ලොව කිතුනුවන්ගේ ආගමික නායකයා වන මීළඟ පාප් වහන්සේ පත්කැර ගැනීම සඳහා කාදිනල්වරු රෝමයේ වතිකානුවේ ශාන්ත බැසිලිකාවේ දී මාර්තු මැද දී රැස්වීමට නියමිතය. කාදිනල්වරු 118 දෙකේ සිටිති. මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමා ද එම කාදිනල් මණ්ඩලයට අයත්වේ. ඔවුහු සියළු දෙනාම නව පාප් වහන්සේ තනතුරට සුදුසුකම් ලබති. මැල්කම් රංජිත් කාදිනල්තුමා වතිකානුවේ දේවධර්ම කටයුතු හා වතිකානුවේ පරිපාලනය පිළිබඳ සෑහෙන පළපුරුද්දක් ඇති විද්වතෙකි.
1947 නොවැම්බර් 15 වැනි දින පොල්ගහවෙල දී උපත ලද එතුමා රෝමයේ පොන්ටිෆිකල් උර්බානු විශ්වවිද්‍යාලයෙන් දේවධර්මවේදය පිළිබඳ උපාධිය ලබා ඇත. පෙර අපරදිග භාෂා හයකට වැඩි ගණනක් ද හදාරා ඇත.
සොළොස්වැනි බෙනඩික් පාප් වහන්සේ දැනටමත් වතිකානුවේ පරිපාලනයෙන් ඉවත්ව සිටියි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ බෞද්ධයින්ට සම්මා සම්බදු සරණයි! (නි)
ඔබට ජේසු පිහිටයි...! (ස)
ඔබ තුමාට සුභ පතමි... ! (ස)
මම බෞද්ධයෙක්,ඔබ වහන්සේට මෙම තනතුර ලැබේවා කියල අපි හැමොම ප්‍රර්ථනා කරනවා... (ස)
කාදිනල්තුමනි, ඔබතුමාට දේව කැමැත්ත ලැබේවායි කිතුණු අපි පතනවා. (නි)
මේකත් විදේශ කුමන්ත්‍රණයක් කියාවිද? එතුමා පත් වුනොත් අපේ රටේ ඇතැම් අයට කතෝලික ආගම පෙන්නන්න බැහැනේ..(ස)
දෙව්පියාණන් වහන්සේ දන්නවා සුදුස්සාව තෝරන්න. ඒ වෙනුවෙන් අපි යාඥා කරන්නෙමු. ආමේන්..! (ස)
අපේ රටේ තියෙන්න තත්ත්වය අනුව එතුමාට මේ තත්වය ලැබීම සැකසහිතයි. (නි)
මම බුද්ධාගමේ... ඔබ වහන්සේට මේ උතුම් පදවිය ලැබෙන්න කියලා මුළු හිතින්ම ප්‍රාර්ථනා කරනවා..! (ස)
ඔබතුමාට ජේසු පිහිටයි! (නි)
සියලුම බෞද්ධයින්ගේ ආශිර්වාදය! (නි)
මම බෞද්ධයෙක්. ඔබ වහන්සේට මෙම තනතුර ලැබේවා කියලා අපි හැමොම ප්‍රාර්ථනා කරනවා! අපි සියළු දෙනාගේම බලාපොරොත්තුව කාදිනල් රංජිත්ට මේ තනතුර ලැබීමයි! ඔබතුමා බුද්ධිමත් මධ්‍යස්ථ මතධාරී පියතුමෙක්. (නි)
ඔබතුමාට එම පදවිය ලැබේවා...!!! (ස)
මම නම් සියලු ලෝකවාසීන්ගෙන් ඉල්ලන්නේ අපේ මවුබිම උදෙසාත්, ලෝකවාසීන් උදෙසාත් දෙවියන් යදින්න කියලයි. (නි)
ඔබතුමාට මේ පදවිය ලැබෙන්න කියලා මම ජේසුගෙන් ඉල්ලනවා .ජේසු පිහිටයි ! (නි)
මම අදහන දෙවියන්ට කියනවා මේ සඳහා සුදුසු ම පුද්ගලයා තෝරලා දෙන්න කියලා. කතෝලිකයන්ගේ ආධ්‍යාත්මික වර්ධනය තමා වැදගත්ම කාරණාව.. (ස)
සුරංග ඔබ නම් කැමති නෑ වගේ නේද ලාංකිකයෙක් එම තනතුර ලැබෙනවට.. මේක දේශපාලන පක්ෂයක් නෙමෙයි.ශ්‍රී ලංකිකයන්ගේ රට. සිංහලයෙක් මෙතුමා.(ස)
ලෝක සාමය වෙනුවෙන් (දී)
ජේසුගේ ශක්තියෙන් ඔබතුමාට මේ පදවිය ලැබෙනවා.(නදී)
මුළු ලෝක වාසින්ටම සිදහස ලැබේවා (දී)
ඔබතුමා අවංක නායකයෙක්. අපි ඔබට සුභ පතමු. (නි)
හිල්මි මොන ආගමේද දන්නෙ නැහැ නේද? (නි)
ඔබතුමා මෙම තනතුරට පත්වෙන්න යැයි මම ජේසුගෙන් ඉල්ලනවා. (නි)
ඔබවහන්සේ පත්වුණොත් ශ්‍රී ලංකාව බැබළෙයි ලෝකයේම. (නි)
බෞද්ධයෙක් වශයෙන් මම සුභ පතනවා ඔබතුමාට තනතුර ලැබෙන්න කියලා..!(නු)
සියලු ලක්වැසියන් වෙනුවෙන් ඔබතුමාට මෙම තනතුර ලැබේවා! (නි)
සුදුසු කෙනෙක්ව පත්වීමට ශක්තිය ලැබේවා! (නි)
මම බෞද්ධයෙක්, ඔබ තුමා බුද්ධිමත් මධ්‍යස්ත මතදාරී පියතුමෙක් බව අපි විශ්වාස කරනවා. ඔබ තුමාට මෙය ලැබේවා! ලැබුනොත් උත්සවයට මුළු රටම එකතු වෙයි. එට ලැබේවා කියා මගේ සුභ පතුම්.(නදී)
අපේ රට ලෝකෙම බැබලෙන මොහොතක්! මේ මොහොතේ අපේ කාදිනල් උතුමානන්ට එම තනතුරට පත් වුනොත් අපේ රට ලෝකයේ බබලයි.(නදී)
ඔබ වහන්සේට මෙම නිලය ලැබේවායි කියා මම මුලු හදවතින්ම පාර්ථනා කරනවා.(නදී)
ඒත් ලංකාවේ මිනීමරුවන් වැඩි නිසා මේ පත්වීම ටිකක් අවිනිශ්චිතයි. (නි)
ඔබතුමා මෙම තනතුරට පත්වෙන්න යැයි මම ජේසුගෙන් ඉල්ලනවා. (නි)
නැහැ .ඒක එහෙම වෙන්න බැහැ. (නි)
අපි ආගම් බේදයකින් තොරව ඒ ඒ ආගම්වල අයට කියමු තම තමන්ගේ ආගමිවල දේව මෙහෙයන් පවත්වා එතුමාට මේ තනතුරට පත්වීමට වාසනාව ලලැබේවා කියලා. අපේ රටට වාසානාවන්ත කාලයක් උදාවේව්.(නදී)
අපි සියළුදෙනාගේම බලාපොරොත්තුව කාදිනල් රංජිත් මේ තනතුර ලැබීමයි.!(නු)
ඔබවහන්සේට ජය නියතයි! (නි)
මම හොද බෞද්ධයෙක් වෙමි. සෑම ආගමකටම අපි ගරුමු. ලොව පුරා කාදිනල්වරු 209 ක් සිටින අතර ඉන් 118 පමනක් පාප් වහන්සේ තනතුරට සුදුසුකම් ලැබෙන අතර ඡන්දය දීම සදහා සුදුසුකම් ඇත්තේ මින් 188 දෙනාට පමණයි. හේතුව වයස අවුරුදු 80 සීමාව.(නදී)
සුසන්, දේව කැදවීමක් තියෙනවානම් කිසි කෙනෙකුට වලක්වන්න බැහැ. අපි නොහිතපු මොහොතක දෙවිපියානන් වහන්සේ එතුමාට කල ආරාදනාවට අපි දෙවිපියානන් වහන්සේට ප්‍රසංසා කරමු.(නදී)
ඔබතුමාට පාප්වහන්සේගේ තනතුර ලැබී ලෝකයට සේවයක් කරන්න ලැබේවායි පතමි.(නදී)
අපේ සුභ පැකුම් !!! (ස)
හිල්මි , ඔබ සිතන්නේ සවුදි අරාබියෙ කෙනෙක් සුදුසුයි කියලද ? (ස)
ඔබ වහන්සේ අපිට ආශිර්වාදයක් වේවායි සුභ පතමු.(නදී)
දෙව් පියාණන්ගේ ආශීර්වාදය ඔබට නිබඳව ලැබේවා !!! ආමේන් (ස)
මිනිසුන් සත්‍යට වඩා තම විශ්වාසය තහවුරු කරන බව ලිපි වලින් පෙනෙනවා. බුදු දහමේ කර්මය, කතෝලික දහමේ දේව කැදවීම මේවා මිවිසුන්ගේ විශ්වාසයන්. මේ සියලුම දෙනාට හැදෙන්නේ එකම ලෙඩ දුක්. එය ආගම් අනුව වෙනස් වී නැහැ. බුදු දහමේ මෙය කර්මය බව කියනවා. කෙසේ වෙතත් අන්තිමට ඔක්කොම මැරෙනවා. සියළු දෙනා මෙය තේරුම් ගත යුතුයි. මෙම නිලය ලැබේවායි කියා මම මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා(නදී)
මේ අදර්මිෂ්ට ලෝකයේ ඔබ වහන්සේ වැනි කෙනෙක්ට මේ තනතුර සුදුසු නැහැ හිමියනි... (ස)