලිසිය ඉල්ලා තිබුණු අතර ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයා තාවකාලිකව තොරතුරු තාක්ෂණ දිසාව භාරව පත් කරනු ලැබීය.
මෙම විමර්ශනය ගැන මේ වන විට අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත්, ඉදිරියේ දී තවත් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවත් රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ත්‍රස්තවාදී විමර්ශන දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සම්බන්ධයෙන් හෙට (20) පැවැත්වෙන ජාතික පොලිස් කොමිෂන් සභාවේදී සාකච්ඡා කිරීමට නියමිත බැවින් වහාම විමර්ශනවල තත්ත්වය දැක්වෙන වාර්තාවක් ලබා දෙන ලෙස ද පොලිස් කොමිසම අද (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
ත්‍රස්තවාදී විමර්ශන දිශාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් කොමිසමට ලැබුණු බවත්, ඉන් පැමිණිලි දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලවා විභාග කරන ලෙස දන්වමින් පොලිස්පතිට යොමු කළ බවත්, තවත් පැමිණිල්ලක් සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයකු යටතේ විමර්ශනයක් සිදුවන බවත් ජාතික පොලිස් කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය.
නාලක සිල්වා මහතාගේ උපාධි සහතිකය සම්බන්ධයෙන් ද නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු පිරිසක් පැමිණිල්ලක් කර ඇතැයි කී එම නිලධාරියා එම විමර්ශනය කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද කීවේය.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නාලක ද සිල්වාට අනිවාර්ය නිවාඩු
sam Wednesday, 19 September 2018 08:31 AM
කොහොමත් පඩි හම්බවෙනවා නේද?
Jemis bandaraWednesday, 19 September 2018 10:17 AM
තවම චෝදනා ඉවරයි. පරීක්ෂණයට පෙර අපි මොනවා කියන්නද?
රවින් Wednesday, 19 September 2018 08:49 AM
දැනටත් පරක්කුයි. ඒත් හොඳ තීන්දුවක්...
රනිල් Wednesday, 19 September 2018 09:18 AM
අනිවාර්ය නිවාඩු දීලා විතරක් බැහැ.
sarath Wednesday, 19 September 2018 09:20 AM
මෙහෙම දෙයක් වුනානම් පසුගිය ආණ්ඩුවෙන් මෙවැනි දෙයක් වෙයි කියල හිතන්න අමාරුයි. මේ ආණ්ඩුවේ කප්පරක් වැරදි තිබුණත් බැඳුම්කරේ, මෙම ඝාතන සැලසුම වැනි පරීක්ෂණවලට යම් පමණකට හෝ නිදහසක් දී තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාගේ සමයේ දූෂණ කරපු මන්ත්‍රීවරයෙක් විදේශ කතක් දූෂණය කර ඇයගේ පෙම්වතා ඝාතනය කළ ප්‍රාදේශීය සභා සභාපති වරයා පිළිබඳ පරීක්ෂණ්‍වලට රජයේ ඍජු මැදිහත්වීම් සහ බලපෑම් තිබුණා.
gunarathnaWednesday, 19 September 2018 09:44 AM
සරත් ඔබතුමාගේ දැනුම පිළිබඳ ප්‍රස්නයක් මේක. මේ ආණ්ඩුව හරිම කැමැත්තෙන් පැනලා දඬුවම් කරනවා නෙමෙයි. රටේ මිනිස්සුන්ගෙන්, සමාජ ක්‍රියාකාරීන්ගෙන්, පුවත්පත්වලින් රූපවාහිනියෙන් කෙරෙන බලපෑම ගිය ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුවට වැඩියි. මොකද ගිය ආණ්ඩුවේ විපක්ෂයට වඩා මේ ආණ්ඩුවේ විපක්ෂය වෙනස්... කිසිම දෙයක් යටගහන්ට බැහැ. එකක්, මෙතන තියෙන්නේ ආණ්ඩු දෙකක්. ප්‍රතිපත්ති වෙනස්... මිනිහෙක් වැරැද්දක් කෙරුවොත් ජනාධිපතිගේ මින්ස්සු ලෙඩේ අදිනවා. ජනාධිපතිගේ කෙනෙක් නම් රනිල්ගේ කට්ටිය ලෙඩේ අදිනවා. ගිය ආණ්ඩුව පාලනය කෙරුවේ එක පුද්ගලයෙක්. මේ ආණ්ඩුව පාලනය කරන්නේ කවුද කියල හිතාගන්නට බැහැ. මේකේ තමා ගිය ආණ්ඩුවෙයි, මේ ආණ්ඩුවෙයි වෙනස...
rohanWednesday, 19 September 2018 11:17 AM
ගිය ආණ්ඩුවට පුවත්පත්වලින්, රූපවාහිනියෙන් බලපෑම් කෙරුවා නම් සුදු වෑන් එකක යන්න වෙනවා. නමුත් මේ ආණ්ඩුව එහෙම නැහැ. ඕනෑතරම් නිදහස තිබෙන එකට තමයි යහපාලනය කියන්නේ....
jayantha-dubaiWednesday, 19 September 2018 09:51 AM
යහපාලන ආණ්ඩුවට සුදුහුණු ගෑමේ සිඟිති උත්සාහයක්... යම් තරමකට නිදහස දීලා තියෙන නිසා තමයි මහබැංකු හොරු ටික ඔක්කොම නිදහසේ ඉන්නේ. මොන තරම් කොමිසන්, පරීක්ෂණ කළත් අවුරුදු තුනහමාරක් තිස්සේ එක්කෙනෙක්වත් අඩු ගානේ එක්කෙනෙක්වත් අත්අඩංගුවට අරන් තියෙනවද? අනික් කාරණේ, තංගල්ලේ සභාපතියි, අනිත් තුන්දෙනයි විසි අවුරුද්දකට හිරේ ගියේ 2014 ජුලි 19... එකල තිබුනේ යහපාලන ආණ්ඩුව නෙමෙයි.
athuraWednesday, 19 September 2018 10:59 AM
ඔබතුමා ලංකාවේ නැති නිසා දන්නේ නැතුව ඇති බැඳුම්කරයට සම්බන්ධ දෙන්නෙක් ඉන්නේ හිරේ. මෙතන සුදු හුණු ගාන්නේ කවුද කියලා ඔබේ අදහස දැක්කහම පැහැදලි වෙනවා.
susaaustraliaWednesday, 19 September 2018 11:29 PM
ජයන්ත මධ්‍යස්ථව උත්තර දෙන්න. ඒ කාලේ හරිම අඩුවෙන් සාධාරණව නිතිය ක්‍රියාත්මක වුනේ. ඒක ඔක්කොම දන්නවා අතුර කියන දේවල් වල ඇත්තක් තියෙනවා.
ලව්චින් Wednesday, 19 September 2018 09:32 AM
මෙතුමාව මනෝවෛද්‍යවරයෙකුටත් යොමු කළොත් හොඳයි නේද?
Sam Wednesday, 19 September 2018 11:16 AM
අපිට මතකයි අර මුහුණුපොත හරහා ජනාධිපතිතුමාට තර්ජනය කළා කියලා හැසිරුණු විදිය...
Sam Wednesday, 19 September 2018 11:16 AM
අපිට මතකයි අර මුහුණුපොත හරහා ජනාධිපතිතුමාට තර්ජනය කළා කියලා හැසිරුණු විදිය. මෙයාට වැටුප් සහිතව නිවාඩු දීලා. දැන් කොහොමද? වෙනස සැපයි නේද?
Vidya Wednesday, 19 September 2018 12:22 PM
තාවකාලික ගේමක් විතරයි... විජයකළාට කෙරුවා වගේ, මෙතුමා රහස් එළියට දැම්මොත් මොන දෙයියට කියන්නද?
සතයපාල Wednesday, 19 September 2018 12:57 PM
මෙයාට විතරක් නොවෙයි, අනිත් අයටත් එහෙම කරන්න ඕනෑ. චෝදනාවක් අාවාම ඒ චෝදනාව විභාගකර තීන්දුව දෙනතුරු චූදීතයා අනිවාර්ය නිවාඩු යවන්න ඕනෑ. හැබැයි ඒ නීතිය දේශපාලකයින්ට විශේෂයෙන් ජනාධිපතිවරයාගේ හිතවතුන්ට ක්‍රියාත්මක වෙන බවක් පෙනෙන්නේ නැහැ.
OMG Wednesday, 19 September 2018 01:05 PM
දේශපාලකයෝ අද මරා ගත්තත් හෙට එකතු වෙනවා. ඒ දේශපාලනයේ හැටි. අපි මධ්‍යස්තව හරිදේට හරි කියන ගමන් වැරදි දේට වැරදියි කිව්වම ඉවරයි. මෙතන පොර කුකුල්ලු වගේ ඇන කොට ගත්තට වැඩක් නැහැ. මධ්‍යස්ත මතයක් දැම්මම පිළිගන්න අය පිලිගනීවි. අනික් අය පිලිනොගනීවි. එච්චරයි නමුත් නොදන්නා යමක් තිබුනොත් එය වටහා දීම කල යුතුයි.
රෝහණ Wednesday, 19 September 2018 03:06 PM
දිට්ඨ ධම්මවේදනීය කර්ම... මේ පුද්ගලයා බොරුවෙන් අන් අය වෙත පරීක්ෂණ චෝදනා එල්ලකළ අයෙකි. නීතියේ වැරදිකරුවන් සීයකට වඩා එක් නිවැරදි පුද්ගලයකු අගය කරයි.