IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


නැව් තොට හැදෑරීමට දකුණු ඉන්දියාවෙන්

       ශ්‍රී ලංකාවේ වරාය පිළිබඳ අධ්‍යයනයක යෙදිමින් මෙරට ආර්ථීක සංවර්ධනය  පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම  සඳහා ඉන්දියාවේ විශාඛාපට්ටනම් ගාන්ධි කලමනාකරණ හා තාක්ෂණ  විශ්ව විද්‍යාලයයේ මහාචාර්යවරුන් ඇතුළු  සිසුහු  147 දෙනෙක්  අද  දහවල් දිවයිනට පැමිණියහ.
මහාචාර්ය රවිනාතගේ මෙහෙයවීම මත මෙම සිසුහු  දින හතරක්   කොළඹ   හා හම්බන්තොට මාගම්පුර වරාය ආශ්‍රීත ආර්ථීක සංවර්ධන කටයුතු  පිළිබඳ අධ්‍යයනයක යෙදෙති.
එසේම තමන් ඇතුළු මෙම විශ්ව විද්‍යාල සිසුහු ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බවත් තම අධ්‍යයනය සාර්ථක වුවහොත් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් මහාචාර්ය රවිනාත්  එසැණට කීවේය.

මෙම පිරිස මෙරටට ගෙන්වීම සදහා පහසුකම් සපයා ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ  ශ්‍රී ලංකන් හොලිඩේ අංශය , චෙන්නායි හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ එල්.එස්.ආර් ආයතනයි.

මෙම අවස්ථාවට  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාලදිවයින් - ශ්‍රී ලංකා  ප්‍රාදේශීය කළමනාකරු සමින්ද පෙරේරා, ශ්‍රී ලංකන් හොලිඩේස් කලමනාකරු ගයාන් පීරිස්, විධායක නිලධාරිනී සුසීමා රත්නසේකර හා එල්.එස්.ආර් ආයතනයේ සභාපති තිලක් වීරසිංහ යන මහත්වරුන් සහභාගී වූහ.

 

 

 

 

 



අදහස් (0)

නැව් තොට හැදෑරීමට දකුණු ඉන්දියාවෙන්

වසන්ත Thursday, 21 February 2013 05:27 PM

මෙයාලට මොටකද අපේ වරායවල් පෙන්නන්නේ? (නි)

:       0       0

ගාමිණී Thursday, 21 February 2013 05:35 PM

මේ කණ්ඩායමට අපේ ළමයි ටිකකුත් ඇතුළු කළා නම් මේ පහසුකම් ලබාදේවිද? (නි)

:       0       0

ගාමිණී Thursday, 21 February 2013 05:36 PM

දෙවැනි ඡායාරූපයේ ඉන්න ගැහැණු ළමයින්ට නම් එයාර් ලංකා එකේ රැකියා හම්බ වේවි ෂුවර් එකටම. (නි)

:       0       0

අනුර Thursday, 21 February 2013 06:02 PM

සාදරයෙන් පිළිගන්නවා. අපි ආගන්තුක සත්කාර වලින් පොහොසත්. (නි)

:       0       0

අනුර Thursday, 21 February 2013 06:02 PM

සාදරයෙන් පිලිගන්නවා. අපි ආගන්තුක සත්කාරවලින් පොහොසත්. ජයලලිතා වගේ අපේ නායකයෝ පටු ආකල්ප වලින් පිරිලා නැහැ. ඕනෑම කෙනෙනෙකුට අපේ රටට එන්න දොර ඇරලා තියෙනවා.(නදී)

:       0       0

ශානිකා Thursday, 21 February 2013 05:59 PM

මම නම් මේක දකින්නේ අමුතු විදියකට. මම ඉන්දියානුවන් ශත පහකට විශ්වාස කරන්නේ නැහැ. මේක ලියන අතරෙත් මගේ යටතේ ඉන්දියානුවන් 18 දෙනෙක් වැඩකරනවා. නමුත් කරන තරමක් කරන්නේ සහ කියන්නේ බොරු. මේ ඇවිල්ලා තියෙන්නේ වරායවල් ගැන කෙසේවෙතත් අපේ රටට තව හෙන ගෙඩි ටිකක් දෙන්නද?(නදී)

:       0       0

කුමාරි Thursday, 21 February 2013 06:02 PM

ගලක් මත ඉදිකළ ලෝකයේ ඇති එකම නැවු තොට බලන්න එන්න ඇති. (නි)

:       0       0

නිරෝධා Thursday, 21 February 2013 06:15 PM

එතකොට ජයලලිතා කියපුවා? (නි)

:       0       0

සරත් Thursday, 21 February 2013 06:18 PM

සමහරවිට වරාය ගැන විස්තරේ සොයලා අනාගතයේදී මොනවා හරි කරන්නද?(නදී)

:       0       0

හිල්මි Thursday, 21 February 2013 06:53 PM

මෙච්චර ලස්සන කෙල්ලන් මැද්දේ ඇයි මෙහෙම ඔරෝගෙන ඉන්නේ? (නි)

:       0       0

සංජේ Thursday, 21 February 2013 06:56 PM

ජයලලිතාට හොරෙන්ද එන්නේ ? (නි)

:       0       0

ලලිත්-දෝහා Thursday, 21 February 2013 07:37 PM

දකුණු ඉන්දියාව අපිට නැතුවම බැරිද?(නදී)

:       0       0

සංජීව Thursday, 21 February 2013 08:27 PM

ලංකාවේ අය දකුණු ඉන්දියාවට ගියාම එළවනවා. අපි එයාලා මෙහෙ ආවම මල් මාල දාලා පිළිගන්නවා. ඒකයි වෙනස! (නි)

:       0       0

බන්දුල Friday, 22 February 2013 12:44 PM

වැඩි විස්තර නොදී ඉන්න එක නුවණට හුරුයි වගේ.(නදී)

:       0       0

ප්‍රියා Thursday, 21 February 2013 09:20 PM

පාසල් ගිය කාලයේ වාර්ෂික විනෝද චාරිකා මට මතක් වුණා. (නි)

:       0       0

නීලා Friday, 22 February 2013 12:33 AM

අපට මේ අල්ලපු රටේ මින්ස්සු නැතිව බැයිද මොකුත් කරගන්න.(නදී)

:       0       0

ජෝති Friday, 22 February 2013 01:24 AM

මෙයාලා ඇවිල්ලා තියෙන්නේ හම්බන්තොට වරාය බලන්න. (නි)

:       0       0

අජිත් Sunday, 24 February 2013 07:16 PM

ගලක් උඩ වරායක් හැදුවේ කොහොමද කියලා බලන්න එන්න ඇති.(නදී)

:       0       0

කුමුදු Friday, 22 February 2013 04:12 AM

ශ්‍රී ලංකන් ගුවන් සමාගම නොමිලේ එන්න කිව්වද? හම්බන්තොට වරාය නම් කමක් නැහැ. මේ රටේ ඕස්ට්‍රේලියාවට වත් නැති තරම් ක්‍රීඩාංගන හදන්නේ ඇයි? තවත් ගුවන්තොටුපොළවල් වැඩි නැද්ද? හම්බන්තොට, යාපනය සහ මඩකලපුව විතරද ලංකාවේ දියුණු කරන්නේ.(නදී)

:       0       0

රත්න Thursday, 21 February 2013 03:45 PM

මාරයි, අර නැව් එන්නෙ නැති වරායවල් හදන විදිය ඉගෙනගන්න වෙන්න ඇති. (නි)

:       0       0

රණ රාල Thursday, 21 February 2013 03:48 PM

ගොඩබිම කපලා මාලු බෝට්ටු එන වරායවල් පිළිබඳ අධ්‍යයනකට වෙන්න ඇති. (නි)

:       0       0

අජිත් Friday, 22 February 2013 08:16 AM

ලගදීම වරායත් ඉන්දියාවට දෙයි වගේ. විකුනන්නේ නැතුව අවරුදු 99 කට බදු දෙයි.(නදී)

:       0       0

නුවන් Thursday, 21 February 2013 03:53 PM

ආපෝ! මෙයාලා ගැන ඇහැ ගහගෙනම ඉන්න එක ඇගට ගුණයි. (නි)

:       0       0

තිසල් Thursday, 21 February 2013 04:00 PM

රණරාල, රත්න, ඕකට කියන්නේ අවිද්‍යාව කියලා. (නි)

:       0       0

සරත් Thursday, 21 February 2013 04:07 PM

අන්තිමේදී වෙනම වාර්තාවක් දෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

කැමිල් Thursday, 21 February 2013 04:13 PM

අපේ දේවල් අපිට වටින්නේ නැති වුණාට වෙනත් රටවල අයට ඒවා වටිනවා. (නි)

:       0       0

චින්තන Thursday, 21 February 2013 04:16 PM

ඉන්දියාවේ සහ ඊට අයත් අන්දමන්, නිකොබාර් දූපත් වල මීටවැඩිය ලොකු වරායවල් තියෙනවනේ. (නි)

:       0       0

ඇන්ටන් Thursday, 21 February 2013 04:20 PM

මේවට ජයලලිතා මොනවා කියනවද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

සිල්වා Thursday, 21 February 2013 04:21 PM

අර ගල කඩපු විදිය ඉගෙනගන්න වෙන්න ඇති. (නි)

:       0       0

මොරාළ Thursday, 21 February 2013 04:20 PM

බණ්ඩාර, අපි මෙච්චර මේ රටේ ඉදලත් අපිව විශ්ව විද්‍යාල වලින් ඔහොම එක්කගෙන ගියේ නැහැනේ ඉගෙනගන්න. (නි)

:       0       0

රත්න Thursday, 21 February 2013 04:22 PM

තිසල්, මම ඕකට කියන්නේ "විජ්ජාව" කියලා. (නි)

:       0       0

දිල්කි Thursday, 21 February 2013 04:27 PM

මෙයාලා දන්න ඒවා.... (නි)

:       0       0

මයික් Thursday, 21 February 2013 04:32 PM

අපිට ආදරේට එනවා කියලමත් හිතන්න අමාරුයි. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 22 February 2013 09:56 AM

ඒක නම් ඇත්ත. මහා ලොකුවට විජයග්‍රහණයක් හැටියට පෙන්නපු නොරොච්චෝලෙත් ඔන්න චීනේටම දීලා ඒකෙන් විදුලිය සල්ලි වලට ගන්න යනවා. මගේ රටට දළදා හිමි සරනයිලු.(නදී)

:       0       0

රජීන්ද්‍ර Thursday, 21 February 2013 05:08 PM

මෙම ගමනේ පරමාර්ථය කුමක්දැයි යන්න පිළිබදව අවධානයෙන් සිටිය යුතුය. (නි)

:       0       0

සුජිත් Thursday, 21 February 2013 05:16 PM

මේ තමයි චීන භීතිය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය විදේශ ඇමැති එයි
2024 ඔක්තෝබර් මස 04 162 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 212 0

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප


එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 196 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා


වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 04 229 0

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
2024 ඔක්තෝබර් මස 04 1286 1

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 834 0

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38838 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25492 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site