IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


නව අමාත්‍යවරු සිවුදෙනෙක් දිවුරුම් දෙති

(අජන්ත  කුමාර අගලකඩ)

නව  අමාත්‍යවරු සිවුදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී අද (04)  දහවල් දිවුරුම් දුන්හ. 

සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ද, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහා මාර්ග ඇමැතිවරයා වශයෙන් ද දිවුරුම් දුන්හ. 

මුදල්  ඇමැතිවරයා වශයෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා දිවුරුම් දුන් අතර, මහාචාර්ය ජී එල් පීරිස් මහතා විදේශ ඇමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.

කැබිනට්  මණ්ඩලය ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම අමාත්‍ය ධුර  පුරප්පාඩු වී තිබූ අතර, පාර්ලිමේන්තුවේ කටයුතු හෙට (05)දිනයේ සාමාන්‍ය පරිදි කරගෙන යාමට අවශ්‍ය බැවින්, මෙම අමාත්‍ය ධුර කිහිපය  පත් කරනු ලැබූ බව දැනගන්නට ඇත.

අනෙකුත් අමාත්‍යවරුන් පත්කිරීම පසුව සිදු කෙරෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (37)

නව අමාත්‍යවරු සිවුදෙනෙක් දිවුරුම් දෙති

Sumith Premarathna Monday, 04 April 2022 12:29 PM

පරණ මුහුණුමයි. මොන වෙනසක්ද…??

:       0       0

සිසිල් සුදේශ් Monday, 04 April 2022 12:33 PM

පරණ ඔළුගෙඩි ටිකම නේ. මොකක්ද මේකේ තේරුම?

:       0       0

ජගත් ලියනගේ Monday, 04 April 2022 12:34 PM

අලි sabry මුදල් ඇමැති ? :) :) :) . එතකොට නීතිය පිළිබඳව කවුද ? මට නං බයේ බෑ. කොයි එකටත් hangila ඉන්න ඕන .

:       0       0

Ruwan Monday, 04 April 2022 12:38 PM

ඇමති කාඩ් කුට්ටම නැවතත් අනමින් ඇත. දැන් ජනතාව පෙර ලෙස රැවටීමට නොහැකිවනු ඇත. ජනතාව වෙනදාට වැඩිය බුද්ධිමත්ය. අපි බලා සිටිමු.

:       5       198

Kcn Monday, 04 April 2022 12:40 PM

ජොනියාගේ මහාමාර්ග ඇමැතිකමට තියෙන හදිස්සිය මොකක්ද..? බූරුවගේ වැඩේ බූරුවටම බාර දීලා බූරු කුට්ටම ආයෙත් අනලා.. හරි සර් ඔයා දක්ෂයි...

:       3       194

සෙනෙවිරත්න Monday, 04 April 2022 12:46 PM

මේ මොකක්ද මේ වෙන්නේ? ඉල්ලුවේ රාජපක්ෂවරු යන්න කියලා, මෙන්න කුට්ටම අනලා, මේවට රැවටෙන අය ඉන්නවද?

:       3       184

ජගත් ලියනගේ Monday, 04 April 2022 12:53 PM

ඥානා අක්කටත් මොනවා හරි එකක් දෙන්න ඔය ගමන් .

:       0       0

සමිත හිමි කුරුණෑගල Monday, 04 April 2022 12:58 PM

ආයෙත් ඉල්ලන් කන්නයි යන්නේ.

:       3       149

Hafeel Monday, 04 April 2022 01:03 PM

මේ මොනවද වෙන්නේ? ජනතාව ඉල්ලන්නේ ජනාධිපති ප්‍රමුඛ සමස්ත කැබිනට් මණ්ඩලයම අයින් වෙන්න ඕනෑ කියලා. මෙතන වෙන්නේ ජනාධිපති ඔය තනතුරේ ඉඳගෙන දැන් ඉන්න ඇමැතිලාට වෙන ඇමැතිකම් දීම... මේ වැඩේ කොහොමටත් හරියන්නේ නැහැ. ජනාධිපති ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලයම අසාර්ථකයි.

:       3       120

de silva Monday, 04 April 2022 01:10 PM

පරණ සෙට් එක නැවත පත්කරගෙන ... සර් අපි එනවා ඔබ හමුවෙන්න. දෙකෙන් එකක් බේරගන්න.

:       2       115

Silva Monday, 04 April 2022 01:12 PM

ගාමිණි සෙනරත්ට තමයි මම වැඩියෙන්ම කැමැති...

:       4       60

NuwanMonday, 04 April 2022 01:47 PM

ඔව් ඔව් ඔය හාදයාටත් රට වටේ ව්‍යාපාර තියෙනවා රාජ්‍ය අනුග්‍රහය ඇතුව...!!

:       1       46

Don perea Monday, 04 April 2022 01:13 PM

මෙයාලාට පිස්සුද? නැතිනම් අපිට පිස්සුද? 

:       1       90

Prabha Monday, 04 April 2022 01:14 PM

බෝතලේ අලුත් වුණාට වැඩක් නෑ... තියෙන්නේ පරණ වයින් නම්...

:       4       82

Ranjit Monday, 04 April 2022 01:22 PM

"ගෙදර යන්න" කියපු දෙන්නා ඉතුරුවෙලා අනිත් සේරම අස්වෙලා. මාර වැඩක් ලංකාවට වුනේ...!!! 

:       2       94

ABC Monday, 04 April 2022 01:24 PM

අපේ වැරැද්ද......... 70 පැනපු නාකින්ට රට බාර දුන්නා

:       0       0

චමින්ද ජයනාත් ජයසූරිය Monday, 04 April 2022 01:26 PM

ඒ දෙවියනේ මම මේ හිනයක්ද දකින්නෙ.....එහෙම නැත්නම් මගේ ඔළුව කොහෙ හරි වැදුනද.....

:       0       0

godfrey Monday, 04 April 2022 01:32 PM

පරණ හරකමයි, අලුත් බුරුවන් ටිකක් එකතුකර ඇත වැඩේ තිබ්බටත් වඩා කුනුවෙනු ඇත

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 04 April 2022 01:32 PM

මේකද ජනතාව ඉල්ලූ වෙනස .. මේ රටටම එපාවු හිටපු අයමනේ.අපූරුයි .. වැඩේ.

:       0       0

fairoos Monday, 04 April 2022 01:43 PM

මේක තාම ඉවර නෑ. සර් ෆේල්... තවත් රට බංකොළොත් කරන්නේ නැතිව තොලොංචි වෙලා යන්න.

:       3       63

මංගල Monday, 04 April 2022 02:01 PM

මුදල් අලි සබ්‍රි , මොන සුදුසු කමක්ද. ඔය අලි සබ්‍රිව ගෙනාපු එකත් බැසිල් ගෙනාපු එකත් එකම කාසිය.

:       0       0

ranjith Monday, 04 April 2022 02:06 PM

ආපහු මේ කට්ටියම දාගෙන පිස්සු නටන්නයි හදන්නේ...!

:       1       40

ranasinha Monday, 04 April 2022 02:16 PM

කැසිනෝ කාරයින්ගෙන් අහලා රටේ නීති හදන්න ගිහින් රාජපක්ෂලා විනාශවුණා..

:       2       42

Ruhunu Monday, 04 April 2022 02:33 PM

හිටපු ටිකමනේ...

:       1       37

වර්ණකුලසූරිය Monday, 04 April 2022 02:35 PM

අශුචි මොන විදියට කලවම් කළත් එහි දුඟඳ ඉවත් නොවේ. මහාමාර්ග ඇමති කම නැවත ජෝන්ස්ටන්ටම පැවරීම ජනාධිපතිවරයාගේ නිවටකමත් වංචනීකයන්ට ඇති හිතවත් භාවයත් පෙනී යන්නකි.

:       0       0

ravin Monday, 04 April 2022 03:02 PM

නරකද කසිප්පු ඇමැති කියලා තනතුරක් හැදුවොත්? ආයෙත් ගත්තා 8 පාස් නැති අය කැබිනෙට්ටුවට...!

:       0       39

Uhumeeya Monday, 04 April 2022 03:14 PM

හිසේ අමාරුවට කොට්ටය මාරු කරනවා...

:       0       30

Althaf Monday, 04 April 2022 03:15 PM

කාවද මේ අය අන්දන්න හදන්නේ? පිස්සු පීකුදුයි කිව්වාලු... ඔය මහාමාර්ග නම් ජොනි අත්හැරලා යන්නේ නෑ...!

:       0       30

Kumara Monday, 04 April 2022 03:20 PM

සාත්තර කියන ඇමැති වරයෙක්... නැද්ද?

:       0       37

වර්ණකුලසූරියMonday, 04 April 2022 08:03 PM

ඥාණක්කාට ඒ තනතුර දීලා ජනාධිපති කාර්යාලය දේවාලයක් කරනවා. මොකද රාජ්‍ය උපදෙස් ලැබීමට හැම සෙනසුරාදාම අනුරාධපුරයට යනඑක රාජ්‍ය නායකයාට ඉතා අපහසුයි....

:       0       0

Soma dubayi Monday, 04 April 2022 03:39 PM

අපේ සුබපැතුම් ගරු ජනාධිපතිතුමාට හා අලුත් ඇමතිතුමන්ලාට...!

:       50       3

මසිරිපාලMonday, 04 April 2022 05:37 PM

මොන අලුත් කමක්ද? ඊයේ රාත්‍රියේ හිටියෙත් ඔවුන්ම තමයි ආයෙමත් දිවුරුවා කියලා වෙනසක් වෙන්නේ නැහැ...

:       1       14

rata rakina wiruwa Monday, 04 April 2022 06:24 PM

සර් ඉල්ලා සිටින්නේ ගඩාෆි පන්නයේ සමුගැනීමක් බව පෙනේ... ඔහොම යමු...

:       0       19

Prabash Monday, 04 April 2022 06:31 PM

පාර්ලිමේන්තු ඡන්දයෙන් පත් නොවූ ගොට්ටෙක් මුදල් ඇමතිකමට, හිනායනවා මේවාට...

:       0       15

gamini Monday, 04 April 2022 06:41 PM

ඵලදායක නොවේ...!

:       0       8

Kanthi Monday, 04 April 2022 06:57 PM

විකාරය හොඳටම තදවෙලා..

:       0       14

යකාගෙ නීතිය Monday, 04 April 2022 07:16 PM

ජනතාව කිව්වේ 225න් ඔක්කෝටම ගෙදර යන්නනේ... වැටකොළු වෙනුවට පතෝල එපා. ඔක්කොම යන්න ගෙදර "අරගලය ජනතාවගේ නම් මෙතෙක් හිටපු දේශපාලන පිකාසෝලා අනවශ්‍යයි...

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සිසුන්ගේ දිවා ආහාරය ගැන රජයෙන් ප්‍රතිපත්ති තීන්දුවක්
2025 අප්‍රේල් මස 24 0 0

පාසල් සිසුන්ට ආහාර වේලක් ලබාදීමේ ලෝක ආහාර වැඩසටහනෙ මේ වන විටත් ක්‍රියාත්මක වැඩ පිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇ


තැපැල් ජන්ද සළකුණු කිරීම අද ඇරැඹේ
2025 අප්‍රේල් මස 24 46 0

පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


සේවක අරමුදලේ කෝටි 2179කට වෙච්ච දේ
2025 අප්‍රේල් මස 24 420 0

සේවක අර්ථ සාධක අරමුදල සමාගම් පහළවක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්‍රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ.


දළදා වන්දනාවට ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය අද සිට නතර වෙයි
2025 අප්‍රේල් මස 24 518 0

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන් සදහා කොළඹ කොටුව හා මහනුවර අතර ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය සේවා අද (24) සිට නැවත දැනුම් දෙන තුරු නතර කිරීමට දුම්රි


වනසන්න තිබූ විස්කි තේ කහට වෙලා
2025 අප්‍රේල් මස 24 1235 0

නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බවට පත්වූ සිද්ධියක


අදත් තැනින් තැනට වැස්ස
2025 අප්‍රේල් මස 24 60 0

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 682 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 338 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 486 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site